තමුසේ මාව කෑවා ඕයි! (අවසාන කොටස)


පසුගිය ඉතාලි මහ මැතිවරණයේ ප්‍රතිපල සමහර විට ඔබ දන්නවත් ඇති නොදන්නවාත් ඇති. Not a big deal! හැබැයි එහිදී සිදු වුන එක දෙයක් තමා වෘත්තීය විහිළු කාරයෙක් වුන බෙප්පේ ග්රිලෝ (Beppe Grillo)  ගේ තරු පහේ ව්‍යාපාරය (Five Star Movement) කියන දේශපාලන ව්‍යාපාරය, වැටුණු චන්ද වලින් 26% ක් ලබා ගැනීම. සියලුම දේශපාලකයන් වෘත්තීය විහිළු කාරයන් නිසා ඕකත් මොන කජ්ජක්ද කියා ඔබට සිතෙන්න පුළුවන්.

ඇත්තටම ඉතාලි මහ මැතිවරණ තරඟය හැඳින්වුණේ ධන කුවේරයෙක්, මහාචාර්ය වරයෙක්, දේශපාලනඥයෙක් හා විහිළු කාරයෙක් අතර තරඟයක් ලෙසයි. මෙයින් විහිළු කාරයා වුනේ බෙප්පෙයි. මොකද ජනතාවට විහිළු සැපයීම ඔහුගේ රැකියාව. දැන් දේශපාලනයේදීත් මෙයම ඔහුට දිගටම කරගෙන යන්න පුළුවන් වෙන්නත් ඉඩ තියනවා.

බෙප්පේ හා ඔහුගේ තරු පහේ ව්‍යාපාරය ගැන හා ඔහුගේ දේශපාලන වැඩ ගැන මේ දැල පීරලා විස්තර හොයා ගන්න පුළුවන්. ඒ නිසා නොලියා ඉන්නම්. හැබැයි ඔහුගේ දේශපාලනය පටන් ගත්තේ වසර දෙදහස් පහේදී ආරම්භ කල බ්ලොගයක් මගිනුයි. ඒ අවුරුද්දේ ඔහුට ඒ කියන්නේ බෙප්පෙට හමුවෙලා තියනවා ගුප්ත වෙබ් නැත්නම් දැල් ආයෝජකයෙක් වුන Gianroberto Casaleggio. ඔහු තමා බෙප්පෙට කියන්නේ “මල්ලි පටන් ගමුද බ්ලොග් එකක්”  කියල. මේ වෙනකොට බෙප්පේ මේ බ්ලොග් කියන්නේ  මොකක්ද කියලා අන්දෝ සංසාරයක් දැනගෙන හිටියේ නැහැ. හැබැයි ආරම්භ කර වැඩි කලක් යන්නට මත්තෙන් ඔහුගේ බ්ලොගය ලෝකයේ වැඩියෙන්ම කියවන බ්ලොගයන් දහය අතරට පිවිසුනා.

ඒ එක කතාවක්. අනික තමා සෝමාලියාවේ ජනාධිපති හසාන් ෂේක් මොහමුඩ් ගේ කතාන්දරය. සෝමාලියාව කියුවහම අද කාලේ නම් මතක් වෙන්නේ මුහුදු මංකොල්ල කාරයන්ව. එයාල මුහුදේ මංකොල්ල කන අතරේ ගොඩක් අප්‍රිකානු හා ආසියානු රටවල දේශපාලකයන් විසින් ජනතාවගේ සම්පත් හා දේපොළ මහා දවල් ගොඩ බිමේ මංකොල්ල කනවා. හැබැයි මා ලියන්න හදන්නේ එයට වෙනස් කතාවක්.

