Time Traveler!


මගේ වසර දෙදහස් තිහ නමැති සටහනට, කවදත් වගේ හෙන්රි ප්‍රතිචාරයක් දාල තිබුනා. එයට ප්‍රති-ප්‍රතිචාරයක් දාපු මා ඇහුවේ මචං, කාල යන්ත්‍රයක් හැදුවොත් කොහෙන්ද අප ජීවිතය අරඹන්නේ කියා. එයට හෙන්රි අපූරු ප්‍රති-ප්‍රති-ප්‍රතිචාරයක් දාල තිබුනා. හෙන්රි අහන්නේ ලංකාව ගැන වද වෙනවද, නැත්නම් ඔන්න ඔහේ වෙන කොහේ හරි ඉපදෙනවද කියලා. එහි හරි ගැඹුරු අර්ථයක් තියනවා.

මා රුසියාවේ සරසවියකට ඉගෙන ගන්න නොගොස්, ලංකාවේ හිටියා නම් මොනවා වෙයිද? පේරාදෙනි ගියා නම් මොනවා වෙයිද? ඕස්ට්‍රේලියාවට පදිංචියට  නාවා නම් මොක වෙයිද? ඔය වගේ දහසක් ප්‍රශ්න මට මගෙන්ම අහ ගන්න පුළුවන්. එයින් එතරම් වැඩක් තියනවාද? එහෙම නොවුවා නම්, මෙහෙම වේවිය කියා එක කරුණක් පමණක් අරන් කතා කරන එක අර හෙන්රි ලියපු පිළිතුර වගේ ගැඹුරු දෙයක් නොවේ. හරිම නොගැඹුරු දෙයක්. මොකද එවැනි වෙන්න පුළුවන් දේවල් ලෙස උපකල්පනය කරන්න දහසක් දේවල් හිතන්න පුළුවන්. හැබැයි වඩා වැදගත් වන්නේ මොකක්ද දන්නවද? එය කියන්න මේ උදාහරණය ගන්නම්.

බිරිඳයි මායි  දිනක් ඔය වගේ දේවල් නිකම් කතා කර කර ඉන්න කොට, අප රුසියාවේ ගිය කතන්දරෙත් ආවා. එතැනදී මා හිතන්නේ බිරිඳ කියුවා අප එහෙ නොගියා නම් මොනවගේ වේවිද කියලා. අපේ පොඩි පුතා එතනට පැනලා කියුවේ, එහෙම උනා නම් කොහොමද හොඳ වෙන්නේ, එහෙනම් ඔයාල දෙන්නා මුණ නොගැහෙන්න ඉඩ තිබුනා. එහෙම වුනා නම්  මා ( ඒ කියන්නේ එයා) මේ ලෝකේ නැහැනේ, එය කොහොමද හොඳ දෙයක් වෙන්නේ කියලා.

කුඩා දරුවාගේ කතාව හරි ඇත්ත.  උපාධි නැත්  නම් ඉගෙනීම, රැකියා, විවිධ තැන්වල ජිවත් වීම යන ඔය දේවලුත් වැදගත් තමා. ඒත් අතීතය වෙනස් කරන්න අවස්තාවක් ලැබුනත් එහෙම කරන්න යන්නේ නැත්තේ, අද අපගේ ජීවිතය ගැන කලකිරීමක් හෝ පසුතැවීමක් නොමැති නිසා (ජිවිතයට බාහිරව සිදුවුණ දේවල් දහසක් තියනවා වෙනස් කර ගන්න පුළුවන් වුනා නම් හොඳ ).

