If religion doesn’t make you a better person, you’re doing it wrong!


අප රට රාජ්‍ය වල තියන ප්‍රශ්න ගැන සමහර වෙලාවට ලියනවා. නමුත් මිනිසුන් තනි තනි ලෙස ගත්තම තියන ප්‍රශ්න එකකට එකක් වෙනස් වගේම, එකකට එකක් දෙවෙනිත් නැහැ. අඩුම ගානේ තමන්ගේ ජීවිතය ගැන තෘප්තිමත්ව හිතන කී දෙනෙක් අපගේ සමාජයේ ඉන්නවද? උදේ නැගිට්ට වෙලාවේ පටන් එදා දවස ගැන ආසාවකින් නොහිතන විශාල පිරිසක් අප අතරේ ඉන්නවා. එහෙම කතාවක් ඇහුනාම, තමන්ගේ ජීවිතය ගැන දෙපාරක් හිතන්න අවකාශය ලැබෙනවා.

මේ අවුරුද්දේ ජනවාරි මස ලංකාවේ පුවත්පතක මා දැක්කා, අර මහාචාර්ය හාමුදුරු නමක් කියා තිබුනා කසාද “අසාර්ථක” වීමට ප්‍රධාන හේතුව බටහිර ක්‍රමයට බැඳීම නිසා කියා. බෞද්ධ ක්‍රමයට බැන්දොත් ඔය මොනවත් ප්‍රශ්න නැහැ කියා. මේ කියන බෞද්ධ ක්‍රමය මොකක්ද කියා මා හරියටම දන්නේ නැති නිසා ඒ ගැන යමක් ලියන්න අමාරුයි. හැබැයි බටහිර හැදිලා වැඩිලා, අධ්‍යාපනය ලබලා, බටහිර ක්‍රමයට කසාද බැඳපු අර “සාර්ථකයි” කියන පවුල් ඕනේ තරම් ලෝකේ ඉන්නවා. ඒ වගේම එහෙම කසාද බඳින්න කවුරුවත් හොයා ගන්න බැරි උන බොහෝ දෙනාත් ඉන්නවා, බැඳලා අසාර්ථකයි කියා, වැටහිලා දික්කසාද වෙච්ච අයත් ඉන්නවා, ඒ වගේම අසාර්ථක උනත් වෙනත් කරුණු නිසා කසාදෙ පවත්වාගෙන යන අයත් ඉන්නවා. ගෘහ ජීවිතය ගැන ආගමික අනගාරික ජිවිතයකට කැප වෙච්ච කෙනෙකුන් උපදෙස් ගන්න යන එකම එක්තරා විදිහක මෝඩ කමක්.

මේ සතියේ ඒබීසී රුපවාහිනියේ (Australian Broadcasting Cooperation)  කිව් ඇන්ඩ් ඒ (Q&A) වැඩසටහනේ මාතෘකාව වුනේ Faith & Love. එයට බෞද්ධ භික්ෂුණියක්, කතෝලික ආච්බිෂොප් වරයෙක්, ඉස්ලාම් ඉමාම් වරයෙක්, අදේවවාදී යුදෙව් ආගම අදහන්නෙක් හා ආගම් නොඅදහන්නෙක් සහභාගී වුනා. වෙනස් මතවාද තියන පිරිසක් සංවාදයක යෙදෙන හැටි  කදිමට පෙන්වා දුන් වැඩ සටහනක් තමා එය.

මා නම් ආගම් ගැන දක්වන්නේ ඇල් මැරුණු පිළිවෙතක්. ඒ වුනත් ආගම් අදහන්නන් ගැන වයිරයක් නම් මගේ නැහැ.   හැබැයි ආගම් අදහනවා යයි කියන බොහෝ දෙනා, ඒ ආගම් වලින් කියවෙන දේට හාත්පසින් ම පටහැනි දේවල් තමා ගොඩක් වෙලාවට කරන්නේ. අනුන්ගේ ආගම් වලම වැරදි දකින සමහරුන් අමතක කරන දෙයක් තමා, තමන්ගේ ආගමෙන්ම උගන්වන්න උත්සහ කරන්නේ අනුන්ගේ වැරදි දකින එකට වඩා, තමන්ගේ වැරදි හදා ගන්නය කියන එක කියා.

