අසල්වැසියාගේ දිනය! Neighbour Day!


අද ඕස්ට්‍රේලියාවේ අසල්වාසීන්ගේ දිනයයි (31.03.2013). එය හැම අවුරුද්දෙම  මාර්තු මස අන්තිම ඉරිදා දවසට යෙදෙනවා. ඉරිදා ගෙදර ඉන්න දවසක් වීම  වෙන්න ඕනේ මාසේ දවසක් ස්ථිර කරලා එය නොයොදා  තියෙන්නේ. එය ආරම්භ වීමට ආසන්න හේතුව මෙතනින් බලන්න පුළුවන්. අප කාටත් හොඳ හා නරක අත්දැකීම් තියනවා නම්, ඒ වැඩිපුරම තමන්ගේ අසල්වාසීන් සමගයි. විශේෂයෙන් මහාචාර්ය නලින් කියන අල්පේච්චතා ජිවිත ගත කරන ලංකාවේ ගම්වල ඉන්න අසල්වැසියන් ගැන කතා ඕනේ තරම් ලියන්න පුළුවන්. ඒ සමහරුන් දෙපයින් ඇවිදින තිරිසනුන්ද කියලත් සමහර වෙලාවට හිතෙන තරමට ඒ අත් දැකීම් අප්‍රසන්න වෙන්න ඉඩ තියනවා.

අපටත් දැන් ඉන්නවා තුන් පැත්තකින් අසල වාසින්. ඉන් එකෙකු සමග අපේ ඇයි  හොඳයිය හායි කීම පමණයි. තවකෙක් වැට  ගාවදි කතා කරනවා. ඉඳහිට ඔය වත්තේ වවන තක්කාලි ගෙඩියක් වගේ දෙයක් දෙනවා. හැබැයි, ඔහු හා ඔහුගේ බිරිඳ (සුද්දන්) තමා අප ගෙදර මුලින්ම බලන්න ගිය වෙලාවේ වැට ගාවට ඇවිත් කතා කළේ. අනික් පැත්තේ ඉන්න ජෝඩුව එයිට වඩා අපත් සමග සම්බන්දයි. අප ගෙවල් දෙකට යන්නේ නැති වුනත්, ඒ මනුස්සයා අප ගෙදර නැති වෙලාවට වුනත්, අවට වෙන්නේ මොනවාද කියලා හොයනවා. ඒ වගේම අපේ කුණු බක්කි අරන් තියනවා. ලියුම් අරන් තියනවා.

පොරගේ එක්තරා නීති විරෝධී යයි කිව හැකි ඉදිකිරීමක් තියනවා. මා ඒ ගැන දවසක් පොරට කියුව වෙලාවේ ඔහු බොහොම සංවේදී වුනා. අපට අවශ්‍ය නම්, ඒ ගැන අදාළ තැන වලට කියලා එම ඉදි කිරීම ඉවත් කර ගන්න තිබුනා. නමුත් අප එහෙම කරන්න ගියේ නැහැ. මොකද ඔහුගෙන් අපට කෙරෙන අනික් උදවු හා සමග සසඳන විට, එවැනි දෙයකින් ඔහු හා සදහටම තරහා වීම අපට කිසි ලෙසකින් වත් වාසි දායක වන්නේ නැහැ.

තරහා කාරයෙක් අල්ලපු වැටේ ඉන්න කොට ජිවිතයම මහා අවුලක් හා අප්‍රසන්න දෙයක් වෙනවා. මොකද අප කොතරම් මග හරින්න හැදුවත් අසල් වාසියෙක්ව මුණ ගැහෙන එක නවත්තන්න බැහැ. එහෙම කෙනෙක් අර කලින් කියුවාකාරයෙන් දෙපයින් ඇවිදින තිරිසනෙක් නම් ජීවිතය තවත් අවුල්. විශේෂයෙන් ලංකාවේ වගේ රටක ගෙවල් විකුනලා, වෙන  තැනකින්  ගෙදරක් ගන්න එක ලෙහෙසි නැහැනේ. කොහෙත් එහෙම තමා.

රටවල් වල පැවැත්මටත් මේ අසල්වාසීන්ගේ ක්‍රියාකාරකම් වල බලපෑම අඩුවෙන් තක්සේරු කරන්න බැහැ. විශේෂයෙන් අසල්වැසියා බලපුලුවන් කාරයෙක් නම්, ගනු දෙනු කිරීමේදී ප්‍රවේශම් නුනොත්, නැති ප්‍රශ්න ඇති වෙන්නත්, තියන ප්‍රශ්න වකුරූ වෙන්නත් ඉඩ තියනවා.

සෝවියට් දේශය බිඳී ගිය පසු, රුසියාවට අල්ලපු රටවල් ගෙන යන්න උත්සහ කළේ, අසල්වැසියා වුන රුසියාවට සතුරු, ගව් ගණනක් දුර ඇමෙරිකාවට හා බටහිරට හිතැති පිළිවෙතක්. එයට හේතු වුන එයිතිහාසික හා දේශපාලනික කරුණු ගණනාවක් තිබුනා. මේ රටවල් වල සිදුවුණ සමහර රජයන්ගේ වෙනස්වීම් හැඳින්වුනේ තැඹිලි, රෝස වැනි පාට පාට විප්ලවයන් ලෙස. හැබැයි ඒ බොහොමයක් විප්ලව අද ආගිය අතක් නැහැ. මොකද ඉන්පසු ඒ රටවල් වල සිදු වුනේ කිසිවෙකු නොසිතූ දේවල්. සමහර වෙලාවට ළඟ ඉන්න සතුරා වටිනවා, ගව් ගානක් දුර ඉන්න මිතුරාට වඩා.

