මේ කොයි යන්නේ? We are nearly there!


පෙර රජ දවස ලංකාව සහල් වලින් ස්වයංපෝෂිත වෙලා තිබුන බවත්, ඒ කාලේ අද තියන දෙමුහුන් බෝග, කෘෂි රසායන හෝ නොතිබුන බවත් කියන පිරිස් නිතර හමු වෙනවා. මේ පිරිස් නොකියන කරුණු තව තියනවා. මා එකක් දෙකක් කියන්නම්.

මේ රජ දවස ප්‍රමාණවත් කෑම වේලක් ගත්ත කට්ටිය කොතරම් ප්‍රමාණයක් සමාජයේ හිටියාද කියලා අපට කියන්න පුලුවන්ද? ඔබ දන්නවද 1800 වන විට ලෝකේ ජනගහනය මිලියන 900 ක් වගේ උනා කියලයි කියන්නේ. අද ලෝකේ ජනගහනය බිලියන හතක් විතර වෙනවා (අනේ, හත් ගුණයකින් විතරනේ අවුරුදු දෙසීයකට වැඩිවෙලා තියෙන්නේ). මේ කාලය අතරතුර අඩුවෙලා තියන එක දෙයක් තමා වගා කරන්න පුළුවන් බිම් ප්‍රමාණය. එදාට වඩා අද අඩු වෙලා තියන අනික් දෙයක් තමා ළදරු මරණ ගාණ. මිනිසාගේ ආයු කාලය වැඩි වෙලා තියනවා.

ආහාර වලින් ස්වයංපෝෂිත වෙලා තිබුන අතීතයේ ඒ කට්ටිය වවපු බෝග වර්ග එසේම අදත් අප වවනවා නම්, මේ බිලියන හතෙන් කි දෙනෙක් හාමතේ මිය යන්න පුලුවන්ද කියා ගණන් හදන්න ඔබට පුලුවන්ද? ඇත්ත කරුණ නම්, මිනිස් ජනගහනය මේ වගේ වැඩි උනේ මිනිසාගේ බුද්ධි වර්ධනය සමග, පරිසරය සමග පොර බැදීමෙන්. වෛද්‍ය විද්‍යාව දියුණු වීම එහි එක ඵලයක්. කෘෂිකර්මයේ දියුණුව තව එකක්. අප ලබා   ගත්ත මේ වගේ දේවල් වලින්, තමන්ට රිසි දේවල් බදා ගන්න අතරේ, (ගොන් කම නිසා) නොරිසි දේවල් ප්‍රතික්ෂේප කිරීම සිදුවන්නේ ලංකාවේ පමණක් නොවේ. ඕස්ට්‍රේලියාව වගේ රටවලත් සිදු වෙනවා.

ඇත්තම කරුණක් මා ලියන්නම්. මිනිසා තැන තැන යමින් දඩයමෙන් ගෙවන දිවියට ආයුබෝවන් කියා, කෘෂිකර්මයට හුරු උන දා පටන් (ඒක සිදු උනේ මිට වසර 12000 -10000 කට  පමණ පෙර කියා කියවෙනවා ) කැලේ වැවුන පැළෑටි, මිනිසා තමන්ට අවශ්‍ය ආකාරයට  අනුවර්තනය කර ගත්තා. ඔය කියන “සුද්ද සිංහල වී වර්ග” හෝ බටහිර තිරිඟු හෝ ඉරිඟු ඒවායේ “වල් ලක්ෂණ” වලින් මිදුනේ දැනට වසර දහස් ගණනකට පෙර. එම වෙනස් කිරීම සීග්‍රගාමි උනේ ගස් වැල් ගැන අපේ අවබෝධය වැඩි වීමත් සමග. කැස්සක් හැදුනත් බටහිර දොස්තර ගෙන් බේත් වේලක් ගන්න ගමන් තමා ස්වයංපෝෂිත අතීතයක් ගැන කතා කරන්නේ.

