Oldest fossils found in Western Australia!


Evolution

අප හැමදාම මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා. අඩු ගානේ දන්නේ නැහැ කියල හරි දැන ගන්නවා. හැබැයි ඉතින් ඔය සත්ත්ව පරිණාමය,  ජෛව විවිධත්වය, අනුවර්තනය වගේ දේවල් ඉගෙන ගත්තා කියල සෙතක් තියනවාද? ඕවා දන ගත්තා කියල කන්න හම්බ වෙන්නෙත් නැහැ, රස්සාවල් හොයා ගන්නත් බැහැ.

හැබැයි මෙහෙමත් දෙයක් තියනවා. සමහර විට සමාජයක් වශයෙන් සංවර්ධනය වෙන්නත්, පුද්ගලයෙක් වශයෙන් සංවර්ධනය වෙන්නත්, ඒ කියන්නේ දිළිඳු කමින් ගොඩ යන්නත් අපට වඩාත්ම බාධකයක් වෙලා තියෙන්නේ පසුගාමී ආකල්ප. ලෝකේ කොයි රටක හිටියත් ඔය කතාවේ වෙනසක් නැහැ.

ඕස්ට්‍රේලියාව වගේ රටක් ලෝක කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තරඟකාරී ලෙස රැඳිලා ඉන්නේ, ගොවියන් අතර මෙවැනි පසුගාමී ආකල්ප ගොඩක් අඩු නිසා. ඒ කියන්නේ අලුත් දේවල් අත්හදා බලන්න, පවතින තත්ව වලට හැඩ ගැසෙන්න හා අලුත් තත්ත්ව වලට අනුවර්තනය වෙන්නට තියන නම්යශිලිතාවය නිසා.

මෙයට අනෙක් පැත්තේ ඉන්න අයටත් උදාහරණ දෙන්න පුළුවන්. සමහරුන් ජිවත් වීමට වඩා සුදුසු නව තත්ත්ව වලට හැඩ ගැසෙනවා වෙනුවට, පරණ පරිසර තත්ත්ව තමන් වටා කෘතිමව හදා ගන්න උත්සහ කරනවා. ඒ වගේම රටක අලුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදීත් වෙනත් අවස්ථා වලදීත් මෙවැනි ආකල්ප ගොඩක් වෙලාවට පරහට හිටිනවා.

ජෛව විවිධත්වය වැනි දේවල් ඉගෙන ගත්තාට කන්න හම්බ නොවුනත්, අපේ සමාජයේ තියන විවිධත්වය ගැන අලුත් මානයකින් තේරුම් ගන්නට උදව් කරනවා. පරිණාමය ගැන ඉගෙන ගැනීමෙන් තමන් අවට පරිසරය ගැන විතරක් නොවේ, තමන් ගැනත් අලුතින් හිතන්නට අවකාශයක් උදා කරනවා. එමගින් සමහර විට අනෙකාව මරන්  කන්න හදන, අපේ පරණ තිරිසන් මානසිකත්වය ගැන නැවත හිතන්න අවස්තාව දෙන්න පුළුවන්.

ඉස්සර කාලේ මෙවැනි දේවල් ඉගෙන ගන්න, විශේෂ උත්සහයක් කල යුතු වුනා. නමුත් අද, ඒ වගේ දේවල් ඉගෙන ගත්තු හා අනුන්ට කියා දීමට කදිම හුරුබුහුටි කමක් තියන මිනිසුන් ඉන්නවා පමණක් නොවේ, වීඩියෝ, රූපවාහිණි හා අන්තර්ජාල වැනි මාධ්‍යත් තියනවා. සර් ඩේවිඩ් ඇටෙම්බරෝ නැත්නම් මහාචාර්ය ඉයන් ස්ටුවර්ට් වැනි ඇත්තටම ඉගෙන ගත්තු හා කියා දීමට සමත් ගොඩක් දෙනා මේ කතා ඉතා සරල ලෙස කියා දෙන වැඩසටහන් ඕනේ තරම් අද තියනවා.

මෙයට වසරකට පොඩ්ඩක් කලින්  The Washington Post (01.01.2012) පුවත්පතේ පලවුන මේ ප්‍රවුර්තිය මා මුද්‍රණය කර ගත්තේ මට කියවන්න. එය මට අද නිකමට වගේ මතක් වුනේ කකාගේ අන්තිම සටහන් දෙක නිසා.

