තමුසේ මාව කෑවා ඕයි! (2)


ඉහත මාතෘකාව යටතේ මා ලියන්න හැදුවේ කලින් සටහන නොවේ. නමුත් එවෙලේ මගේ සිත ගෙන ගිය දිශාවෙන් එම සටහන නතර කළා. අපේ නොහැකියාවන්ගේ වරද අනුන් මත දාල අත පිහද ගන්න එක හරි ලෙහෙසි දෙයක්.

පහේ ශිෂ්‍යත්වයෙන් කොළඹ පාසලක් තෝරා ගැනීමට අවස්තාව දීම, පසු කලෙක ආණ්ඩුවටම බනින්න කරුණක් කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි පාසලේ ගුරුවරුන් අපට ඉගැන්නුවේ නැහැ, හරි හමන් ඉංගිරිසි ගුරුවරුන් හිටියේ නැහැ යනාදී වශයෙන් ජිවිත කාලයම බැන බැන ඉන්නත් පුළුවන්. මේ කිසි දෙයක වරද අනුන්ට පටවන්න පුළුවන් දේවල් නොවේ. ඒ සියලු දෙයින්ම ගොඩ යන හැටි තමන්ටම සොයා ගන්න පුළුවන්.

රටක වුනත්, එක ජාතියක පොදු නොහැකියාව, වටේ ඉන්න අනෙක් ජාතීන් මත පටවලා “ජීවන බිස්නස්” වලට ගානක් කපා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ජිවත් වෙන්න වෙනත් ජිවන කුසලතා ලබා ගෙන නැත්නම් හෝ උපතින්ම ඥානයෙන් අසාරවත්ව ඉපදිලා, එවැනි ඥාන අසාර පරිසරයක හැදිලා ලොකු මහත් වෙලා නම්.

මා කුඩා කාලයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ රාතිරි හතයි තිහට හෝ අටට ගිය සංවාදයකදී එයට සහභාගී වුන එක “විද්වතෙක්” කියුවේ, ලංකාවේ ඉන්න එක ජාතියකගේ මොලය වැඩි වීමට නැත්නම් ඉගෙනීමේ දක්ෂයන් වීමට හේතුව නිතරම වම්බටු කන හින්දා කියල. ඔහුගේ මතයට අනුව වම්බටු වල විශේෂ ගුණයක් තියනවා මොලය වඩවන. පොඩි කාලයේ ඇසුවක්  නිසා එම ගුණය මට හරියටම මතක නැහැ (හැබැයි ඔහුත් හරියට වම්බටු කාල නැතිවා වගේ. නැත්නම් මෙවැනි ඥාන අසාර කතා කියන්නේ නැහැ). මෙවැනිම කතාවක් ජපන් ජාතිකයන් සම්බන්දයෙන් මෑතක ඇමති විමල් විසින් පළ කළා.

සුළුතර ජාතීන්, ඕනෙම රටක මහ ජාතියට වඩා වෙහෙස වෙලා වැඩ කරන්න උත්සහ කරනවා. අප කොතරම් කියුවත් තමනට “හොස්ටයිල් ” නැත්නම් හිතකර නැති යයි හිතෙන පරිසරයක (ඇත්තටම පරිසරය එසේ නොවුනත්) පැවැත්ම රඳා පවත්වා ගන්න එසේ කරන්නට, අපට ස්වභාවයෙන්ම උරුම වුන ඥානය බල කරනවා. මිනිස් සංහතිය පවා නොවේ සතුන්ගේ ගහන පැවැත්ම තීරණ වන්නේත් එම පරම්පරා සිය ගානක් මගින් එකතු කර ගත් ස්වභාවික දැනුම මතයි.

