වැසි දිනයක්! Not a school essay!


ඔබට මතක ඇති පාසලේ පොඩි පන්ති වල චිත්‍ර වලට හා සිංහල පාඩමේ රචනා වලට දෙන මාතෘකාවක් තමා වැසි දිනයක් කියන එක. මා ලියන්න යන්නේ එවැනි එක පාසල් දිනයක් ගැන. මෙය වර්තමාන කතා වලට සම්බන්ධයක් නොමැති  අතර සංවේදී හා අසංවේදී අය මේ සටහන නොකිය වන්න.

ඒ කාලයේ ලංකාවේ පාලකයා වුනේ, දැන් මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු හා ශූර රාජ්‍ය තාන්ත්‍රිකයෙකු යයි සමහරුන් සලකන ජේ ආර් ජනාධිපති. ඔන්න එදා අප වෙනදා වගේම පාසල් යන්න එලියට බැස්සා. අපේ පාසල් බස රිය යන්නේ බොරැල්ල හා පුංචි බොරැල්ල පසු කර. පාරේ ගොඩක් දුර එනකම් අපට වෙනදා දකින පරිසරය මයි දකින්න තිබුනේ.

බොරැල්ලේදී තමා අපට දකින්න පුළුවන් වුනේ, එය වෙනදා දකින දවසක් නොවේ කියලා. එක පැත්තක තිබුන දාස සමුහ ව්‍යාපාරයේ තට්ටු ගොඩ නැගිල්ල දැවී අළුවී ගොස් තිබුනා. එයට විරුද්ධ පැත්තේ තිබුන රෙදිපිළි කඩ පෙලටත් අත්වි තිබුනේ ඒ සන්ගේදියම තමයි.

පුංචි බොරැල්ලේ මාත් පොත් මිලදී ගත්තු කඩයක අච්චු හා ඇක්සයිස් පොත් පාර පුරා විසිරි තිබුනා. කඩය එවේලේත් ගිනි ගනිමින් පැවතුනේ. ඒ අවට බොහොමයක් අනික් කඩ වලටත් ඒ ඉරණමමයි අත් වී තිබුනේ.

හරි කතාව දැන  ගන්න ලැබුනේ පාසලට ආවහම. ආපිටම ගෙදර යන්න කියලා අපට උපදෙස් ලැබුනා. දැන් යන්නේ කොහොමද? පයින්ම පුර හලට ඇවිත්, බම්බලපිටියට යන බසයක එල්ලුනා.

බම්බලපිටියේ ඉන්න කොට, මා වෙනදා දකින පාසල් සිසුවියන් තිදෙනෙකු මා ළඟට ඇවිත් ඇහුවේ “අනේ අයියේ අප ගෙදර යන්නේ කොහොමද?” කියා. මටත් එයට උත්තර දෙන්න පුළුවන් කමක් තිබුනේ නැහැ. නංගි පුළු පුළුවන් හැටියට බස් එකකට නගින්න. එහෙම කියමින් මා ඔවුන්ගෙන් සමු ගත්තා.

ඔය අතර තුර එතනින්, ඉතා දුක්ඛිත මනුස්සයෙක්, අතින් තල්ලු කරන කරත්තයක අලියා බීම, බුලත් විට ආදිය පටවාගෙන එතනින් යමින් හිටියා. පාර අයිනේ වෙනදා තියන ඔහුගේ කුඩා බක්කි කඩයේ බඩු  ටික තමා ඒ. ඒ වෙලාවේ එතැන ලංගම බසයක් නතර කළා. වෙනදා බුදු පිළිමයක් දැක්කත් නැගිටින, නමුත් ගැබිණි මවකට ආසනය නොදෙන පිරිස් අර බසයෙන් බැහැලා, අර මනුස්සයා තල්ලු කර ගෙන යමින් තිබුන කරත්තයෙන් සිසිල් බීම, තමන්ටත් ගන්න අතරේ අනුන්ටත් බෙදා දුන්නා.

