Monthly Archives: April 2013

බතල ගෙඩිය ලිපේ, පොල් කෑල්ල අතේ!


මා කලින් සටහන එළවලු කඩයකින් පටන් ගත්තේ අහම්බයකින් නොවේ. බලයන් කාපුවහම මොලය හැදෙනවා කියල මෝඩ ආතල් ගන්න ඇමතිලත් සමහර රටවල ඉන්නවා. හැබැයි ජපානේ ඉන්න කෙන්ජි කියන ආකාරයට, ජපන් ජාතිකයන් වැඩිපුර කන්නේ බල මාළු නම් නොවේ. ඉතින් ජපාන ජාතිකයන්ගේ මොලය නම් හැදෙන්න විදිහක් නැහැ.

හැබැයි ජපාන ජාතිකයන් තමා ලෝකේ වැඩිපුරම කලක් ආයුෂ වළඳන ජනතාව. ආයුෂ වළඳනවා කියන්නේ කාලය කන එක නොවේ. වැඩි කලක් ජිවත් වෙනවා කියන එක. සකේ සමග කෙලවල්ලන් කාපුවහම මෙහෙම දිර්ගායු ලැබෙනවද කියන එක ගැන හරියටම හොයාගෙන නැතත්, ජපාන ජාතිකයන් තමා ලෝකේ වැඩිපුරම සෞක්‍ය සම්පන්න ජිවිත කාලයකටත් හිමිකම් කියන්නේ. ඒ කියන්නේ, වසර 79.3 ක් හොඳ සෞඛ්‍යයෙන් ජිවත් වෙනවා. මෙය ලෝකයේ සාමාන්‍යයට වඩා වසර  10.5 ක් වැඩියි. මොලේ හැදීමට කෙසේ වෙතත් මෙයට වත් බල මාළු ගාව ගන්න පුලුවන්ද?

ටෝකියෝ සරසවියේ නයු ඉකේඩා හා ඇගේ සහායකයන් මෙයට හේතු විය හැකි දේවල් ගැන ඉඟි හොයා ගෙන තියනවා. එකක් තමයි ජපාන ජාතිකයන්ගේ ආහාර වට්ටෝරු සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්නයි (ඕකනේ මන් කියුවේ, නැත්ද විමල් මහත්තයෝ). අනික තමා ජපාන ජනතාව නිතරම සෞඛ්‍ය පරීක්ෂණ වලට පෙනී ඉන්නවා. හැම වසරකම මිලියන තුනක ජනතාවක් “කන්ප්‍රිහෙන්සිව් මෙඩිකල් චෙක් අප්” නැත්නම් the human dry dock කියන එක රැයක් ක්ලිනික් එකක නතර වෙලා කර ගතයුතු සෞඛ්‍ය පරීක්ෂණය කර ගන්නවා.

ඒ විතරක් නොවේ, ලෝකයේ ලෝකයේ ජීවිතකාලය කෙටි කරන ප්‍රධාන සාධකයක් වන අධිරුධිර පීඩනය ජපාන ජාතිකයන්ගේ කරදර කාරී ප්‍රශ්නයක් නොවේ. ඇත්තටම ජපනාගේ රුධිර පීඩනය අඩු වෙමින් තියෙන්නේ. එක හේතුවක් තමා  anti-hypertensive බෙහෙත් ලබා ගැනීමට ඇති හැකියාව සුලභ කිරීම. අනික ලුණු භාවිතා කරන එක අඩු වීම.

හාවර්ඩ් සරසවියේ ලෝක සෞඛ්‍යය පිලිබඳ මහාචාර්ය ජෝෂ් සැලොමන් කියන්නේ ජපනාට පුළුවන් නම් සෞඛ්‍ය සම්පන්න වියපත් දිවියක් ගත කරන්න, ලෝකේ ඉන්න අනික් ජාතිකයන්ටත් පුළුවන් වෙන්න ඕනේ කියා (ළමයා!, ඔය කෙලවල්ලන් පෙත්තකුයි, සකේ වඩියකුයි මෙහෙට ගම්මුකො බලන්න!).

(මෙහි එන තොරතුරු වල මුලාශ්‍රය කලින් සටහනේ සඟරාවම බව සලකන්න. එහිම තිබූ ලෝකයේ ජිවිත කොට කරන ප්‍රධාන හේතු හා දික් කර ගන්න හේතු විය හැකි ආහාර පුරුදු ගැන මීළඟ සටහනෙන්).

21 Comments

Filed under Education, Food, Social