පොල් ගහකට නැග්ග මිනිහටත් කියන්න දෙයක්!


ඊයේ හෝ පෙරේදා ලංකා දීපේ තිබුනා තමන්ගේ ණය ගෙවා ගන්න, ණයක් ගන්න පොල් ගහකට නැගපු මිනිහෙක් ගැන.  ණයක් ගන්න මිනිහෙකුට එක්කෝ වෙන ආදායමක් තියෙන්න ඕනේ, නැත්නම් ණය අරන් එයින් ආදායමක් එන විදිහක් පාදා ගන්න ඕනේ. අපට නිවාස ණයක් දෙන කොට අපේ ආදායම විතරක් නොවේ වියදම්ද බලනවා. ව්‍යාපාරයකට ණය ඉල්ලුම් කරන කොට එහි සඛ්‍යතාවය ගැන පැහැදිලිව කියන්න අවශ්‍යයි. එහෙම තියෙත්දී  ණය ගෙවන්න ණය දෙන කොට, ඒවා නිකම් අනික් මිනිසුන්ට බෙදලා දෙන කම් ණය දෙන මිනිහා බලා ඉන්නේ නැහැ, එහෙම ණය නිකම් විසි කරන්න ණය දෙන්නෙත් නැහැ. ඔවුන් කරන්නේ බිස්නස් එකක්. පොලිය සමග ණය ආපසු ලබා ගැනීම තමා ඔවුනගේ අරමුණ. ආසියාවේ හා අප්‍රිකාවේ  රටවලට ණය දෙන කොට දැන් නිදහස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවය කපන්න කියා කොන්දේසි දානවා කියා අපට අහන්න ලැබෙනවා. මොකද ඒ කිසිවක්  ඔවුනගේ ණය ආපසු අය කර ගැනීමට ඔවුනට වැඩක් නැති නිසා. බොහෝ රටවල් ණය ගන්නේ ඔවුන්ගේ ගත්තු ණය හා පොලිය ගෙවන්න. ණය දෙන ගොබිලොත් ඒ ගැන දන්නවා. ඔවුන් තව ණය දෙන්නෙත්, කලින් දුන්න ඒවා ගන්න. ඔවුන් විතරක් නොවේ,අර පොල් ගහට නැගපු කෙනත් මේවා දන්නවා.

ඒවා කොහොම වුනත් මා කලින් ලියන්න යනවා කියපු කතාවට ඉහත කතන්දරෙත් අදාලයි. ජිවන විලාසිතාව කියන්නේ දේශපාලනයම නොවේ. ගෙදර මල් වවන එකත්, කැඩුන පුටුවක් හදා ගන්න එකත්, නගරයක ඉන්නවා නම් උදේට හෝ හවසට ව්‍යායාමයට ඇවිදින්නට යාමත්, වැඩ ඉවර වෙලා ගෙදර ඇවිත් පරිප්පු හොද්දක් හදාගෙන බත් පාරක් කෑමත්, දරුවන්ට කතන්දරයක් කියා දීමත්, දරුවන් නැත්නම් හෝ කසාද බැඳ නැත්නම් ඒ ගැන සිතීමත්, තමන් අදහන දේශපාලන මතවාදයන්ට පෙනී ඉඳීමත් වගේම දේශපාලනයේ ක්‍රියාකාරී ලෙස නියැලීමත් කෙනෙකුගේ ජිවන විලාසිතාවට අයිති වෙන්න පුළුවන් දේවල් වලින් කිහිපයක් පමණයි.

ඒ වගේම තමන්ගේ සහකාරිය රට පටවලා, ඇය එවන මුදලින් කසිප්පු ගගහා ඉන්න එක, නැත්නම් බත් පැකට් එකට රැස්වීම වලට යන එක, ජාති වාදය වපුරවමින් බත් ගිලිමින් ජිවත් වන එක, වැඩ කරලා ගෙදර ඇවිත් බත් එක බෙදලා දෙනකම් බලා ඉන්න එක, ව්‍යායාම් නොකර දුම් බට උරමින් ඉස්පිරිතාලේ බෙහෙත් නැතිය කියන මේ දේවලුත් කෙනෙකුගේ ජීවන විලාසිතාවේ තේරීම්.