විද්‍යාව හා සාමාන්‍ය දැනීම කියන දේවල්, අන්තර්ජාල  භාවිතාව, දෙවන භාෂාවක් ලිවීමට කියවීමට පුළුවන්  වීම, ඉපදුන රටින් බැහැරට යන්න පුළුවන් වීම, රූපවාහිණි වැනි මාධ්‍ය ප්‍රචලිතවීම  වැනි කාරනා නිසා පුළුල් වෙලා කියල කියවෙනවා. ඇත්තම කරුණ ඒකද ?

අද කතන්දරගේ බ්ලොගයේ මා අපුරු කතාවක් දුටුවා.  කකා, එතන පිළිතුරු දීලා තිබුනා. සමහර වෙලාවට හොඳ අධ්‍යාපන ක්‍රමයක් තියනවා කියල අප අපම පම්පෝරි ගහ ගන්න, ලංකාවේ සාමාන්‍ය දැනුමට ගිහින් තියන කලද මේ, නැත්නම් එක අහඹු කතාවක් විතරද කියා මා හරියටම දන්නේ නැහැ.

මිනිසා වඩාත්ම කතා කරපු මාතෘකා අතර ඉදිරියෙන්ම තියන එකක් තමා, පෘථිවියේ ජීවය කොහොමද ආරම්භ වුනේ කියන එක. ඒ ගැන මතය විවාදාත්මකයි.  තාම මිනිසා කොතරම් දියුණු වුනයි කියා කියුවත්, පෘථිවියෙන් පිට ජිවය පවතින තැනක් ගැන දැනගන්නට ලැබිලා නැහැ. අභ්‍යවකාශයෙන්  ක්ෂුද්‍ර  ජීවින් සහිත උල්කාපාත වැටෙන්නෙත්, නාඳුනන  වස්තු වලින් පිට සක්වල ජීවීන්, පැමිණ කලවම් කල බාල තෙල් ගසාගෙන යන්නට, පැට්‍රොල් ෂෙඩ් වලට එන්නෙත් ලංකාවට  විතරයි. ඒ එන්නෙත් සමහරවිට ආලෝක වර්ෂ දහස් ගණනකට එහා, ලෝකයකින් වෙන්න පුළුවන්. එතකොට ලංකාවේ ෂෙඩ් එකකින් පෙට්රෝල් ලීටර කිහිපයක් ගහගෙන ආපසු ගෙදර යනවිට, ටැංකිය හිස් වුනොත්,  හෝ බාල තෙල් නිසා එන්ජිම නැවතුනොත් මොකද වෙන්නේ කියා  හිතුවද දන්නේ නැහැ.

ඕපපාතිකව ජිවය හදන්න විද්‍යාඥයන් ගත්ත උත්සාහයන් මෙතෙක් සාර්ථක වෙලා නැහැ.  ඒකම  තමයි ජීවයේ උපත ගැන මතය තවම විවාදාත්මකයි කියන්න එක හේතුවක්. මේ ලෝකේ ඉන්න කුඩාම ඇමිබාවගේ ඉඳලා මහා තල්මසාත් බිහිවන්නේ ඊට කලින් ඉන්න මවකගේ/පියෙකුගේ මාර්ගයෙන්.  එහෙම නැතුව බිහිවන සතෙකු හෝ ශාකයක් නැහැ. මේවා ඉතා කුඩා පන්තිවල දී දැන ගත යුතු ඉතාම සරල  කාරණාවන්.

(කලින් ලියන ලද සටහනක අග කොටස පමණක් වෙනස් කරන ලදී)

වෙලාව ඇත්නම් වැඩිදුර කියවීම සඳහා Life after the synthetic cell!

Synthetic life  from scratch!

Advertisements

8 Comments

Filed under Education

8 responses to “මේ කොයි යන්නේ? We are nearly there!

  1. ඒ කතාව දැක මාත් පුදුම වුණා.

    කමෙන්ටුව පල නොකර ඔහුට ඊමේලයක් යවා මේ විහිළුවක්දැයි ඇසුවා. මොකද විහිළුවක් නම් එය විහිළුවක් ය කියා නොතේරෙන නිසා.

    පැයක් පමන කල් ගොස් පිළිතුරක් නොලද විටයි කමෙන්ටුව පල කරලා උත්තරයක් දැම්මේ.

