බතල ගෙඩිය ලිපේ, පොල් කෑල්ල අතේ!


මා කලින් සටහන එළවලු කඩයකින් පටන් ගත්තේ අහම්බයකින් නොවේ. බලයන් කාපුවහම මොලය හැදෙනවා කියල මෝඩ ආතල් ගන්න ඇමතිලත් සමහර රටවල ඉන්නවා. හැබැයි ජපානේ ඉන්න කෙන්ජි කියන ආකාරයට, ජපන් ජාතිකයන් වැඩිපුර කන්නේ බල මාළු නම් නොවේ. ඉතින් ජපාන ජාතිකයන්ගේ මොලය නම් හැදෙන්න විදිහක් නැහැ.

හැබැයි ජපාන ජාතිකයන් තමා ලෝකේ වැඩිපුරම කලක් ආයුෂ වළඳන ජනතාව. ආයුෂ වළඳනවා කියන්නේ කාලය කන එක නොවේ. වැඩි කලක් ජිවත් වෙනවා කියන එක. සකේ සමග කෙලවල්ලන් කාපුවහම මෙහෙම දිර්ගායු ලැබෙනවද කියන එක ගැන හරියටම හොයාගෙන නැතත්, ජපාන ජාතිකයන් තමා ලෝකේ වැඩිපුරම සෞක්‍ය සම්පන්න ජිවිත කාලයකටත් හිමිකම් කියන්නේ. ඒ කියන්නේ, වසර 79.3 ක් හොඳ සෞඛ්‍යයෙන් ජිවත් වෙනවා. මෙය ලෝකයේ සාමාන්‍යයට වඩා වසර  10.5 ක් වැඩියි. මොලේ හැදීමට කෙසේ වෙතත් මෙයට වත් බල මාළු ගාව ගන්න පුලුවන්ද?

ටෝකියෝ සරසවියේ නයු ඉකේඩා හා ඇගේ සහායකයන් මෙයට හේතු විය හැකි දේවල් ගැන ඉඟි හොයා ගෙන තියනවා. එකක් තමයි ජපාන ජාතිකයන්ගේ ආහාර වට්ටෝරු සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්නයි (ඕකනේ මන් කියුවේ, නැත්ද විමල් මහත්තයෝ). අනික තමා ජපාන ජනතාව නිතරම සෞඛ්‍ය පරීක්ෂණ වලට පෙනී ඉන්නවා. හැම වසරකම මිලියන තුනක ජනතාවක් “කන්ප්‍රිහෙන්සිව් මෙඩිකල් චෙක් අප්” නැත්නම් the human dry dock කියන එක රැයක් ක්ලිනික් එකක නතර වෙලා කර ගතයුතු සෞඛ්‍ය පරීක්ෂණය කර ගන්නවා.

ඒ විතරක් නොවේ, ලෝකයේ ලෝකයේ ජීවිතකාලය කෙටි කරන ප්‍රධාන සාධකයක් වන අධිරුධිර පීඩනය ජපාන ජාතිකයන්ගේ කරදර කාරී ප්‍රශ්නයක් නොවේ. ඇත්තටම ජපනාගේ රුධිර පීඩනය අඩු වෙමින් තියෙන්නේ. එක හේතුවක් තමා  anti-hypertensive බෙහෙත් ලබා ගැනීමට ඇති හැකියාව සුලභ කිරීම. අනික ලුණු භාවිතා කරන එක අඩු වීම.

හාවර්ඩ් සරසවියේ ලෝක සෞඛ්‍යය පිලිබඳ මහාචාර්ය ජෝෂ් සැලොමන් කියන්නේ ජපනාට පුළුවන් නම් සෞඛ්‍ය සම්පන්න වියපත් දිවියක් ගත කරන්න, ලෝකේ ඉන්න අනික් ජාතිකයන්ටත් පුළුවන් වෙන්න ඕනේ කියා (ළමයා!, ඔය කෙලවල්ලන් පෙත්තකුයි, සකේ වඩියකුයි මෙහෙට ගම්මුකො බලන්න!).