රටක වර්තමානය ගත්තත් එහෙම හිතන්න පුළුවන් නම්, ඒ රට ඉන්නා තැන හොඳයි කියන්න පුළුවන්. හැබැයි, හෙන්රි ලංකාවේම ඉපදෙනවද, නැත්නම් ඔන්න ඔහේ වෙන තැනකට යනවද කියලා අහන්නේ මොකද? ලංකාව අද මෙයට වඩා වෙනස් තැනක  ඉන්නට තිබුනා නම්, කියන එකේ නම් ලොකුවට හිතන්න දෙයක් නැහැ. වෙනස්  කරන්න නම් කොයි පොයින්ට් එකකට ද යන්න ඕනේ? නියැන්ඩතාල් යුගයට වෙන කම්ම යමුද? විජයගෙන් ම පටන් ගම්මුද? නැත්නම් රාජ වංශයේ කෙනෙක්ගේ කාලයක් කුසපත් ඇදලා තෝරා ගනිමුද? පරංගි, ලන්දේසි හෝ ඉංගිරිසින් ආපු අවුරුදු වලින් එකක් ගනිමුද? සුද්ද රටින් ගිය අවුරුද්ද ගනිමුද? පනස් හය ගනිමුද? සිරිමා එන අවුරුද්ද ගනිමුද? පප්පා ආපු අවුරුද්ද ගනිමුද? ප්‍රේමදාස හෝ චන්ද්‍රිකා ආපු අවුරුද්ද මුලින් පටන් ගම්මුද? නැත්නම් විමල් ට සිගිරි යන්න බැරිවුන අවුරුද්ද ගනිමුද ? රජතුමාගේ වසර හොඳයිද? ඊයේ ගැන මොකද හිතෙන්නේ?

Advertisements

21 Comments

Filed under Social

21 responses to “Time Traveler!

  1. kathandarakaraya

    මේකට අදාලව මං ලිව්ව කවි පන්තියක් තියෙනවා.
    ඒක බ්ලොග්වල නොදා ඊයකින් එවන්නම්.

    • ඇයි අපි කළුද? ලංකාවේ උන්නට අපි සුදුයි හොඳේ…

      • අන්න හරි කකා, ඔබ කියල තියන දෙයම තමයි මා මෙතනින් කියන්න උත්සහ කලේ. අප කොයි කාලේ හෝ එකට ඉගෙන ගෙන තියනවද? 🙂
        නැහැ මාතලන් එතන සුදු කළු කියා බේදයක් නැහැ.

  2. දෙදහස් තිහ කියන සටහන හොයන්න පොඩ්ඩක් උත්සාහ කලත් හරි ගියේ නෑ. ඔබේ බ්ලොග් එකේ සර්ච් කරන්න පහසුකමක් නැති බව පෙණුනා.

    මේක කියවද්දි මතක් වුණේ අවසාන shrek චිත්‍රපටිය. (Shrek forever after) එ‍්කෙ විධියට තමන්ගෙ සාමාන්‍ය ජීවිතේ එපා වෙන ශ්‍රෙක් මන්තරකාරයෙක් මාර්ගයෙන් සාමාන්‍ය ජීවිතයෙන් වෙනස් විධියෙ දවසක් ලබාගන්නවා ජීවත් වෙන්න. දවස අවසානයේ ඔහුට තේරෙන්නෙ තමන්ට තිබුණ ජීවිතේ කොයි කරම් වටිනවද කියල.

    ඒ තරම් එහාට යන්න ඕනත් නෑ.

    අර ලස්සනම මල හොයන්න ලෝකෙ වටේ ගිය මනුස්සයගෙ කතාව හොඳටම ඇති.

    • ඔන්න හොරේ අහුවුනා. ඔබ සම්භාව්‍ය චිත්‍රපට කියලා බලන්නේ ඕවා එහෙනම්. මාත් ඕක බැලුවා. 😀
      මෙහෙමනේ හරේ, මතකද පොඩි කාලේ රචනා ලියනවා, මට රුපියල් ලක්ෂයක් ලැබුනොත් කියලා. මෙතනින් බලාපොරොත්තු වන්නේ ළමයාගේ නිර්මානාත්මක බව දියුණු කිරීම. ඒ ලියවෙන දේ අනුව තමා ලකුණු දෙන්නේ. හැබැයි ගුරුවරයාට තේරෙන්නේ නැත්නම් ඒ වගේ මාතෘකාවකින් බලාපොරොත්තු වන්නේ මොකක්ද කියලා වැඩේ ජලා හුටා.
      අපේ තීරණ වල අයිතිකාරකමත් අප ගන්න ඕනේ වගේම, ඒ තීරණ වලින් සතුටු වෙන්න පුළුවන් නම් ජීවිතය සාර්ථකයි. හැබැයි අනුන් තමන් වෙනුවෙන් තීරණ ගන්න කොට මොකද කරන්නේ කියන එකට පිළිතුරු මට නැහැ.