    ඇත්තටම කියනවා නම් ස්ටික් ඉන්සෙක්ට් ලාව අපිටත් පොඩි කාලේ ආච්චීලා පෙන්නුවේ ඕපපාතික කියායි. පසු කළෙක අපි එය වැරදි බව ඉගෙන ගත්තා.

    නමුත් තවත් අයෙකුට ඒ පාඩම දවසේ පාසල් යාම අතපසු වෙන්නත් ඉඩ තියෙනවානේ!

    😉

    • Raigama

      අපේ (තාත්තගේ අම්මා ) ආච්චි මා දැකලත් නැහැ. මෙය ආච්ච්ගේ ඉගැන්වීම්, පාසල් ඉගැන්වීම් වලට වඩා ලොකු වුන නිසා සිදුවුණ දෙයක්ද, විහිලුවක්ද, බඩේ අමාරු හා වැස්ස නිසා පාසල මග හැරිච්ච නිසා සිදුවුණ දෙයක්ද, නැත්නම් ටියුෂන් මාස්ටර්ගේ ප්‍රශ්න පත්තරේ මේ ප්‍රශ්නය තිබුනේ නැත්ද?
      මට මතක් වෙන්නේ කකා, මාර්ටින් වික්‍රමසිංහව. කිසිම විශ්ව විද්‍යාලයකින් උපාධියක් නැති, ඉගෙනීම තමන්ම කියවා ඇවිදලා, වටපිට බලලා කරපු ඔහු අතීතයේ කෙනෙක්ද, වර්තමානයට අයත් කෙනෙක්ද?
      ලෝකය අද එකම විශ්ව ගම්මානයක් කියා කියනවා. විශ්ව ගම්මානයක්ද, විශ්ව ගොන් විමානයක්ද කියලා මේ අන්තරජාලය කියවන කොට මට සමහර වෙලාවට හිතෙනවා.
      ලංකාවට විතරක් සිමා වුන තත්වයක් නොවේ. 😦

  2. Charmie Guruge | චාමි ගුරුගේ

    විද්‍යාව දියුණු වෙලා තියෙන්නේ විද්‍යාඥයෝ විවෘත මනසින් සිටිය නිසානේ. ඒ වගේම, ඕපපාතිකව ජිවයක් තියෙන්න පුළුවන් කියන විවෘත බවින් සිටිය යුතු බව තමයි මගේ හැඟීම

    • Raigama

      මේ ලියන මොහොතේත් ඒ විවුර්ත මනස තියන මිනිසෙක් හෝ කණ්ඩායමක්, කෘතීම ජීවයක් බිහි කරන්න ගන්න උත්සාහයේ තවත් පියවරක් ලෝකේ විද්‍යාගාරයක ගන්නවා ඇති. මෙයට වසර දෙක තුනකට පමණ පෙර පැන්න, එහි එක පිම්මක් ගැන Nature සඟරාවේ දාපු ඉතා අනර්ඝ විස්තරයක් (එකම දෙයක් ගැන එකෙනෙකට වෙනස් කිහිප දෙනෙකුගේ අදහස්) තමා මා සටහන යටින් ඇමුණුවේ.

  3. දෙමුහුන් හෝ වැඩි දියුණු කරන ලද භෝග වගාව ගැන මම කලිනුත් මේ බ්ලොග් එකේම අදහස් ප්‍රකාශ කලා. එහෙම නොකරොත් ලෝක සාගින්න නිවන එක හිතාගන්නවත් බැරි දෙයක්.

    අර උඹ කියන කතන්දරගේ පෝස්ට් එක මොකක්ද? ඒකෙ තියෙන අලුත්ම පෝස්ට් එක අර ශබ්දකෝෂ කතාවනේ. මොකක්ද මේ සාමාන්‍ය දැණුමක් ගැන කියන්නෙ?
    ඕපපාතික කතාව කෙසේ වෙතත්, සමාන තත්වයන් යටතේ පිටසක්වල ජීවයක් තියෙන්න හැකි බව නම් මම පිළිගන්න දෙයක්.

