තමුසේ මාව කෑවා ඕයි! (3)


මා පසුගිය සටහන් කිහිපය කිහිපය ලියුවේ කලින් තීරණය කරළා නොවේ. බොහෝ සටහන් එසේ වුනත්, විශේෂයෙන් අන්තිම දෙක තුන, එදිනෙදා බ්ලොගයන් හා ඒවායේ කොමෙන්ටු ඇසුරින් මට පහල වුන සිතිවිලි. එයිනුත් අන්තිම සටහන් දෙකට ඇත්තටම පාදක වුනේ මේ සටහනින් කියවෙන දෙය.

දැන් සති දෙකකට පමණ පෙර මට ජිවන දත්ත සටහනක් ලැබුනා. විස්තර වැඩක් නැහැ. එය ලාංකිකයෙකුගේ. කොහොම හරි ජිවන දත්ත සටහන අයිති  කෙනා ලංකාවේ අපොස උපෙන් සරසවි වරම් ලබාගෙන නැතිවුවත්, වෙනත් මාර්ග ඔස්සේ ලංකාවේම ඉගෙන ගෙන මුලික උපාධිය පමණක් නොවේ, පශ්චාත් උපාධියක් පවා ඉවර කරපු අයෙක්. ඊට අමතරව උපාධිය අවසන් කරපු අවුරුද්දේ ඉඳන් රැකියාවක් කරපු අයෙක්. එයට අමතරව ඔහු අයදුම් කරපු දෙයට අදාලව වෙනත් දේවල්ද කරලා තියනවා.

ඔහුගේ ජිව දත්ත මට නම් කතන්දර කීපයක් කියල දෙනවා. පළමු එක නම්, අදාළ අවස්ථා තියනවා නම්, අපොස  උපේ ඉවර කරන තවත් බොහෝ දෙනෙකුට, ඉහලට ඉගෙන ගැනීමේ හැකියාව හා උවමනාව තියනවා. එවැනි අයට පහසුකම් සැපයීම රජයට අපහසු නම්, පෞද්ගලික අංශයේ දායකත්වය ගැනීමේ වරදක් මා දකින්නේ නැහැ. එම දායකත්වය මොන්ටිසෝරි වල ඉඳලා අපොස උපේ දක්වාත්, ඉන් ඉහළටත් යන කම් ලංකාවේ ශිෂ්‍යයන් දැනටමත් ලබා ගන්නවා. අධ්‍යාපනය විවිධාන්ගිකරණයේ එයත් අත්‍යවශ්‍ය අංගයක්. හැබැයි මේ ලියන්න යන්නේ එය නොවේ.

කඩයිම් විභාගයකදී වැඩිම ලකුණු ගැනීම වැදගත් තමා. මොකද එවිට තමා ඔබව, ඒ විභාගයෙන් තෝරා ගැනීමට බලාපොරොත්තු වන දෙයට තේරෙන්නේ. පසුගිය මොරටු කැම්පස් විවි හා අයිටීඑන් සිසුන් අතර ගැටුමේදී මේ සමාජ ජාල ඔස්සේ එලියට ආපු (කලිනුත් අප දැනගෙන හිටිය) ලංකාවේ සරසවි සිසුන්ගේ නියැන්ඩතාල් යයි කිව හැකි ආකල්පයක් තමා, ඔවුන් සමාජයේ ඉන්න අද්විතීය කොට්ටාශයක්  කියන  එක.