(මෙහි එන තොරතුරු වල මුලාශ්‍රය කලින් සටහනේ සඟරාවම බව සලකන්න. එහිම තිබූ ලෝකයේ ජිවිත කොට කරන ප්‍රධාන හේතු හා දික් කර ගන්න හේතු විය හැකි ආහාර පුරුදු ගැන මීළඟ සටහනෙන්).

21 Comments

Filed under Education, Food, Social

21 responses to “බතල ගෙඩිය ලිපේ, පොල් කෑල්ල අතේ!

  1. ජපන් ජාතිකයන්ගේ ආයුෂ වැඩි වීමට 34% බලපානවා ඇත්තේ ඔවුන්ගේ
    ජානමය සාධක රයිගම් ..

    තව 33% බලපානවා ඇත්තේ පෝෂදායි අහාර .
    ඉතුරු ටික අනිවාර්යේම්ම තාක්ෂණික දියුණුව සඳහා
    වෙන් කරන්න ඕනේ ..

    දැන් 100% සම්පූර්ණයි .. 😀

  2. ජපනා මාළු කන්නේ අමුවෙන්.. දැක්කම නං අප්පිරියයි.. ඒත් ඒ සෝස් වර්ග ටික ගැවිලා ආවාම නං පංකාදුයි.. අර ටියුබ් එකක් මිරිකලා ගන්න සෝස් එකක් තියනවා.. එයින් පොඩ්ඩත් ඇති දෙව්ලොව සිහිවෙන්න.. මේ ගැන වැඩි විස්තර නම් කෙන්ජිම තමා දන්නේ.. මේ සටහනට ස්තුතියි රයිගම්.

  3. Kenji @ Japan

    ඇහුනද රයිගම,අපි ලංකාවෙදි බැදල කන සයිස් එකේ කෙලවල්ලො පෙති නෙමේ සකේ බොන ගමන් කන්නෙ.
    රතුම රතුවට දිලිසෙන රුපියල් 2කේ කාසියෙ හතරැස් සයිස් එකේ cm5ක විතර ඝනත්වයක් ඇති කැබැල්ලක් තමා අරව තවරගෙන කටට දමා ගන්නෙ:) 🙂 :).

  4. මට නම් කොච්චර උනත් ඒ මාලු ආසා හිතන්නේ නෑ. ජපන්නු පැකට් කරපු වේලපු මාලු කනවා කටට ගන්ට බැරි. සකේ කියන්නෙත් පල් කරපු හාල් වතුර බොනවා වගේ. ෂිහ් මේවා කනවට, බොනවට වඩා හොඳයි ආයුෂ ටිකක් අඩුවෙන එක. 😀

  5. මේ කියන්නේ වසාබි සෝස් ගැනයි. මාත් මුල් දවසේ පොර සේ කාලා නහයෙන් වතුර ආවා!

  6. ප්‍රවීනාගේ සටහන දැක්කහම මට හිතුනේ මම අහපු කතාවක්… තරමක වයසක මනුස්සයෙක් දොස්තර කෙනෙක් ලඟට ඇවිත් කිව්වලු, දොස්තර මහත්තයෝ මම දැන් මත්පැන් බීම, දුම් ඉරීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා… තනිකර එළවලු ආහාර විතරයි කන්නේ… තෙල් කෑම කන්නෙම නෑ… මගේ ආයුෂ ලේසියෙන්ම අවුරුදු 5 කින් විතර වැඩිවෙයි නේද? කියලා. දොස්තර ටිකක් වෙලා හිතලා කිව්වලු.. ඔව් ජීවිත කාලය ලේසියෙන්ම තව අවුරුදු 5කින් විතර වැඩිවෙයි… ඒත් ඉතිං මොකටද ඔහොම ජීවත්වෙලා.. කියලා.

    ජීවිතකාලය කෙසේ උනත් ඉන්න ටික නිරෝගීව ඉන්න ලැබෙන එක නම් ලොකු දෙයක්… නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා කියලානෙ කියන්නේ. මට නම් ඇත්තටම ආසාවක් නැහැ ගොඩක් කල් ජීවත් වෙන්න… මගේ වැඩ මට කරගන්න බැරුව ජීවත්වෙනවට වඩා මම කැමතියි ටිකක් ඉක්මනට මැරෙන්න. ඔය කිව්වට වයස යනකොට මැරෙන්න බය වෙලා මොන මොන විගඩම් කරයිද දන්නෙ නෑ හැබැ‍යි.