    • Raigama

      මෙය ඇත්තටම මචන් කෘෂිකර්මය ගැන කලින් ලියපු එකක්, පසුව ජීවයේ සම්භවයට මාරු වුනා. උඹ කියෙව්වේ නැත්ද කකාගේ සටහන අග කොමෙන්ටු ටික. ඉන් එකක කියවෙන දෙයක් ගැන තමා මෙතන ලියුවේ. සමහර විට නරක තාලේ විහිළුවක් වෙන්න පුළුවන්. ඒත් ලංකාවේ පෙට්රෝල් ෂෙඩ් එකකට ඇවිත්, තෙල් ගහගෙන යන පිට සක්වල ජීවින් ඉන්නවා කියා මෙහෙ ඕස්ට්‍රේලියාවේ ඉන්න (ලංකාවේ) කට්ටිය පවා හිතනවා. ආලෝක වර්ෂ දහස් හෝ ලක්ෂ ගණනක් පසු කරලා ඇවිත්, අපේ කුඩා ෂෙඩ් එකකින් ලීටර කිහිපයක් ගහගෙන ආපසු යනවා. ඔන්න මචන් මෙයාල හිතන ඇත්ත කතාව.

      මචන්, මේ පෘථිවිය තුලත් ජීවය බිහිවුණා කියල හිතන්නේ ඕපපාතිකව නේ. එය වෙන්න පුළුවන් කොහොමද කියලා ඔප්පු කර ගන්න තමා මේ දඟලන්නේ. එදා තිබුන (නමුත් අද නැති) තත්වයන් කෘතිමව නිර්මාණය කරගන්නේ කොහොමද කියන එක ගැන දැන් ගොඩක් කලක ඉඳන් වෙහෙසෙනවා. ඒ ගමනේ විශාල දුරක් ඇවිල්ල තිබුනත්, සමහර විට එයටත් වඩා දුර යන්න තියනවා වෙන්න පුළුවන්. පෘථිවියේ සාගත තියෙත්දී, ඔය ඩොලර් බිලියන ගණන් වැය කරලා, අභ්‍යවකාශය තරණය කිරීමේ එක අරමුණකුත්, පොළොවෙන් එපිට ජීවය හොයා ගැනීම හා ජීවයේ උපත හොයා ගැනීම. නවීන මැවුම් වාද කාරයනුත් කියන්නේ, පෘථිවියේ සත්ව පරිනාමය සිදු නොවුනා කියන එක නොවේ, ජීවය මෙහෙට ගෙනත් දැම්මේ (ආවේ) වෙනත් ‘බුද්ධිමත් බලවේගයක්’ (නැත්නම් අභ්‍යවකාශයෙන්).

      උඹගේ ප්‍රතිචාරයට අදාළ නැති වුනත් කකාගේ සටහනේ අනික් ප්‍රතිචාර දැක්කම මේකත් ලියන්න හිතුනා. විශ්වයේ වෙනත් තැනක ජිවය පවතින්න පුළුවන් විතරක් නොවේ, එවැනි පැවැත්මකට ජලය අත්‍යාවශ්‍ය මාධ්‍යයක් නොවේ කියන එකත් අද විශ්වාස කරනවා. ඒ කියන්නේ පෙට්රෝල් හෝ බූමිතෙල් වැනි හයිඩ්රෝකාබන මාධ්‍යකත් ජිවය ආරම්භ වී පරිනාමය විය හැකිය කියන එක. ඔය ලංකාවේ ෂෙඩ් වලට ඒලියන්ස්ලා එන්නේ, වාහනේට පෙට්රෝල් ගහන්නම නොවේ වෙන්න පුළුවනි! 😉

  4. ඔයාගෙ ඔය කතාව හරියට මහා මන්දිරයක එලිපත්ත වගේ.මහා කතාවක ඇරඹුම ඔයා සටහන් කරලා තියෙනවා එක එක විදිහට.මොනවා වුනත් ඉදිරිය ගැන මම බොහොම සුභවාදීව බලන හින්දා ඔයා ඔය මන්දිරයේ දොර කවුලු විවර කලාම මං සම්පූර්න කමෙන්ට් එකක් දාන්නම්.මං http://www.amuthusithuwili.wordpress.com ලියන හිම පියල්ල.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s