එක අතෙකින්  එය ඇත්ත තමා. නමුත් ඔවුන්, තමන්ගේම රටේ සහෝදර ශිෂ්‍ය පිරිසක් සමග සංසන්දනය කර ගනිමින්, ඔවුනට වඩා ඉහල තැනක ඉන්නවා කියල පෙන්නන්න උත්සහ කිරීමක් දැක ගන්න ලැබීම, මට නම් එයාලගේ බුද්ධිමත් කම ගැන සාංකාවක් ඇති කළා.  එකිනෙකට වෙනස් පාඨමාලවල් දෙකක් කරන සිසුන් දෙපිරිසක් තියා, එකම පාඨමාලාව හදාරන දෙදෙනෙකු,  එක මානයකින් මැනලා සසඳන්න බැහැ. ඒ එක කරුණක්. අනික තමා, අපොස උපේ වලින් සරසවි වරම් තේරෙන හා නොතේරෙන කෙනෙකුගේ වෙනස නිසා, එම තේරෙන සිසුන් අද්විතීය (බුද්ධිමත් බවෙන්) කොටසක් කියා සලකන්න බැහැ. මොකද මේ වෙනස සමහර වෙලාවට ලකුණු දෙකක් තුනක් වෙන්න පුළුවන්. තවත් වෙලාවට ඇත්තටම වැඩිපුර ලකුණු ඇති අයටත් වරම් නොලැබී යන්න පුළුවන්. මේ තෝරා ගැනීම, පහසුකම් මද කම නිසා හදා ගත්ත ක්‍රම වේදයක් පමණයි.

අනික මෙවැනි කඩයිම් විභාගයකදී ඉහල ලකුණු හෝ පහල ලකුණු ගැනීමට බලපාන්නේ දක්ෂතාවය විතරක් නොවේ. දහසක් දේ බලපානවා. උදාහරනෙකට, විභාගයට කලින් සතියේ ඔබගේ සහෝදරයා අතුරුදහන් වුනොත්, ඔබ විභාගයට පෙනී ඉන්නවද? පෙනී හිටියත් ඔබට හොඳින් උත්තර ලියන්න පුලුවන්ද? ඒ කියා ඔබේ ජිවිතයම, යමෙකු විසින්  ඒ මතම මනින්න උපයෝගී කර ගන්න එක කොතරම් හොඳ මිනුම් දණ්ඩක්ද?

සරසවි හමාර කරලා, ලංකාවට ඇවිත් මෙවැනි කඩයිම් විභාග තුන හතරකට මාත් ලියුවා.  එක රජයේ පර්යේෂණ ආයතනයක පුරප්පාඩු තුනක් පුරවන්න සුදුස්සන් තෝරා ගන්න මෙවැනි තරඟ විභාගයක් තිබුනා. තිස් හත් දෙනෙකු විභාගයට, පසු සම්මුඛ පරීක්ෂණයට කැඳවලා තිබුනා. තුන් දෙනෙකුගේ පුරප්පාඩු පුරවන්න තරඟ විභාගයක් තියලා තිස් හත් දෙනෙකු සම්මුඛ පරික්ෂණයට කැඳවීමේ තේරුම කුමක්ද?  මේ ජනාධිපති ප්‍රේමදාස  විසින් කොමිසමක නිර්දේශ අනුව ක්‍රියාත්මක කළ “සුදුස්සාට සුදුසු තැන” දෙන වැඩ සටහනක, වෙන ජනාධිපති වරියක් යටතේ මල ගමන් ගිය කාලයක අවසාන අදියර. මෙවැනි දේවල් වලට විස්සෝප වෙමින්, නිකරුනේ කල් ගත කිරීමෙන් කිසිවෙකුට වැඩක් නැහැ. අප යහපාලනය කියන දෙය පිහිටුවා ගන්න ඕනේ තමා. හැබැයි එය ඉබේම පහල වෙන දෙයක් නොවේ.

ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ පාසලක් තෝරා ගන්න අවස්තාව දෙනවා කියන්නේ ඔබ එය අනිවාර්යයෙන් ගන්න ඕනේ කියන එක නොවේ. ශිෂ්‍යත්වය කියන්නේ ඔබගේ දක්ෂතාවයට වෙනත් අයට නොලැබෙන අවස්තාවක් දීමක්. ගාල්ලේ ඉඳන් කොළඹ උදේ හවස ඇවිත්, අරුන් මට ශිෂ්‍යත්වයක් දුන් හින්දා මගේ මුළු පාසල් කාලයම විනාශ වුනා කියල කෙනෙක් කියනවා නම් වැරැද්ද කාගේද?