  7. ජප්පන්ගේ අධිරුධිර පීඩනය අඩු වෙන්න නම් විදියක් නෑ මොකක් හරි විශේෂිත හේතුවක් නිසා මිසක, මොකද ස්ට්‍රෙස් එක උපරිමයට තියෙන ජීවිත ගත කරන නිසා මම දන්න විදියට. උදාහරණයක් විදියට අපේ ශිෂ්‍යත්ව විභාගේ වගේ ළමයින්ට උගන්නන්න තියෙන තර‍ඟේ, ටියුෂන්, අමතර පන්ති වල පීඩනය, අම්මලාගේ තරඟය අපිටත් වඩා නරක විදියට තියෙන බවයි මම අහලා තියෙන්නේ ජපානය කොරියාව වගේ රටවල් වල.

    මම මේ එකක්වත් අත්දැකලා නෑ, කෙන්ජිලා වාගේ. මම අහපු කියවපු ඩේ විතරයි මේ.

  8. මම නම් අදටත් හිතන්නේ ජපන්නුන්ගේ ජීවීත් වීමේ රටාව හා සිතුවිලි බොහෝම සැහැල්ලුයි. සමහර විට සශ්‍රීක ආර්ථිකයත් ඒකට හේතු වෙන්න ඇති. අපේ ආච්චිලා සීයලා 100 ගනන් ජීවත් උනේ ඔය විජ්ජාවේ දියුණුව නිසා නෙමෙයිනේ. සරළ ජීවන රටාව නිසා. මහා බලාපොරොත්තු නැති නිසා. පරිසරය සමග ජීවත් උන නිසා. නගරෙක කෙනෙක් වැඩි කාළයක් ජීවත් වීමට හේතුව ඔබ කියන් දේ වෙන්න පුළුවන්.

  9. Kenji @ Japan

    @praveena;
    ජපන්නු පැකට් කරපු මාලු නම් මොනම රටකදිවත් කන්නෙ නැහැ.ටුනා[ජපන් බසින් මගුරො]හැර අනිත් මාලු කන්නෙ එවෙලෙ මරපු මාලුව කට ඇර ඇර මැරෙද්දි.
    ඉස්සො වතුර භාජනයේ දමල කන තැනට යැව්වම කෝටු දෙකෙන් අල්ලන්න ඉස්සෙල්ල අත් දෙකෙන් වැදලා “ගොමෙන් නසායි”[සමාවන්න]කියල ඔලුව කඩල පොත්ත ඇරල ලයිට් සෝය සෝස් වල තවරල,වසාබි මුහු කරගෙන කටට දාගන්නව.
    වියලි හාල් මැස්සන් සහ එක එක ඇට[අපේ ඇට නෙමේ]වර්ග කලවම් කරපු ඒවානම් කනව එළිමහනෙ ෂොට් එකක් දාද්දි.
    ලංකාවෙ පැය විසි හතරක් පුරා මී මැස්සෝ පල් වෙච්ච රා බීපු අපිට,හාල් දින 7/21/……..තව තව පල් කරල නවීන තාක්ෂනය උපයෝගී කරගෙන හදන සකේ ඉස්තරම් නෝනෙ.

