දිවි නැගුම! How did our Russian fishing trip go wrong?


මට ගිය සතියේ කම්පුචියන් පොරක්, මාළු බාන්න යන්න කතා කළා. මා එතරම් කැමැත්තක් පෙන්නුවේ නැහැ. මිට කලින් බංග්ලාදේශ කාරයෙකුත් මාළු බාමුද කියල ඇහුවහම, මා ඇල්මැරුණු ස්වභාවයක් තමා පෙන්නුම් කළේ. මේ කතාවත්, තවත් දෙයකුත්  මාව අතීතයට අරන් ගියා.

අප සරසවියේ ඉගෙන ගන්න කාලයේ, එක අවධියක recreational activityයක්  ලෙස කරපු දෙයක් තමා මාළු බාන්න යාම. අපේ එක මිතුරෙකුට හොඳ  බිලි පිත්තක් තිබුනා. අපේ සරසවියට ළඟ පාත, පොඩි විලකුත් තිබුනා. ඔන්න දැන්, මාළු බාන්න අවශ්‍ය කරන දෙජාතියක් තියනවා.  එතන අප අරන් තියන චායාරූප අද බැලුවහම තමා ලස්සන පෙනෙන්නේ. ඔන්න ඉතින් අප, මාළු බාන්න අවශ්‍ය අඩුම-කුඩුම ටික සාගත මලු වල දාගෙන යනවා. එතැනදී, එක කෙනෙක් බිලි පිත්ත වතුරට දාගෙන ඉන්න අතරේ අනික් කට්ටිය විවිධ recreational  ක්‍රියා වල නියැලෙනවා. නරක දේවල් නොවේ. ඔය බයිසිකල් පැදීම, තිබහට (වතුර) බීම, ගිනි ගොඩක් ගසා කෑමට යමක් හදා ගැනීම වගේ දේවල්.

හැබැයි අපට කවදාවත් මාළු නම් අහු වුනේ නැහැ. සමහර වෙලාවට වරු ගණන් බලා හිටියත්,  මාළු නොවේ අපේ ඇමවල් කෑවේ. අර කියමනක් තියෙන්නේ පින් කරපු මනුස්සයන්ට මාළු අහු වෙන්නේ නැහැ කියලා. ඒ ගැන හිතේ තියා ගෙන නිකම් හිත හදා ගන්න පුළුවන් වුවත්, අපට ටිකක් එහායින් බිලි පිත්ත තියාගෙන ඉන්න රුසියානුවට නම් මාළු වලින් හිඟයක් තිබුනේ නැහැ. අර බිලී පිත්ත අයිති අපේ යාලුවා දවසක් රහස හොයා ගත්තා. අපේ ඇමට දැම්මේ පාන් කෑලි හා ඔය මස් කෑලි  වගේ දේවල්. ඒවාට මාළු අහු වෙන්නේ නැහැ. උන්ට ඕනේ පණපිටින් ඉන්න පනුවෝ. අපත් පොලොව හාරලා පනුවෝ හෙවුවද කියලා හරියට මට මතක නැහැ. හැබැයි කිසිදා තිත්තයෙක් වත් අහු වුනේ නැති බව නම් සහතිකයි.

එහෙම වුනත් මාළු අල්ලන්න යාම නම් නැවතුනේ නැහැ. මේ විල තිබුනේ අපේ සරසවියට කිලෝමීටර දෙක තුනක් එහා. අපේ ගමන් මග වැටිලා තිබුනේ වගා බිමක් හරහා. මේ ඉඩම කුඩා කට්ටි වලට කඩලා බෙදලා තිබුනා. වැටවල් තිබුනේ නැහැ. නොයෙක් ජාති වල එළවලු හා ඔය සූරියකාන්ත වගේ භෝගයන් ඒ කට්ටි වල වවලා තිබුනා (සූරියකාන්ත ඇට කියන්නේ රුසියාවේ රටකජු වගේ තමා). මේ කට්ටි අයිති වුනේ ඒ අසල තිබුන තට්ටු නිවාස සංකීර්ණ වල වෙසෙන නිවැසියන්ට. මේ වගාවන් ඔවුනට වසන්ත හා ග්‍රීෂ්ම කාලයේ recreational අංගයක් මෙන්ම, පවුල් ආර්ථිකයේ එක අංගයක්ද වුනා. විශේෂයෙන් සමූහ ගොවිපොළ ක්‍රමය බිඳිලා, එහි අඩුව පුරවන්න වෙන කිසිවක් නිර්මාණය නොවුන රික්තයක් සහිත කාලයේ තමන්ගේ අවශ්‍යතා සපුරා ගන්නත්, අමතර ආදායමක් ලබා ගන්නත් එම වගාවන් උපකාරී උනා කියුවොත් නිවැරදියි (විනාඩියක් පමණයි).