දැනට පනස් හත් වෙනි වියේ ඉන්න හසාන්  දීර්ඝ කාලයක් දේශපාලනය කරපු කෙනෙක් නොවේ. ඔහුගේ දේශපාලන පක්ෂය වන සාමය හා සංවර්ධන පක්ෂය (The Peace and Development Party) පිහිටුවා ගත්තේ වසර 2012 මැද, එවසරේ සැප්තැම්බර මස තිබුන ජනාධිපතිවරණය සඳහායි. ඔහු කිසිවෙකු නොදන්නා අයෙකු ගේ ඉඳලා ජනපති පදවියට තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයෙකු වුනේ එක රැයකින්. එයම විශේෂත්වයකට කාරණයක් වුනත්, ඔහුගේ අද්විතීය බව එතනින් නතර වෙන්නේ නැහැ. හසාන් සෝමාලියාවේ ගෝත්‍ර නායකයෙක් වත්, ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙක් වත් හෝ වෙනත් ප්‍රාදේශීය කල්ලියක නායකයෙක් හෝ නොවේ. ඔහු හිටපු ගුරුවරයෙක් හා  දරුවන් පස්දෙනෙකුගේ පියෙක් පමණයි. හැබැයි ඔහු තමා සෝමාලියාවේ 1991 වර්ෂයේ සිවිල් යුද්දය (සිවිල් නම් එතන යුද්දයක් කොහොමද කියා මගෙන් අහන්න එපා. ඔහොම තමා කියන්නේ) ආරම්භ වුනාට පසුව පත් කරගත් පළමු සිවිල් රජයේ ජනාධිපති වරයා.

හසාන් ගැන ටයිම් සඟරාවේ අපූරු ලිපියක් පලවී තිබුනා සති කීපයකට පෙර. එය සම්පුර්ණයෙන් පරිවර්තනය කරන්න තිබුනා නම් හොඳය කියා හිතෙනවා. නමුත් ඒ සඳහා අවසරයක් නැහැ. මේ එයින් ගත්ත කොටසක්. “The PDF saw the presidential election as its big chance to transform the country. Targeting Somalia’s new MP’s, who would elect the new leader, “our strategy became to advocate for change” said Hassan. “We said: ‘If you re-elect the same people, we can expect the same mistakes.’ We used the media a lot: the internet, television, FM radio across Somalia, billboards. Our message was simple: ‘These guys should not come back’. The donors added their weight to the campaign. “The warlords were bribing MPs”,  says one  diplomat. “But the vote was a secret ballot. We told [the MPs]: take the money, but vote with your conscience. The only person who will know how you vote is you and your God'”.

On Sep. 10,  2012, the incumbent President Sheik Aharif   Ahmed, whose administration was accused in a 2012 U.N. report of widespread corruption, won 64 out of 271 votes. Hussan came in a shocking second with 60. In the hours before a second round of voting, says Hussan “My team went to work. [our] message was: This is only chance we have. This is only time you can save Somalia. Do it now”. In the second round, the President got 79 votes and Hussan got 190. It was overwhelming, Hussan says “And I was sworn in the same night”.

එම ලිපිය අවසන් වෙලා තිබුනේ මෙහෙමයි.  Asked about Somalia in decades to come, Hussan describes a country others can learn from. “I see this very old history of conflict changing in the Horn of Africa,” he says. “I dream of a Somalia that is a contributor of ideas, an example to the rest of Africa and other parts of the world. Many Somalis became citizens of other countries. I see people demanding to become Somalis . Somalia as a global model might sound unlikely. But then Hussan has already taught Somalia a lesson few ever imagined it would learn. That is, says Farah Abdikadir, now a presidential adviser, “the lesson of getting into the top seat without using guns or killing people.

Time, March 4, 2013 ඇසුරිනි.

Advertisements

6 Comments

Filed under Politics

6 responses to “තමුසේ මාව කෑවා ඕයි! (අවසාන කොටස)

  1. Anonymous

    මම හොඳ ඇනෝ කෙනෙක් ..මට ඕනේ ඔයාල එක්ක හිතවත් වෙන්න .මගේ නම යහපත් ඇනෝ .

