නගරාලන්කරණය! City beautification!


පසුගිය දවසක ලංකාවේ විපක්ෂ නායක තුමා කියල තිබුන එක කතාවකට අදාළ වුනේ, අර ප්‍රේමදාස ක්‍රීඩාංගනය අසල නිවැසියන් ඉවත් කිරීමට සැලසුම් කර තිබීමේ කාරණය. මේ නිවැසියන් ඉවත් කරන්න හදන්නේ, ක්‍රීඩාංගනය වෙනුවෙන් රථ ගාලක් ඉදි කරන්න කියා කියැවෙනවා. රනිල් කියා තිබුනේ, ලන්ඩන් ලෝඩ්ස් ක්‍රීඩාංගණය ටත් රථ ගාලක් නොමැති වග, ප්‍රේමදාස ජනාධි පති දවසක් එයාට කියුවා. ඇත්ත නේන්නම්, ලෝඩ්ස් වලටත් වෙනම රථ ගාලක් නොමැති එකේ, මේ ප්‍රේමදාස ක්‍රීඩාංගනයට මොන ගාලවල්ද කියා.

ඕස්ට්‍රේලියාවේ වුනත් සමහර ක්‍රීඩාංගන අවට වාහන ගාල් කරන්න සුදුසු තැනක් නොතිබීම සමහර  වෙලාවට  ප්‍රශ්නයක්. ක්‍රීඩාංගනයකට විතරක් වෙන් වුන රථ ගාලක්, ජනාකීර්ණ නගර මාධ්‍යයක හදන එක නම් කොයි රටේ වුනත් එතරම් මොලය ඇති වැඩක් නොවේ.  මොකද එවැනි රථ ගාලක් හැමදාම භාවිතා වෙන්නේ නැහැ. එවිට අවුරුද්දේ වැඩිපුර දවස්  ගණනක් වසා තියන ගාලක් හදනවාට වඩා, ප්‍රයෝජනවත් දෙයකට එවැනි ඉඩමක් යොදා ගන්න බැරිද? එහෙම රථ ගාලක හැදුවත් එය වෙනත් අවස්ථා වලටත් භාවිතා කල හැකි, ක්‍රීඩාංගනයට ම අයිති එකක් නොවීම වඩාත් සුදුසුයි. හැබැයි ඕනෙම නගරයක් දියුණු කිරීමේදී මුල් තැන දෙන්න ඕනේ, එහි ජිවත් වන වැසියන්ට. මානව සංවර්ධනයකින් තොර නගර සංවර්ධනයක් අවශ්‍ය වන්නේ කාටද?

තවත් දෙයක් තමා ලෝකේ මහා නගර බොහොමයක් සංවර්ධනය වී තියෙන්නේ විශාල කාල පරාසයක් තුල පරිනාමය වෙලා. ඒ නිසාම සමහර ඉදි කිරීම්, මහා මාර්ග වැල යන අතට ගහපු මැස්සවල් මිසක්, කලින් මනාව සැලසුම් කර හදපුවා නොවේ. මේ වගේ කරුණු නිසා අලුත් අවශ්‍යතා වලට ඒවා ගලපා ගැනීම සමහරවිට විශාල ප්‍රශ්නයක්.

කැන්බරා කියන්නේ සම්පුර්ණයෙන් සැලසුම් සහගතව හදපු නගරයක්. ලෝකයේ නගර සැලසුම් ශිල්පීන් අතරින් ඉදිරිපත් කළ සැලසුම් අතරින් සුදුසුම එකක් තෝරාගෙන තමා මෙය නිර්මාණය කර තියෙන්නේ. ඒ විස්තර මා ලියන්නේ නැහැ. ඔබට හොයා ගන්න පුළුවන් නිසා.

