Less brain space for social networking killed the Neanderthals! (2)


මානව පවුල් ගසේ ගුප්ත ශාකාවක් ලෙස සැලකෙන නියැන්ඩතාල්වරුන් අවුරුදු තුන් ලක්ෂයක් පමණ යුරෝපයේ,  මධ්‍යම ආසියාවේ හා මැදපෙරදිග ජිවත් වුන බවට ශාක්ෂි තිබුනද,  ඔවුනගේ පොසිල ශාක්ෂි මීට වසර 30 000 -40 000 ටත් අතර කාලයේදී අතුරුදහන් වී යනවා.

නියැන්ඩතාල්වරුන් සම්පුර්ණයෙන් වඳ වී ගියේ කොහොමද  කියන එක මානව විද්‍යාඥයන්ගේ විවාදයට බදුන් වුන  මාතෘකාවක්. එක න්‍යායක් වන්නේ පරිසර තත්ත්ව වෙනස් වීම් දරාගත නොහැකිව ඔවුන් අතු ගෑවී ගිය වග.  අනෙක තමා එයාලගේ ඥාති සහෝදරයන් වන හෝමෝ සාපියන්ස් ලා විසින් සමූල ඝාතනය කළ බව.

දැන් ඔක්ස්ෆර්ඩ් සරසවියේ හා ලන්ඩන් වල ස්වභාවික කෞතුකාගාර විශේෂඥයන්  විසින් අලුත් මතයක් ඉදිරි පත් කර තියනවා. ඒ අනුව ඔවුන් වඳ වී යාමට හේතුව ඔවුනගේ  මොලයේ වෙනස්කමක්  නිසා කියලයි  කියන්නේ. ඔවුනගේ අලුත්ම පර්යේෂණ වාර්තාව  Proceedings of the Royal Society B (Proc. R. Soc. B 2013 280, 20130168, published 13 March 2013) සඟරාවේ පළ කර තියනවා.

නියැන්ඩතාල්වරුන්ගේ ශරීරය නූතන මානවයාට වඩා විශාල එකක් වුනත් මේ දෙගොල්ලන්ගේම මොලයේ විශාලත්වය එක සමානයි.  හැබැයි, නියැන්ඩතාල්වරුන්ගේ අක්ෂි කුහර හා පෙනීමට අදාළ වන මොලයේ කොටස සාපියන්ස් ලාට වඩා  විශාලයි. ඒ අනුව, විශාල ශරීරය පාලනය  කිරිමටත්, පෙනීම පාලනය කරන කොටසටත් මොලයේ ධාරිතාවයෙන් වැඩි ප්‍රදේශයක් වෙන්වී තියනවා. ඒ කියන්නේ අනෙක්  ක්‍රියා වන සමාජ සම්බන්දතා වැඩි දේවල් පාලනය වන කොටසට හිමි වී තියෙන්නේ අඩු ප්‍රදේශයක්. මානවයන් ගේ හා වඳුරන්ගේ මොලයේ මේ සමාජ සම්බන්දතා පාලනය වන විශේෂ මස්තිෂ්ක කොටසක් තියනවා. මේ කොටස විශාලත්වය අනුව, ඒ සම්බන්දතා ඇතිකර ගැනීමේ හෝ නොගැනීමේ හැකියාව තීරණය කෙරෙනවා.

පුරාවිද්‍යා කැනීම් වලින් හෙළි වන්නේ නියැන්ඩතාල්වරුන් කුඩා කණ්ඩායම් ලෙස ජීවත්වුණ අයවලුන්  ලෙසත්, අමුද්‍රව්‍ය ප්‍රවාහනය කර ගෙන තියෙන්නේ ඉතා සීමිත දුරක බවත්, ඔවුනගේ වෙළඳ හුවමාරු ඉතා සීමිත  වගත්.

