තමුසේ මාව කෑවා ඕයි! (1)


මගේ සිංහල ලියන්න, ලියන්න අලුත් වෙනවා වගේ දැනෙනවා. ඒත් සිංහල බ්ලොගයන් කියවන්න, කියවන්න, ලියන ආසාව එන්න එන්නම අඩු වෙනවා වගේ දැනෙනවා. ඒ විතරක් නොවේ, ඒකාධිපති පාලන ක්‍රමයන්ට එරෙහිව පාරට නොබහින ජනතාව ගැන අප කතා කරනවා. ඒ ගොල්ලන්ට අපත් අයිති නේද? මාත් ලංකාවෙන් එන්න හේතුව, එක අතකට ක්‍රමයට එරෙහිව සටන් කරන්න තරම් පණක් නැතිවීම නේද කියලා තර්ක කරන්න පුළුවන්.

හැබැයි එච්චර දුර යන්න ඕනේ නැහැ. එදිනෙදා ජීවිතයේදී සිදුවන හා දකින අසාධාරණකම් වලට විරුද්ධ වන්නේ සමාජයේ කීයෙන් කී දෙනෙක්ද. මා ලංකාවේ ඉන්න කම් එහෙ මෙහෙ ගියේ පොදු ප්‍රවාහන සේවා වලින්. මේවායේ කොන්දොස්තරලා හා ඩ්‍රයිවර්ලගේ අසාධාරණ කම් හෝ මගීන් වන ජැක්සන්ලාගේ අකටයුතුකම් ගැන පොදුවේ මගීන් ගෙන් සියයට කී දෙනෙක් එරෙහි වෙනවාද? එරෙහි වෙනවා තියා, මෙවැනි අවස්තාවක එරෙහි වන කෙනෙක් ඉන්නවා නම්, ඔහුට හෝ ඇයට එරෙහි වන්න නම්, ඕනේ තරම් මිනිසුන් හා ගැහැනුන් සිටිනවා. මට තියන අත්දැකීම් ලියුවොත් මේ බ්ලොගය නිකම්ම අවුරුද්දක් ඇදගෙන යන්න පුළුවන්. මගේ බිරිඳ ඒ දවස් වල කියුවේ, පවුල ගැන හිතලා නිකම් කොන්දොස්තරලාගෙන් මැරුම් නොකා ඉන්න කියලා.

මේ සේරම මට  මතක්වුනේ වෙන කිසිවක් නිසා නොවේ. සමහර මිනිසුන් තමන්ගේ ජීවිතයේදී කොතරම් නිවට වනවාද කියන එක විතරක් නොවේ, පෞද්ගලික ජීවිතයේදීත් කොතරම් නොපනත්කම් කලත්, ඒ වැරදි පිළිගන්නේ නැතිව, අනුන් පිට වරද පටවා ගැලවෙන්නට උත්සහ කරනවාද කියන එකත් ඊයේ පෙරේදා මගේ කනේ වැටුණු දේවල් වලින් පසක් වුන නිසා.

අතීතයේ කළ වැරදි පිලි ගැනීම දේශපාලන ව්‍යාපාරයකට විතරක් නොවේ, සාමාන්‍ය මනුෂ්‍යයෙකුටත් වැදගත්ම දෙයක්. ඉන් එහාට යන්න පුළුවන් එවැනි අවංක පිළිගැනීමකින් විතරයි. අප ලිඳෙන් ගොඩ වෙන්න හදන කොට තමයි මාළු පැටවූ මැරුණේ කියන ගොන් කතා වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒ වගේම තමයි පෞද්ගලික ජීවිතයත්. සියලු දෙනා අතින් වරදවල් වෙනවා. හැබැයි එවැනි දේ සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා කිසිම දෙයක් නොවුන අයුරින් ඉන්න හදන එකෙන් කිසිම හොඳක් වෙන්නේ නම් නැහැ. වෙන එකම දේ තමන්ගේ ජීවිතය තවත් අවුලකට යාම පමණයි.