  3. අනේ බං උඹල වගේ දැන උගත්තු සේරම රටින් පිට වෙලා යන කොට රටකට මොන සෙතක් වෙයිද. කවදාක රට හදන්න හැකිවෙයිද. මේ සියල්ල එකතු කරගන්න දවසක් ආවොතින් එදා තමා දවස.

    • එහෙමනම් නලින් මහත්තයෝ කරකවන්නකෝ අර අප ලංකාවෙන් ආපු අවුරුද්දට!

  4. මම නම් කෙලින්ම තෝරගන්නේ සීගිරි යුගේ. අඩු ගානේ බිත්තියක සිතුවමක් වෙලා, හැමෝගෙම ආදරය ලබමින්, සදාකාලිකව ජීවත් වෙන්ට තිබුනා. 😀

  5. මම නම් යන්නේ 1948 පෙබරවාරි 3 වෙනිදට. දේශපලුවෝ ලොක්කගේ කකුල් ඩෙක අල්ලලා වඳිනවා වගේ. සුද්දගේ කකුල් දෙක අල්ලලා වැඳලා කියනවා. අනේ අපි දාලා යන්න එපෝ කියලා.

    • ඔබ මනේ කියන්නේ දෙකට නැවෙන්නේ බලාගෙනයි කියලා. තව සුද්දෙක් පිටි පස්සෙන් හිටියොත් මොකද වෙන්නේ. 😀

      ඇත්තම කියනවා නම්, මා ඉස්සර ඔබගේ බ්ලොගය බලන්නේ නැහැ. හේතුව ලියන්නේ නැහැ. ඒත් දැන් බලනවා. එකඟ වෙන්න පුළුවන් හෝ බැරි වුනත් අපට රණ්ඩු නොකර කතා කරන්න පුළුවන් කියලා මා තේරුම් ගත්තේ ලඟදි සිට ඔබ දමන මේ කොමෙන්ටු නිසා. එත්, පිට රටක ඉඳන් මා ලංකාව හදන්න ඔබලාට උපදෙස් දෙන්න නම් ට්‍රයි කරන්නේ නැහැ. අර කුමාර මහත්තයලා මෙහෙ ඉඳන් කම්කරු පන්ති ආඥ්යාදායකත්වය වෙනුවෙන් ක්‍රියා කරනවා වගේ.

      • නැවුනොත් නේ ඒ අප්සට් එක. අනික ඉතින් රොක් හඩ්සන් වගේ සුද්දෙක් වෙන්න ඕනී. මේ වඳින්නේ පසඟ පිහිටුවලා….

        • ඉස්සර යටත් විජිත රටවල් වල සේවය කල සුදු සිවිල් සේවකයන්, දැන් මැක්ඩොනල්ඩ්/කේ එෆ් සී කාල බඩ හදා ගත්තු සුද්දෝ වගේ නොවේ, හීන්දෑරී මිනිසුන්. ඒ කියන්නේ හොඳ ප්ලෙක්සිබිලිටි එකක් තියන එවුන්. මතකනේ අර හිටපු අග්‍රවිනිශ්චය කාර තුමා රථයකත් වැඩ දමල අහුවුනේ. අන්න ඒ වගේ පොරවල්. පසඟ පිහිටුවල වැන්දත් පරිස්සමින් මාතලන්.

  6. ඔය What if… කියන දේ මමත් නිතර හිතන දෙයක් තමයි රයිගම්. ඉස්සර පත්තරේක තිබ්බා ‘අනේ ඌ නොහිටියානම්’ කියලා කොලම් එකක්. ඒකෙන් ඇත්තටම කියවෙන්නෙ ඒ ඒ සතාගේ ඇත්තම ප්‍රයෝජනය. ඌ නොහිටියානම් කියලා හිතුවාම ප්‍රයෝජන ගැන අවබෝධකරගන්න ලේසියි.

    එතකොට ආපහු අතීතයට ගිහින් ආයෙම පටන් ගන්න පුලුවන්නම් වෙනස් කරන දේවල් කීපයකුත් තියෙනවා. වරක් දුවව නුවර ඉස්කෝලෙකට දාන්න ඕනෙ නිසා අම්පාර දිස්ත්‍රික්කයේ ඉඳලා බදුල්ල දිස්ත්‍රික්කය හරහා මහනුවර දිස්ත්‍රික්කයට දීපා වැඩට ගියා දවස ගානේ. නමුත් අන්තිමට දුවව දැම්මේ කොලඹ පෞද්ගලික බාලිකා විද්‍යාලයකට.