  2. ලංකාවේ බුද්ධිමතුන් කියලා ඉන්න සුළු ප්‍රමාණය බ්ලොග් ලියන්න එන්න ඕන හොඳම කාළය මේක. මම පෞද්ගලිකවම ඒ අයට ඇරයුම් කරලත් තියෙනවා. ඒත් ඔවුන් නිහඬයි.

    • හිරු

      අපි ඒවා කියෝනවා.. කියෝලා ඔව් මේ කතාව නම් ඇත්ත කියලා හිතනවා.. ඊට එහාට මොනාද මාතලන් අපිට කරන්න පුළුවන්….

  3. පිස්සන් කො‍ටුවක අපි නිවැරදි සිහියෙන් සිටින්නට උත්සාහ කල විට පිස්සො සිතන්නේ අපට පිස්සුව තද වී ඇති බවය.එනිසා මුලින් පිස්සන් කො‍ටුවෙන් පිටමන් විය යුතුය.

  4. අද මම එකද? 😀

    ඉහතින් ප්‍රතිචාර දක්වා ඇති සියලුම දෙනාට පොදු පිළිතුරක් මෙහි සටහන් කරන්නම්.
    ඇත්තටම ඇනෝ, නමක් නැති ප්‍රතිචාර වලට මගේ නම් අමනාපයක් නැහැ, ඔබ යහපත් හරි අයහපත් හරි වුනත්. ඔබ, ඔබගේ නමින් ආවත් මා ඔබ අඳුරන කෙනෙක් වෙන්නට තියන ඉඩ හරිම අඩුයි. ඒ එක කරුණක්. අනික තමා එහෙම අඳුර ගත්තත් කොමෙන්ටුවකින් පමණක් ඔබ හිතන හැටි මනින්න අමාරුයි. හැබැයි දිගටම කොමෙන්ටු දමනවා නම්, ‘යහපත් ඇනෝ’ කියා නමක් හදාගෙන කොමෙන්ටු දැමීම වඩාත් “යහපත්” දෙයක් වෙන්න තියන ඉඩ වැඩියි. හැබැයි බ්ලොගයක් අවංකව ලියන කෙනෙකු අන්වර්ථ නමකින් ලියුවත්, තමන්ගේ නම මුලට දමලා ලියුවත් එක දෙයක් පැහැදිලියි. ඒ එයා හිතන විදිහ. මාතලන් හෝ හිරු හෝ මගෙනම මේ කවුරුත් බ්ලොගයන් පවත්වාගෙන හා එනමින් කොමෙන්ටු දාන හින්දා ඔවුන් හිතන අයුරු අප ටිකක් දන්නවා. ඒ අදහස් සමග අප එකඟ වෙනවා කියන එක නොවේ, හැබැයි ඔවුන්ගේ දේශපාලන හෝ සමාජයීය අදහස් යම්තාක් දුරට එම බ්ලොග් වලින් හෙළිදරවු වෙනවා. ඔවුන් හා මා මේ බ්ලොග් ලියුවත් නොලියුවත් ඒ හිතන විදිහ නම් වෙනස් වෙන්නේ නැහැ. එකම දේ තමා මේ ලියවිල්ලෙන් අප හිතන අයුරු ඔබටත් දැන ගන්නට ලැබෙනවා. එය හොඳ දෙයක්ද නැත්නම් නරක දෙයක්ද, එහෙමත් නැත්නම් නියුට්‍රල් දෙයක්ද කියා තීරණය කිරීමේ අයිතිය ඔබට තියනවා. මේවා කියවූවා කියා කෙනෙකු විශාල වශයෙන් වෙනස් වන්නට හැකියාවක් නැහැ.

