ඔබමයි හදේහි රැඳෙන්නේ!


මා අද ඉරිදා උදේ එක වැඩක් නිමවී, තව එකකට බලා ඉන්න විනාඩි 40 ක කාලයේ කළේ, අපේ පළාතේ තියන විල වටේ හදල තියන අඩි/බයිසිකල් පාරේ ඇවිදින්නට යන එක. මෙය මා දැන් බොහෝ ඉරිදාවන්ට කරනවා. උදේ කරන දෙය කියුවොත් එය නයෙක්. ඊළඟට තියෙන්නේ පුතාගේ පිහිනුම් පන්තිය.

අද කැන්බරා වල දවල් උෂ්ණත්වය අංශක 25-27 ක් පමණ වුනා. ගිම්හානය ගෙවී යන මේ කාලයේ, උදේ වරුව පමණක් නොවේ දවල් කාලයේම සෞම්‍ය දේශගුණයක් තියෙන්නේ. ජනගහනයෙන් අඩු, පරිසර දුෂණයෙන් අඩු  පරිසරයක ඇවිදින්නට ලැබීම ගතට පමණක් නොවේ හිතටත් සනීපයක් ගෙනෙනවා. කොළඹ පවා මධ්‍යම පාන්තිකයන්ට ඇවිදීම සඳහා මේ වගේ අඩිපාරවල් නැත්නම් බයිසිකල් පාරවල් හදනවා කියල මා ඇසුවා. මා මධ්‍යම පාන්තිකයන්ට කියල කියුවේ, දුප්පතුනට බොහෝවිට අමුතුවෙන් ව්‍යායාම අවශ්‍ය නැහැ. ජීවන අරගලයම මහා ව්‍යායාමයක් වගේම, ඇඟේ අනවශ්‍ය ලෙස මේදය තැන්පත් වෙන්න වැඩිපුර ආහාර ගන්න වෙන්නෙත් නැහැ. ඔවුනට මෙවැනි මාවත් අවශ්‍ය නැහැ.

හැබැයි එහෙම ඇවිදින ගමන් මා කල්පනා කලේ උදේ කියවපු මේ සටහන. මධ්‍යම පන්තිය කියන්නේ සමාජයක ගාමක බලවේගය කියා මගේ විශ්වාසය. මෙතන මා අදහස් කරන මධ්‍යම පන්තිය සාමාන්‍යයෙන් කියවෙන “මධ්‍යම” පන්තියම නොවේ. ඔවුනුත් ජිවන අරගලයේ යෙදෙනවා උනත්, ඔවුනගේ ජීවිතය සාපේක්ෂව පහසුයි කියන්න පුළුවන්. ඒ වගේම යමක් අනුන්ගේ පිහිටකින් තොරව තේරුම් ගැනීමේ හැකියාව, ඒ කියන්නේ අධ්‍යාපන තත්වය ඔවුනට තියනවා (මෙතැනදී අධ්‍යාපන තත්වය කියන්නේ උපාධි නොවේ). උතුරේ පමණක් නොවේ, අසු නමය-අනූවේ ලේ වැකි අරගලයේදී විශේෂයෙන් විමුක්ති කාමීන් යයි කියා ගත් පිරිසගෙන් වැඩියෙන් බැට කෑවේ ගම්වල හිටිය, මා මේ කියන පිරිසයි. ඔවුන්ගෙන් බොහොමයක් සමාජයෙන් තුරන් කරලීමේ විපාක අදත් දකින්න පුළුවන්.

අප බොහෝ දෙනෙක් සමාජ අසාධාරණයට විරුද්ධව පාරට නොබහින්නේ, ඒ සඳහා ධෛර්යක් නොමැති නිසා. මේ ධෛර්යක් නොමැති කමට මුලිකම හේතුව භය නොවේ. තමන්ගේ පවුල ගැන හිතීම. මා මළොත් පවුලට, දරුවන්ට මොකද වෙන්නේ කියන ප්‍රශ්නය තමා බොහෝ දෙනෙකුට තියෙන්නේ. ලංකාව විතරක් නොවේ ලෝකයේ බොහෝ රටවල් වල, පාරට බැසීම ජීවිතයත් මරණයත් අතර දෙයක්.

මොලයක් තියන මිනිසුන් පය ගහන්න බය තැන්වල, මෝඩයන් පිනුම් ගහනවා කියල කියනවනේ. පිනුම් ගහනවා විතරක් නොවේ, අනෙක් අයටත් පිනුම් ගහපල්ලා කියල කියනවා. බලවේග කියා ගන්නා මෙවැනි අඥාන පිරිස්, වෙනත් ඒ තරම්ම අඥාන නොවුවත්, තවත් අඥාන පිරිසක් විසින් භාවිතා කිරීම ලෝකයේ හැම තැනම දැක ගන්නට ලැබෙනවා. ඥානය කියන දෙය අරික්කාලක් හෝ උපතින්ම පිහිටා නැති යයි සැලකිය හැකි “බලවේගයක” කටයුතු වලට එරෙහිව පාරට බැහැපු අර කලින් සඳහන් කරපු පිරිස මා අගයන්නේ ඉහත හේතු නිසයි.