මේ සටහන ටිකක් ගුප්ත නම් ඒ ගැන සිතන්න එපා. අනුන්ගේ, විශේෂයෙන් අනුන්ගේ පවුලේ ප්‍රශ්න වලට ඔබට අත දාන්න කියා ගෙදරට කවුරු හරි ඔබේ ගෙදරට අඬාගෙන ආවොත්, කිසි දාක අත පොවන්න නම් යන්න එපා. ඒ අත පෙවීමෙන් ඔබට හෝ වෙන කිසිවෙකුට යහපතක් වන්නේ නැහැ. එකක් තමයි, ඔබ අත පොවා  ඒ අය නැවත එකතු උනහම, වැරදි කාරය වෙන්නේ ඔබමයි. ඔබ අත පොවලත් ප්‍රශ්නය විසඳුනේ නැත්නම් ඒත්  වැරදිකාරයා ඔබමයි. ඔබ අත  නොපවා යලිත් ඒ අය සමාදාන වුනහම ඒත් වැරදි කාරය වෙන්නේ ඔබමයි (මොකද ඔබ අත නොපෙවුවේ කියා). ඔබ මොනවා කලත් වැරදි කාරයා වෙන්නේ ඔබම නම්, නිකම් පෙට්රෝල් පුච්චා නොගෙන නිකම්ම ඉන්න එක තමා වඩා හිතකර තෝරා ගැනීම.

හැබැයි ඉහත  සියල්ලටම ඉහලින් තියෙන්නේ මිනිසුන්ගේ නිවට කම. ගොඩක් මිනිසුන් ඉන්නවා, තමන්ට හෝ තමන්ගේ සහකරුට/සහකාරියට පවා අකටයුත්තක් කළහම කරබාගෙන ඉන්න අය. එවැනි ලෝකයක විදුලිබිල වැඩිවීම ගැන කතාවක් නැතිවීම ලොකු ප්‍රශ්නයක් නම් නොවේ.

Advertisements

10 Comments

Filed under Social

10 responses to “තමුසේ මාව කෑවා ඕයි! (1)

  1. ////ඒ අත පෙවීමෙන් ඔබට හෝ වෙන කිසිවෙකුට යහපතක් වන්නේ නැහැ. එකක් තමයි, ඔබ අත පොවා ඒ අය නැවත එකතු උනහම, වැරදි කාරය වෙන්නේ ඔබමයි. ඔබ අත නොපවා යලිත් ඒ අය සමාදාන වුනහම ඒත් වැරදි කාරය වෙන්නේ ඔබමයි (මොකද ඔබ අත නොපෙවුවේ කියා).///

    මෙන්න මේ ටික නම් ඇත්තම ඇත්ත රයිගම්.ඔය හේතු නිසාම
    තමයි මේ තරම් ප්‍රශ්න කන්දරාවක් ඇති වෙනකම් මේවා උඩු
    දිව්වෙත් …

    දෙයක් කරත් වැරදි , නොකරත් වැරදි ..ප්‍රශ්න එහෙමමයි .
    එහෙම නැත්නම් ප්‍රශ්න හොඳටම උඩු දුවනවා ..විසදුමක්
    කොහෙන් වත් ඉදිරිපත් වෙන්නේ නැහැ , ප්‍රශ්න උඩු දුවනවා ..

    • මෙහි නිධාන කතාව ඔබට කියුවොත් විශ්වාස කරන්න බැරි වේවි මේ වගේ දේවල් ලෝකයේ වෙනවාද කියලා ශෙර්මි. ලෝකයෙ කොයි ප්‍රමිතියෙන් ගත්තත් වරදක් යයි සැලකිය හැකි දෙයක් කරපු කෙනෙක්, එම වරද පිළිගන්න සුදානම් නැහැ නම්, එතන කිසිම විසඳුමකුත් නැහැ.