ඒ වගේම අපට පාසලේදී ඉංගිරිසි හරියට ඉගැන්නුවේ නැහැ, අපේ සිංහල ගුරුතුමා ඉංගිරිසි දන්නේ නැහැ යනාදී වශයෙන් ඉදිරිපත් කෙරෙන සමාවට කාරනා මොන තරම් “වැලිඩ්” ද කියලා හිතා ගැනීම ඔබලාටම බාර කරන්නම්. මේ ගැන මගේ අත්දැකීම් කලින් ලියා තියනවා. ආණ්ඩුව මට ශිෂ්‍යත්වයක් දීලා, මගේ මුළු ඉගෙනිමම කඩාකප්පල් කළා කියන අය ඉන්න තාක් කල් ඒ සමාජයට යහපතක් වන්නේ නැහැ.

සරසවි තේරෙන පිරිස් තමන්, සමාජයේ වරප්‍රසාද අයිති විය යුතු කොටසක් සේ හිතීම ලංකාවේ තියන විකුර්තියක් ලෙස මා දකිනවා. සරසවි කාලයේ කෙරෙන නොයෙකුත් විගඩම් වලටත් මෙය හේතුවක් වෙනවා. ගොඩක් වෙලාවට මේ විගඩම් පසු පස ඉන්නේ කිසිම ඉගෙනීමක් නැති පිරිස්.

ඕනෙම රටක සරසවියට තේරීමට සෑහෙන දක්ෂතාවයක් තිබිය යුතුයි. සරසවි ඉගෙනීම නිදහස් නම් එයම වරප්‍රසාදයක් කියා කියන්න පුළුවන්. එහෙම තේරෙන පිරිස් කළ යුත්තේ එහි උපරිම ප්‍රයෝජනය ගැනීමයි. ලෝකයේ කොතැනක හෝ සමාජයේ වඩා හොඳ ජිවන විලාසිතාවක් ගත කරන්න පමණක් නොවේ, ජිවිතයේ අනෙක් කාලයත් ජනහිත කාමියෙක් ලෙස ජිවත් වීමට එමගින් අවස්තාව උදා කර ගන්න පුළුවන්. සරසවි කාලයේ මහා ජනහිතකාමීන්, ජිවිතයේ පසු කාලයක (අපේක්ෂා භංගත්වය හෝ වෙනත් හේතු නිසා) දුෂ්ටයන් බවට පත් වෙන එක අපට නිතර අහන්න ලැබෙන දෙයක්.

සරසවි පමණක් නොවේ හැම ඉගෙනීමකම අවසන් ප්‍රතිඵලය විය යුත්තේ ජිවන තත්වය ඉහල දමා ගැනීමයි. එමගින් අදහස් වන්නේ සමාජයේ ජිවන තත්වයද උසස් වීමයි. එවැනි පිරිස් වලට තමා යහ පාලනයක් අවශ්‍ය වන්නේත්.

Advertisements

6 Comments

Filed under Careers/Employments, Education

6 responses to “තමුසේ මාව කෑවා ඕයි! (3)

  1. දැනට ක්‍රියාත්මක වන විභාග ක්‍රමය ඇත්තෙන්ම ශිෂ්‍යයෙගේ දැනුම හැකියාව නිසි අයුරුන් අගැයීමට ලක් කරන එකක්ද කියන එක අධ්‍යාපනඥන්ටත් ප්‍රශ්නයක්. එහෙම නෑ කියන එක තමයි.

    අනික, ඔය ඉගෙන ගන්න කාලේ සමත්නම් නොපෙන්නපු, නැතිනම් ගුරුවරු ඒවා දකින්න අසමත් වුනු, නමුත් පස්සෙ කාලෙක් විෂයයේ පරතෙරට ගිය අය කොච්චර ඉන්නවද? අයින්ස්ටයිනුත් ඉස්කෝලෙ යද්දි දක්ෂයෙක් කියලා හඳුනාගත්ත කෙනෙක් නොවෙයි නම් අනිත් අය ගැන කවර කතාද?