Advertisements

12 Comments

Filed under Politics, Social

12 responses to “අසල්වැසියාගේ දිනය! Neighbour Day!

  1. buwa

    ලංකාවට රටක් විදිහට අසල්වාසියො ඉන්නේ එකයි . හොඳ නරක දෙකම විඳ දරාගෙන ඉන්න වෙනවා කැමැත්තෙන් හෝ අකමැත්තෙන්

    • අසල්වැසියන් සමග කෙල ගෙන දියුණු වුන රටක් නම් නැහැ බුවා. මොකද ඒක දෙපැත්තටම අවාසිදායකයි. නරකත් හොඳක් ලෙස පරිවර්තනය කර ගැනීම තමා රජ්‍යතාන්තිරික උපාය මාර්ග කියල කියන්නේ. 🙂

      • buwa

        එකඟයි , ඒත් අපේ දේශප්‍රේමින් හදන්නේම කෙල ගන්නනේ

  2. අද අසල්වැසියන්ගේ දවස නිසා අද ඔවුන්ට පෙම් කලාට කමක් නෑ. 😀

    • ඔව් ප්‍රවීනා අද කාගේත් දවසනේ! අදහස නම් නරකම නැහැ. ඒත් පොඩි චකිතයක් ඇති වෙන්නේ අල්ලපු ගෙදර මනුස්සයාගේ (පිරිමියාගේ) හැඩි දැඩි පපුව දැක්කහම. 😀

  3. ගනුදෙනුව දිල්ලිය සමග නටන්නේ තමිල් නාඩුව… අපි කොයි යන්නේ……රයිගම් පාරේ..

  4. Kalu

    Raigama, the topic is very timely. There are rapid changes in relationships among people here in SL though we are talking about our old good values very highly.

    • Kalu, I am glad that you are still here. I should say that those “old good values” are something like looking for a black cat in a dark room. They say that it is there, but you cannot see, touch or find it.

  5. අද අසල්වැසියාගේ දවස වගේම මෝඩයාගේ දවස. අසල්වැසියාට පේම කළ නොහැකි අපි පට්ට මෝඩයෝ උනාට. අසල්වැසියානම් මෝඩයෙක් නොවේ. අපේ අය සිතා උන්නේ අපේ මෝඩයන් මෙන්, ඔවුනද බොරුවෙන් රැවටිය හැකි බවයි.

    • ඇත්ත මාතලන්, අසල්වැසියා ගොනෙක් ද නොවේ, නිවටයෙක්ද නොවේ. තමන් වටේට ඉන්නේ ගොන් හරක් වුනහම හිතෙන්නේ ලෝකයම ඒ වගෙයි කියලා වෙන්න පුළුවන්. 🙂

      අසල්වැසියාගේ දවස ඊයේ නොවේ පෙරේදා. මා පොඩි පැහැදිලි කිරීමක් දැම්මා. ප්‍රවීනාගේ විහිළු නිසා තව පොඩ්ඩෙන් වැරදි වැටහීමක් එනවා. 😀

  6. ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගැන මට කරන්න හැකි දෙයක් නැති නිසා ඒ ගැන නොකියා ඉන්නම්. හැබැයි මචං මීට දශක කීපෙකට ඉස්සෙල්ලා කවුද විහිලුවට වගේ, “මේ ලංකාවෙ තියෙන තැන හරි නෑ ඕයි. ඉන්දියාව අස්සෙනෙ තියෙන්නෙත්. මේක ඔන්න ඔය පැසි‍ෆික් සාගරේ හරි, අත්ලාන්තික් සාගරේ හරි තිබ්බා නම් දියුණු කොරලා ගන්ඩ තිබුනා,” කියලා කිව්ව කතාව නම් ඔලුවට එන එක නවත්තන්න බෑ.

    >>තරහා කාරයෙක් අල්ලපු වැටේ ඉන්න කොට ජිවිතයම මහා අවුලක් හා අප්‍රසන්න දෙයක් වෙනවා. මොකද අප කොතරම් මග හරින්න හැදුවත් අසල් වාසියෙක්ව මුණ ගැහෙන එක නවත්තන්න බැහැ.<<

    මටත් ඔය කේස් එක තියෙනවනේ. අලුතෙන් ආපු නොගැලපෙන පොරක් ඉන්නවා. මට අපේ ගෙදර ඉඳලා මහ පාරට වාහනේ දානකොට දෙපැත්ත නොපෙනි මාව මොකක හරි හැප්පෙන්න මූ වාහන දෙකක් දෙපැත්තෙන් නවත්තලා තියනවාමයි මම නිවාඩුවට ගිහින් ඉන්නකොට.

    • උඹ නම් කවදා හරි ජිවත් වෙන්න ලංකාවට යාවි. එහෙමත් බලාපොරොත්තු නැති මා ඔය සඳහන කරපු එකත් වැරදියි. අසල්වැසියා හොඳ නැත්නම් ගෙවල් වුනත් මාරු කරන එක පොඩි සෙල්ලමක් නොවන එකේ, රටවල් තැනින් තැනට ගෙන යන එක කරන්නේ කොහොමද බන්? 😀
      උඹ ඔය කියන එවුන් වගේ ජරා යක්කු හැමතැනම ඉන්නවා. එහෙම පරයෙක් අසල්වැසියා වුනොත් අනාථ කේස් තමයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s