එවැනි අඥාන පිරිස් සමාජයේ ගාමක බලවේගය නම්, එම සමාජයේ ගමන් මග ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. එම ගමන් මාර්ගයේ සෑහෙන දුරක් යන තුරු අනෙක් පිරිසට දැනෙන්නේ නැහැ, අප මෙහෙම ගමනක් යනවා කියලා. නියපොත්තෙන් කඩන්න පුළුවන් සමහර දේවල් පසු කාලෙක පොරවෙන් හෝ කපන්න බැහැ.

Advertisements

11 Comments

Filed under Social

11 responses to “ඔබමයි හදේහි රැඳෙන්නේ!

  1. අවුරුදු සමයේ බ්ලොගයක කියවන්න ලද සුපිරිම ලිපිය බොහොම ස්තුතියි..
    ලැබුවා වූ නව වසර වාසනාව ගෙනෙන වසරක් ම වේවා ඔබටත් පවුලේ සැමටත්…..
    මම සමකය වටේ ලියන නලීන්

  2. luckywicks

    හ්ම්.. සටහන ගැන අදහසක් දාන්න කලින් කියමුද මේ ගීතයේ සහ සටහනේ සම්බන්ධය?

  3. Kenji @ Japan

    ඔබ කියන කාල වකවානු වල සිටි විමුක්තිකාමින් යැයි කියන අය අඩු උගත්කමක් තිබුනත් ලෝකය ඇත්ත ඇති සැටියෙන් දැක්ක උදවිය.
    අද ඇවිල්ල බලවේග කියන කට්ටල කරන්නෙ යන අතට වැල හරෝල,විමුක්තිකාමින් කියන කොටසට එදා වේල පිරිමසා ගන්නට මිලක් නියම කොරල දර්ශනය දමල කුට්ටි කන එක.
    පබිලිස් ලොක්කවත් ආරාධනාවකට ශිල්ප දක්වන්න පිට රටකට යද්දී අරගෙන යන්නෙ නැති පෙට්ටි/බෑග් තොගයක් අරන් ගියෙ ඔලමොට්ටල ජනතාව පිනවන්නද? හිස් බෑග්/පෙට්ටි අරන් ගිහිල්ල ලංකාවට විරුද්ධ ප්‍රධාන පෙලේ විරුද්ධවාදියෝ 4ක් 5ක් ඔබාගෙන එන්න තමයි ගියේ කියල ත්‍රීවිලර් මල්ලිල ගොඩක් දෙනෙක් කියනවලු.ඒ මල්ලිල 100%ක්ම බඩ නෙමේ රට කියල චන්දෙ දීපු අයලු.කොහොමත් එයාල බලවේග එක්ක ඉන්න හින්ද පාර්ට් ටයිම් ජොබ් වැහි වහලලු.

    • කෙන්ජි, මා උගත් කම යයි කියන්නේ ලෝකය ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවන් කමට තමා!

  4. Kenji @ Japan

    රූකාන්ත විලක් නැති උනාට හංසියෝ එක්ක ගයන/රගන/වැයුම පට්ට.
    හැබැයි ගාල්ලෙ පාත්තිව මේකට ගැලපෙන්නෙ නැහැ.

  5. .
    මම සටහනේ උඩ කොටසේ තියෙන දෙයක් ගැනයි මගේ අදහස පල කරන්න කැමති. මම නම් මචං ලංකාවේ හෝ කොහේ හෝ, ජොගිං ට්‍රැක්ස්, සයික්ලිං රූට්ස් හදනවට කොන්දේසි විරහිතව එකඟයි.

    මේ දැනුත් ඒ වැඩේට යනවා මේ කමෙන්ට් එක කොටලා. මෙහෙ තියෙන ප්‍රශ්ණෙ මචං, ව්‍යායාමයත් එක්කම ශරීරගත වෙන දූවිල්ල තමයි.

    උඹටත් පවුලේ සැමටත් සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා!

    • උඹ කැමති වෙන දෙය අහන්නත් දෙයක්ද? මා කියන්නේ, උඹලා වගේ කට්ටිය සමාජයේ වැඩි කර ගන්න ඕනේ කියන එක තමයි. කිකිළිව මුලින් ගන්න උත්සහ කරන්නේ නැතිව, බිත්තර ගන්න එක තමා ලංකාව වගේ රටක කරන්න ඕනේ.
      දැන් මචන් ටිකක් සරල කාරණාවකට ගියොත්, මාතලන් කලින් කොමෙන්ටුවක කියුවා …… හිටියොත්, කොළඹ, මේ කැන්බරා වලටත් වඩා ලස්සන නගරයක් කරාවි කියා. උඹ දූවිලි කියන කොට මට මතක් වුනේ, එයට පිලිතුරු ලෙස මා ලියුව, මෙතරම් හොඳ අග නගරයක් හදන්න නම් ගොඩක් අමාරු වේවි කියන එකට එක හේතුවක්.
      උඹටත්, දීපාටත් හා දරුවන්ටත් වඩාත් වාසනාවත් නව වසරක් වේවා යි පතමි!!!

  6. රයිගම පවුලට සුබ නව වසරක්!
    මටත් කියන්ට තියෙන්නේ ‘ඔබමයි හදේ රැඳෙන්නේ’ කියලා තමයි. 😀

    • පසුගිය අවුරුද්දේ මේවා කියවපු එකට ඔබට තුති.
      ඔබට හා ඔබගේ පවුලේ සියලු දෙනාටත් සුබ අලුත් අවුරුද්දක් ප්‍රවීනා!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s