අහංකාර නගරේ!


මාලිංගගේ අහංකාර කම් නිසා ගොඩක් දෙනා ගොඩ ගියා. අර ජස්ටින් බීබර් ගේ ළමා කම් නිසා ගොඩ යන පිරිස් වගේ. මාලිංග හෝ ජස්ටින් නැතුව එයාලට පැවැත්මකුත් නැහැ. සරල සත්‍යය ඔන්න ඕකයි. ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අහංකාර කම් ගැන, ලියන්න ගොඩක් කරුණු මට තිබුනත්, ඒ ගැන ලියන්නේ නැහැ. එම අහංකාර කම් නිසා ක්‍රිකට් වලට ඇති ඇල්මත්, එම තරඟ පසු පස යාම හා ලංකා කණ්ඩායමට වචනයකින් හෝ දෙන සහයෝගයට ඒවා බලපාන්නේ නැහැ. මොකද මාලිංග පමණක් නොවේ මාත්, “අහංකාර ” මිනිසෙක්.

මාලිංගගේ අහංකාර කම ගැන ඉතාම ජරා කතා ලියන දිවයින පත්තර කඩමාල්ල, අර දන්දෙනියලා, මේ ක්‍රීඩකයන් නිසා ගලා ආපු මහා ධනස්කන්දය අනෙක් ප්‍රභූවරුන් සමග බෙදා ගන්න විට කොහෙද හිටියේ කියන ප්‍රශ්නය විතරයි ලාංකික ක්‍රිකට් ලෝලියෙකු ලෙස මගේ සිතට නැගෙන්නේ. ඒ විතරක් නොවේ, එම අදහස් ප්‍රකාශ කිරීමේ නිර්භීතත්වය, තමන්ගේ වෘත්තීය සගයන් මරා දමන විට, අතපය කඩා දමන විට කොහෙද තිබුනේ කියලත් මගේ සිතට නැගෙනවා.

මා මේ බ්ලොගය ලියන්නේ, මුලිකවම මගේ අදහස් වෙන කොහේ වත් එයාකාරයෙන්ම කියවන්න නොලැබෙන නිසා. මා ඔය කියන පළමු, දෙවන හා තුන්වන ලෝක වල ජිවත් වෙලා තියනවා පමණක් නොවේ, ඉගෙන ගෙනත් තියනවා. මා ජස්ටින් බීබර් කෙනෙකු නොවේ.  මා බ්ලොගයක් ලිවීමේ හේතුවත් එයට අදාලයි.

හැබැයි, ජස්ටින්  බීබර් පමණක් නොවේ ලසිත් මාලිංග පවා කෙනෙකුට ආදර්ශයට ගන්න පුළුවන් විදිහේ චරිත දෙකක්. ඔවුන් ජීවිකාව ගෙන යාමට හම්බ කර ගන්නවාට අමතරව, අහල පහල අයටත් ඔවුනගේ ඕපා දූපයක්, චායාරූපයක් පළ කර ජීවිකාව ගැට ගසා ගැනීමේ අවස්තාව මාලිංග හා ජස්ටින්ලා උදා කර තිබීමම නරක දෙයක්  නොවේනේ. මේ බ්ලොගය ලියනවාට ගතමනාවක් ලැබෙනවා  නම්, මගෙත් අද කල්ල මරේ කියා කියන්න පුළුවන්.

ඔය ලියුව සේරම දේ මේ කියන දේ සඳහා ප්‍රවේශයක්. අපේ වැඩ කරන තැන, දේශපාලනය, දරුවන් හැදීම හා එදිනෙදා ජීවිතය ගැන මා වැඩිපුරම කතා කරන්නේ බංග්ලාදේශයෙන් පැමිණි, ඕස්ට්‍රේලියාව තමන්ගේ ජීවත්වෙන රට කර ගත් මිනිසෙකු සමග. ඔහුගේ “default ආගම” මුස්ලිම් හා මගේ “default ආගම” බෞද්ධ උවත්, ආගම් ඇදහීම සම්බන්ධයෙන් අප දෙදෙනාම දරන්නේ එකම අදහසක්. දරුවන් ඇතිදැඩි කිරීමත්, සමාජයේ ජීවත් වීමත්, අපේ රටවල් වල තියන ප්‍රශ්න පිළිබඳවත් අපට තියෙන්නේ සමාන අදහස්. ක්‍රිකට් වල දේශපාලනය පිලිබඳ අපේ අදහස් එක වුනත්, ලංකාවට පැමිණි බංග්ලාදේශ හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරඟ වලින්  දිනන්නේ කවුද කියන එක ගැන නම් අපේ අදහස් වෙනස්.

