අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ!


ලෝකයේ ප්‍රජාවගේ ජිවිත වලින් 10% ක සෞඛ්‍යමත් කොටසක් අලස කම හා වැරදි ආහාර රටාවන් නිසා අහිමි වෙනවා. මෙයින් ආහාර ගත්තොත් පලතුරු නොකෑම හා ලුණු වැඩිපුර කෑම ප්‍රධානතම වැරදි දෙකයි. පලතුරු කියන දෙය අද බොහෝ රටවල් වල සුඛෝපභෝගී ආහාර කාණ්ඩයකට වැටිලා. එකක් තමා පලතුරු කියන්නේ කාලයකට විතරක් ඵල ගන්න දෙයක්. අනික ප්‍රවාහනයට ප්‍රමාණවත් පහසුකම් නැති එක.

අවශ්‍ය පමණට වඩා ලුණු පරිභෝජනය දියුණු වෙමින් පවතින රටවල ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නයක්. වැඩි දියුණු කළ ආහාර ප්‍රතිපත්තියක් නොමැති කමත් මේ තත්වය දරුණු කරනවා කියා ක්වීන්ස්ලන්ත සරසවියේ ඇලන් ලෝපේස් කියනවා.

නගරයේ ජිවිතයේ එක අයහපත් ජිවන විලාසිතා තේරීමක් තමා ක්ෂණික ආහාර වලට හුරු වීම. කඩෙන් කෑම වගේම, කලින් පිළියෙළ කරන ලද හෝ ක්ෂණිකව පිළියෙළ කල ආහාර ගැනීමත් මා කලින් ලියුව වැරදි චර්යා හතරෙන් එකකට හේතු වෙනවා. ගෙදරදී ආහාර පිළියෙළ කර ගැනීම තමා වඩාත් ලාභදායක ලෙස ගුණාත්මක හා කෘතීම රසායනික එකතු කිරීම් වලින් ද තොර ආහාරයක් පිලියෙල කර ගැනීමට තියන මග. හැබැයි ඉතින් එයට උයා ගන්න දැනගෙන තියෙන්න ඕනේ.

හැබැයි ජිවිතයේ සෞඛ්‍යමත් කාලය වඩාත් අඩු කරන තෝරා ගැනීම් වල ඉහලින්ම තියෙන්නේ දුම් හා මත්පැන් පානය. යුක්රේනය හා බෙලරුසියාව වැනි රටවල ජිවිතාපෙක්ශාව පසුගිය දශක දෙක තුන අතර කාලයේදී අඩුවී ගිහින් තියෙන්නේ මද්‍යසාර වැරදි භාවිතාව නිසයි. මේ රටවල් වල මද්‍යසාර භාවිතය අඩුකිරීමේ ජාතික ප්‍රතිපත්ති සම්පුර්ණයෙන් නොසලකා හැර තියනවා. එමගින් ජනතාවට හානිදායක, විශේෂයෙන් කර්මාන්ත ශ්‍රේණියේ මද්‍යසාර ලබා ගැනීමේ හැකියාව ඉහල ගිහින් තියනවා.

ඉන්දියාව හා බංග්ලාදේශය වැනි රටවල් වල වැඩිහිටි පිරිමි ජනගහනයේ 50-60% අතර ප්‍රමාණයක් දුම් වැටී උරනවා. එක්සත් රාජධානිය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල ජාතික ප්‍රතිපත්ති මගින් දුම් වැටී භාවිතය පහල දා ගැනීමට හැකියාව පෙන්නුම් කර දී තියනවා. ඇලන් ලෝපස්ට අනුව දුම්වැටි භාවිතයට ඇබ්බැහි වුන ජනතාවක් හැමදාම ඉඳීවි. හැබැයි මේ ප්‍රමාණය ජනගහනයෙන් 10% ක ප්‍රමාණයක පවත්වාගෙන යාමට වෙර දරන්න පුළුවන් බව ඔහු විශ්වාස කරනවා.

ලෝකයම ගත්තොත් සිදුවන කාන්තා මරණ වලින් 14.4% කට හේතු වන්නේ ඒඩ්ස්. ඊළඟට එන්නේ හර්ද රෝග. සිදුවන  මරණ වලින් 10.7% කට හේතුව එවැනි රෝග. ප්‍රචණ්ඩ ක්‍රියාවන් නිසා හා ගර්භනීතාවය සම්බන්ද ප්‍රශ්න වලින් පිළිවෙලින් 7.5 හා 7.3% ප්‍රමාණයක් මරණ සිදු වෙනවා. හැබැයි පිරිමින් ගත්තොත් මරණ වලින් 12.8% කට හේතු වන්නේ හර්ද රෝග. දෙවන ස්ථානයට එන්නේ හේතු දෙකක්. එකක් ඒඩ්ස්. එයින් මරණ 10.7% ක් වෙනවා. ඒ හා සමාන ප්‍රතිශතයක්  මාර්ග අනතුරු වලිනුත් මිය යනවා. මාර්ග අනතුරු හේතු වන්නේ කාන්තා මරණ වලින් 0.5% කට  පමණයි.