මා පවා මේ රටේ සුළුතර  කාණ්ඩයකටයි  අයිති. මා විතරක් නොවේ වෙනත් ලාංකික සම්භවයක් තියන අනෙක් පිරිසත්, වෙනත් රටවලින් පැමිණි එවැනිම පිරිස්ද මේ රටවල තමන්ගේ ස්ථානය නැත්නම් සමාජයේ පැවැත්ම තහවුරු කර ගන්නේ වඩාත් මහන්සි වී වැඩ කරලා. එකක් තමයි, යම් රටක ඉපදිලා හැදිලා ඉගෙන ගෙන ඉන්න කෙනෙකු හා තරඟ කරන කොට, පටන් ගැන්මේදීම අවාසියක් තියනවා. අනෙක තමා එම කෙනා සමාජයේ බහුතර කොටසට අයිති නම්, එතනත් කිසියම් වාසියක් එයාට තියනවා. හැබැයි, තමන් වැඩ කරන්න දක්වන උනන්දුව හා දක්ෂතාවය අර බාදා වලට ඉහලින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ පදිංචි ග්‍රීක්, ඉතාලි හා චීන පිරිස් මෙවැනි වඩාත් මහන්සි වී වැඩ කරපු හා දැනුත් කරමින් ඉන්න  සමාජ කාණ්ඩ වලට හොඳ උදාහරණ.

අපේ පිරිස් (සංක්‍රමණික හා සුළුතර කාණ්ඩ වල) අතර තියන ළමයිනට කොහොම හරි ඉගැන්වීමේ චේතනාවත්  මේ මානසික තත්වයටම බැඳී තියෙන්නක්. ඕස්ට්‍රේලියානු  කම්කරු පක්ෂ හිටපු නායක මාර්ක් ලේතම් පසුගිය දිනෙක, සන්කරමනික දෙමාපියන්ගේ මෙම ආකල්පය සුදු දෙමාපියන්ද අනුගමනය කළ යුතුයි කියුවා. ඔහුට අනුව අද පාසල් වල වැඩියම අසාධාරණයට ලක් වන්නේ අඩු ආදායම් ලබන “සුදු පවුල්” වල ළමයින්. ඒ ගැන පසුව කතා කරමු.

කොහොම හරි මා ඉහතින් ලියුවේ, සමාජයක සුළුතර ජාතියක් හෝ කාණ්ඩයක් මහන්සිවෙලා වැඩ කරන එක එතරම් අරුමයක් නොවේ. හරි නම් කළ යුත්තේ එවැනි දේවල් ආදර්ශයට ගන්න එකයි. අර මාර්ක් ලේතම් කියන්න වගේ. හැබැයි, තමන්ගේ අඩුපාඩු  වල වරද අනුන් පිට දාගෙන ජිවන මාර්ග හොයන ඥාන අසාර මිනිසුන් ඉවත දමන්න ඕනේ උදේට ඉවත දමන කුණු කෙල වගේ.

එහෙම හිතන්නට ඥානයෙන් සාර නැති මිනිසුන් ලොවේ කොතනත්  ඉන්නවා. එවැනි අය කන්ද මාරු කලාට, පුල්ලි මාරු වෙන්නේ  නැහැ. ලාංකික දෙමල ඩයස්පෝරාව ලෙස ලොව විසිරි ඉන්න කාණ්ඩයත් එවැනි අසාර කාණ්ඩයක්. ලෝකේ සිදුවන වෙනස් වීම් වලට ඔවුන් සංවේදී වූවා නම් හෝ එවැනි දේ තේරුම් ගන්න ඥානයක් තිබුනා නම්, එක අයෙක් බන්කර වල දිය බුං ගහන ගමන්, දෙමල ජනතාව මහා විනාශයකට දක්කාගෙන යන්න, වෙනත් රටවල පහසු ජිවිත ගත කරන අතරේ උදවු දෙන්න විදිහක් නැහැ. දෙමල විමුක්ති  අරගලය පැශිස්ට්වාදයකින්ම නිම කරලීමේ වගකීමෙන් නිදහස් වෙන්න මේ ඩයස්පෝරාවට  හැකියාවක් නැහැ.