අප කොතරම් හොඳ තරුණයන්ව හිටියාද කියනවා නම්, මාළු බාලා ආපසු එන අතරේ එළවලු මලු අමාරුවෙන් උස්සාගෙන යන සමහර ආච්චිලා ගේ මලු “අනේ අම්මේ, දෙන්න ඕක මන් ගෙනිහින් දෙන්නම්”  කියලා පාරට එන කම් ගෙනත් දෙනවා (මේක පොඩි උදව්වක් තමා. ඒත් තමනුත් අමාරුවෙන් ඇවිදින කොට තව වෙන කෙනෙකුගේ බර මල්ලකුත් කර ගහගෙන යන එක  එතරම් පහසු දෙයක් නොවේ).

ඒ එදා අතීතය. වර්තමාන ඕස්ට්‍රේලියාවේ පවා මිනිසුන්ගේ එක කටයුත්තක් තමා ගෙවත්තේ යමක් වගා කර ගැනීම. සියලුම දෙනා නොවේ. නමුත් බොහෝ දෙනා කරනවා. එයින් බලාපොරොත්තුවන එක දෙයක් තමා අප මාළු බෑමෙන් කරන්න අදහස් කළ දෙය. එනම් එක recreational activityයක්  වශයෙන්.

මා ලඟදි කියවපු ලංකාවේ ලිපියක සඳහන් වුනේ දිවි නැගුම වැඩ සටහන. එහි එක අංගයක් තමා ගෙවතු වගාව නැංවීම. මේ අංශය බාර ඇමති තුමා දුන්න ඇට දිරලා කියලා මිට කලින් ප්‍රවුර්තියක් මා දුටුවා. ඇට දිරපු කතාව කෙසේ වෙතත්, මේ ගෙවතු වගාව දිරිමත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ, අඩු ආදායම් ලාභී පවුල් වල ජිවන තත්වය ඉහල දැමීමයි. ඒ කියන්නේ තමන්ගේ පෝෂණ  අවශ්‍යතා වලින් හැකි පමණ සපුරා ගන්න අතරේ, අතිරික්තයක් තියනවා නම් ආදායමකුත් ගන්න වැඩ සලසා ගැනීම.

එක අතෙකින් එළවලු වලට වියදම් කෙරෙන මුදල් ඉතිරි වෙනවා. නැත්නම්  වෙනදා නොකන එළවලු කන්න ලැබෙනවා. වැඩිපුර තිබුනොත් බෙදා ගන්නවා. අදහස නරකයි කියා කොහොමටවත් කියන්න බැහැ. මෙවැනි වැඩ සටහනකට අවශ්‍ය ගෙවතු ඉඩ තියන අඩු ආදායම් ලාභී පවුල් හොයා ගන්න එක එතරම් අසීරු නැහැ. මොකද ගෙවතු වගාව කියන්නේ මහා පරිමානව සිදුවන දෙයක් නොවන නිසා. අනික ගෙවතු වගා කළ යුත්තේ අඩු ආදායම් ලාභින් විතරක් නොවේ.