    • මේ ගැන ගොඩක් කතා බහ, පර්යේෂණ හා අත්හදා බැලීම් ලෝකේ කරලා තියන බව, මටත් වැඩ හොඳින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න උඹ දන්නවා ඇතිනේ මචං. එවැනි විභාග ක්‍රමයකින් ඇතිවිය හැකි අඩුපාඩු මගහරවන්න සකස් කරපු ඉගැන්වීමේ ක්‍රමවේදයන් ලෝකේ තියනවා. ලංකාවේ තත්වය එයටත් එහාට ගිය එකක් කියා මා හිතනවා. එවැනි තත්වයක් මේ ඕස්ට්‍රේලියාවේ පවා ඇතිකර ගැනීමට දිවා රෑ වෙහෙසෙන ලාංකික සම්භවයක් සහිත දෙමාපියන් ඉන්නවා.
      ඔය පොඩි පන්තිවලින් කෙරෙන වෙනියා තේරිල්ලට අනුව, මා අද සිටිය හැකිය කියා ඒ දවස් වල ගුරුවරුන් උපකල්පනය කරපු ස්ථානය ගැන මචං මා කලින් ලියා තියනවා. මගේ සටහන් මචං off the track ගියා. විශේෂයෙන් අන්තිම ටික. බලමු මේක හරි මාවතට ගන්න.

  2. කාරණාව හොඳටම බරට තියෙනවා රයිගම් .මාත් මූලිකවම
    හිතන පතන විදිහ ඔහොමයි …

    මගෙත් ඇතුලාන්තයේ ඉන්න මිනිසා / තිරිසනා / හෝ කව්රු
    හෝ කෙනා උපන් දා සිට හිතන්නේ කොහොමද කියන දේ
    නැවත මට දැනුණා මේ ලිපිය එක්ක ..

    ( මොකද වර්තමානයේ මම ගෙවන්නේ මට මුලින් ආව OS එකෙන්
    නෙවේ ..අරහෙන් මෙහෙන් වැදිච්ච OS වලින් ..)

    සමාජයේ ජීවත් වීම උදෙසා අනුවර්තනය වෙලා ඉන්නවා ..ඒත් රටක් / ලෝකයක්
    වශයෙන් මේ විදිහට 2.50 OS වලින් දිව්වම වෙන්නේ ලෝකයක් වශයෙම්ම
    වලපල්ලට යාම …

    ඒ වලපල්ලට යෑමේ එක් එක් අවස්ථා තමයි ඔබේ මේ ලිපි මාලාවෙන් විස්තර
    වෙන්නේ ..( එහෙම නේද ? ) මන් හිතන්නේ මේ වෙලාවෙ වක්කඩ කැඩුවා
    වගේ අදහස් එමින් තියෙන්නේ ඔබට ..

    මම නම් කියන්නේ තව කඩන්න තව කඩන්න තව කඩන්න ..කාලයක් තිස්සේ
    එකතු උන සියල්ල පිට කරන්න ..අඩුම තරමේ ආත්මයට හෝ සැනසීමක් …

    • වැඩිය කලබල වෙන්න එපා ශේර්මි. මෙය තාවකාලික පසු බැස් මක් පමණයි. මා හෙන්රිට ලියුවා වගේ off the track ටිකක් දුර යාමක්. මෙවැනි දෙවල් දවසට එක ගානේ වුනත් ලියන්න මහා කාල වේලාවක් අවශ්‍ය නැහැ. හැබැයි කාරනා කීපයක් නිසා එහෙම ලිවීමෙන්, මට හෝ වෙනත් අයට වැඩක් වෙන්නේ නැහැ (මට නම් සමහර වෙලාවට ප්‍රයෝජනවත්. මොනවත් නැති වෙලාවට තනියම කියවන්න). මා ආත්මයට සැනසීම සෙවීම සඳහා භාවිතා කරන්නේ වෙනත් දේවල්. ඊළඟ සටහනින් මෙයට තිත තියනවා. 🙂

  3. මාත් කියන්නේ සමාජයට , පාසලට, ගුරුවරුන්ට බැන බැන ඉන්නෙ නැතුව ලැබෙන අවස්තාවලින් උපරිම ප්‍රයෝජන ගන්න පුරුදු වෙන්න ඕන කියල.

    • සර්වලෝක නිදහස් පාසල් අධ්‍යාපනය කියන එක සංවර්ධනය වෙමින් පවතින නොවේ, සංවර්ධිත රටක වුනත් තිබෙන්න හැකි අද්විතීය දෙයක්. ඔබේ ප්‍රතිචාරයට ගොඩක් තුති ලෝටස්!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s