ජිවන විලාසිතා වලට බලපෑම් කිරීමට ප්‍රතිපත්ති සම්පාදකයන්ට අපහසු කරුණක් වුවත්, මාර්ග අනතුරු, අනතුරු දායක ලෙස මධ්‍යසාර පාවිච්චිය, දුම් වැටී ඉරීම අඩු කිරීම හා ආහාර ප්‍රමිතිකරණය වැනි කාරනා වලදී ජාතික ප්‍රතිපත්ති මගින් බලපෑමක් කරන්න පුළුවන්.
හැබැයි ප්‍රතිපත්ති සම්පාදකයන් පත්කර ගන්නේ අපමයි. එයටත් වඩා ජිවන විලාසිතා තෝරා ගැනීමේ අවකාශය තියෙන්නෙත් අපටමයි. ජාතික ධනය යටි මඩි ගහන්න ඇබ්බැහි වුන දේශපාලකයන්, එම ඇබ්බැහියෙන් මුදවා ගන්න කලින්, තමන්ගේ නරක ඇබ්බැහි වලින් මිදීමේ මාර්ග හොයන එකත් හොඳ ආරම්භයක්.

(දත්ත සඳහා නිව් සයන්ටිස්ට් සඟරාව ඇසුරු කරන ලදී ).

මතු සම්බන්දයි

Advertisements

19 Comments

Filed under Social

19 responses to “අඩකී පිරිලා ඇත්තේ රස මිහිර මීවිතේ!

  1. තිස්ස දොඩන්ගොඩ

    නැවත නැවතත් මේව මතක් කරල දෙන එක හොඳයි – ඒකට ස්තුති
    කීයෙන් කීදෙනෙකුටද ආත්ම ශක්තිය තියන්නේ සුලු වෙනසක් හරි ජීවිතේ මේ කියල තියන පැත්තට හරවගන්න?
    [ලිපියේ මාතෘකාවත් යසයි !]

    • මේ සියල්ල මා ජිවිතෙන් ඉගෙන ගත් ඒවා තිස්ස. ජිවන විලාසිතාව කියන එක තමන්ම සොයා ගත යුතු දෙයක්.

  2. මමත් හරි පාරේ යන්න සෑහෙන උත්සාහ කරනවා. ලුණු භාවිතය ඉන් එකක්. අනික සූරියකාන්ත තෙල් වලට පරිවර්තනය වීම. බැදීම (deep frying) වෙනුවට බේක් කිරීම හා තෙලෙන් හා වතුරෙන් බැදීම.
    පලතුරු මෙහෙත් සුඛෝපභෝගී කෑමක්. ඔක්කොටම එහා පොඩි එකා පළතුරු කෑමට හොර වීම. දැනුත් පළතුරු කවා ගන්නේ බැගෑපත් වෙලා. ඒකට අපි. පලතුරු අපෙන් බේරාගන්න බෑනේ ඉස්සර. අනික පළතුරු වැඩි හරියකට ගිණියම හෝ සීතල ලේබල් අලවලත් තිබ්බනේ වාරණය කරන්න. අපේ ළමයින්ට ඒ මුකුත් නැතුවත් පළතුරු කවාගන්න බල කරන්න ඕනෙ.

    • පල් පළතුරු, පළතුරු යනුවෙන් නිවැරදි විය යුතුය

      • sorry, මචං, උඹේ හින්ද edit කළා.
        උඹ මා ලියන්න කලින් දන්නවනේ, සුරියකාන්ත තෙල් ගැන මා ඊළඟ සටහනේ සඳහනක් කළා. පලතුරු ගැන ඉන් පස්සේ ලියන්න හිටියේ. දැන් කොලා නේද? හැබැයි මචං ඔය පලතුරු ගැන උඹ කියන කතාව 100% ක් අපේ දරුවන්ටත් අදාලයි. පෙරේදා මා බිරිඳ සමග ඔය කාරණය ගැනම කතා කළා. අප පොඩි කාලේ ගස් නැගලා තමයි ඕවා හොයා ගත්තේ. අපට ඒ කාලේ තිබුන පලතුරු කෑමේ ආසාව 50% ක් අපේ පොඩි එවුන්ට තිබුනා නම් කියල තමයි අප කතා වුනේ. හැබැයි එතකොට, අපට වෙන රස්සාවක් කරන්න වෙනවා පලතුරු මිලදී ගන්න. 🙂