මා කලින් කියපු වැඩ සටහන බලන්න උත්සහ කරනවා නම් හොඳයි. ඒ අය ගෙන් එක අයෙකු වත්, මා ආගමක ඇදහිය යුත්තේ ඇයි කියන එකට නිශ්චිත පිළිතුරක් දෙන්න හෝ මාව ආගමක් අදහන්න “කන්වින්ස්” කළේ නැහැ. හැබැයි ඕස්ට්‍රේලියානු ප්‍රමිතීන්ට අනුව වුනත්, ඔවුන් එකිනෙකාට බාධා නොකර සංවාදය ගෙන ගියා. දේශපාලකයන් සහභාගි වන වෙනදා එකම කාල ගෝට්ටියයි.

ඒ වගේම සමහරවිට කල්පනාවට ගන්න පුළුවන් අදහස් ටිකකුත් එතැනදී කියවුනා. මේ වගේ බෞද්ධ භික්ෂුණියක් ලංකාව වගේ රටක අදහස් දක්වන්න ගියොත්  නම්, රටිනුත් පිටුවහල් කරන්න ඉඩ තියනවා.  ඒ වගේම ඉමාම් වරයා, අප නිතරම දකින අන්තවාදී ඉස්ලාම් ධර්ම ප්‍රචාරකයන්ට වඩා වෙනස්ව අදහස් ප්‍රකාශ කළා. එක අසන්නෙක් ට්වීට් පණිවුඩයක් දීල කියුවේ The Muslim bloke is more believable than the Christian bloke, but I am a Christian  කියලා. මා මාතෘකාවට ගත්තෙත් එවැනි අසන්නේකුගේ ට්වීට් පණිවුඩයක්. එයින් ගොඩක් දේ කියවෙනවා.

මෙතනදීත්, මා මුලින්ම කියන්න පටන් ගත්තු කසාදය ගැනත් ඇදිලා ආවා. මේ ආගමික නායකයන් කොතරම් ප්‍රගතිශීලි කියල පෙන්නන්න උත්සහ කලත්, අන්තිමට නතර වන්නේ ඔවුනගේ යටි හිතේ ඉන්නා “ප්‍රතිගාමියා” ගාවම තමා. දරුවන්ව අපයෝජනය කරපු එක මෙල්බර්න් නුවර දේවගැති වරයෙක්, තවකෙකුට කියලා තිබුනේ “දෙවියන් වහන්සේ අපව මවලා තියෙන්නේ මේ විදිහට නම්, මොකද කරන්නේ” කියා. ඒ කියන්නේ දරුවන් ලිංගික අපයෝජනයට ලක් කිරීමත් දෙවියන්ගේ කැමැත්ත. හැබැයි, ඔවුනට අනවශ්‍ය  තැනදී, සමලිංගික පිරිස් වලට එක් වීමට  තිබිය යුතු අයිතියත්, කාන්තාවන්ගේ තෝරා ගැනීමේ අයිතියත් ප්‍රතික්ෂේප කරනවා.

මේ වැඩ සටහනේදීත්, ජිවන විලාසිතාව තමන්ගේ තෝරා ගැනීමක් ලෙසත්, ලිංගික  ආකර්ෂණය එසේ නොවන බවත් කියන්නට ගියත් අර බිෂොප් වරයා අන්තිමට කියපු දෙයකුත් නැහැ. මොකද ලිංගික ආකර්ෂණය තමන්ගේ තෝරා ගැනීමක් නොවනවා නම්, එය දෙවියන්ගේ කැමැත්ත විය යුතුයි. හැබැයි එහෙමත් නැහැ.

විවාහය කියන්නේ ආගමික සංස්ථාවක් ද නැත්නම් සිවිල් දෙයක්ද? තමන් අදහන ආගමට හරිය කියලා හිතන දෙයක් අනෙක් මුළු සමාජය මතම පටවන එක හරිද? පරිනාමය හා එකඟ වෙන්න පුළුවන් කියා කියුවත්,  බයිබලය, කුරානය හෝ ත්‍රිපිටකය කියවිය යුත්තේ, අලුත් තත්ත්ව වලට ගලපාගෙනය කියලා කියුවත් අර වගේ සරල ප්‍රශ්නයකට උත්තරයක් දෙනවා වෙනුවට මෙයාල වැල් වටාරම් ගොඩක් කියල නිකම් ඉන්නවා.

