සුරා මල් පැනින් පොඟා යුග ලවන් – පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්? Arabian Nights and other stories!


OLYMPUS DIGITAL CAMERA

මට ඊයේ අරාබි නිශොල්ලාශය කතන්දර පටන් ගත්ත හැටි මතක් කලේ තරුණ සුද්දියෙක්. මා මේ කතා පොඩි කාලේ සිංහලෙන් කියවා තිබුනත් දැන් මතක නැහැ. අර පර්සියානු රජ තුමා තමන්ගේ බිසව, තමන්ව රවටන බව දැනගෙන, සහෝදරයා ලඟට ගියහම එයාගේ බිසව ඊට හපන් බව දැනගෙන, දෙන්නම ජීනී ගාවට ගියහම, එයාගේ එක්කෙනත් ඒ වගේම කියලා දැන ගන්න කතාව. තමන් අමාරුවේ වැටිලා ඉන්න වෙලාවට, හිත සනසා ගන්න පුළුවන් එක විදිහක් තමා එයට වඩා, අමාරුවේ වැටිලා ඉන්න තවකෙකු හා සංසන්දනය කිරීම කියලා මා ඇයට කියුවහම, ඇගේ උත්තරය උනේ ඔය කතාව.

මා බලන කුණු ටෙලි ඩ්‍රාමා අතර ඕස්ට්‍රේලියානු කතාවක් වන “හෝම් ඇන්ඩ් අවේ” තියනවා. මේ කතාවේ එක චරිතයක් වන ලියම් තමන්ගේ ජිවිතයේ ඇති දෝමනස්ස බව මිතුරෙකු වන රෝමියෝට කියනවා. ගායකයෙකු වන ලියම්, මත්ද්‍රව්‍ය නිසා තමන්ගේ ගායන දිවියත්, රැකියාවත්, තමන්ගේ දරුවාත් (දිකසාදයෙන් වෙන් වීම නිසා) අහිමුවුන අයෙක්. ඔහු කියන්නේ මෙයටත් වඩා දෙයක් වෙන්න පුලුවන්ද මිනිහෙකුට කියලා. මෙයට උත්තර දෙන රෝමියෝ කියන්නේ, උඹට ඔය සේරම හදා ගන්න පුළුවන්නේ කියා. මෙහෙම කියන කොට මිනිහාගේ ඇස් වලට කඳුළු උනනවා.  “ඇයි උඹට මොකද වෙලා තියෙන්නේ?” පුදුමයෙන් ලියම් අහනවා. “මට තව ටික දවසයි ජිවත් වෙන්න තියෙන්නේ”. මෙලනෝමා කියන සමේ පිළිකාවේ අන්තිම අදියරේ, ලඟදි කසාද බැඳපු රෝමියෝ ඉන්නේ. කුණු ඩ්‍රාමා උනත්, ඇත්තම ජීවිත කතා මෙයට වඩා අනපෙක්ෂිතයි, ඒවගේම අනුවේදනීයයි.

උපතින්ම සාපේක්ෂව නිරෝගීව මෙලොවට බිහිවන අය ජිවිතයේ නීරෝගීකම “for granted” ගන්නවා. සමහරවිට ජානමය ආබාධයක් තියන දරුවෙකු සමග දෙමාපියන් විඳින දුක දකින කම්, තමන් ඉන්න “වාසනාවන්ත” තත්වය පිලිබඳ සිතුවිල්ලක් පහල වෙන්නේ නැහැ. අප ගොඩක් වෙලාවට විනෝදාංශ වශයෙන් පටන් ගන්න ගොඩක් දේවල් ජිවිතයේ ආතතිය අඩුකරනවා වෙනුවට ජිවිතයම කෙටි කරන දේවල් හා මුළු ජිවිතයම අවුල් කරන ඒවා බවට පත්වෙන අවස්ථා තියනවා. ඒ වගේම ජිවත් වෙන්න ගන්නා ආහාරත් සමහර වෙලාවට, ඉන්න තැනින් නැගිට ගන්නත් බැරි ජිවිතයකට පාර කපනවා විතරක් නොවේ, අවසානයේදී  ආයු කාලය කෙටි කරන දෙයක් බවටත් පත් වෙනවා. මේ හැම තැනදීම වෙන්නේ ඒ දේවල් අපයෝජනය කිරීමයි. මෙවැනි දේවල් තේරුම් ගත්තත් ඉන් මිදෙන්න හැමෝටම හැකියාවක් නැහැ. එය තමයි මනුෂ්‍ය ජිවිතයේ නියම ඛේදවාචකය.