  10. Kenji @ Japan

    හෙන්රි මලයට යමක් කියන්න ඕන,
    මෙහෙ ඇවිල්ල වැල යන අතට මැස්ස වගේ.
    සමහර ගෙවල් වල අම්ම/තාත්ත දෙන්න උදේ පාන්දර වැඩට ගිහිල්ල.
    කෑම මේසය උඩ තියෙන උමේ බොෂි රතු පැහැති ඇඹුල් ඇටය සහිත බත් කෝප්පය සහ මිසො සුරු සුප් එක බඩට දාගෙන ගේ ලගට එන බස් එකේ නැගල පාසලට යනව.දුර යන අය බයිසිකලයෙ ගොස් දුම්රිය/බස් වලින් යනව.
    ලංකාවෙ දෙමව්පියන්ට තියෙන පිස්සුව මෙහෙ අයට නැහැ.[ඉතාම සුළුතරයකට හැර]
    වයස 14/15වෙද්දි පාසල් කාලයෙන් පසු සහ පාසල් නිවාඩු කාලයෙ පාර්ට් ටයිම් වැඩවලට යායුතුයි.තමන්ගෙ අතුරු ඉගෙනුම් සහ තමන්ගෙ වියදම් සදහා.විශේෂයෙන් මේ පාසල් දැරියන් අදින සාය චියර් ලිඩස්ලා ගේ එකටත් වඩා ටිකක් කොටයි.සමහර tv වැඩසටහන් වලදී යුරෝපිය සහ ජපන් වි.වි සිසුන්ගෙ අප්‍රසාදය මෙයට ප්‍රකාශ කර තිබෙන අවස්ථා බොහොමයි.
    සමහර tv වැඩ සටහන් වලදී උඩ කිව්ව වයසෙ ගෑනු දරුවො කියනව වයස කීය උනත් කමක් සචෝ[boss]කෙනෙක් කොළ 100ක් [කොලයක් කියන්නෙ යෙන් 10,000ක්]දෙනවනම් එයාලගෙ අර කළු පෙට්ටිය හොයන්න දෙනවලු.

  11. ස්තුතියි. කෙන්ජි. එතකොට ලමා අපචාරෙ කේස් එන්නේ නැද්ද?
    මාත් දැකලා තියෙනවා වයසක ‍ටුවරිස්ට් ජප්පො පොඩී කෙල්ලො එක්ක තමයි මෙහෙ යනවා පේන්නෙ.

  12. Kenji @ Japan

    තමන්ට අවශ්‍ය වියදම් හොයා ගන්න ළමයින්ට ගෙදරින් නිදහස දුන්නම හෙන්රි,දරුවත් කැමති නම් වයසක උන්දැත් හොදට ගෙවනව නම් පැමිණිල්ලක් නැහැ නොවැ.
    ජපානයෙ අඩු වයසෙ [16+/18+ඉදල ඉහල අය]ගැහැණු/පිරිමි අය ජැක් පොට් මැෂින් තියෙන[පචින්කො]තැන් ඕපන් කරනකන් ඉන්නව එලියට වෙලා සිගරට් පුච්ච පුච්ච.අඩු වයසෙ එව්වො ඉන්නෙ හොද අපාර්ට් වල,යන්නෙ සුපිරිම දොර දෙකේ ටොයියලගේ.
    කොල්ලන්ගෙ ග්‍රහය නරක් වුනාම ඉතින් පාරට බැහැල විදේශිකයන්ගේ[ගයිජියන්]වාහන කඩන තැන් වල දවස් කුලියට වැඩ කිරීම තමයි.
    කෙල්ලන්ට නම් ඉතින් කියල වැඩක් නැහැ.දත් රුයිතෙට ගිහිල්ල,නහය මඤඤං,මුන කචල් වුනාට පොත්ත සුදු නිසා විනාඩි 45 ට ලව් හොටෙල් එහෙකට රිංගල මන් එකක්[යෙන්10’000ක්]හොයා ගන්න පුළුවන්.අපේ රටේ එවුන් ඇතුළු අසල් වාසි රටවල එහෙම අයව කසාද බැදල මොන තරම් සිදුවීම් වෙලා තියෙනවද?
    මම දරුවො දෙන්නගෙ ඉගෙනුමත් වෙන රටකට මාරු කලා.