කැන්බරා නුවර මධ්‍යයේ තියන මනුකා ක්‍රීඩාංගනයේ, දිවා රාත්‍රී තරඟ  පවත්වන්න පුළුවන් ලෙස ආලෝක කුළුණු සවි කලේ මේ වසරේ මුල. ඉන්පසුව පළමු වරට ජාත්‍යන්තර එක් එක දින ක්‍රිකට් තරඟයක් පැවැත්වුයේ, පසුගිය බටහිර ඉන්දීය කොදෙව්  පිලේ ඕස්ට්‍රේලියානු සංචාරයේ එක එක් දින තරඟයක් මෙහි පැවැත්වීමෙනුයි. මේ තරඟය නරඹන්න පැමිණි බොහෝ දෙනා තමන්ගේ රථ ගාල් කර තිබුනේ, ක්‍රීඩාංගනය අවට අතුරු මාර්ග වල. නෝ පාර්කින් මාර්ග දෙපස මෙහෙම ගාල් කරපු, රථ වලට දඩ ගසා තිබුනා කියා ප්‍රවුර්ති වල මා දැක්කා. ඔන්න සැලසුම් සහගතව හදපු නගරයක තත්වය!

ඒ කෙසේ වෙතත් කැන්බරා නුවර ශතක සංවත්සරය යෙදී තියෙන්නේ මේ වසරේ. පසුගිය දිනෙක කැන්බරා දිනය ලෙස ශතකය සමරන්න උත්සව මාලාවක් තිබුනා. අද සටහන වෙන් කරන්නේ මා විවිධ අවස්ථාවල කැන්බරා නුවරදී ගත් චායාරූප කිහිපයකට.

OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA

OLYMPUS DIGITAL CAMERA OLYMPUS DIGITAL CAMERA

Advertisements

8 Comments

Filed under Social

8 responses to “නගරාලන්කරණය! City beautification!

  1. කොහොමත් රයිගම් විශාලම නගර වල එන ප්‍රශ්න එක්ක හරිම නිරවුල් ,
    සාමදාන, ශාන්ත පරිසරයක් හදන්න බැහැ කොහොම කරත් හැමෝම
    සතුටු වෙන විදිහේ .ඔබ උපුටා දක්වලා තියෙන උදාහරණය කදිමයි…
    එක රැයෙන් ඉඩම් පවරාගෙන හදන්න බැරි කමකුත් නැහැ.නමුත් ප්‍රශ්නේ
    සති කීපයකට වාහන 10,000 / 15,000 ගාල් කරලා ; මාස ගාණක් වහලා
    තියන්න ඉඩක් නැහැ විශාල නගරයක් මැද්දේ..එහෙම කරනවා නම් ඒක අපරාධයක්.

    එක්කෝ එවැනි ක්‍රීඩා පිටි නගර මධ්‍යයෙන් ඉවතට ගෙනියන්න ඕනේ.ඒ වගේ දේකින්
    ඕනේ නම් ක්‍රීඩා පිටිය සඳහාම ඇති තරම් ඉඩ , වාහන ගාල් කිරීමට ඉඩ , හෝටල්
    කීපයක් සඳහා ඉඩ , ප්‍රේක්ෂකයන්ට විවේකාගාර සඳහා ඉඩ , ප්‍රේක්ෂකයන්ට නිදහසේ
    සතුටු සාමිචියක් දැමීමට පුංචි උද්‍යාන කොටසක් වගේ දේවල් ටිකක් උනත් හදන්න
    පුළුවන් …ප්‍රධාන match නොතිබ්බත් ඔහොම තැනක් පාළුවට යන්නේ නැහැ …

    ඔබේ කළා කාමී ඇසත් කදිමයි…. 😀

    මෙන්න මේ අඩවියට මම කියනවට පිවිසෙන්න …නිකමට යන්න …

    • අනික් විදිහ තමා ශේර්මි, දැනට එවැනි ක්‍රීඩා පිටියක් තියනවා නම්, වෙන තැනක සිට තරඟයක් පැවැත්වෙන දිනට නොමිලේ ප්‍රවාහන සේවයක් ලබා දීම. එහෙම කලත් ලාභයි. මුරුංගා අත්තට තුති.
      නගරකයක් අලංකරණය කිරීමේ ප්‍රධානතම මගක් තමා නගර වැසියන්ගේ දුප්පත්කම පිටු දැකීමට වැඩ කිරීම. දුප්පතුන් පිටු දැකීම හා දුප්පත්කම පිටු දැකීම කියන්නේ දෙකක්.

  2. ඝෝඨාභය උන්නොත් නම් ඔබටත් ඔයිට වඩා ලස්සන නගරයක් කොළඹදී බලා ගන්න පුළුවන්.