රටක අධ්‍යාපනයට වෙන් කරන මුදල දල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ගත්තහම සියයට 0.1 ක් ද නැත්නම් 6.0 ක් ද කියන එකත්, රටේ ආර්ථික ප්‍රතිපත්තිය සන්වෘතද, විවුර්ත ද කියන එකත්, නිතිය බල්ලට දාල තමන්ට අවශ්‍ය එකා මොකා මැරුවත් එළියේ තියා ගන්නවද කියන මේ කිසිම දෙයක් තනි පුද්ගලයෙක් වශයෙන් අප කාටවත් තීරණය කරන්න බැහැ. එවැනි දේවල් වලට සමුහයක් වශයෙන් අප විසින් බලය තව කෙනෙකුට දෙනවා. නැත්නම් අපේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එම බලය කිසිවෙකු විසින්  පාවිච්චි කරනවා.

හැබැයි ඉහත කියුව ජිවන විලාසිතාවේ අංග අපටම තෝරා ගන්න පුළුවන් දේවල්. ගොඩක් වෙලාවට මුදල් හරස් වෙනවා තමයි. ඒත් පරිප්පු හොද්දක් තමන්ම හදනවාද නැත්නම් වෙන කෙනෙකු හදා දෙනකම් බලා ඉන්නවාද කියන එක තීරණය කරන්නේ තමන්මයි. නගරයක ජිවත් වෙනවා නම් ප්‍රමාණවත් අයුරින් ව්‍යායාම් කරනවාද, නැත්නම් ගමේ ඉස්සර කුඹුරු කොටමින් ගත කළ සරල ජීවිතය ගැන සිහින මවමින්, බ්ලොග් ද ලියමින් ඉන්නවද කියන එකත් තීරණය කරන්නේ තමන්මයි. ඒ වගේම වෛද්‍ය වරුන් විසින් කරන ලද සොයා ගැනීම් වලින් 100% ක් තහවුරු වුන සෞඛ්‍යයට කිසිම හිතකර කමක් නැතිය කියන දුම් ගහන ගමන්, අනේ මේක මට පොඩිකාලේ පුරුදු කරපු එවුන්ට හෙන ගහන්න ඕනේ කියමින් ඉන්න එක හෝ, එයින් මිදෙන එකත් තියෙන්නේ තමන් අතේ.

ලෝකයේ, බෝ නොවන රෝග නැතිනම් තේරෙන සිංහලෙන් noncommunicable diseases කියන ඒවායින් 80% කටත් වඩා තියෙන්නේ මධ්‍යම හා අඩු ආදායම් ලාභී රටවල. මෙහෙම කියන්නේ ලෝක සෞඛ්‍යය සංවිධානය. මෙම රෝග වලින් බොහොමයක් ම ජිවන විලාසිතාවේ චර්යා මගින් වලක්වා  ගන්න  පුළුවන් කියා කියවෙනවා. එවැනි ප්‍රධාන චර්යා හතරක් හඳුනාගෙන තියනවා. දුම්කොළ භාවිතය, ව්‍යායාම් නැති කම නැත්නම් අලස දිවිය, හානි දායක ලෙස මධ්‍යසාර භාවිතය හා සෞඛ්‍යමත් නොවන ආහාර පුරුදු ඒ චර්යා හතරයි.

(මතු සම්බන්දයි)

Advertisements

7 Comments

Filed under Food, Politics, Social

7 responses to “පොල් ගහකට නැග්ග මිනිහටත් කියන්න දෙයක්!

  1. ලිපිය කියෙව්වා .නිෂ්චිතවම එකතු කරන්න දෙයක් නැතුව අනුමත කරනවා . ඒ අස්සේ පොඩ්ඩක් හිත දිව්වා ඉන්දියාව වගේ රටවල ගෙවෙන අන්තිම දුගී ජීවිත ගැන.අනේ ඒ අතින් අපි දෙයියනේ කියලා ජීවිතේ ගැට ගහන් යනවා නේද කියලා දැනුන ..මගේ මේ කොමෙන්ටුව 100% අදාළ නොවුණත් මේ දේකියන්න හිතුණා ..

    • ලංකාවෙත් එවැනි ජිවිත තියනවානේ ශේර්මි. ඒ සියල්ලට අපට විසඳුම් දෙන්න බැරි උනාට, එහෙම සසඳලා හිත හදා ගන්න එක නරක දෙයක් නොවේ. ඇත්තටම එහෙම මිනිසුන් ඉන්නවයි කියන එකත් ගොඩක් දෙනෙක් හිතන්නේවත් නැති දෙයක්. රස්සාවක් කරනවා කියන්නෙත් මහා ධනපති කමක් නොවේනේ. අදාළ නොවේ කියල නැහැ. ඔබ මෙය කියවන වග කොමෙන්ටු වලින් මට දැන ගන්න ලැබෙනවා. එය හොඳ කරුණක්.