හැබැයි මෙයට සමානවම වැඩ සටහනක් තමා මා හිතන්නේ හැත්තෑ ගණන්වල වගා සංග්‍රාමය යටතේ සිදු කරන්න අදහස්  කලෙත්. එක්තරා අවධියක ගෙවතු වගාව හොඳට නැගලා ගියා. නමුත් ඒ සේරම නිකම් ඇට දෙනවයි කියල කියපු ගමන් අන්තර්ධාන වුනා. හරි නම් එහෙම වෙන්න විදියක් නැහැ. ගෙවතු වගාව කියන්නේ, අවශ්‍ය ශ්‍රමය පිටින් ගන්න දෙයක් නොවේ. ඒ වගේම කාලයත් වැය කරන්නේ වෙන දෙයක නියැලෙන ගමන් ලැබෙන විවේකයක. ඇට පවා අවශ්‍ය වන්නේ මුලදී පමණයි. ඒ නිසාම නිෂ්පාදන වියදම තමන්ට දැනෙන්නේ නැහැ. ඒ නිසාම නිකම් දෙන ඇට ගන්න හිටියත්, තමන් අතේ තියන ඇටේ දිරන්න දෙන්න හරි නම් අවශ්‍ය නැහැ. හැබැයි එහෙම සංස්කෘතියක් බිහි වුනේ නැහැ.

වර්තමාන දිවි නැගුමෙනුත් අවශ්‍ය වන්නේ තාවකාලික ව්‍යාපෘතියක් නොවේ. ව්‍යාපෘති, රජයයන් හා ඇමතිවරුන් වෙනස් වුනත්, වෙනස් නොවන සංස්කෘතික අංගයක් එකතු කිරීමයි.

 

Advertisements

10 Comments

Filed under Agriculture, Social

10 responses to “දිවි නැගුම! How did our Russian fishing trip go wrong?

  1. මාලු අහුවෙන්නේ පව්කාරයින්ට වුණාට, ඔය හිටවන ඇට පැලවෙන්න නම් පින් කරලා තියෙන්න ඕනෑ.

    • එතකොට හිටවන ඇටත් පැලවෙන, මාළුත් අල්ලන කෙනෙක් මොනවගේ පින්ද කරලා තියෙන්න පුළුවන් කකා?

  2. Anonymous

    why we always forget Marx

  3. Kenji @ Japan

    කවුරුවත් නිකන් ඇට දෙනකන් ඉන්න උවමනා නැහැ.ඔය කීලෝ 5හෙ 10හේ හිස් හාල් බෑග් 10ට විතර පස් පුරවල ගත්තම ඕන කම තියෙනවනම් යමක් වාවගන්න පුළුවන්.
    >>රජයන් හා ඇමතිවරුන් වෙනස් වුනත් ,වෙනස් නොවෙන සංස්කෘත අංගයක් එකතු කිරීමයි.<<ලංකාවෙ නොවන්නෙත් ඔය ටිකනෙ .ජාතික ප්‍රතිපත්තියක් කියල ඇත්තෙම නැහැනෙ රයිගම.

    • මේ වගේ දෙයකට ජාතික ප්‍රතිපත්ති පමණක් හරියන්නේ නැහැ කෙන්ජි. මිනිසුන් හිතන අයුරු ගැන ආණ්ඩු වලටම බැන බැන ඉඳල හරියන්නේ නැහැ.අනෙක ලංකාවට පමණක් අදාළ කරුනකුත් නොවේ.

  4. මට බ්ලොගර් වද දෙන්න ගත්තනෙ රයිගම්. මාර කට්ටක් කාලා ගොඩ දා ගත්තේ.

    ඔය මාලු බෑම තියෙනවා නේද? මමත් කරලා තියෙනවා. අනේ මචං අල්පෙනෙත්ත නවලා බිලීකොකු හදා ගන්නෙ. ජීවිතේට මාලුවෙක් අහුවෙලා නෑ. මෙහෙදිත් කොල්ලො මට මාලු අල්ලන්න කතා කරාම මම පෙන්නන්නෙ අර උඹ පෙන්නපු උනන්දුවමයි.

    උඹ දන්නවද මෙහෙ කට්ටියගෙ ජීවිතය F අකුරු තුනක්. එකක්, Football අනික Fishng, අනික උඹ හිතාගනිංකො. 😀

    දේශපාලනය අමතක කලොත්, ගෙවතු වගාව මගෙ ප්‍රියතම විනෝදාංශයක්. දවසක මේ අහිගුණ්ටික ජීවිතෙන් මිදිලා ගෙදර ගියාම කරන්න හිතාන ඉන්න එකක් තමයි මේ.