දැන් මා මොරටුවේ. එතැනදී සෙනග පිරිණු බසයක් ගස්සලා යන්න හදද්දී, එහි පාපුරුවේ ඉන්න මිනිසුන් කෑ කෝ ගහලා බසය නැවැත්තුවා. ඔවුන් කීවේ, “අනේ මේ මිනිස්සුත් ගෙදර යන්න ඕනේ නේද, ඔය ටිකක් තද වෙලා ඉස්සරහට ගියා නම් හොඳ නේද?” හැබැයි එහෙම කියලා නගින්න හදපු එක මනුස්සයෙකුගෙන් ඉතිපිසෝ ගාථාව කියන්න පුලුවන්ද කියලා ඇහුවා. කොහොම හරි බස් පහ හයක නැගලා මාත් ගෙදරට ලඟා වුනා.

ඉන් පසු පාසල් නැවත ගියේ සතියකට පමණ පසුව. අපේ පන්තියේ එක මිතුරෙකු දැකපු දෙයක් ඇහුවහම මා දැක්කේ මොනවාද කියා හිතුනා. ඔහු පාසල් එන්නේ අනෙක් පැත්තෙන්. මරදාන දුම්රිය පොළ හා පොලෝසිය ගාව තමා මේ සිද්දිය දැකලා තිබුනේ. මුළු ශරීරයම ගිනි ජාලාවකින් වෙලා ගත් මිනිසෙක් දුව යමින් සිටියා. ටික දුරක් ගිය ඔහු බිමට වැටුනා. ශරීරයට යමක් වත්කර ගිනි තැබුවා යයි සැලකිය හැකි පිරිසෙන් එක අයෙකු ඔහුගේ අතකින් ඇදලා ගත්තා. දඟලමින් හිටි මිනිසාගේ කඳ කොටස බිම තියෙත්දී, අත ගැලවී එනවා දුටු මගේ මිතුරා එතනින් හනික දිව්වා කියා ඔහු අප සමග කීවා.

මෙහි තියන අන්තිම සිද්දිය හැර අනෙක්වා මා දැකපු දේවල්. තව සිද්දි මගේ කනට වැටිලා තිබුනත් ලියන්න යන්නේ නැහැ. මොකද ඕනේ තරම් ලියවී තියනවා.

ඒ වගේම සිනමා පටයක් වගේ ඉතිහාස සිද්දි නැවත දිග හැරුණු රටවල් ලෝකේ කොතෙකුත් තියනවා. 

14 Comments

Filed under Social

14 responses to “වැසි දිනයක්! Not a school essay!

  1. මේ කතා මටත් කියන්න පුළුවන් රයිගම් අනන්ත ..ඒත් ප්‍රශ්නේ
    තියෙන්නේ අපි මොන තරම් නිරුවත් ජාතියක්ද කියල එලි වෙන
    එක .. ඇත්තමයි විජය ලොක්කගෙන් පැවතෙන ගැන්සිය මොක්කුද
    කියල…

    මට මගේ මව , පියා මේ දේවල් ගැන ගොඩක් කියල දීල තියෙනවා ..
    අහිංසක මිනිස්සුන්ට තිරිසන් විදිහට සලකලා , ඒ මිනිස්සුන්ව ත්‍රස්ත වාදීන්
    බවට පත් කලේ අර විජයගෙන් ආව ගැන්සිය …

    අහිංසක මිනිහෙක් ත්‍රස්තවාදියෙක් උනාට පස්සේ ත්‍රස්ත වාදීන්ට බැනල , දොස්
    කියල වැඩක් නැහැ ..

    නමුත් අද හොඳම විහිලුව තමයි රයිගම් ත්‍රස්තවාදීන්ව බිහි කරලා ත්‍රස්තවාදියාගේ
    පුතාගේ පින්තූරේ ඉස්සරහ ලෝකෙට පේන්න අඬන එක …

    අන්න නියම සහ ගහන අපරාද..අම්මව ධූෂණය කරලා , දරු ගැබ ආදරෙන් බලාගන්නවා
    වගේ වැඩ අපි හරි හොඳයි කියන්න …

    අපි මේ කතාව දුර ගෙනියන්නේ නැතුව ඉමු මිත්‍රයා .නැත්නම් මේකෙන් ගොඩ
    ඒමක් නැහැ ..