දවසේ දවල් කාලයෙන් පැයක් දෙකක්, ආණ්ඩුවට හෝ දේශපාලකයන්ට බනින්න වෙන කරන මිනිහෙක්, සමහරවිට රාත්‍රියේ නින්දට පෙර තමන්ගේ පොඩි පුතාට කතන්දරයක් හෝ පොතක් කියවන්න විනාඩි පහක් වෙන් කරන්නේ නැති වෙන්න පුළුවන්. රජයේ දිවි නැගුම හෝ වෙනත් නැගුමක දොස් දකින්න වෙහෙසෙන කෙනෙකුගේ, ගෙවත්ත කැලේට ගිහින් තියෙන්න පුළුවන්. දේශපාලකයන් විනෝදාංශයක් විදිහට ජනතාවගේ මුදල් යටි මඩි ගහන  විට, විනෝදාංශයක් විදිහට බඩට ලූණු පොත්තක් නැතුව කසිප්පු ගහමින් ඒ ගැන කතා කරන කෙනෙක්, අනියමින් අර දේශපාලකයන්ටවත් කරන්නට නොහැකි දෙයක් තමන්ටම කර ගන්නවා.

මා ඉහත කරුණු ලියුවේ කිසිවෙකු විශේෂයෙන් හිතේ තියා ගෙන  නොවේ. සමහරවිට ඔබත්, මාත් දන්නෙම නැතුව කරන සමහර දේවල් වලින් එකක් දෙකක් මේ අතර තියෙන්න පුළුවන්. සමහරුන් ඔය මුද්දර එකතු කිරීම, මිතුරු මිතුරියන් ඇසුර හා මල් වැවීම වැනි විනෝදාංශ වලට හිනා වෙනවා. මිනිසෙක් හෝ ගැහැනියක් හැටියට ජිවිතයේ සියලුම කාල වල විවිධාකාරයේ විනෝදාංශ වල නියැලීම අරුම දෙයක් නොවේ. ඇත්තටම ජිවිතයට එවැනි විනෝදාංශ අවශ්‍යයි. අප ප්‍රවේශම් විය යුත්තේ , විනෝදාංශයක් ජීවිතය පහසු කරවන දෙයක් නොවී, එදිනෙදා ජිවිතයේ කටයුතුවලින් ඇතිවන ආතතිය මගහරින දෙයක් වෙනුවට,  ජීවිතය අවුල් කරන, සෞඛ්‍යය නරක් කරන, සමාජ සම්බන්දතා බිඳ දමන, දරුවන්ගේ කටයුතු මග හැරෙන හා පවුල් අවුල් කරන දෙයක් නොවන තැනට වග බලා ගැනීමයි.

අප ගොඩක් දුරට කරන දෙයක් තමා, අපව අනුන් හා සංසන්දනය කරලා ජිවත් වීමට උත්සහ කිරීම. ඒත් අනුන් කරන දේවල් වලින් අපට පෙනෙන කොටසක් තියනවා, නොපෙනෙන කොටසකුත් තියනවා. එවැනි සන්සන්දන අසාර්ථක ජිවන ක්‍රමයකට පාර කපන්න, ඒ නිසා පුළුවන්. තමන්ට හොඳ මොනවාද කියලා නිරපේක්ෂව තීරණය කරන්න පුළුවන් නම් වඩා හොඳයි කියා මා නම් හිතනවා.

(චායාරූපය මගෙනි).

I’m writing a book. I’ve got the page numbers done – Steven Wright

Advertisements

12 Comments

Filed under Social

12 responses to “සුරා මල් පැනින් පොඟා යුග ලවන් – පිනා පසිඳුරන් සතපමි සොඳුරු සිහිනයෙන්? Arabian Nights and other stories!

  1. හිතන්න දේවල් ගොඩක් තියෙන පෝස්ට් එකක්.
    මේක කියෙව්වට පස්සේ මට දැනුන දෙයක් තමයි
    අපි අපේ ලඟින් ඉන්න අය වෙනුවෙන් ලොකු කාලයක්
    දෙන්න ඕනේ බව ..

