තණකොළ නැහැ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ!


මා කලින් සටහනේ අන්තිමට කියුව චර්යා හතර අප කාටවත් අමුතු දේවල් නොවේනේ. මොකට මට නම් අමුතු නැහැ. ඔය සේරම මාත් කාලයක් අඩු වැඩි වශයෙන් කළා. එතකොට ජීවිතය ගැන හිතුනේ එය කොතරම් සුන්දරද කියලා. නමුත් අප ජිවත් වන අරමුණ හැමදා වෙනස් වෙනවා. ඒක හින්දම තමා, අප, අපගේ ජීවන විලාසිතාව කලින් කලට වෙනස් කර ගන්නේ. එය එක අතෙකින් අපට ස්වභාව ධර්මයෙන් උරුම වුන පරිසරයට අනුවර්තනය වීමේ එක අංගයක්. ඔබට එහෙම අනුවර්තනය වෙන්න බැරි නම්, ඔබ වඳවී යනවා. ඉතින් ගමේ කුඹුරු කොටලා ලැබෙන ශාරීරික ව්‍යායාම ගැන හිතන්නේ නැතිව, අද දවසේ අපේ ජිවන චරියාව අනුව එයට විකල්ප සොයා ගත යුතුයි. තිරිසන් සතුන්ට හා ක්ෂුද්‍ර ජිවින්ටත් මේ අනුවර්තනය වීමේ හැකියාව තිබුනත්, මිනිසාට තමයි ඒ හැකියාව ඉහලින්ම තියෙන්නේ. මොකද ඔහුට හිතන්නටත් පුළුවන් නිසා. මිනිසා මෙතරම් දියුණු වුනේ ඔහුට තියන, නමුත් අනෙකුත් සතුනට නැති මෙම අනුවර්තනය වීමේ හැකියාව නිසයි.

දැන් යමු “බෝරින්” කරුණු වලට. දුම්කොළ නිසා වසරකට මිලියන 6 ක් ලෝකයේ මිය යනවා. මේ ගොඩට කෙලින්ම දුම ඇදපු අය හා අනෙක් අය විසින් පොවපු අයත් ඇතුලත් වෙනවා. මේ ප්‍රමාණය දෙදහස් විස්ස වසර වනවිට මිලියන 7.5 හ දක්වා ඉහල යන්න පුළුවන් කියා ගණන් බලා තියනවා. ඒ කියන්නේ එවකට සිදුවන මරණ අතරින් 10% කට වග කියන්නේ දුම්කොළ. පෙනහළු පිළිකා ගත්තොත් එයින් 71% ක් හැදෙන්නේ දුම් ඉරීමෙන්. ස්වසන පද්ධතියේ රෝග වලට 42% කට හේතුවත් දුම් ඉරිමයි (කොලා තමයි!). ඒ වගේම හර්ද රෝග වලට 10% ක් ම හේතු වන්නේ දුම් ඉරීම. මා දුම් ඉරීම අත් හරින්න මේ කිසිවක් දැන සිටීම හේතු වුනේ නැහැ. හැබැයි දුම් ඉරීම මගේ ජීවිතය කෙටි කරන එකක් වග මා දැන සිටියා.

ඔබට කියන්න ලොක්කා, අලස දිවිය නිසා ලෝකයේ වසරකට මිලියන 3.2 ක් දෙනා පරලොව යනවා. ඔබත් අලස නම්, පරලොව යාමේ හැකියාව 20-30% දක්වා ඉහල යනවා. හැබැයි මේ වගේ අයියලා හා අක්කල වැඩිපුර ඉන්නේ මේ දියුණුය කියන රටවල. දුම් පානය නම් අනික් පැත්ත. හැබැයි මධ්‍යම ආදායම් ලබන රටවලත් විශේෂයෙන් කාන්තාවන් ප්‍රමාණවත් ශාරීරික ව්‍යායාම් ලබන්නේ නැහැ.

එතකොට හානිදායක ලෙස මද්‍යසාර  භාවිතය ගැන මොකද හිතෙන්නේ? අපොයි ගණන් ගන්න දෙයක් නොවේනේ. වසරකට මිලියන 2.3 කගේ ජිවිත වලට වග කියනවා. ලෝකයේ සිදු වන මුළු මරණ වලින් 3.8% කට වග කියන්නේ මද්‍යසාර. මද්‍යසාර හානිදායක අයුරින් භාවිතය, පිළිකා, හර්ද රෝග හා අක්මා රෝග වලට මග පාදනවා.

මේ කිසිම දත්තයක් තීරණයක් ගන්න ඔබට කිසිම බලපෑමක් කරනවා කියලා මා නම් හිතන්නේ නැහැ. මොකට මටත් එහෙම වෙන්නේ නැහැ. හැබැයි මේකත් ලියන්න ඕනේ. වැඩි කලක් ජිවත් වුන මනුෂ්‍යයන්ගේ ජිවිත ගැන හොයපුවහම දැන ගත්ත එක කරුණක් තමා ඔවුන් මොකටද ජිවත් වන්නේ කියන එකත් හරිම වැදගත් කියලා. එහෙම අරමුණක් නැත්නම් ටිකක් වැඩිපුර අඩි  ගහන එක නරක දෙයකුත් නොවේ. ඒ වගේම අර කලින් කියපු මිනිසුන් බොහෝ දෙනෙක් ජිවිතයේ වචනයෙන් විස්තර කල නොහැකි අන්දමේ කරදර වලට මුහුණ දුන්නවුන්. ජීවිතය ගැන හැම විටම සුභවාදීව හිතීමත්, නොසැලෙන ගුණයත් හා අලුත් තත්වයන්ට හැඩ  ගැසීමට පුළුවන් කම හා වෙනස් වීම් වලට තියන විවුර්ත භාවය ඔවුනගේ මූලික ගුණාංගයි.

(මතු සම්බන්දයි)

Advertisements

4 Comments

Filed under Social

4 responses to “තණකොළ නැහැ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ!

  1. පුළුල් අවකාශයක පැතිර යමින් පවත්නා පෝස්ටුවක් …
    අපි බලමු ඉදිරිය….

  2. දිගටම යන නිසයි මමත් කොමෙන්ට් නොකලේ. හැමදාම කියවනවා. කොමෙන්ට් කරනවනම් ඉතින් පෝස්ට් එකක් උනත් ලියන්න පුළුවන්..

    • මේ නැවත බ්ලොග්කාස්ට් මාතලන්. කලින් ලියල තියනවා තැනින් තැන. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s