විවාහය නීතිගත කිරීම ආගමක් හා පටලවා ගන්න අවශ්‍ය නැහැ. ලංකාව වැනි රටක සමලිංගික විවාහ තියා, එකට ජිවත් වීම ගැන කතා කරන්න පවා තවම කල් මදි.  නමුත් ජනතාව, එක ආගමක්  අදහන පිරිසකට, නියැන්ඩතාල් යුගයට අයත් යයි කිවහැකි නීතියක් වන බහු භාර්යා විවාහ කරගන්නට ඉඩදීම එතරම් තකන්නේ නැහැ. ගාමිණි ෆොන්සේකා වැනි පිරිස් පවා මේ නීතියෙන් “ප්‍රයෝජන් ” ගන්න කොට ජනතාව ඔහුව පිළිකුල් කලේ නැහැ.  ඒත් සමලිංගික යයි ප්‍රසිද්ද, සිවිල් බලයක් තියන පිරිස් පවා, තමන්ගේ ලිංගික ආකර්ෂණය ගැන ප්‍රසිද්දියේ කතා නොකරන්නේ, එයින් මුළු සිවිල් ජිවිතයම අනතුරේ වැටෙන්න පුළුවන් නිසාය කියා මා හිතනවා.

කලින් ලියන ලද්දක්  අප ඉන්නේ ලෝක දෙකක හාමුදුරුවනේ !

Advertisements

8 Comments

Filed under Social

8 responses to “If religion doesn’t make you a better person, you’re doing it wrong!

  1. ආගම තියෙන්නේ ජීවිතය යහපත් කරගන්ට මිස, වෙනත් දෙයකට නෙමේ. ආගමකට අනුව ‘බැඳීම’ කරන්නේ කොහොමද? පෝරුව ලඟට ඇවිත් අත පැන් වත් කරලා, ඇඟිලි බැඳීමෙන්ද? හාමුදුරුවරු තව දුරක් යන්ට හදන හැඩයි. 🙂

    දැන් කට්ටිය කියන්ට එපා අහවල් ආගමේ එහෙම කරනවා නම් ඇයි අපිට බැරි කියලා. බුදු දහම අනුව හාමුදුර්වරු ජීවත් විය යුත්තේ ගිහිගෙවල්වලින් ඈත්ව. ඒක හන්දයි මම එහෙම කීවේ.