    මගේ එක මතයක් තියනවා, එනම් ඔබ අන්තර්ජාලයේ ලියන ඕනෙම දෙයක් කෙනෙකුගේ මූණටම කියන්නත් හැකි දෙයක් වෙන්න ඕනේ. ඔබට ගුවන් විදුලියක, රූපවාහිනියක නැත්නම් පත්තරේකට අදහස් දක්වන්න කියා ඉඩක් ලැබුනොත්, ඔබ අදහස් දක්වන්නේ කෙලෙසකද, මේ ජාලයේත් එහෙම විය යුතුයි. ඔබේ මූණ පේන රූපවාහිනියේ, මූණ පෙන්නමින් ඔබ කුණුහරුප කියන්නේ නැහැනේ. ඒ වගේම කොමෙන්ටුවක් දාන කොටත් මූණට කියන්න හයියක් නැති ජරා කතා නොකියා ඉන්න ඕනේ. සමහරුන් අම්ම තාත්ත එක්කත් කතා කරන්නේ කුණුහරුපෙන් නේ. ඔවුන්ව මෙතැනදී මා අමතක කරනවා.

    දැන් හිරු කියන කතාව ගම්මු. දේශපාලනය කියන්නේ වේදිකා වල කෑ ගහන එකම විතරක් නොවේ. අපේ මහත්තයා සමග හෝ අපේ හාමිනේ සමග අපේ තියන සම්බදතාවයටත්, අල්ලපු ගෙදර මිනිහා හෝ ගැහැණිය සමග අපේ තියන සම්බන්දතාවයටත්, වැඩ කරන තැන, අප වැඩ කරන හැටියටත් හා අනික් සහෝදර වැඩ කරන පිරිස් සමග ඇති සම්බන්දතාවයටත්, බස් එකේ යන විට අප හැසිරෙන ආකාරයේත්, කුස්සියේ උයන විටත් මේ දේශපාලනය තියනවා. මේ කෑ ගහන සමාජවාදය, එම කෑ ගහන පිරිස් බොහොමයකගේ එදිනෙදා ජිවිතයේ නැහැ. ඔවුන් හිතන්නේ එය, එක පාරටම නිර්ධන පන්තියේ රජයක් පිහිටවපු දවසට මෙලොව පහල වෙන දෙයක් කියලා. එහෙම වෙන්න විදිහක් නැහැ. මොකද ඔවුන් විසින් නම් එම පාලනය පිහිටුවන්නේ. සමාජවාදය හෝ යහපාලනය හෝ අහසින් කඩා වැටෙන්නේ නැහැ. ඒවා එක පාරටම පහල වන දේවල් නොවේ. Love is in the air වගේ මේවා අප වටපිටාවේ, එදිනෙදා ජිවිතයේ, මවු-පිය-දරුවන්ගේ සම්බන්දතා වල, අඹු-සැමි සම්බන්දතා වල, වැඩකරන තැන තිබිය යුතු දේවල්. මා හරියට වැඩ කරන්නේ කවදා හරි අපේ කම්කරු රජයක් පිහිටවපු දවසට කියලා කියන මිනිහා කිසිදා වැඩ කරන එකෙක් නොවේ. අප හරියට ඉගෙන ගන්නේ නිර්ධන පන්ති රජයක් පිහිටවපු දවසට කියන එකා කිසිදා ඉගෙන ගන්නේ නැහැ. මේ ධනපති ක්‍රමය යටතේ මොන අඹු-සැමි සම්බන්දතා ද කියන මිනිසුන් හා ගැහැනුන්, කිසිදා එවැනි යහපත් මිනිසුන් වන්නේ නැහැ. මෙය තමා මා මේ ලිපි පෙලෙන් කියන්න අදහස් කළේ.