    • උඹට මහ ගිනි විජ්ජුම්බරයක් වෙලා තිබුන වග මා කියෙව්වා. ඕවාට අත දාන්න මචන් මට නම් බැහැ.
      බිලී පිති අරන් මිනිසුන් වතුර ගාවට එනවා දකින කොට මාළුත් හිතනවා ඇත්තේ “ඔන්න මුන් අදත් අපට අර අනිත් F අකුර කරන්න එනවා” කියල වෙන්න පුළුවන්. 😀
      මගේ කලින් සටහන කියෙව්වද උඹ. ඒකෙ චායාරූපයේ තියෙන්නේ, මා එදා කඩපුවා. මා එදා කල්පනා කලේ වඩා ලොකු ඉඩමක් නැති එක ගැන.ඒත් මචන් මිනිසුන්ගේ කරදර අනුව, ඒකත් දුක් වෙන්න තරම් කජ්ජක්ද? අන්තිමට ලියුවේ ඒ ගැනයි. බලමු කවදා හරි උඹත් මාත් දෙන්නම එකම දේ කරන්නත් ඉඩක් ලැබෙන්නත් බැරි කමක් නැහැ.

  5. අපි වවමු රට නගමු අපි කරන්නෙ පොඩි කාළේ ඉඳන්. මම පොස්ට් හිටන් දාලා තියෙනවා ඒ ගැන. හැබයි ඔය ඇට පැකට් දෙනවට වඩා උද්ළු තලයක් දුන්නා නම් ඊට වඩා වටිනවා. අනික ඇටවල වටිනාකමට වඩා ප්‍රචාර්ණයට යන විදම වැඩියි. ඇයි ඒකෙන් කොමිෂන් එනවනේ. ඇට දීලා ඇටයක්වත් හම්බ වෙන්නේ නෑනේ. ඕන් අපේ රටේ සංවර්ධන.

    • මොන තල දුන්නත් වැඩක් නැහැ මාතලන්. මොකද ආයිත් නතර වෙන්නේ පරණ තැනම තමා. එක අතකට මේ වගේ දේවල් රජයේ කටයුතුම විය යුතුත් නැහැ.

      ලෝකේ සමහර මිනිසුන් මාතලන්, අත පය නැතුව ඉපදිලත් මොකක් හෝ වැඩක් කර ජිවත් වෙන්න උත්සහ කරනවා. ඒ තර තවත් සමහර මිනිසුන් කොට්ටාශයක් නිකම් ලැබෙන්නේ මොනවාද, නිකම් ලැබෙන දේ ගන්නේ කොහොමද කියලයි හොයන්නේ. නුවරඑළියේ උදේ හීතලේ ගෝවා කඩන හෝ අනුරාධපුරේ කාෂ්ටක අව්වේ පොලව කොටනගොවියනුත් ඉන්නවා තමයි. නමුත් අර කලින් කියපු කට්ටිය ගෙවත්තේ නිකම් යමක් වගා කරගෙන ඉන්න එක, ඇට අටක් දෙනවා කියුව ගමන් අත් හැර දැම්මා. එවැනි කට්ටිය නිකම් වෙන ඇට දෙනවා කියුවොත්, තමන්ගේ ඇට පවා දිරන්න අරිනවා. මේ මානසික තත්වය රටෙන් පිට ගියත් අපට දකින්න ලැබෙන දෙයක්. මට ආණ්ඩුවෙන් දෙන දෙවල් මිසක්, ඒ දේවල් දෙන්නේ කොහොමද කියන එක ගැන හිතන්නේ නැහැ. ඒ වගේම නිකම් ඉඳලා, කොහොමද ඒ “ආණ්ඩුවෙන් දෙන දේවල්” වැඩිපුර ගන්නේ කියන එක ගැන ගණන් හදන්න නම් “මොලය” හොඳට තියනවා. 😦

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s