දුෂ්කර කාල වලදී (උදාහරණයකට අයිස් යුගයේ) සමුහයක් ලෙස පිළියම් සෙවීම, නොමැරී බේරීමට ඉතා වැදගත්.  මෙවැනි කාල වලදී තමන් දන්නේ ඉතා කුඩා පිරිසක් පමණයි නම්, ආහාර සොයා ගැනීමත් විශාල ප්‍රශ්නයක් විය හැකියි. ඒ වගේම සතුරු ආක්‍රමණ වලින් මිදීමට හා ප්‍රතිරෝධය දැක්වීමේ හැකියාවද අඩුයි. ඒ වගේම කුඩා කණ්ඩායමක් තුල සිදුවන ජනගහන වෙනස්වීම් පාලනය කිරීම අසීරුයි. ඒ නිසා  එවැනි කුඩා කණ්ඩායමක සංස්කෘතික ලක්ෂණ හා නව සොයා ගැනීම්, අඛණ්ඩව පවත්වා ගන්න නොහැකියි. මේ සියලු හේතු නියැන්ඩතාල්වරුන් මෙලොවින් තුරන් වීමට බලපා ඇති නව පර්යේෂණය කියනවා. 

මේ නියැන්ඩතාල්වරුන් අනුව සමාජ සම්බන්දතා වල ඉහල අංගයක් වන අංගම්පොර වැනි ක්‍රීඩා වල නියැලුනා යයි හිතන්න බැහැ.

(ඕස්ට්‍රේලියානු නිව්ස් ඩොට් කොම් වෙබ් අඩවිය  හා පර්යේෂයන මුල් ලිපිය ඇසුරු කරන ලදී).

Advertisements

10 Comments

Filed under Social

10 responses to “Less brain space for social networking killed the Neanderthals! (2)

  1. kathandarakaraya

    මේ කතාවට අංගම්පොර සම්බන්ධ වෙන්නේ කොහොමද?

  2. kathandarakaraya

    මගේ නම් අදහස හෝමෝ සේපියන්ස් ලා විසින් නියන්ඩතාල් ලා ව මරා සමූලඝාතනය කර දමන ලද බවයි.

    ගම්, කුල, පාසල්, ආගම්, එත්නික් කණ්ඩායම්, රටවල් මත පදනම්ව අද දක්නට ලැබෙන වර්ගවාදයේ හොඳම එක එය විය හැකියි.

    • සාපියන්ස්ලා එන්නට පෙර ලෝකය අතික්‍රමණය කරලා තිබුන, ඒ වගේම මොලයේ ධාරිතාවයත් එක සමාන, නියැන්දතාල්ලා ව එහෙම සමූල ඝාතනය කරන්න පුළුවන් වුනේ කොහොමද කියන ප්‍රශ්නයට පිළිතුරක් විය හැකි දෙයක් තමා මේ පර්යේෂණය කියන්නේ.

  3. නොදන්නා විස්තර ටිකක් රයිගම් …
    ස්තූතියි බෙදා ගැනීම ගැන …

    • ප්‍රතිචාරයට තුති ශෙර්මි. නිතර කියවන වග දැනගැනීමත් සතුටක්! 🙂

  4. Kenji @ Japan

    ඉතා හොද විස්තරයක්.ඔබ අංගම්පොර කතාව දැම්මේ දැන් සමාජ තත්වයට යමක් සමාන කරන්නද?

  5. ගොඩ නගන්න හදන තර්කය පැහැදිලියි… මාතෘකාවෙන් ඒක පැහැදිලියි..

    අංගම්පොර කියලා දැන් මේ පෙන්නන්නේ නම් පට්ට පල් බොරුවක්. අනෙක එහෙම සටන් කළාවක් තිබූ බවට කිසිඳු ඉතිහාසගත ශාක්ෂිත් නෑ. මල්ලව පොර නම් තිබිලා තියෙනවා. මේය ටෙලි නාට්‍ය කරුවෙක්ගේ හිතලුවක් විතරයි.

    • ඕක ජයන්තගේ කතාවක්ද මාතලන්. දේශපාලනය හිතේ තියාගෙන ඉතිහාසය “නැවත ලියන්න” බැහැ. අර ජැක්සන්ගේ උතුරු සළුව වගේ තමා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s