    අප බොහෝ විට කරන දෙයක් තමයි, තමුසේ තමයි මාව කෑවේ කියලා අනුන්ට වරද පැටවීම. එහෙම කරන එක නම් ලෙහෙසියි. සුද්ද අපව යටත් කර ගත්ත නිසා තමයි සේරම විනාශ වුනේ කියන කොට, අප අමතක කරන දෙයක් තමා උන් ගිහින් ගොඩක් කල්. මේ කාලයම ඇතිනේ වෙනස්ව පටන් ගන්න කියා. හැබැයි උන් දීලා ගිය හොඳ දේවල් වලින් එකක් වත් අප පවත්වාගෙන යන්න සමත් වෙලා නැහැ. රාජාණ්ඩුව හොඳයි කියන එකාට හරියටම තේරේවි, මහා රජා පාරේ යනකොට තමන්ගේ බිරිඳට හරි සොයුරියට හරි දුවනියට හරි උගේ හිත ගිහින් මාලිගයට එන්න කියපු දවසට. සුද්ද හදල දුන් නීති ක්‍රමය පයින් ගහලා, පාර්ලිමේන්තු ප්‍රජාතන්තරවාදය පවුල් වාදයක් කරලා, රටේ සම්පත් හුරාගෙන කන රාජාණ්ඩුවක් යලි ඇති වුන දවසට, අනේ අපට තිබුන විදිහ කොතරම් අපූරුද කියා තේරුම් යන්නත් පුළුවන්. ඒ වගේම උතුරු කොරියාව වගේ ගොන් හරක් පවුලක් විසින් පරම්පරා ගණනක් පාලනය ගෙන යන, රටේ මිනිසුන් ගැන නොසිතා පරමාණු බෝම්බ විතරක් හදන, ගොයම් කපන කාලෙට හරක් වගේ කුඹුරු කොටන්න පිටත් කරන පාලනයක් ආවත් මේ තිබුන විදිහ හොඳය කියා හිතෙන්න පුළුවන්.

    මාතලන් කියන උගත්තු මේ බ්ලොග් ලියන්න ආවත් වැඩක් වේවිද? (එතකොට මල්ලි, අප වගේ අවශේෂ කට්ටිය කොහාටද යන්නේ?). මේ බ්ලොගයන්ගෙන් හෝ වෙනත් ජනමාධ්‍යකින් අලුතින් මිනිසුන් බිහි කරන්න බැහැ. හැබැයි ඉන්න මිනිසුන් එක දෙයකට ගොනු කර ගන්න හෝ පිරිස් තමන් වටේ එක්කහු කර ගන්න පුළුවන්. ඉතාලි විහිළු කාරයා කළේ එයයි. සෝමාලියාවේ සාමාන්‍ය මිනිහෙකු ජනාධිපති වුනේ, මිනිසුන්ගේ අවශ්‍යතාවය එතන තිබුන හින්දා. ලංකාවේ මේ අන්තර්ජාල පාඨක පිරිසගෙන් බහුතරයක් ලංකාදීප පුවත්පතේ කොමෙන්ටු දාන පිරිස් වගේ නම්, මාතලන් කියන උගත්තු ආවත්,වෙනසක් වෙන්න හැටියක් නැහැ. ඥාන-අසාර හරක් වටේ මිනිසුන් වැඩිපුර රැස් වෙන්නේ ඔවුනගේ තියන විශේෂත්වයක් නිසා නොවේ. එවැනි හරක් සමාජයේ ඕනේවටත් වඩා ඉන්නවා. අද විද්‍යාව බොරුය, බටහිර ප්‍රජාතන්තරවාදය අපට ගැලපෙන දෙයක් නොවේය කියන කට්ටියම, මේ දේවල් නිසාම ජීවිකාව පවත්වාගෙන යන දෙපිට කාට්ටු පිරිසක්. හැබැයි ඔවුන් පසුපස යන කිසිවෙකුත් අඩු ගානේ රැකියාවකට වත් කුසලතාවයක් එකතු කර ගන්නේ නැහැ. අන්තිමට අමාරුවේ වැටෙන්නේ ඔවුන් මිසක්, ඔවුනගේ “ගුරු දෙවියන්” නොවේ. එතකොට තමා එයාලත් දැන ගන්නේ, අපව ගොනාට ඇන්ඳුවට, අඩුම ගානේ එයාලගේ දරුවන්වත් මේ පාරේ ඇවිත් නැහැ කියලා. සමාජවාදය දෙසන සමහර පිරිසුත් මේ වගේමයි. සමහරුන්ගේ දරුවන් බටහිර ඉගෙන ගන්නේ. එයාලත් පණ බේරා ගන්න ඕනේ වුනහම එන්නේ බටහිරට. හැබැයි කණ කැස්බෑවා හඳ දකින්න වගේ ලැබෙන අවස්තාවක් වන, ලංකාවේ සරසවියකට, තේරෙන පිරිස් ලවා නිර්ධන පන්ති ආඥ්යාදායකත්වය පිහිටුවන්න හදනවා. එවැනි අය ඇත්තටම ආදර්ශයට ගන්න ඕනේ ගම්ලත් හෝ වික්‍රමබාහු වැනි පිරිස්. ඔවුන් තමන්ගේ ඉගෙනීමේ අන්තිම කෙරවලට ගොස් තමා නිර්ධන පන්ති සටනේ නියැලුනේ/නියැලෙන්නේ.