    මගේ අතිනුත් ගොඩක්ම වෙලාවට වෙන වරදක් තමයි
    රාජකාරී නිසා පවුල් ජීවිතෙන් දුරස්ථ වීම ගොඩක් වෙලාවට .
    සමහර වෙලාවට …….

    එක්කෝ ඕනේ නැහැ ..

    මගේ වැරදි නිවැරදි කරගන්න සිතුවිල්ලක් ඇති කරපු ලියමනක්
    රයිගම් ..ස්තූතියි ඔබට …

    • ඔබ කියන්න ආව එක නැවැත්තුව එකත් එක අතකට හොඳයි ශෙර්මි. මොකද ඕවගේ දේවල් වෙන කෙනෙකුට නිකම් හිනා වෙන්න අවස්තාවක් දෙන කරුණක් වෙන්නත් පුළුවන්. අවංකව අදහසක් පළ කිරීම ගොඩක් වෙලාවට මේ සිංහල බ්ලොග් වල නරක අතට යන්න පුළුවන්. 🙂

      මේ සටහන ඔබට ප්‍රයෝජනවත් වුනා කීම එක අතකට අතුරු ඵලයක්. මෙය ලීවේ කියවන්නාටත් වඩා මටම වෙන්නත් පුළුවන්. අපට සමහර වෙලාවට ඉන්න “වාසනාවන්ත” තත්වය ගැන යම් අවබෝධයක් ලැබෙන්නේ, තව කෙනෙකු ඉන්න අසීරු තත්වය ගැන ඇසීමෙන්, දැකීමෙන්.

      • \\\අවංකව අදහසක් පළ කිරීම ගොඩක් වෙලාවට මේ සිංහල බ්ලොග් වල නරක අතට යන්න පුළුවන්. 🙂 ///

        වෙලා ඉවරයි.. 😦

        \\\අපට සමහර වෙලාවට ඉන්න “වාසනාවන්ත” තත්වය ගැන යම් අවබෝධයක් ලැබෙන්නේ, තව කෙනෙකු ඉන්න අසීරු තත්වය ගැන ඇසීමෙන්, දැකීමෙන්.///

        100% ඇත්ත රයිගම් .ගොඩක් වෙලාවට අපිට පෙනෙන්න
        තියන ඉහල සැප පහසුකම් වලින් හෙබි ලෝකය දිහා අපි උනන්දුවෙන්
        බැලුවත් , අපිට පහලින් තියෙන දුක්කිත ජීවිත දිහා බලන්නේ නැහැ ..

        උඩ බලන් දුක් වෙනවා ..පහළ බලන් සැනසුමක් හෙලන්න පෙළඹෙන්නේ
        නැහැ නෙව…

  2. හිතන්න දේවල් ගොඩක් තියෙන පෝස්ට් එකක්….
    මේක කියෙව්වට පස්සේ මට දැනුන දෙයක් තමයි
    අපි අපේ ලඟින් ඉන්න අය වෙනුවෙන් ලොකු කාලයක්
    දෙන්න ඕනේ බව .

    මගේ අතිනුත් ගොඩක්ම වෙලාවට වෙන වරදක් තමයි
    රාජකාරී නිසා පවුල් ජීවිතෙන් දුරස්ථ වීම ගොඩක් වෙලාවට .
    සමහර වෙලාවට ….

    එක්කෝ ඕනේ නැහැ ……

    මගේ වැරදි නිවැරදි කරගන්න සිතුවිල්ලක් ඇති කරපු ලියමනක්
    රයිගම් ..ස්තූතියි ඔබට …

  3. Kenji @ Japan

    මම හොදටම දැකල තියෙන දෙයක් තමා රයිගම,අපි දන්නා කියන අය සෙට් උනාම තම තමන්ගෙ ගෙදර වල ළමයි ලපටි ඇතුළු නොයෙකුත් දෑ කතා කරනව.එවෙලාවට කතා කරන දේ නෙමෙයි ඒ ගෙදරකට ගියාම තියෙන්නෙ.මම නම් මගේ දරුවො දෙන්නට පොඩි කාලෙ බිරිද කිරි පෙව්වට පස්සෙ,වඩාගෙන පපුවට දරුවගෙ බන්ඩිය ලාවට හිර කරන් මගේ උර හිසට උඩින් බෙල්ල තියල ගුඩුස් යවන්න පිට අත ගාද්දී දාපු කිරි වමනෙ සුවද තාම ඔවුන්ගෙ හිස පිරි මදිද්දීත් දැනෙනව.