මා බ්ලොගය දිගටම පවත්වාගෙන යාමට හේතුව, මෙය පවත්වාගෙන යාමට වැඩියම දායක වුන හෙන්රිගේ වචන වලින් ම කියනවා නම් “මචන් අප බ්ලොගයක් කොටා ගෙන ඉම්මු” කියන එකයි. ඔබට, මට වඩා වෙනස් අදහස් තියෙන්න පුළුවන් බව මා විශ්වාස කරනවා. ඔබගේ මතයට මා ගරු නොකරන නමුත්, වෙනස් මතයක් දැරීමට ඔබට තියන අයිතියට මා ගරු කරනවා. වඩාත් වැදගත් වන්නේ,  ඔබේ මතය මොකක්ද කියා නිරවුල්ව ඉදිරිපත් කිරීමට පුළුවන්  වීම. ඉගෙනීම වශයෙන් අප අදහස් කරන දේවලින් එක දෙයක් තමා එය.

දැන් එමු කතන්දරේට. අද දවල් මා අපේ සුපර් මාකට් එකට ඇතුල් වෙන දොරකොඩ ගාව වටපිට බලමන් හිටියේ, බිරිඳ හා දරුවා එනකම්. එවෙලේ ලාංකික පෙනුමක් ඇති මනුස්සයෙක්, මා පසුකර යමින් ඇහුවේ ඇයි උඹට කරදරයක්ද කියා. මා නැහැ, උඹ ලංකාවෙන්ද කියා අහන විටම තමා, බිරිඳ හා දරුවා එතනට කඩාපාත් වුනේ. අපේ කතා බහ ටික දුරක් ගියා. ඔහු බංගලාදේශයේ න් පැමිණි, ඕස්ට්‍රේලියානු සිවිල් සේවයේ නියුතු අයෙක්. බලනකොට ජිවත්  වන්නේත්, අපේ ගෙදරට කිට්ටුව. මිට කලින් ඔහු මැදපෙරදිග සේවය කරත්දී ලංකාවේ අය හොඳට ආශ්‍රය කරලා තියනවා. සිංහල වචන දැන් අමතක වග, ඔහු කියුවේ සමාව අයදින්නාක් මෙන්. අන්තිමට අප සමුගත්තේ අපේ දුරකථන අංක හුවමාරු කර ගැනීමෙන්.

මුළු සටහනෙන් කියන්න හදන දේ ඔබට තේරුම් ගන්න පුළුවන් යයි හිතනවා. පහතින් ගුස්ටාව් කියන දේ මා ලියන්නේ ඇයි කියන  එක කැටිකර දක්වන්නක්.

The art of writing is the art of discovering what you believe  – Gustave Flaubert

Advertisements

8 Comments

Filed under Social

8 responses to “අහංකාර නගරේ!

  1. මටත් ඔය ජඩ මාද්දිය වේදින්ගෙන් අහන්න තියෙන ප්‍රශ්ණය ඕක තමයි, අර දන්දෙනියලා ඩී ඇස් ඩි සිල්වලා ඔක්කෝම ටික හූරන් යනකන් මෙයාල කොහේද උන්නේ, මුන් පඩි නැතුව ක්‍රිකට් ගහන කොට මෙයාල කොහේද උන්නේ. අර්ජුනලත් අද පොරවල් වෙන්න යනවා. එයාලගේ කෙරුවාවන් අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවනේ. අනික ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ක්‍රීඩාව ගැන මාද්‍යවලට අදහස් දැක්වීම නැවත්වූවේ අද ඊයේ නොවේ. එසේ දැන දැනත්, පස්සෙන් එලව එලවා ප්‍රශ්ණ කිරීම, ජනමාධ්‍යවේදය නොව, පැපරාසීන්ගේ කාර්යයකි.

    • Raigama

      ඒ ගැන නම් කතා කර වැඩක් නැහැ මාතලන්. ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය ගැන කතා කරන අයත්, ඔය කියන, මාලිංගගේ ජාතකය හොයන ජනමාධ්‍ය හරකුනුත්, සිල්වලා හා බෑනලා මේ යටි මඩි ගහ ගන්න කොට හිටියේ කොහෙද කියන ප්‍රශ්නය ඔබට, මට පමණක් නොවේ, ක්‍රිකට් අගයන ලෝකේ හැම ක්‍රීඩා ලෝලියෙකුටම තියන ප්‍රශ්නයක්.

  2. ක්‍රිකට් මම එච්චර ප්‍රිය කරන ක්‍රීඩාවක් නොවෙයි. ඒ නිසාම ක්‍රිකට් ලොක්කන්ගෙ හූරාකෑම් ගැන මට කතා කරන්න දැනුමක් නෑ.