එවැනිම ඥාන අසාර පිරිස් සිංහල ඩයස්පෝරාවෙත් ඉන්නවා. ඒ බව පසක් වන්නේ, අසාර “බලවේග” වලට සම්බන්ද කර ගැනීමට එන පිරිස් වලට වන්දනාමාන කරන්න දෙතුන් දෙනෙක් හෝ හොයා ගන්න පුළුවන් වීමෙන් පමණක් නොවේ, බටහිර ප්‍රජාතන්තරවාදය යටතේ හිඳිමින්, තමන්ගේ දරුවනට බටහිර අධ්‍යාපනය දෙමින්, ලංකාව උතුරු කොරියාවක් කරන්න සිහින මවන කට්ටිය ඉන්න එකෙනුත්.

මේ සමාජයේ  තියන නපුරවල් වලට එකම හේතුව පාරිභෝගිකවාදී ධනවාදයයි කියන එකත්, එයට එකම විසඳුම නිර්ධන පන්ති ආඥ්යාදායකත්වය කියන එකත් අපට නිතර අහන්න ලැබෙනවා. ඔවුනට අනුව මේ කිසිම ප්‍රශ්නයකට විසඳුමක් අතර මග නැහැ. ඔවුනුත් ප්‍රශ්නයේ කොටසක් මිසක්, විසඳුමක කොටසක් නොවේ. ඔවුන් ඇත්තටම ඉගෙන ගන්න ඕනේ මේ ජිවත් වන ලෝකයෙන්මයි. ඒ වගේම නියැන්ඩතාල් ජාතිවාදය මගින්ම බලය ගන්නත්, ගත්ත බලය දිගටම පවත්වාගෙන යන්නත්  තවත් කාණ්ඩයකට පුළුවන් වෙලා තියෙන්නේ මොලය අඩු, ඥානයෙන් අසාර, පුස් මිනිසුන්ගෙන් ලොව පිරිලා තියන හින්දා.

Advertisements

9 Comments

Filed under Politics, Social

9 responses to “තමුසේ මාව කෑවා ඕයි! (2)

  1. \\\\\\\\\\\ලෝකේ සිදුවන වෙනස් වීම් වලට ඔවුන් සංවේදී වූවා නම් හෝ එවැනි දේ තේරුම් ගන්න ඥානයක් තිබුනා නම්, එක අයෙක් බන්කර වල දිය බුං ගහන ගමන්, දෙමල ජනතාව මහා විනාශයකට දක්කාගෙන යන්න, වෙනත් රටවල පහසු ජිවිත ගත කරන අතරේ උදවු දෙන්න විදිහක් නැහැ.///////

    රයිගම් ඔබේ ලිපියේ ඇති කරුණු වලට වෙනම දෙයක් කියන්නම් .
    ඊට කලින් මෙන්න දේ දේට යමක් කියන්නම්.පිට රටවල ඉන්න
    සාපේක්ෂව හොඳ මූල්‍ය වටපිටාවක් ඇති දෙමළ සම්භවය ඇති පිරිස
    LTTE සංවිධානයට මුදල් එව්වේ සද්භාවයෙන් ..83 පාරට වැටුණ අය
    තමයි අද බහුතරයක් විදේශ ගතව ඉන්නේ ..ඔබ ජීවත් වන ඔස්ට්‍රේලියාව
    වේවා , ප්‍රංශය වේවා තත්වය ඕකයි..තමන්ගේ අම්මා අප්පා කපපු විදිහට
    තමන්ගේ දරුවන්වත් නොකපනවා දකින්නයි / තමන්ගේම භූමියක් හිමි
    වේවි යන චේතනාවෙනුයි ඒ මිනිස්සු සල්ලි එව්වේ .පස්සේ පස්සේ LTTE
    නායකත්වය ගෙන ගිය වැඩසටහන් වලට නම් ගොඩක් දෙමළ ජනතාව
    කණස්සල්ලෙන් හිටියේ …ඒත් පරක්කු වැඩි ඒ වෙද්දීත් , ඔහු දොන් වී
    හමාරයි …. පසුව ක්‍රියාත්මක උනේ කප්පම් ගැනිල්ලක් …

    =====================================================

    ඔබේ ලිපිය ගැන කියනවනම් කියන්න තියෙන්නේ කෙටියෙම්ම
    ඔබ ඉතාම පැහැදිළිව ” අපේ හෙළුව අපිටම පෙන්නලා ” තියෙනවා ..