    අඩුම ගානේ එක එක වෙලාවට තමන්ට අවශ්‍ය පරිදි කියන දේවල් ඔවුන් වෙනස් කළේ නැතුවා විතරක් නොවේ, වෙනත් භාදක මැද්දේ වුවත්, රැකියාවක් කරගෙන ඉන්න අවශ්‍ය දැනුමත් ඔවුන් සතුයි.ඒ විතරක් නොවේ කියන දෙයක් තේරුම් යන ආකාරයෙන් කියන්නත්, භාෂාව කුණුහරුපවලින් තොරව හසුරවන්නත් ඔවුන්ට පුළුවන්. මේ උපාධි එපා, ධනපති අධ්‍යාපන ක්‍රමයෙන් වැඩක් නැහැ කියන පිරිස් ලියන අයුරු දිහා බලපුවහම, මේ “ධනපති අධ්‍යාපන ක්‍රමයෙන්” හෝ ඔවුන් ටිකක් ඉගෙන ගන්න අවශ්‍ය මොකද කියන එක, ඒවා කියවන වෙන පිරිස් වලට වැටහෙනවා.මා ලෝක උදාහරණ ගන්නේ නැත්තේ මෙය තවත් දික් වෙන නිසා.

    ඥාන අසාර සමාජවාදීන් විසින් එක කාලෙක තමන්ගේ පිරිසක් මුහුණ දුන්න, මනුෂත්වයේ ඛේදවාචකය සහමුලින්ම අමතක කරලා, එවැනිම ඉරණමකට තවත් ජන සමුහයක්, තමන්ගේ පෙර ඝාතකයන් සමග එකතු වී දැක්කවීම කොතරම් දෛවෝපගත දෙයක්ද? කාලයෙන් කාලයට තමන් කියන්නේ හා පෙනී ඉන්නේ මොනවාදැයි නොදැනීමම මොවුන්ගේ ඥාන අසාර බවේ ලක්ෂණයක්. මෙවැනිම පිරිස් තමා මේ අන්තර්ජාලයෙත් කුණුහරුප කියමින් සැරි සරන්නේ. බුදු දහම රැක ගැනීමට, අරුන්ව මරමු! කියන කට්ටිය බුදුහාමුදුරුවන්ගේ අනුගාමිකයන් නම් නොවේ. මෙවැනි හරක්ට එරෙහිව තමා සිද්දාර්ථ ගෞතම සත්‍යය සොයා ගියේ. ඒ වගේම තමා, යහපත් සමාජයක් සොයා යන සමාජ වාදීන්, නිර්ධන පාන්තික විප්ලවවාදීන් කුණුහරුප කොමෙන්ටු දාන්නේ. ඔවුන් සියලු දෙනාම බලාපොරොත්තු වන යහපත් සමාජයේ නොසිටිය යුත්තේත් ඔවුන්ම මිසක් අනෙක්, අය නොවේ. මේ ලියුවේ මගේ “තමුසේ මාව කෑවා ඕයි” කියන සටහන් පෙලට පසු වදනක්!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s