    නමුත් උඹේ ප්‍රධාන කතාවට ගියොත්, උඹ ආශ්‍රය කරන බංග්ලාදේශීන් සහ අපි මෙහෙ දකින බංග්ලාදේශීන් අතර පුදුමාකාර වෙනසක් තියෙනවනෙ. දැන් උඹ ඔය කතාකරන බංග්ලාදේශ වැසියා යම් උගත් කමක් තියෙන පුද්ගලයෙක් නේ.

    මෙහෙ ඉන්නෙ ඔය කම්කරු වැඩට ආපු ඉතා අඩු වැ‍ටුපකට සේවය කරන නූගත්ම බංග්ලාදේශි වැසියෝ.

    උඹ පුදුම වෙයි මෙහෙ bloody foreigner of damned foreigner කියන එකට සමාන වචනය බංගාලි. මේ අපි ඉන්න ගෙදරට එහා පැත්තෙ ටේලර් සාප්පුවේ ඉන්න බාබු අවුරුදු පහ හයකින් බංග්ලාදේශයට ගිහින් නෑ. හේතුව හැටියට පොර කියන්නෙ නිවාඩු දෙන්නෙ නෑලු. නමුත් සමහරවිට වීසා නැතිව ඉඳලා ඉඳලා එයාපෝට් එකෙන් යන්න බැරිව වෙන්න ඇති. එහෙම ඉන්න වුන් තව සෑහෙන්න ඉන්නවා.

    ඉතින් මේ ඕස්ට්‍රේලියාව වගේ රටකත් නෙවෙයිනෙ බං. තවත් තුන්වන ලෝකයේ රටක.

    • මා බංගලිදේශ වැසියන් මිට පෙරත් යන්තමින් ආශ්‍රය කරලා තියනවා මචන්. සමහරුන්ට ආචාර්ය උපාධිය පවා තිබුනා. ඔය උඹ කියන ඔලොමොට්ටල ඩයල් ඒ අතර හිටියා. මේ පොරව හා වැඩකරන තැන ඉන්න තවත් පොරක් හම්බ වෙන්න කලින් මාත්, එයාල ගැන හිතුවේ ඔයිට සමාන විදිහට.මා කලින් ලියපු පොර නම් රැඩිකල් කියා කියන්න පුළුවන් අදහස් දරන කෙනෙක්.

      මට මේ සතියේ මෙහෙ පාසලක ගුරුවරයෙක් කියුවේ, එයාට බංගලිදේශ තාත්තා කෙනෙක් නිසා තියන කරදර. ලොකු රස්සාවක් කරන මෙයා හිතන්නේ ලෝකේ ඉන්නේ එයා හා එයාගේ පුතා විතරයි කියා හිතන බවක් තමා එම ගුරුවරයා කීවේ. ඔන්න මචන් මෙහෙ ගුරු වෘත්තියේ යෙදෙන විට විසඳා ගන්න තියන තව ප්‍රශ්නයක්.

      මචන් උඹ ගුරුවරයෙකු නිසාත්, ලංකාවෙන් පිටත සේවය කරන නිසාත්, මේ කතාවත් බෙදා ගන්නම්. මට බංග්ලාදේශ ජාතිකයන් කිහිප දෙනෙකු කියල තියන කතාවක් තමා, එයාල පාසලේදී ලංකාව ගැන ඉගෙන ගත්තේ, ආසියාවේ තියන ඉහල ජිවන තත්වයක්, අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවයක් තියන රටක් කියා. “ආ! උඹලට නම් මොකද, උඹලගේ හැමෝම ඉගෙන ගත්ත මිනිසුන්නේ” කියල තමයි එයාල කියුවේ. අද තත්ත්වය සංසන්දනය කලත්, මචන් ලංකාවේ ඔය කියන දර්ශක, එම රට හා සංසන්දනය කරන කොට අහසයි- පොළොවයි වගේම නැති වුනත්, සෑහෙන පරතරයක් තියන බව, එයාලගේ කතා වලින් තේරෙනවා. හැබැයි, අපේ දෙමාපියන්වත්, දරුවන්වත් ඒ බව තේරුම් ගත්තා කියල මට නම් හිතෙන්නේ නැහැ. සරසවි තේරෙන සිසුන්ම තියන ගොඩනැගිලි ටික පවා විනාශ කරලා දානවා. දෙමාපියන් තමන්ගේ නියෝජිතයන් ලෙස පත්කර ගන්නේ, බලමාලු කෑමෙන් මොලේ හැදෙනවා යයි හිතන, ලංකාවේ සරසවියකින් තියා පත්තරයක් පොතක් බලාවත් ඉගෙන නොගත්ත පිරිස්. එවැනි පිරිස් වලින් බලාපොරොත්තු විය හැක්කේ, තියන ටිකත් කඩා බිඳ දැමීම මිසක් අලුත් දෙයක් ගොඩ නැගීම නම් නොවේ. අර සෝවියට් දේශය අසුව දශකයේ අන්තිම, අලුත් ගොඩනැගිල්ල හදන්න අත්තිවාරම දාන්නත් කලින් තියන සේරම විනාශ කර ගත්ත වගේ.

