මහාචාර්ය ගම්ලත්! I wish that you could stay a little longer!


මා කලිනුත් ලියල තියනවා. අපේ පාසල් ගුරුවරුන්ගෙන් සමහර අය ගැන අපට තාමත් මතක, ඔවුනගේ විෂය ඉගැන්වීම් නිසාම නොවේ. සාහිත්‍යය, දේශපාලනය හා සමාජය ගැන ඔවුනට තිබුන පෘතුල දැනුම හා යහපත් ආකල්ප නිසාත්, එවැනි කරුණු ගැන විෂය කරුණු උගන්වන ගමන් අප සමග සාකච්ඡා කළ නිසාත්. මා ලංකාවේ සරසවියක ඉගෙන ගෙන නැති නිසා ඒවායේ ඉන්න ගුරුවරුන් ගැන කියන්න එවැනි අත්දැකීම් නැහැ. හැබැයි මෙවැනි ගුරුවරුන් අප ඉගෙන ගත්  සරසවි වලත් හිටියා. මෑත කාලයේ මෙවැනි එක ආචාර්ය වරයෙක් කෑම වෙලාවට මා සමග කතා බහ කලේ විෂය කරුණු නම් නොවේ.

එවැනි ගුරුවරුන් විතරක් නොවේ, පෘතුල දැනුමක් හා සමාජ දැක්මක් ඇති සාහිත්‍ය කරුවන්, පත්තර කාරයන්, ගුවන් විදුලි නිවේදකයින් වැනි පිරිස් සමාජයක පැවැත්ම යහපත් එකක් හෝ අයහපත් එකක් කිරීමට මහත් බලපෑමක් කරනවා. ලංකාවේ මෙවැනි පිරිස් වලට ගැරහීම හැත්තෑ හතෙන් පසු පටන් ගත් පාලනයේ එක ලක්ෂණයක්. ඒ වගේම ඒ කාලයෙන් පසුව බිහිවුන බොහෝ පිරිස් අතර අර මා කලින් කියපු අන්දමේ ප්‍රවීණත්වයක් ඇති අය ඉන්නවද කියලත් සැකයි.

සමහර මහාචාර්ය වරුන් කතා කරන්නේ කාන්තාවන් අඳින ඇඳුම් ගැන. ඒ අතර කිසි චාරයක් නැති පොත් මුද්‍රණය කරනවා. සමහර මහාචාර්ය වරුන්, පැවිද්දන් ලෙස ඉන්න ගමන්, දන්නේ නැති ගිහි ජීවිතය ගැන විකාර දොඩවනවා. තවත් සමහර මහාචාර්ය වරුන් කියන දේවල් හා අප ජිවත් වන තත්‍ය ලෝකය අතර මහා පරතරයක් තියනවා.

මෙවැනි මිනිසුන් අතර මහාචාර්ය ගම්ලත් මා දකින්නේ, අර මා කලින් කියපු ප්‍රවීනයන් අතර සිටි එක්තරා අසහාය චරිතයක් ලෙස. එතුමා ගැන විවේචනයක් කිරීමට මා උත්සහ නොකරන්නේ ඒ සඳහා මට විශාල හැකියාවක් නොමැති නිසා. නමුත් කළා විවේචනය හෝ දේශපාලනය හෝ සාහිත්‍යය හෝ ගැන යමක් ලියන විට අප වගේ සාමාන්‍ය මිනිසුන්ටත් තේරුම් ගන්න පුළුවන් සුගම විලාශයකිනුත්, යම් අර්ථයක් ඇතුවත් ලියපු කෙනෙක් තමා එතුමා. ඔවුන් වැනි මිනිසුන් මෙලොව හැර යන විට, එහි අඩුව පුරවන්නේ කවුද කියන ප්‍රශ්නය නම් මට තියනවා.

 

Advertisements

8 Comments

Filed under Social

8 responses to “මහාචාර්ය ගම්ලත්! I wish that you could stay a little longer!

  1. Kenji @ Japan

    එතුමාණන්ට නිවන් සුව පතමි….!!!!

  2. Kenji @ Japan

    >>සමහර මහාචාර්ය වරුන් කතා කරන්නෙ කාන්තාවන් අඳින ඇදුම් ගැන.<<එයා ඒක විතරද පෙන්වල දීල තියෙන්නෙ රයිගම.

  3. මටද ඔහු පොරක් නොවේ. නමුත් සිංහල භාෂාවේ කෙල පැමිනියෙක් ලෙසත්, තම මතය වෙනුවෙන් කිසිම ලාභයක් නොලබා නිර්භීතව පෙනි සිටි ශ්‍රේෂ්ඨ මිනිසෙක් ලෙසත් මම ඔහු අගය කරමි.