  2. Kenji @ Japan

    රයිගම ඔබ කියන්නෙ දෙවැනි දිනයෙ උදය ගැනද?පළමු දිනයෙ ඔය නරුම වැඩේ පටන් ගත්තෙ දහවල් 12ට පමණ වගේ.මම වැරදිද මන්ද.හිගන,සපත්තු මහන අහිංසකයන්ගේ පුච්චපු සිරුරු කීයක් නම් දකින්න ඇද්ද.

  3. මාත් දැක්කා ගනේමුල්ලේ දුම්රිය පොලේ මිනිසෙකු මරා ගසක එල්ලා තියෙනවා. ඔහු කෝච්චියේ නැගී යමින් සිටි අයෙක් ලු.

    ඉන් පසු මා එවැනි දසුනක් දුටුවේ 1989 ජුලි මාසයේ දිනයක පිළියන්දල දොලේ කනත්ත අසල මරා දමා තිබුණු තරුණයෙකුගේ සිරුරක්.

    මේ සිංහල අපගෙ රටයි!

  4. හිරු

    පහුගිය ටිකේ මිස් වෙච්ච ඒවත් එක්ක කියෝගෙන ආවා.. ඒත් මේකට නම් කියන්න දෙයක් නෑ… ඒත් අපිත් ඉස්කෝලෙ ගිය, අපිත් උදේ හවස රවුම් ගහපු තැන් වල ඉතිහාසය මේ විදියට කියවනකොට හිත හිරිවැටෙනව…

  5. ශේර්මි, මා ඔබව සතුරෙකු ලෙස සලකන්නේ නැහැ. නිතර කියවලා විතරක් ඉන්නේ නැතිව ඔබ යමක් ලියන එක ගැන මා සතුටු වෙනවා. ඒ නිසාමයි මෙයටත් පිළිතුරක් ලියන්නේ. එහෙම නොවන කෙනෙකුට නම් පිළිතුරු ලියන්න වෙහෙසෙන්නේ නැහැ. ඒ වගේම මා ඔබේ ඔය කතාවට සමාන ප්‍රතිචාර වලට මීට කලින් පිළිතුරු දීලා තියනවා පමණක් නොවේ, මා ලියන්නේ ඇයි කියන එකත් දැන් ඕනෙවටත් වඩා මෙහි විටින් විට ලියා තියනවා. මා මේ සිංහල බ්ලොග් අවකාශයේ රැඳී ඉන්න අරගල කරගන්නේ, අනෙක් අය සමග නොවේ. මා සමගමයි. මොකද මේ ඥාන අසාරවත් මිනිසුන්ගේ කතා හැමතැනම දකින විට, ඒවා නොකියවනවා වුනත්, මට, මාම කියනවා මෙතනින් ඉවත් වන්න. මේ ලියන්නේ ගොඩක් වෙනස් කම් හා විවිධ දේශපාලන මතාන්තර දරුවත්, අප තුල තිබිය යුතු මූලික මිනිස් කම් හඳුනන අනෙක් සිංහලෙන් ලියන පිරිස් වලට සොලිදැරිටි එකක් විදිහටයි. 🙂

  6. මෙය පටන් ගත්තේ රෑ දෙගොඩහා යාමයේ. රාජ්‍ය නායකයා එය පැතිරී යන තෙක් නිදාගෙන හිටියා. පාසල් සිසුන්ගේ ජිවිත පවා අනතුරේ හෙලුවා. මේ මිනිමැරීම් ගොඩක් වුනේ මහා දවාලේ. මේ ඥාන අසාරලාගේ කාලයයි. එවැනි එක ඥාන අසාර කෙනෙක් එම රාජ්‍ය නායකයාගේ කැබිනට් මණ්‌ඩලෙත් හිටියා.
    කසිප්පු වඩියකට තමන්ගේ අම්ම අප්පා පවා මරණ, උපතින්ම හා වෙනත් හේතු නිසා ඥානයෙන් අසාර, තිරිසන් සතුන්ගෙන් වෙනස් වන එකම හේතුව දෙපයින් ඇවිදීම පමණක් මිනිසුන් තමා මේ බොහෝ මිනි මැරුම් කළේ කියා මා විශ්වාස කරනවා. හැබැයි එවැනි පිරිස් හිඟ නම් නැහැ.