    එතකොට අපිට හොඳ තුවක්කු සහ නැව් තිබ්බානම් පහළොස්වන දාසයවන ශතවර්ෂවල, අද යුරෝපෙ කට්ටිය සිංහල කතාකරනවා නේද කියලා මට අනන්ත හිතිලා තියෙනවා. එතකොටවත් අපි මේ හැමදාම ඉන්න receiving end එකේ ඉඳලා delivering end එකට යන්න තිබ්බා. oppressed නොවී oppressor වෙන්න තිබ්බා. අපි කවුරුවත් වගේ වෙන්න උත්සාහ නොකර, අනිත් උන් අපි වාගේ වෙන්න කරන උත්සාහය කට කොණකට නගාගත් සමච්චල් හිනාවක් එක්ක බලා ඉන්න තිබ්බා.

    I’m somewhat tired of being the oppressed all the time.

    ඇයි මචං මේක සර්ච් බොක්ස් එකක් නොදාන්නේ? එහෙම නැතිනම් දැනට අර කියපු පෝස්ට් එකට ලින්ක් එකක් දැම්මා නම් ඒත් හරි.

    • ඕක ගියේ රිවිරැසේ ද කොහෙද.
      මචන් අපිට තුවක්කු හා නැව් තිබිලා යුරෝපේ අල්ල ගත්ත නම් ඉඳලා ඉවරයි. එතකොට උඹ කියන්නේ දෙකක් දා ගත්තු වෙලාවට පැල් කවි කියන්න කියලද?
      ඔන්න අර දෙකම කළා!
      අර දීපා වටරවුමෙන් වැඩට ගිහින්, දුවව කොළඹ පෞද්ගලික පාසලකට දැම්මා කියන කතාවේ වෙන ගන්න දෙයකුත් තියනවා හෙන්රි.

  7. එහෙම ආපස්සට හරවලා ශේප් කරලා ගත්තත් රයිගම්
    ආයෙම ටිකකින් ආපස්සට ගන්න වෙනවනේ…:D

    මේ යන විදිහ හොඳයි වගේ…මාත් ඔය දේවල් මගේ ජීවිතේ
    ගැනම හිතල තියෙනවා…එහෙනම් පැහැදිළිවම තෝරා ගන්නේ
    6 වසරේදී මා —ය විද්‍යාලයට ඇතුළත් වූ මොහොත..

    8 වසරේදී පියා සමග ලංකාවෙන් ඉවත් වීමට ගත් තීරණය

    O / L කරන වයසේදී ඇති වූ ප්‍රේම සම්බන්දය

    ඒ කාළෙම උන තවත් යොමු වීමක්

    ඔන්න ඔය ටිකෙන් එකක් හරි එහෙ මෙහෙ උනානම් අද මම
    මනුස්සයෙක් අප්පා …. 😦

    • තැවෙන්න එපා ශේර්මි. විශාල පිරිසක් අනුන්ගේ තීරණ නිසා ජීවිතයත් අහිමි කර ගත්ත හා ඒ ජිවිත අහිමි වීම නිසා තවත් ජිවත්ව ඉන්න විශාල පිරිසකගේ ජිවිත සම්පුර්ණයෙන් කඩා වැටුණු රටක, ඔබගේ තීරණ නිසා වෙලා තියන ඕනෙම දෙයක් නොසලකා හරින්න හැකි බවයි, ඒ කරුණු මොනවාද කියා නොදන්නවා වුනත් මට හිතෙන්නේ.

      • බොහොම හිත සැහැල්ලු වෙන පිළිතුරක් ඔබෙන්
        ලැබී ඇත්තේ රයිගම්…මහා හර බර ජීවිතාවබෝදය
        කැටි උන ප්‍රලාපයකට වඩා ඔබේ ඔය සරළ වචන
        ටික සැහැල්ලුවක් …

        මට නන්දා මාලිනීගේ
        ” ලොවම එපා වී ” කියන ගීතය මතක් උනා …

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s