    • මට දරුවන්ගේ කුඩා කාලය ගෙවී ගිය ඉක්මන ගැන සමහර වෙලාවට පුදුමයි කෙන්ජි. මා ලියපු දෙය ඔබ හරියටම තේරුම් අරන් තියනවා.

  4. මිනිස්සු දුවන්නන් වාලෙ දුවනවා… තමන්ගෙ ජීවිතය ගැනවත් අනුන්ගෙ ජීවිතය ගැනවත් තමන්ගෙ අනාගතය ගැනවත් හිතන්නෙ නෑ… බොහෝ දෙනෙක් ජීවත් වෙන්නෙ අදට විතරයි….. ඒ වගේම තමයි තමන් ජීවත් වෙන්නෙ ටික කාලයයි කියලා කවුරුවත් හිතන්නෙ නෑ…

    • ඔබ කියන එක හරියම හරි ඇල්කෙමියෝ. මොකද මේ ජීවිතයේදී එවැනි යමක් සිතන්න අවස්තාව උදාවුනොත්, උදාවෙන්නේ වෙන මොනවාවත් කර ගන්න බැරිව ඇඳට වුනොත් පමණක් වෙන්න ඉඩ තියනවා. එක අතකට මේ ලියන එකෙන් මටත් ජීවිතය ගැන යලි හිතන්න අවස්තාව උදා කරනවා. මනුෂ්‍යන්ට තියන ප්‍රශ්න ගැන හිතුවහම, සමහර වෙලාවට අප තැවෙන දේවල් මොනවාද කියල හිතෙනවා.

  5. මා නම් මගේ පුතාට මෙන්ම සියළුම දරුවන්ට ආදරය කරනවා. අද සිඳුවී තිබෙන්නේ තමා මැවූ සිහින ළෝකය උදාකරගැනීම සඳහා තම දරුවන්ගේ ළමා අයිතිවාසිකම් උල්ලංගනය කරනා දෙමාපියන්ගේ විකාර රූපි සමාජයක්. විශේෂයෙන් සිරි ලංකාවේ.

    ඔවුන් බිහිකරන්නේ මනුෂ්‍යයින් නොව. රොබෝවරුන් පිරිසක්, රොබෝවරුන්ට මොලේ තිබුනට, හැඟීම් නෑ..

    • ඔබ වෙන තැනකදී ලියපු එකකට මා හරි කැමතියි. එනම්. ඔබ දරුවාව සිප ගන්නවා මිසක් වන්දා (අර ඕපපාතික සතා නොවේ) ගන්නේ නැහැ කියන එක. දරුවන්ට කියා වන්දා ගන්න එක අතකින් තමන්ගේ අධිපතිවාදය පෙන්නා ගැනීමක් විතරයි. දරුවන් තවත් දුරස් වෙනවා. මා එක ගෙදරකදී දැකපු දෙයක් මේ. තාත්තා කොතක් විතර, බතක් බෙදා ගෙන කනවා. පුතා ඇවිත් රෑට නින්දට පෙර වඳිනවා. අඩු ගානේ කන එක නතර කරලා, දරුවාට ඇහුන්කන් දීපන්කො. නැහැ එයා කනවා. මා බිරිඳ සමග කිවේ, දරුවා කියුවේ වැරදි ගාථාව කියලා. මොකද හරිනම් කියන්න තිබුනේ බෝධිය වඳින ගාථාව.
      අර විභාග විතරක් සමත් වෙන පිරිසක් බිහිවීම ගැන නම් මාත් එකඟයි.

  6. අමුතුම මානයකට මාව රැගෙන ගිය ලිපයක් රයිගම් . ස්තුතියි ඔබට.

    • ඒ කියන්නේ 4D වලිනුත් එහාට ගියාද? (විහිළු නලින්!). ඔබට ස්තුතියි!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s