  13. ඔබ කියල තියන දේවල් හරි. හැබැයි එතනට ටිකක් එකතු කරන්න ඕනේ. මා මේ බ්ලොගය පටන් ගත්ත කාලේ ලියපු මේ කතාව කියෙවුවද. මෙය විහිළු කතාවක්. හැබැයි ඇත්තක් නැත්තේම නැහැ.
    ඊයේ මෙහෙ ඕස්ට්‍රේලියා රූපවාහිණියේ ගියා වැඩිකල් ජිවත් වීමේ රහස් කියල ලෝකයේ වැඩි කල් ජිවත් වන්නන්ගේ ජීවන විලාසිතා ගැන. එකේදී කියවුන එක ප්‍රදේශයක් තමා ජපානයේ ඔකිනාවා දුපත් වැසියන්. දීර්ග කාලයක් ජිවත් වන මිනිසුන් ගැන ප්‍රසිද්ධ ලෝකයේ ප්‍රදේශ කීපයක් තියනවා. මේවා ගැන ඕනේ තරම් ලියවිලා හා පර්යේෂණ කරලා තියන නිසා නොලියා ඉන්නම්. හැබැයි ඉන් එකක් තමා ඔකිනාවා. ඔකිනාවා නුවන්ට ලෝකයේ වැඩිම ජිවත් වීමේ විභවය තියනවා කියල කියවෙනවා විතරක් නොවේ, ඔවුන් තමා ලෝකයේ දිගම සෞඛ්‍ය දායක දිවියකට හිමිකම් කියන්නේ. 1975 වසරේ සිට එම දුපතේ වයස අවුරුදු 100 පැනපු 900 ක් දෙනා ඉඳල තියනවා.

    ජාන වලට 34% ක් වෙන් වෙන්න ඕනේ කියන කතාව හරි. දැනට මේ සම්බන්දව කෙරී තියන පර්යේෂණ දත්ත මගින් පෙන්නුම් කරන්නේ 30% ක් ජාන මත රඳා පවතිනවා කියලා. ඉතිරි 70% වම අපට වෙනස් කරන්න පුළුවන් දේවල් මතයි රඳා පවතින්නේ. ඒ කියන්නේ ජිවන විලාසිතාවේ තෝරා ගැනීම් හා රටක සෞඛ්‍ය පහසුකම්. එයිනුත් පුද්ගලයෙක් වශයෙන් අපටම වෙනස් කරගන්න පුළුවන් දේ තමා ජිවන විලාසිතාවේ තෝරා ගැනීම්.

    මගේ ඊළඟ සටහනට කියන්න යන්නේ ඒ ගැනයි. දැනට ඔකිනාවා කට්ටිය ගැන මා කියවපු දෙයක් ලියන්නම්. ඔවුන් හැම දෙනාම පාහේ දිවිය පුරාම ශාරීරික වශයෙන් ඇක්ටිව් කට්ටිය. ගෙවතු වගා, නැටුම්, ඇවිදීම හා මෘදු සටන් ක්‍රම ඔවුනගේ ජිවිතයේ එක අංගයක්. ඔවුනගේ එක සංස්කෘතික අංගයක් තමා හරා හචි බු කියන බඩෙන් 80% කට ආහාර ගැනීම. බත් වලට වඩා බතල, ඉවිමේදී තෙල් වලට වඩා වතුර පාවිච්චිය, රතු මස් අඩුවෙන් හා එළවලු වැඩියෙන්, අමු මාළු, කොළ තේ හා මෘශ බෝග වල ඇට ඔවුනගේ ආහාරයේ අංගයි.

    හැබැයි ශේර්මි අර ජාන කෑල්ලට එන්නේ දැනුයි. අර අවුරුදු සියය පැන්න භාගයක්ම දින පතා අඩියක් ගහපු කට්ටිය කියා කියවෙනවා. හැබැයි පොඩි අඩි. හතරෙන් එකකට ටිකක් වැඩියෙන් දුම ඇදපු කට්ටිය. දැන් අර අමාරිස් ආතාගේ කතාව තේරෙනවා නේද? මෙය කියෙවුව්ව කියා, ගෙදරදී අත්හදා නොබලන්න. ඔබට ඒ ජාන පිහිටා නොතිබීමට ඇති ඉඩකඩ ඉතා වැඩියි.