  2. හිරු

    හ්ම්ම්….. ඇත්තටම කොන්දක් නැති නිසාද මිනිස්සු මේවා ඉවසගෙන ඉන්නේ.. නැත්තම් පාරට බැහැලා වැඩක් නැති නිසාද කියලා මං කල්පනා කරන්නේ… මොකෝ මුන්ව ආණ්ඩු මට්ටු කරන්න ගිහින් කඳුළු ගෑස් කන්න වෙනවා විතරක් නෙවෙයි හිරේ විලංගුවෙත් වැටෙන්න වෙනවා..

    ඔන්න කොන්ද පණ තියෙන විපක්ෂයක්වත් තිබ්බනං….

    • විපක්ෂය බිහි වන්නේ ජනතාවගේ අවශ්‍යතාවය අනුව තමා. හැබැයි ඒකෙන් කියවෙන්නේ නැහැ විපක්ෂය ප්‍රභල වුනත් හැමවිටදීම සාර්ථක වෙනවා කියා. රුසියාව වගේ රටවල විපක්ෂය විශාල බලවේගයක් වුනත්, ආණ්ඩුවේ ජිල් මාර්ට් හා ඔට්ටු වෙන්න හැකියාවක් නැහැ. ඇමෙරිකානු විරෝධය පමණක් ජනතාවට කන්න නොදෙන බව, වෙනිසුවෙලා ජනාධිපතිවරණය පසක් කළා. ඒ ජනතාවගෙන් 50% ක්ම මේ යන ක්‍රමයට විරුද්ධයි.

  3. අන්තිමේදි කියන්න වෙන්නෙ ‘කතා කරල වැඩක් නෑ’ වගේ එකක්.

    ප්‍රසිද්ධ පොකට් කාටුන් එකක් තිබුණා it’s good to have friends වගේ නමකින්. නීතියේ ඉහලම තැනට යනකල් ඉන්න යාළුවො නිසා හොරෙක් බේරෙන කතාවක් තමයි එ‍්කෙ තිබුණෙ. අපි ඉන්නෙත් එහෙම සිස්ටම් එකක. හරි දේ කරනවට වඩා යාලුකම් නෑදෑකම් සහ ලකුණු දමා ගැනීම තමයි ලොකු වෙලා තියෙන්නෙ. එහෙම තැන්වල කට ඇරලා විනාස වෙනවට වඩා පැත්තකට වෙලා ඉන්න එක හොඳ වෙලා.

    ඔය බස්වල තියෙන තත්ත්වෙනං සෑහෙන්න අවුල්. ගොඩක් වෙලාවට කොන්දා සින්දු දාන්නෙ කණ් පැළෙන ගානට. හැබැයි සමහරක් වෙලාවලට ටිකක් බටර් ගාල කිව්වම අඩු කරන වෙලාවල් තියෙනවා!

    • It is good to have not only friends, but brothers (like in Cuba) and sons ( like in N.Korea). 🙂
      ඇත්තටම හරේ සමහර වෙලාවට පැත්තකට වෙලා ඉන්න හැදුවත්, බේරෙන්න බැහැ. මේ ඒ වගේ කතාවක්.
      බස් වල තත්වයට නම් මගීන් ම තමා වග කියන්න ඕනේ. මෙවැනි අවස්තාවක එවැනි දේවල් වලට විරුද්ධව කතා කරන කෙනෙක් කොතරම් හුදකලා ද කියලා බලන්න එහෙම කතා කරන්නම ඕනේ.

  4. Anonymous

    First of all we have to get rid of this stupid opposition.

    • I should say (that people have to get rid of this) incompetent/clumsy opposition leader. Political parties (opposition/alternative) in other (democratic) countries keep changing their leaders until they find the one who can win votes/elections.

  5. Kenji @ Japan

    අද ලිපියනම් රයිගම ලියල තියෙන්නෙ කෙටියෙන් උනාට කතා කරන්න ගන්නවා නම් ගෝනියක් කරුණු තිබෙනවා කියල හිතෙනව.
    සමහර විට කියවන අපට අලුත් අවුරුදු පණිවිඩයක්ද කියලත් හිතෙනව.
    කොහොමත් ලොක්කට නම් කවද හරි කියෙවෙනව තමුසෙ ලා මාව කෑවා ඕයී කියල.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s