    • හැබැයි ප්‍රවීනා මා මේ කියන්නේ මහාචාර්ය යතිවරයෙක් කියපු කතාවක්. දැන් කරලියේ ඉන්න ඥාණ අසාරලා නම් නොවේ. ඔවුන් සම්බන්ද ප්‍රවුර්ති බලන්න වත් මා වෙහෙසෙන්නේ නැහැ.
      එවැනි අය බිහි වෙලා තියෙන්නේ සාමාන්‍ය බුද්ධිය, තර්ක ඥාණය නොමැති පිරිස් වැඩිපුර වසන සමාජයක තියන රික්තය පුරවන්නයි. මිට වසර තිස් පහකට එහා තිබුණු හත් අවුරුදු සාපයක් ගැන කතා කරන මිනිසුන් වුවත්, ඒ සාප කාලයට පසුව බිහි කළ තිස් පස් අවුරුදු සාපය ගැන නම් කියන්නේ නැහැ. රටක කලාතුරකින් පහල වන සාහිත්‍යධරයෙකු, නාට්‍යවේදියෙකු පමණක් නොවේ, ඒ සියල්ලටම ඉහලින් බුද්ධිමතෙකු වන මහාචාර්ය සරත්චන්ද්‍රට, ගොන් හරක් ලවා පහර දීලා ආරම්භ කරන ලද ජඩ පාලන ක්‍රමයේ නිර්මාතෘ බලාපොරොත්තු වුනේ මෙවැනි ඥාණ අසාර පරපුරක් බිහි කරන්න තමයි. එදා කුඩා දරුවන් වුන ඒ පිරිස් ඒ සමාජ හා ආර්ථික ක්‍රමය යටතේ මහ මිනිසුන් වී අද ජාතියේ පෙර ගමන් කරුවන් බවට පත් වෙලා ඉන්න, පරිසරයක අප කියනවා සිරිමා තවමත් සිටියා නම් බ්ලොග් ලියන්න වත් බැරිවෙයි කියා. සිරිමාගේ ක්‍රමය සාර්ථක හෝ අසාර්ථක වුවත්, වසර දෙකකින් චන්දය කල් දැමුවත්, ජනතාවට රජයක් තෝරා ගැනීමේ අවස්තාව දුන්නා. මේ කතා කරන්නේ වසර තිහක් හතළිහක් රට පාලනය කළ ඒකාධිපති පාලකයෙක් ගැන නොවේ.
      ඒ කතා පැත්තක තියමු. කොහොමටත් ප්‍රවීනා කොයි ආගමේත් යතිවරුන් හා වරියන් ඉන්නේ සමාජය සමග බද්ධ වෙලා නොවේ. ඒ අයගේ දිවිය වෙනස්. ගොඩක් වෙලාවට ඔවුන් යතිවරුන් වී තියෙන්නේ තමන්ගේ තෝරා ගැනීමක් නිසා නොවේ. ගොඩක් දෙනා වෙනත් ජිවන කුසලතාවයක් ලබාගෙන නොමැති නිසා පහසු රැකියාවක් තමා කරන්නේ. ඔවුන් පවුල් ජීවිත තියා, සාමාන්‍ය මිනිසෙකුගේ ජිවන පොරය ගැනවත් මෙලෝ සංසාරයක් තියන පිරිසක් නොවේ. ලෝකේ කොහෙත්, මොන ආගමේත් මූලික කතන්දරේ ඕකයි.

      හරිනම් යතිවරයෙකු විය යුත්තේ අනුන්ගේ ජිවිත ගොඩ දැමීමට පෙර තමන්ගේ ජීවිතය ගොඩ දා ගන්න ටයි. මොකද මේ ලෞඛික ජිවිතයේ සාරයක් නොදැකපු නිසා තමයි සිද්ධාර්ථ හා ජේසුස් පවා වෙන මාර්ග හොයන්න ගත්තේ. දැන් ඉන්න පිරිස් එහෙම නොවේ. ඔවුන් සියලු සම්පත් හැරදමා ගිය සිද්ධාර්ථගේ හෝ අනෙක් පිරිස් වෙනුවෙන් ඉතාම වේදනා බර කුරිරු මරණයකට මුහුණ දුන්න ජේසුස්ගේ ගෝලයන් නම් නොවේ. මොවුන්ගෙන් වැඩි පිරිසක් මහා මාලිගා වල වෙසෙමින්, කුඩා දරුවන් අපයෝජනය කරමින්, නිකන් ලැබෙන යසිසුරු හා අනෙක් කම්සැප විඳිමින් ජිවත් වන කුහක මනුෂ්‍ය කොට්ටාශයක්. එසේ නොවන ඇත්තටම ගෘහ ජිවිතයේ සැප නොදැකපු නිසා අනගාරික ආගමික ජිවිතයක් ගත කරන පිරිස් හොයා ගන්න හරි අපහසුයි.