      මාත් අදාළ නැති කරුණක් ලියන්නම්. මා කියෙව්වා ලංකාවේ මිනිසුන් හිට්ලර්ව වීරයෙකු විදිහට සලකන එක ගැන ලියවුන බ්ලොග් සටහන් දෙකක්. එකක් පැරකුම්ගේ, අනික චාමිගේ. මා ඔය කියන Face Book එකේ වැඩිය ගැවසෙන්නේ නැහැ. හැබැයි එවැනි ඥාන-අසාර මිනිසුන් ගැන පුදුම හිතෙනවා. හිට්ලර්ගේ වැඩ ගැන යන්තමින් අහල තියන කෙනෙක් මනුෂ්‍යයෙක් නම්, ඒ තිරිසනා වන්දනා මාන කරන්න කිසිම හැටියක් නැහැ. ඒ එකක්. අනික තමා හිට්ලර්ව වන්දනාමාන කරන සුදු ජාතිකයන් අන්තිම ජරා, ජාතිවාදී, උපතින්ම ඥානයෙන් අසාර මිනිසුන්. එවැනි හරකුන්ට සුදු සාමාන්‍ය ජාතිවාදීන් අතරත් ලොකු කැමැත්තක් නැහැ. හිට්ලර්ගේ ලෝක රාජ්ජ සිහිනය සැබෑ වුනා නම්, ලංකාව වගේ රටවල් වල මිනිසුන්ට බල්ලන් වගේ වත් ජිවත් වීමට අවස්තාවක් ලැබේවි යයි හිතන්න බැහැ. එහෙව් කොට, මේ මී හරක් හිට්ලර් වන්දනා මාන කරනවා. ඔන්න ලෝකය ගැන දන්නා තරම.

      • අන්න හරි රයිගම්..ඔබ හොඳ මාතෘකාවකට ආව නොවැදගත්
        කොමෙන්ටුවක් හරහා ..හිට්ලර් ගැන
        ලියන්න විවේක වෙලාවක..ඔබ දකින එක එක පැති වලින්
        ලියන්න..මම කැමතිම දෙයක් තමයි ඔබ එකම සිදුවීමක් ගැන විවිධ
        පැති වලින් බැලීම..විශේෂෙම්ම හිට්ලර් ගැන කතා කරද්දී නම්
        තත්වය විවිධ පැති වලින් බලන්නම ඕනේ….

        බලමු ඒ ගැනත් සටහනක් ඉක්මණටම ඔබෙන්…

  2. //ගොඩක් වෙලාවට මුදල් හරස් වෙනවා තමයි. ඒත් පරිප්පු හොද්දක් තමන්ම හදනවාද නැත්නම් වෙන කෙනෙකු හදා දෙනකම් බලා ඉන්නවාද කියන එක තීරණය කරන්නේ තමන්මයි. //

    කියලා තියෙන දේවල් කොච්චර වැදගත් උනත් මට මේකමනේ කැපිලා පෙනුනේ. මේ තාම හිතනවා. 😀

    • දැන් එතකොට ප්‍රවීනා, අර ගන්න පොල් හොඳ නම්, ගාන්නේ අම්මාද? නැත්නම් තාත්තාද? 😀

  3. මෙතනදි මම දකින්නේ, රයිගම් කාලයක් තිස්සෙ පළ කරපු අදහස් වල එකතුවක්. මේ හැම අදහසම වෙන් වෙන් වශයෙන් වරින් වර පෝස්ට් හැටියටත්, කමෙන්ට් රිප්ලයි හැටියටත් පළවෙලා තියෙනවා මට මතකයි.

    • උඹ ත්රුම් ගත්ත විදිහ හරියටම හරි. මේ රිපිට්. එහෙම නැවත ලියන්න හේතුවක් තියනවා. මා මේ හැම සටහනකින්ම නවතින්නේ එකම තැනම තමා මචන්. මා කලින් ලියල ඇති පරමාදර්ශී ජිවන විලාසිතාවක් සොයා යන්නේ කෙලෙසකද කියා. පරමාදර්ශි නොවුනත් දෙපිට කාට්ටු නොවන ජීවන විලාසිතාවක් ගැනයි මා ලියන්නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s