    හැබැයි කෙන්ජි, අර කමිස හා කලිසම් මැදලා, ඉන පටි ඇඳලා මාසේ පඩි ගන්න, ජිවන අරගලයේ යෙදෙන මිනිසුන්, එක පාරටම, දුප්පත් තවත් මනුෂ්‍යයෙකුගේ සිසිල් බීම බෝතල් ටික මංකොල්ල කෑමත්, තමන් වගේම සාගත මල්ල අරන්, බස් එකට නගින්න යන මිනිහගෙන් ඉතිපිසෝ ගාථාව අහන එකත්, මට තවමත් තේරුම් ගන්න අමාරුයි. මේ කියන දෙපිට කාට්ටුකමට සීමාවක් නැති බව තමා ඒ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ.

  7. එවැනි දසුන් මා ඕනේ තරම් දැක තිබෙනවා. ඒත් එය මොනවගේ ඛේදවාචකයක්ද කියා තේරුම් ගන්න හරියට පුළුවන් වුනේ ජිවිතේ පසු කාලෙක. ඔබගේ පුතා, දුව, අම්මා, තාත්තා හෝ වෙන යම් සමීප අයෙක් ඒ පිළිස්සෙන මිනී අතර ඉන්නවාදැයි හන්දියක් හන්දියක් ගානේ යාම කොයි වගේ අත්දැකීමක් වෙන්න පුලුවන්ද කකා. ඔබට එවැනි පිරිස් හමු වෙලා තියනවද? මේ ඥාන සාරයක් නැති කාලයක්.
    ලෙනින්ගේ හෝ වෙනත් අයෙකුගේ පොතකින් වචන කීපයක් අහුලාගෙන ගිරව් වගේ තවමත් කියවන ගමන්, වසරක් පාසා මාක්ස්, එංගල්ස් හා ලෙනින්ගේ රූප එල්ලාගෙන පෙරහරේ යාම ලංකාව වගේ රටක කොතරම් විහිලුවක්ද. ලෝකේ කොහෙවත් ස්ථාපනය නොකරපු දෙයක් ගැන හරක් වගේ කියවන්නේ නැතිව, සමාජයකට අවශ්‍ය යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය හා අතීතයේ කෙරුණු අපරාධ වලට දඬුවම් හා වරද පිළිගැනීමේ හා ජනතාවට වග කියන පාලනයක් නේද බිහිකර ගන්න අවශ්‍ය?

  8. මා හිතුවා ඔබ මේවා කියවීම අත්හැර ඇති කියා. ඔබ මොන කාලේද පාසලෙන් ඉවත් වුනේ? (පිළිතුරු ඕනේ නැහැ. නිකම් ඇහුවේ. දන්නවනේ වයස කෙලින්ම අහන්නේ නැතිව අහන ක්‍රම).
    විහිළු පැත්තකින් තිබ්බොත් හිරු, ලංකාවේ දැනට තියන පාලන ක්‍රමයේ නිර්මාතෘ ගේ අවසාන බලාපොරොත්තුව ඥාන අසාරවත් පරපුරක් බිහිකර ගැනීම තමා. මෙවැනි කනගාටු දායක ඉතිහාස සිදුවීම් නැවත දිග හරින්න දත කට මදින ඥානයෙන් හීන මිනිසුන් කොයි රටවලත් ඉන්නවා. මේ ඕස්ට්‍රේලියාවෙත් ඉන්නවා. නමුත් ඔවුන්ට ප්‍රධාන ධාරාවෙන් විශාල ප්‍රතිරෝධයක් එල්ල වෙනවා. රජයේ අනුග්‍රහය තියා එවැනි අසාරයන් සමග සම්බන්ධතා තියා ගන්න නිකම් මන්ත්‍රී කෙනෙකුත් හිතන්නේ නැහැ.
    ඒ වගේම අතීත අපරාධ වලට වත්මන් පරපුර වග කියන්න අවශ්‍ය නැති වුනත්, මෙහි ආදී වාසීන්ට කරපු අපරාධ අද පාසල් වල උගන්වනවා. ඒ විතරක් නොවේ පෙර කල වැරදි වලට සමාව ගන්නවා. පල්ලි, පාසල් හා වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන වල කෙරුණු ළමා අපයෝජනයන් පිළිබඳව කරුණු හොයන්න දැනට රාජකීය කොමිසමක් (සෙප්පඩ නොවේ) පත් කර තියනවා. පරිපුර්ණ නොවූවත් මේ සියල්ල ශිෂ්ට සමාජයක ලක්ෂණ.