      එවැනි පිරිසකගේ ගිහි අනුගාමිකයන් ගෙන් වැඩි පිරිසක්ද එවැනි තමන්ව රවටා ගන්නා කොට්ටාශයක්. රාජ්‍ය පාලනය හා ආගම් ගෑවුනොත් තත්ත්වය තවත් නරක අතට යනවා. රටේ නීති සකස් විය යුත්තේ ලෞඛික මිනිසාගේ යහ පැවැත්මටයි. නොදන්නා පරලොව පැවැත්මකට නීති හැදීමෙන් එලොවත් මෙලොවත් දෙකම නැති වෙනවා. දැන් අපේ ගම් පළාතේ එක නගර සභාවක මස් කඩය හාමුදුරුවරුන් මැදිහත් වීමෙන්, දායකයෙක් බද්දට අරන් වහලා දාන්න යන වග පත්තරේ තිබුනා. මේකට ජනතා නියෝජිතයනුත් සහයෝගය දෙනවලු. මා ලංකාවට ගියත් මේවා හදන්න පුලුවන්ද? එවැනි හරක් නියෝජිතයන් වෙනස් කරන්න එක චන්දයකට හැකිද? මා හැම වේලටම මස් හෝ මාළු කනවා (උදේ හැර). හරක් මස්ද, කුකුල් මස්ද, බැටළු මස්ද, ඌරු මස්ද නැත්නම් මාළුන්ගේ මස්ද කියා විශාල ප්‍රශ්නයක් මට නොමැති වුවත් මගේ අතේ තියන මුදලේ හැටියට කඩයක මේවා ගන්න තිබීම මා බලාපොරොත්තු වන දෙයක්. ඕස්ට්‍රේලියාවේ වුනත් නගර සභාවක් එහෙම කඩයක් බද්දට දෙන්නේ ඒ වෙළඳාම නොකඩවා පවත්වාගෙන යන්න හැකියාවක් හා වුවමනාවක් තියන අයෙකුටයි. ටෙන්ඩරයක් දෙන්නේ ඒ ටෙන්ඩරය මගින් බලාපොරොත්තුවන දේ කරවා ගන්නයි. මස් කඩයක් හෝ එළවලු කඩයක් නගර සභාවක් බද්දට දෙන්නේ ආදායමක් ගන්න විතරක් නොවේ, ඒ සේවය නොකඩවා ජනතාවට සපයන එක තහවුරු කරන්නයි. දැන් මේ අයියලා කරන්නේ මොකක්ද?

      ඉතින් ප්‍රවීනා කසාද බඳින හෝ දරුවන් හදන එක ගැන ඔබ උපදෙස් ගන්න මෙවැනි පිරිස් ලඟට යනවා නම් වරද කාගේද?

  2. Kalu

    Raigama, thanks for touching very sensitive area again. The number of people with upset mood early in the morning is increasing as I see. I don’t know the situation in Australia.

  3. Kenji @ Japan

    අද වෙද්දී බක පණ්ඩිත හාමුදුරුවරු ලොකු ප්‍රචාරයක් ගෙනියනවා බුදු දහම අදහන අයගේ විවාහය පන්සලේ ආගමාන කටයුතු වලට මුල් තැන දීල පන්සල් භූමියේදී කල යුතුයි කියල.
    තව ත්‍රාඩ කහ සිවුරක් පොරව ගත්ත පොරක් කියනව බුද්ධාගම් කාරයො ගෑනු 5ක් බදින්න ඕන,ළමයි 5ක් 6ක් හදන්න ඕන කියල.
    රටේ ජනතාවට බලපාන ප්‍රධාන සිදුවීම් වලදී නිද්‍රාශීලිව ඉන්න මේ වහන්සේලාට බුදුන් දෙසු දහම ඉස්සරහට දාන්නෙ ස්ත්‍රිය/පුරුෂය එකට බුදිය ගන්න එක.
    මේ ගණින්නාන්සේලා ලග එක පින්තුරයක් තියෙනවද කොටි සාමාන්‍ය ජනතාවට කෙලපු හැටි ගැන ලෝකයාට පෙන්වන්න.

    • ඥාණ අසාරලා ගැන නම් මා කියවන්න වෙහෙසෙන්නෙත් නැහැ කෙන්ජි. මේ ඔවුන් ගැන නොවේ. ආගම් වල ඉන්න “සැබෑ” යති වරුන්ගේ සනාතනික කාල්පනික පටු භාවයන් ගැනයි.

  4. උඹට තේරිලා නෑ වගේ වැඩේ. මචං.

    ඔය රිලිජන් එකේ කස්ටමයිස් කියන බොක්ස් එක ටික් කරලා තියෙන්නෙ සමහරු.

    උඹට තේරිලා නෑ වගේ වැඩේ. මචං ඔය රිලිජන් එකේ කස්ටමයිස් කියන බොක්ස් එක ටික් කරලා තියෙන්නෙ සමහරු. 🙂

    • එතකොට මචං දන්නේ නැති හින්දයි අහන්නේ. දැන් ඔය “පොදු යහපත” නැත්නම් සිංහලෙන් කොමන් ගුඩ් කියන එකත් එහෙම කස්ටමයිස් කරන්න පිළිවන්ද? 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s