පුවතින් කියවෙන්නේ ඕස්ට්‍රේලියාවේ පිල්බරා ප්‍රදේශයේ පාෂාණ විශ්ලේෂණය කළ විද්‍යාඥයන් වසර බිලියන 3.5 ක් පැරණි  ‘පොසිලයක්’ සොයා ගත්  බව. බටහිර ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශයක් වන පිල්බරා ලෝකේ පැරණිතම භුමි නිර්මාණ හැදුන  ප්‍රදේශයක් කියා හඳුනා ගෙන තියනවා.

මේ පාෂාණ අද පොලව මතුපිට තිබුනත්, එදා ජලාශ පතුලේ රොන්මඩ වෙන්නට ඇති අනුමාන කරනවා. පිල්බරා වලට වඩා පැරණි මන්ඩි වලින් වලින් සැදුන පාෂාණ ලොව කොතෙක් තිබුනත්, මේ වැනි හොඳින් සුරක්ෂිතව තැන්පත් වුන ඒවා වෙන කොහේ වත් සොයා ගන්න නැති, මේ පාෂාණ පරීක්ෂණයට ලක් කළ ඇමෙරිකානු විද්‍යාඥයින් ගෙන් කෙනෙක් කියා තිබුනා.

මෙයට වසර බිලියන 3.5 ක් පෙර කියන්නේ පෘථිවිය නිර්මාණය වී වසර බිලියනයකට පසුව. මේ පාෂාණ වල තිබී සොයා ගත් බැක්ටීරියා අංශු, ලෝකේ මෙතෙක් හොයා ගත්, පැරණිතම ‘පොසිලයයි’. ඔවුන් පවසන්නේ මේ කාලයේ පැවතුන ජීවයට යම් සංවිධානාත්මක බවක් තිබුන බව. ඒ කියන්නේ මේ බැක්ටීරියාවන් විශාල ගහන වශයේ ජිවත් වුන බව.

අද සමහර වෙබ් අඩවි වල ප්‍රවුර්ති වල කිය වෙන්නේ ඕස්ට්‍රේලියාව ඉන්දියාවෙන් වෙන් වුනේ මිට වසර විසි දාහකට කලින්ය කියා. ඔවුන් කියන්නේ ඒ කාලයේ ලෝකයේ හිටියේ නියන්ඩතාල් මානවයා කියලා. අද පත්තරේ  තිබුනා නියන්ඩතාල් වඳවී ගිය එකට ඉදිරිපත් කරන අලුත්ම මතය. හැබැයි ඒ වඳ වෙලා ගිහින් තියෙන්නේ මිට වසර 30,000-40,000 කට පෙර කාලය තුල. ඒ මතයට අනුව, ඔවුන් අද හිටියා නම් ඔය “ෆේස් බුක්” වගේ සමාජ ජාලයන් එතරම් ජනප්‍රිය නොවෙන්න ඉඩ තිබුනා. 

 

Image source http://wps.pearsoned.com.au/

Advertisements

5 Comments

Filed under General, Social

5 responses to “Oldest fossils found in Western Australia!

  1. මෙහේනම් තාම ඉන්නේ ඒ ගොල්ලන්ද කොහෙද…?

    • ඇයි බං මෙහෙත් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි අර කට්ටිය හොය හොය හිටිය missing link එක මට හම්බවුනත් එක්ක.

  2. Kenji @ Japan

    ලංකාවෙ නම් තාම ඉන්නව.මහ 225 ට අමතරව පැටව් රොත්තකුත් එක්ක.ඊයේ වැලි ලොරි කේස් එහෙකට ගහගෙන,ගහපු එකයි ගුටි කාපු එකයි පොලෝසියේ පැමිණිලි දාල දෙන්නම රෝහල්ගත වෙලා තියෙන්නෙ.

    • ස්වභාවික වරණ තියරිය වගේ නේද කෙන්ජි. ගහනයක අන්තිමට ඉතිරි වෙන්නේ, ඒ පරිසරයට වඩාත් උචිත ලක්ෂණ තියන කාණ්ඩය.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s