  4. වියතුන් අතර සිටි පඬි රුවනකි මහැදුරු ගම්ලතුන්. සිංහල බස පමණක් නොව ඉංගිලිසි බසෙහිද එතුමෝ කෙළ පැමිණි විද්වතෙක්. ඔහුගේ දිවියේ අමරණීය සළකුණ සංහිද පොතක් ලෙස එළියට පැමිණි ඉංගිලිසි සිංහල ඩික්ෂනරියයි. එසේම ලාංකිය විචාර කලාවේ නව මං පෙතක් විවර කළ යුග පුරුෂයා ඔහුයි. මා අකමැති වුවත් ට්‍රොස්කිවාදයේ ලාංකිය නියමුවානන්ද ඔහුයි.

    • මහැදුරු ගම්ලතුන් සිංහල හා ඉංග්‍රිසි පමණක් නොව ජර්මන් ඇතුළු භාෂා හයක පමණ නිපුණතාවක් දක්වපු කෙනෙක්. ට්‍රොට්ස්කිවාදියකු වශයෙන් කලක් සිටියත් ඔහු එහි නියමුවා වූයේ නැහැ. කෙසේ වුවත්, ඉහත මාතලන් කියා ඇති අයුරින්ම ලාභාපේක්ෂාවෙන් තොරව තම අරමුණ වෙනුවෙන් කැප වූ, දේශපාලනය නිසා රැකියාව අහිමිකරගෙන අවුරුදු ගණනාවක් දුක් විඳි, ඔහුගේම වචනවලින් කියනවානම් ජාතිවාදයට “දෙපිටින්ම” වෛර කළ ශ්‍රෙෂ්ට හා දුර්ලභ චරිතයක් හිමි වූ පුද්ගලයෙක්.

  5. ඔබ සියලු දෙනාට දැක්වූ අදහස් ගැන ස්තුතියි. වෙන වෙනම ලියන්නේ නැත්තේ අනවශ්‍ය නිසා. කළා කරුවෙකු, ශාස්‌ත්‍රඥයෙකු, ගණිතඥයෙකු, නළුවෙකු හෝ වෙනයම් අයෙකු, කෙනෙකුට හොඳ හෝ නරක වීමට එකිනෙකට වෙනස් හේතු තියෙන්න පුළුවන්. හැබැයි, ඒ බහුතරයකට, කුඩා දුපතක උපන් ගම්ලත් කියන්නේ කලාතුරකින් පහල විය හැකි ශාස්‌ත්‍රඥයෙක් කියා පිලි නොගන්න හේතුවක් නැහැ. ඒ වගේම කෙනෙකුට ඔහු ට්‍රොස්කිවාදියෙක් ද, දෙන්නම් බැටේ විචාරයේ ලංකාවේ නියමුවෙක් ද විය හැකියි. හැබැයි ඒ සියල්ලටම ඉහලින් ඔහු මානව හිතවාදියෙක්. අපේ සගයෙක් කියා තමන්ගේ මල්ලට දාගන්න වලිකන අයට අමතක දෙයක් තමා, ඔහු මාළු පැටවූ තියරිය සහමුලින්ම ප්‍රතික්ෂේප කළාය කියන කාරණය. එනම් ලිඳකට වැටී ඉන්න මිනිසෙක් ගොඩ එන්න දඟලන විට ලිඳේ පස් කන්ඩි කැඩෙන්නත්, මාළු පැටවූ මැරෙන්නත් ඉඩ තියනවා තමයි. හැබැයි, ඕනේ කමින්, ජලය කලතමින්, පස් කන්ඩි කමින්, මාළු පැටවූ මරමින් ලිඳ ඇතුලට වෙලා ජබුන් ගැහීම වෙනම කාරණයක්.

  6. kathandarakaraya

    මට එකම දවසක් මුණ ගැසී තිබෙනවා. මට නං ඔහුගේ දේශපාලන මතයේ අවුලක් තිබුනේ නෑ.

    • මහා මොළකාරයන් බොහෝ දෙනෙකුගේ ගොන් පාර්ට් එකකුත් තියනවනේ සමහර වෙලාවට. ගණිතඥය නලින්ගේ ජාතික චින්තනය වගේ, භාෂා විශාරද සුචරිතගේ ගොන් පාර්ට් එක කම්කරු පන්ති ආඥ්යාදායකත්වය කියා එතරම් මහා මොලයක් නොමැති මට හිතෙන්නේ. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s