  9. නැහැ ඔබේ ලිපිය සමග කිසිම විරුද්ධත්වයක් නැහැ..
    මම කිව්වෙත් අපේ සිංහල මිනිස්සු කරපු දේවල්
    වලින් අහිංසක දෙමල මිනිස්සු කීදාහක් විනාස
    උනාද කියන එකයි…

    ඔබේ ලිපියේ ඇති කරුණු ගැන කිසිම විරොදයක් නැහැ …

    ප්‍රමාදය ගැන සමාවන්න…

  10. අහ් අනිත් දේ දිගටම ලියන්න ..කිසිම
    විදිහකින් ඒක නවත්තන්න එපා..මත ගැටුම් ,
    එකඟ නොවෙන තැන් ඒවි අපි අතර ..ඒත් ඒවා
    නිසා අපි පුද්ගලික අමනාප හදා නොගෙන දිගටම
    ලියමු…අදහස් ඉදිරිපත් වීමයි වැදගත්…

  11. මතක් කරන්න එපා ඒ කාළකන්නි දවස. ඒකටත් මුල් වෙලා ඕගනයිස් කළේ අදත් වරප්‍රසාද ලබන කුප්‍රකට හිමි නමක්. දැන් වෙන සෙට් එකක් ආයෙත් ලේ ඉල්ලනවා පින්ඩපාතෙට. බුදු හාමුදුරුවෝ හිටියනම් නිවන් දැකිල්ල කෙසේ වෙතත් බෙල්ලේ වැල දාගෙන මැරෙණවා. ඔය මරදානේ සිද්ධිය මමත් අහලා තියෙනවා. දැහීන් දැකපු දේ බොහෝයි. ඒ නිසාමද මංදා මරදානේ බෝම්බ දෙකක් පිපිරුවා.

  12. ඇයි මාතලන් පප්පාගේ කැබිනෙට් එකේ හිටපු “කළු ජූලියේ පියා” ඔබට අමතකද? ආණ්ඩු වලින් ලබන වරප්‍රසාද පැත්තකින් තිබ්බත් මාතලන්, ජනතාව පවා මෙවැනි අඥාන, අසාර, කපටි හා දෙපිට කාට්ටු ශ්‍රමණ වේශ ධාරීන්ටමනේ වැඩිපුර වන්දනා මාන කරන්නේ. මොකද ඇත්තටම ජිවිතේ අසාරවත් බව දැකපු කෙනෙක් මහන වුනොත්, එයා ඔය වගේ දේවල් පසු පස්සේ යන්න බලන්නේ නැහැ.

  13. Kalu

    රයිගම, ඔබ බොහෝ වෙලාවට ‍ජේ. ආර්. රෙජීමය දරුණු විදිහට විවේචනයක යෙදෙනවා මම දුටුවා. මට හිතෙන හැටියට ඔහුගේ දේශපාලන භාවිතාව සහ ආර්ථික දැක්ම දිහා අපි බලන්න ඕනා වෙන්වෙන්ව (මේ දෙක ඉතා තදින් බැඳී තිබුනත්). කාගේ හෝ ඇඩ්වකසි අනුව යමින් හෝ ඔහුගේ ආර්ථික දැක්ම ඒ අවස්ථාවේ ඉදිරියෙන් තිබුනු බව සාධක සහිතව පෙන්වා දෙන්න පුළුවන්.