    මේ ගැන කතා කරන්න ගත්තොත් දීර්ඝ කතා බහක් කල යුතුමයි .
    ඒත් මන් හිතන්නේ වෙලාව හරස් වෙනවා …

    ” අපේ හෙළුව අපිටම පෙන්නලා ”

    උදාහරනෙකට හිතන්න මම මෙතන ඔය සියල්ල පිලිගත්තට
    මම මගේ දරුවෙක්ට හොඳම දේවල් දෙන්න උත්සාහ කරනවා ..
    ඇතැම් විට බල්ලෝ මරලා හරි ..නමුත් එය වැරද්දක් බව දැන
    දැනත් අපි හැමෝම කරන්නේ ඒකමයි ..මගේ දරුවත් ඉස්සරහට
    කරන්නේ ඕකමයි ..ඒ දරුවම මට කරන්නෙත් ඕකමයි ..මේවා
    අන්තෝ ජටා , බහි ජටා රයිගම් ..

    තව කියන්න නම් දේ ගොඩ තියේ …ඒ සියල්ල නිරුවත ගැන ….

    • ඔබ ඔය කියන දෙපිරිසටම තවමත් මේ කියන දේ අදාලයි “ලෝකේ සිදුවන වෙනස් වීම් වලට ඔවුන් සංවේදී වූවා නම් හෝ එවැනි දේ තේරුම් ගන්න ඥානයක් තිබුනා නම්”
      බහුතරය නිතිය කඩනවා නම්, එය තමා නිතිය. එවැනි තත්වයකින් ගැලවෙන්න සමාජයේ ඉන්න තනි තනි පුද්ගලයන්ට නොහැකි බව මා පිලි ගන්නවා. මොකද එවිට තමන්ගේ පැවැත්ම අහෝසි වෙනවා. එක මතවාදයක් දරන කණ්ඩායමක එකතුවක් නැත්නම් සමාජ බලවේගයක මැදිහත් වීමකින් පමණයි එවැනි තත්වයකින් ගැලවෙන්න උත්සහ කරන්න හෝ හැකි වන්නේ. මා තව සටහන් දෙකක් මේ මාතෘකාව යටතේ ලියනවා. නිකමට කියවන්න බලන්න.

  2. හිරු

    මෙහෙදි නම් පවුලේ ආදයම් තත්වයත් එක්ක අසාධරණයට ලක්වෙන තත්වය සිංහල, දෙමල, මුස්ලිම් කියන තත්වයට වඩා වැඩියි කියලා මට හිතෙනවා.. ඉස්සර අපි ඉස්කෝලේ ගිය කාලෙට වඩා දැන් නම් ඉස්කෝල වල තත්වය හොඳටම වෙනස්… විශේෂයෙන් ජ්‍යාත්‍යන්තර පාසල් වල තත්වය නම් පවුලේ ආදායමත් එක්ක තමයි ඔක්‌ෙකාම තීරණය වෙන්නේ.. අපේ පරම්පරාවටත් වඩා ඊළඟ පරම්පරාවල් මේ දේවල් විඳවයි කියලා මට හිතෙනවා..

    • අධ්‍යාපන අවස්ථා පුළුල් වීම අගය කරන්න ඕනේ දෙයක්. මිට කලින් ප්‍රතිචාරයක හෙන්රි ලියල තිබුනේ එක කාලයක් දීපා දුවව ඉස්කෝලෙකට දා ගන්න කියා දුෂ්කරක්‍රියා කරමින් වැඩට ගියාට, අන්තිමට දැම්මේ කොළඹ පෞද්ගලික පාසලකට කියා. හෙන්රිලා ධනපතියන් නොවේ. මහන්සියෙන් හම්බ කරලා ජිවත් වන සාමාන්‍ය මිනිසුන්. එවැනි අයට තෝරා ගැනීමකට අවස්තාව තිබීමම අගය කරන්න ඕනේ දෙයක්. මා ලියන්න හදන මීළඟ සටහන ටිකක් එයටම අදාලයි. බලමු විනාඩි තිහ හතළිහක් හොයා ගන්න.