    • මෙවැනි අග “නගරයක්” නම් ලෝකේ වෙන කොතැනක වත් හදනවා කියල හිතන එකත් බොරුවක් මාතලන්. එයට හේතු ගොඩක් තියනවා. 🙂

  3. අවුරුදු සීයකට කලින් පටන් ගත්ත නිසා තමයි සැලසුම් කරලා හදන්න හැකි වෙලා ඇත්තේ.

    කොළඹ ඉස්කෝලෙ ගිහිල්ලා මුලින්ම නුවර ගියාම මට හිතුනා නුවර මොනතරම් සාමකාමී තැනක්ද කියලා. පස්සෙ රස්සාවට මුලින්ම අම්පාරට ගියාම හිතුන පළවෙනි දේ තමයි කොළඹට සහ නුවරට සාපේක්ෂව, ඒ නගරේ මොන තරම් සැලසුම් සහගතද කියන එක.

    • අවුරුදු සියයකට කලින් හදන්න පටන් ගත්ත හින්දා පමණක් නොවේ මචං, මෙහි නිර්මාණය තෝරාගෙන තියෙන්නේ ලෝකේ නගර නිර්මාණ ශිල්පීන් අතර තරඟයකින් තෝරා ගත් හොඳම එක. එම නිර්මාණය ඉදිරිපත් කරලා තියෙන්නේ චිකාගෝ හි නගර නිර්මාණ ශිල්පියෙක් වන වෝල්ටර් බර්ලි ග්රිෆින් කියන කෙනා. කැන්බරා නගරයමැද හදලා තියන කෘතීම විල (චායාරූප වලින් පෙනෙන) නම් කරලා තියෙන්නේ ඔහුගේ නමින්.
      උඹ ලංකාවේ නගර තුනක් ගැන කියන කතාව මෙහෙට වුනත් ඇත්ත. සිඩ්නි වල ඉඳන් මෙල්බර්න් ගියහම හිතෙන දෙයක් තමා මෙල්බර්න් ටිකක් සැලසුමකට හදපු නගරයක් කියලා. හැබැයි කැන්බරා ඒ දෙකටම වැඩිය පිළිවෙලක් තියන නගරයක්. මෙය නගරයකට වඩා ගමක් කියන්න පුළුවන්. ඒ තරමටම ස්වභාවික ගතිය ඉතිරි කරලා තමයි නිර්මාණය කර තියෙන්නේ. ඉන්නෙත් විශාල ජනගහනයක් නොවේ.
      ඔය කොයික වුනත් මචන්, නගරයක් අලංකාර වන්නේ එහි ජිවත් වන ජනතාව නිසා. ජනතාවට හොඳ ජීවන තත්වයක් තියනවා නම්, එම නගරය අලංකාරයි. දිය ඇලි හෝ මං මාවත් වලින් එම අලංකාරය ගන්න බැහැ. නගරයක් දියුණු හා අලංකාර කිරීමට මුලින්ම කල යුතු දෙය නම්, එහි ජිවත් වන ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීමට අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමයි.

      • ඇත්ත මචං, නමුත්, නුවර වගේ පෞරාණික නගරයක පාරවල් පළල් කරන එක වගේ වැඩක් වුනත් කොච්චර අමාරුද? අනික කොහාට පළල් කරන්නද? ඇත්තෙන්ම ඒක කරන්න බැරි විදියක්නෙ තියෙන්නෙ.

        • නුවර පාලවල් පළල් කරන එක තියා මචන්, කොළඹ රීඩ් මාවත පළල කරන්න වුනත් සුද්ද වවපු මාර ගස් කපනවා නම් එය ගොන් වැඩක් ලෙසයි මා දකින්නේ. නගරයක තද බදය ඉවත් කිරීමට වෙනත් මාර්ග තියනවා. ඒවායින් සමහර දේවල් දැනට කොළඹ ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙනවා. නමුත්, අපේ රටවල් වල තියන මහා මාර්ග තදබදයට එක හේතුවක් තමා ඔලොමොට්ටල රියදුරන් බහුතරයක් සිටීම. මාර්ග වල හා රටේම විනය ඉහල නැංවීම මගින්, මේ තියන සම්පත් හා යටිතල පහසුකම් යටතේම වුනත් මෙයට පහසු ජිවිත ගත කරන්න සියලුම දෙනාට අවස්තාව සැලසෙනවා. තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක කිරීමේ සමාජයක් ස්ථාපිත කර ගැනීම එහි අතවශ්‍ය පියවරක්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s