  3. ටික්කා

    තව ලියමු මෙ ඔක්කොම දෙවල් ගෙන..කවඩහරි ඔය මහින්ද ලොක්ක බ්ලොග් එකක් කියවපු දවසට ඌට සියදිවි නසා ගන්ට හිතෙනව ශුවර්ම තමයි..බලෙ තියෙනකොල මොලෙ නෑ..මොලේ තියෙනකොට ලොවෙත් නෑ.. හූ…

    • ඔන්න ටික්කො ඔබ ඉහත කියවෙන දේ හරියට තේරුම් අරන් නැහැ. ජනාධිපති මහින්ද කියන්නේ ලෝකේ අද ඉන්න තෙම්පරාදු වෙච්ච දේශපාලකයන් අතර තෙම්පරාදුම වෙච්ච කෙනෙක්. තමන් වත් චන්දය දෙන්න ලියා පදිංචි වෙන්නේ නැතුව මේ වගේ කෙනෙක් එක්ක තරඟයට ඇවිත්, තමන්ගේ ජාතික සංවිධායකගේ කනට ගහනවා හැර වෙන කරන්න දෙයක් නැහැ.

      මා ඉහතින් ලියන්නේ, ජනාධිපති මහින්ද කෙසේ වෙතත්, අප වගේ සාමාන්‍ය මිනිසුනුත්, මේ කවුරුවත් කියන හෝ ලියන දෙයක් නිසා එහෙම වෙනස් වෙන්නේ නැහැ. එහෙම අරමුණකින් මා බ්ලොග් සටහන් ලියන්නේ නැහැ. මා දැන් මේ හිතන විදිහට ඇවිත් ඉන්නේ දීර්ඝ කාලයක් ජිවත් වෙලා. අනිත් අයත් එහෙමයි. ඒකයි මා කියන්නේ අප කවුරුත් මාලිංග වගේම අහංකාරයි. ඇත්තටම එම අහංකාරකම තිබිය යුතු දෙයක්.

      ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අහංකාරකම ඇත්තටම සංවර්ධනය කල යුතු දෙයක්. අන්තර්ජාතික ක්‍රීඩා පිටිය හරි “නාස්ටි” තැනක්. පසුගිය ශ්‍රී ලංකා- ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරඟ මාලාව අතරතුර සුද්දෙකු මට කිවේ “උඹලගේ ක්‍රීඩකයන් ‘සොෆ්ට්’ වැඩිය කියා”. ඔහුගේ කතාවේ ඇත්තක් තියනවා. මේක අර ආත්ම විශ්වාස කතාවට වුනත් පටලවා ගන්න පුළුවන්. නමුත්, අපේ ක්‍රීඩකයන් තමන්ගේ අහංකාරකම පෙන්වන්නේ ප්‍රතිවාදීන්ට නොවේ, තමන්ව අගය කරන, ක්‍රීඩා ලෝලීන්ට. ඔය කියන “ඩිප්ලොමැටික්” ලෙස මාධ්‍යයට කතා කරන ගොඩක් දෙනා, එහෙමයි. හරිම නිහතමානි කට්ටියත් ඉන්නවා තමයි. ඒත් අඩුයි.

  4. Kenji @ Japan

    අද ලංකාවෙ මාධ්‍යය හැසිරෙන්නෙ ඉතාමත් අසික්කිත විදියට.ඒ අය හැසිරෙන්නෙ/හසුරුවන්නෙ ජනතාවට ඇතිවෙන පීඩනය සති 2කට අමතක කර දැමීමට කියලයි මට නම් හිතෙන්නෙ.හැම සති 2කට වරක්ම එකම මාතෘකාවෙ ෆොටෝ කොපිය හැම මාධ්‍යයේම එකම විදියට පලවෙනව/කියවනව.

    • Raigama

      වෙයිටින් රූම් වල කල් මරණ වෙලවටවත්, මේවා කියවන එක කාල නාස්තියක් විතරයි කෙන්ජි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s