  14. අප දෙදෙනා කතා කරන්නේ කාරනා දෙකක් කළු. ලංකාවේ ජිවත් වන ඔබලා සමග, තමන්ගේ රටට වඩා හොඳ දේ මොකක්ද කියන එක ගැන වාද කරන්න නම් මා සුදානම් නැහැ. එය ඔබට තේරුම් ගන්න පුළුවන් නේ. ඊට කලින් තිබුන රජය හා සසඳන විට ඔබ කියන කතාවට කිසියම් පණක් දෙන්න ට්‍රයි කරන්න පුළුවන් වුනත්, විශේෂයෙන් ලංකාව 77 තෙන් පසු ගිය මාර්ගය හා අදත් තියන තැන හා ලෝකේ අපටත් වඩා අයහපත් තත්ව වල සිට සමහර රටවල් හා ජනතාව ඇවිත් ලබා තියන ප්‍රගතිය ගැන හිතමින් තමා මා මේ සටහන් ලියන්නේ. මේ සියලු කාරනා ගැන ඔබට හා අනෙකුත් අයට වෙනස් අදහස් ඇති බව මා පිලි ගන්නවා. ඒක නිසා තමයි මා ලියන්නේ. අනේ බන්, උඹල රටින් ගිහින් කොහොමද මේ රට දියුණු කරන්නේ කියා සමහරුන් අසනවා. මාත් ලංකාවේ ඉඳන් දර පැලුවා නම් හෝ ආණ්ඩුවේ රැකියාවක් සොයමින් හිටියා නම් තත්වයේ වෙනසක් කරන්න හැකි වෙන්නත් තිබුනා, නැති වෙන්නත් තිබුනා. කිකිලිද බිත්තරේද මුලින් ගන්න ඕනේ කියා මා දන්නේ නැහැ.

    කළු, මගේ පිළිතුරට තව ටිකක් එකතු කරන්නම්. මොකද මා දැන් මගේ බ්ලොගය පටන් ගත්තු අරමුණින් ඈතට යනවා. ජනාධිපති ජේ ආර් ගේ සමාජ, දේශපාලන හා ආර්ථික වැඩ පිළිවෙලට දැන් විරුද්ධ විය යුත්තේ යුඑන්පි කාරයන්මයි. මොකද ඒ ක්‍රමය යටතේ අද පක්ෂයක් විදිහට යූඑන්පිය වැටිලා ඉන්න ශෝචනීය කමම ඒ ක්‍රමයේ අසාර්ථක කම හා ප්‍රජාතන්ත්‍ර නොවන බව තේරුම් ගැනීමට හොඳම සාධකයක්. අද යුඑන්පියට ගව් ගානක දුරින් හෝ දකින පළමු පෙළ තියා දෙවන පෙළ නායකයෙක්වත් නැහැ. ඒ පක්ෂය දුවන්නේ ජේ ආර්ගේ පළමු තේරීමක් වන මුණුපුරෙකු විසින්. ඔහුට ජනතාවගේ ප්‍රශ්න පිලිබඳ හැඟීමක් හෝ තේරුම් ගන්න වුවමනාවක් හෝ ඒ පිලිබඳ අවශ්‍ය තාවයක් නැහැ. මෙය ජේ ආර්ගේ දේශපාලනයේ තාර්කික අවසාන ප්‍රතිඵලයයි.
    මට ජේ ආර් උරුම කර දුන් කරුම ලැයිස්තුවක් ලියන්න පුළුවන්. නමුත් ඒවායින් වැඩක් වන්නේ නැහැ. ඒ කිසි කරුමයකින් ලාංකික ජනතාවට අද හෙට ගැලවෙන්න පුළුවන් කියා මා හිතන්නේ නැහැ. ලංකාවේ ළදරු ප්‍රජාතන්තරවාදය ට කොකු දැමීම ආරම්භ උනේ එහි මුල් අවධියේදී මයි. එකක් තමා අපේ ප්‍රජාතන්ත්‍රවාදය මිනිසුන් විසින් දිනා ගත්ත එකක් නොවීම. හැබැයි සිරිමාගේ පාලන කාලය වෙනතුරු රටේ යහපත වෙනුවෙන් ටිකක් හෝ හිතන “අනුකාරක පරපුරක්” සුද්ද විසින් බිහිකර තිබුනා. මේ මගේ සිතුවිලි. ඔබට වෙනත් අදහස් තියෙන්න පුළුවන්. මා සංවාදයකට සුදානම් නැහැ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.