  3. Kenji @ Japan

    ඔබ අන්තිමට කියල තියෙන දේ තමා ලංකාවට වේගන යන්නෙ.අහම්බෙන් දුෂ්කර පලාතක දරුවකු උසස් ප්‍රතිපල පෙන්නුවම මාධ්‍ය මගින් සති/මාස ගණන් සහ මැති අමතිලාගෙන් නොනැවතී රජ්ජුරුවන්ගෙන් පවා තෑගී ලබන හැටි පෙන්වනව.අවසානයෙ ජනතාවට පෙන්වන්නෙ කිසිම පහසු කමක් නැතිව කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර උසස් ප්‍රතිපල ලැබූ බවයි.

    • එවැනි කතා එදත් තිබුනා, අදත් තියෙන්නේ ඇති හැකියාව ම නම් කොහොමටත් බැහැර කරන්නේ නැහැ. එවැනි කුප්පි ලාම්පු වලින් ඉගෙන ගත් දරුවන්ගේ දරුවනුත් කුප්පි ලාම්පු වලින් ඉගෙන ගන්න ඕනේ කියා නීතියක් නැහැ. එවැනි කතා සමාජයට ආදර්ශවත් විය යුත්තේ එම නිසායි. එසේ ඉගෙන ගන්න අයට රටේම රැකියා අවස්ථා ලබා දෙන්න හැකි විදිහට සැලසුමකුත් තිබිය යුතුයි. නැත්නම් ඉගෙනීමේ තේරුම නැතිව යනවා. හැබැයි තනි පුද්ගලයෙක් ගත්තම තමන්ගේ ජිවන තත්වය උසස් කර ගැනීමේ හොඳම ආයෝජනයක් තමා කුසලතා ලබා ගැනීම නොහොත් ඉගෙනීම. මේ දෙකම එකක් වන්නත් පුළුවන්. එය ලෝකයේ ඕනෙම රටකට පොදු කාරනාවක් කෙන්ජි. මාධ්‍ය මගින් පෙන්වන පුහු ආටෝප නොවේ, අප ගන්න ඕනේ. ඉතාම දුප්පත් දෙමාපියන් පවා, තමන්ගේ දරුවනට උගන්වන්න මහන්සි ගන්නේ මා ඉහත කියුව කරුණ නිසයි.