  14. මා දන්නවා කෙන්ජි. මෙහෙත් ඔය ඕනෙම දෙයක් කන්න පුළුවන් තැන් තියනවා කැමැත්ත (හා අතේ මුදල්) තියනවා නම්! 🙂

  15. ප්‍රවීනා හරි පල් වතුරක් බීලා නැතුවා වගේ. ලෙහෙසියෙන් බොන්න පුළුවන් නම් ගතියක් නැහැනේ! 😀

  16. නලීන්, ඔය කකා කියල තියෙන්නේ. කෙන්ජි මෙයට පෙර ලියුවේ මේවා ගැනම තමා.

  17. තිසර මා ශේර්මිට ලියුව තැන ඔබට පිළිතුරු තියනවා.
    දීර්ග කාලයක් ජිවත් වීම පමණක් නොවේ, එම කාලයෙන් වැඩි කොටසක් නිරෝගීව ඉන්න එක තමා ජපනුන්ගේ විශේෂත්වය. මෙයට ප්‍රධාන කොටම බලපාන්නේ ජිවන විලාසිතාවේ තෝරා ගැනීම් කියල තමා මේ ගැන ලියවුන ගොඩක් තැන වලදී මතු කරන්නේ.

    හැබැයි වයසට ගිහින් මැරෙන එක නම් තිසර දැන්ම හිතන එකේ තේරුමක් නම් නැහැ. ජිවිතයේ ඔබ වෙනුවෙන් මොනවාද සුදානම් කර තියෙන්නේ කියා හිත හිත ඉන්න එක මහා බොරු වැඩක්. එකක් තමා අපේ “ප්‍රයෝරිටි” කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඔබ අද හිතන හැටියට ජීවිතය ගැන තව වුරුදු දහයකින් හිතන එකක් නැහැ. හැබැයි ඉතින් බොන තරමක් නම් දැනම බොන්න තමා තියෙන්නේ. මොකද පසු කාලේදී තමන්ගේ ප්‍රමුඛතා වෙනස් වුනහම ඕවට වෙලාවක් විතරක් නොවේ, ඕනේ කමකුත් නැතුව යනවා (විහිළු).

  18. ඔය කෙන්ජි අයියා කියල තියෙන්නේ හෙන්රි. හැබැයි කෙන්ජි කියන විදිහට මේ අපට හම්බු වෙන ජපන්නු වෙන රටක වෙන්න ඕනේ හැදිලා තියෙන්නේ. 😀

  19. දැන් මාතලන් මා කතාව පටන් ගත්තු තැනමනේ ඔබ තාමත් ඉන්නේ. අපේ ආච්චිලා සීයලා අවුරුදු සියය ජිවත් වුන කාතාවෙන් තමා මා පටන් ගත්තේ. නුතන වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ලංකාව වැනි රටවල් වල ග්‍රාමීය ජනතාවගේ ජිවිත ගොඩක් වෙනස් වුනා. අද ලෝකයේ තියෙන්නේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා සිදු වුන වරදක් නොවේ, එම දියුණුවේ ප්‍රතිඵල හරියට බෙදී නොයෑමේ වරදක්. හැබැයි මා කතාව පටන් ගන්න සටහනේ ලියලා තිබුන පරිදි ඉරානයේ හා බංග්ලාදේශයේ වැනි රටවල් වල දියත් කෙරුණ ග්‍රාමීය සෞඛ්‍ය වැඩසටහන් නිසා ඇතිවෙලා තියන වෙනස මේ දත්ත පිලි ගන්නවා නම් හිතා ගන්න පුළුවන්. ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය නිසා ඇති වුන වෙනස මෙයටත් වඩා ඉහලයි. දැන් මේ සේවාවන් හකුලාගෙන යනවානේ. එහි ප්‍රතිඵල අපට අනාගතයේ දකින්න හැකි වේවි. හැබැයි මේ සේවා එකක් වත් තිරසාර අන්දමින් පවත්වාගෙන යන්න ඕනේ වටපිටාව නැති කර ගන්න හේතුවන දේවල් කරලා තියෙන්නේ මහා ජනතාව විසින්මයි.

  20. Kenji @ Japan

    ජපානයෙ ඔකිනවා දුපත් වැසියන් කියා නිවැරදි විය යුතුයි රයිගම.

  21. ඔව් කෙන්ජි,ගොඩක් ස්තුතියි. නිවැරදි කළා!

Leave a comment

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.