      මෙතනටම අදාළ නැතත් මගේ ඊළඟ සටහන් දෙකට අදාළ වන නිසා ලියල දාන්නම්. යහපාලනයකින් තොරව ආර්ථික සංවර්ධනයක් ලඟා කර ගන්න පුළුවන්. රුසියාවේ ස්ටාලින්ගේ පාලන කාලයේ විශාල ආර්ථික සංවර්ධනයක් සිදු වුනා. සයිබීරියාවේ එක මාර්ගයක් හැදීමේදී මිය ගිය ගණන මිලියනයකට කිට්ටුයි කියා කියනවා. එම මිනි වල දමා තියෙන්නේ පාරටමයි. ඔවුන් බොහෝ දෙනෙක් දේශපාලන සිර කරුවන්. එවැනි සංවර්ධනයකින් ඇති ඵලය කිම? සංවර්ධනය, සංවර්ධනය සඳහා නොවේ. සංවර්ධනය මිනිසා සඳහායි. පරිසරයේ තිරසාර පැවැත්ම සඳහායි.කොළඹ ජිවත් වන දුප්පත් ජනයා ඉවත් කර ගොඩ නගන්න බලාපොරොත්තු වන සංවර්ධනය ස්ටාලින්ගේ සංවර්ධය වගේම තමයි. ජේ ආර්ගේ පාලනය උඩ දාන පිරිස් තේරුම් නොගන්නේ මේ කාරණයයි. සුද්දා විසින් හදල දුන්න යහපාලනයේ තිබිය යුතු මුලික අංග වන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදය, ස්වාධින අධිකරණය, නීතියට අනුව පැවැත්වෙන මැතිවරණ, සිවිල් සමාජය, අධ්‍යාපනය, සමාජයේ උගත් පිරිස නැති කිරීම සඳහා මරු පහර දුන්නේ නැත්නම් උපාය මාර්ග සකස් කලේ ඔහු විසින්. ඉන් පෙර රජය වල් විසිනුත් මේ මාර්ගයේ මුල් ලක්ෂණ පෙන්නුම් කළා තමයි (සිරිමාගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තියට වඩා දීර්ග කාලින ව අයහපත් ප්‍රතිඵල ගෙනාවේ සිවිල් සේවයේ ස්වාධිනත්වය අහෝසි කිරීම කියලයි මා හිතන්නේ). එය සමාජයේ මූලික ගුණාංගය කලේ ජේ ආර් විසිනුයි. මැතිවරණ ක්‍රියාවලිය විහිළුවක් කිරීම, අධිකරණයට ගල් ගස්සවා එය මස්ත බාල්දු කිරීම, මහාචාර්ය සරච්චන්ද්‍රට පහර දීල බුද්ධිමතුන් දුර්මුඛ කිරීම, සිරිල් මැතිව් වැනි ජාතිවාදී ඥාන අසාර පුද්ගලයන්ට ජාතිවාදය පැතිරවීමට ඉඩ දීමෙන් මහා විනාශයකට පාර කැපීම, අසල් වැසියා ගණන් නොගෙන අනුගමනය කල ඔලොමොට්ටල විදේශ ප්‍රතිපත්තිය, එම ක්‍රියා වලින් ලක්ෂ ගණනකගේ ජිවිත විනාශයකට පාර කැපීම, යනාදී වශයෙන් ඔහු කරපු පාපතර ක්‍රියා වලට, වන්දිය එක මහවැලියකින් නොවේ දහයකින් හිලවු කරන්න බැහැ. අද තියෙන්නේඔහු විසින් අත්තිවාරම් දමා ස්ථාපනය කරන ලද එම අයහපත් පාලනයේ දිගුවක්. නැතුව ආකාශයෙන් කඩා වැටුන එකක් නොවේ.

      සමාජයේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන රටේ අවශ්‍යතා අනුව තීරණ ගන්න හැම විටම පුළුවන්. ඒ සඳහා ප්‍රජාතත්ත්‍රවාදී පරිසරයක් තුල තෝරා පත්වෙන ආණ්ඩු වලට අවස්ථාව තිබිය යුතුයි. මේ කියන ඇමෙරිකානු විරෝධය පමණක් ජනතාවට සෙතක් කරන්නේ නැහැ කියන එක, ඉරානය, සිරියාව, උතුරු කොරියාව වැනි රටවලින් විතරක් නොවේ වෙනුසුවේලාවේ පැවැත්වුන අන්තිම මැතිවරනයෙනුත් පසක් වුනා. වෙනුසුවේලාව අද ලෝකයේ උද්ධමනය හා අපරාධ වැඩිම රටක්. ලිබියාවේ ගඩාපි යටතේ මහා ආර්ථික සංවර්ධනයක් ගැන කතා කළා. ඒ අවුරුදු හතලිහක පාලනයෙන් පසු අද යලිත් ගෝත්‍රික රටක් විතරයි. මෙවැනි පාලන ක්‍රමයන් ප්‍රතික්ෂේප කරන පිරිස්ම ජේ ආර්ට වන්දනා මාන කිරීම අද සමාජයේ වැඩියෙන්ම තියන දෙපිට කාට්ටු බවට හොඳම උදාහරණයක්. ඔවුන් මහාචාර්ය නලින්ගේ දරුවන් බටහිර ඉන්නවා කියල අනික් පැත්තෙන් හිනා වෙනවා. කාසියක් පෙරලුන විට වටිනාකමේ වෙනසක් වනවාද කෙන්ජි?

  4. Kenji @ Japan

    විස්තරාත්මකව පැහැදිලි කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙමි රයිගම…!

  5. kenji saha raigam
    ++++++++++++++++++++

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s