        • රයිගම්, ස්තුතියි මචං ඒ වැ‍රැද්ද හැදුවට.
          හයියෝ මම ගම කාලනේ.
          හරි මෙහෙම කරමුකෝ. අපි ඉස්සර පොල් තෙල් පාවිච්චි කලා, පස්සෙ එළවලු තෙල් වලට හැරුනා. ඊටත් පස්සෙ සූරියකාන්ත තෙල් වලට හැරුනා. දැන් ඔලිව් ඔයිල් ගෑන් කල්පනා කරමින් ඉන්නවා. ඇත්තෙන්ම හුඟාක් බටහිර කෑම වට්ටෝරු (විශේෂයෙන්ම මධ්‍යධරනී මුහුද අවට) ඔලිව් තෙල් යොදා පිළියෙල කලත්, ඒ වගේම ඔලිව් තෙල් ප්‍රොමෝට් කරන්න වෙනම සැදීපැහැදී ඉන්න දොස්තරලා පවා ඉන්නවා වුනත්, ඔලිව් තෙල් සූරියකාන්ත වලටත් වඩා ඇත්තටම හොඳයිද කියලා අපිට සැකයි.

          කොහොමත් මේ වගේ තෙල් වර්ග මිල අධිකයි මේ වගේ රටවල්වල.

          • අප මචං ඔලිව් තෙල් උයන්න ගන්නේ නැහැ. එහි රසයට අප ආසා නැහැ. සලාද වලට වගේ පොඩියට දානවා. ඒවාට වැඩිය තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. මෙහෙත් ගණන් තමයි. ඒත් දරන්න පුළුවන්. ඔලිව් තෙල් වල ඇති විශේෂ ගුණයක් තියනවා කියා මගේ එතරම් විශ්වාසයක් නැහැ. මධ්‍යධරණී කෑම වට්ටෝරු හිතකර ඔලිව් තෙල් හින්දාම නොවේ.

            • ඔය තෙල් සම්බන්ධයෙන් නම් එක එක කතා තියනවනේ. මෙහෙ වෛද්‍යවරුත් කියනවා කැනෝලා තෙල් හොඳයි කියලා… ඔලිව් තෙල් ෆ්‍රෙෂ් පිට හොඳ උනාට අධික උෂ්ණත්වයේදී අහිතකර මේද බවට හැරෙනවා කියලා කියන්නේ. කොයි තෙල උනත් එහෙම තමයි. ඒ නිසා ඩීප් ෆ්‍රයි නොකර ඉන්නවනම් හොඳයි. අනික අපි ගොඩක් අය ඕක එක සැරයක් කරලා විසි කරන්නෙ නෑනේ. කැනෝලා තෙල් ඒ අතින් තරමක් හොඳයි කියලා කියන්නේ. හැබැයි ඕවාත් කාලෙන් කාලෙට වෙනස් වෙනවනේ.

              • ඔය ප්‍රධාන මාධ්‍ය වල තියන ප්‍රචාර පසුපස තෙල් වර්ග නිපදවන සමාගම් ඉන්නවා තිසර. එතරම් විශ්වාස කරන්න එපා.

  3. //හැබැයි ඉතින් එයට උයා ගන්න දැනගෙන තියෙන්න ඕනේ.//

    මේ නම් ඉතින් මට එල්ල කල දැඩි පහරක්!!! 😀 😀 😀

    • හිතුවෙත් නෑ ඒ ජාමෙට ඔබව මතක් වෙයි කියලා! 😀
      නැහැ ප්‍රවීනා, එහෙම කිසි කෙනෙකුට එල්ල කළ පහරවල් මෙහි නැහැ. මා මේ සින්දු අහමින් ඉන්න කොට ලියැවෙන දේවල්.
      හොඳම දේ තමයි කේන්දර පැත්තකට දාල, උයන්න දන්නා කෙනෙක්ව වත් හොයන එක. 😀

  4. Kenji @ Japan

    මේ දවස් ටිකේ ලිපි පෙලම කෙටි වුනත් නොදන්නා අයට දැන ගත හැකි කරුනු ගොඩක් තිබෙනව.
    ලංකාවෙත් මතට තිත ගෙනාවෙ බීල මැරෙන ගාන අඩු කරන්න වෙන්න ඇති.
    ඔබ කියල තියෙන උයන්න දැනගෙන ඉන්න ඕනය කියන එකනම් සහතික ඇත්ත.

    • මා මේ දවස්වල පැරණි රසාංග කීපයක් රස වින්දා කෙන්ජි. මේ සේරම මා කලින් ප්‍රතිචාර වලට, ප්‍රතිචාර ලෙසින් ලියා තියෙන ඒවා. මතට තිත කියන කොට, ඔබත් හෙන්රි වගේ තමයි ඊළඟ සටහනටත් දැන්ම කොමෙන්ටු දාල.

  5. kathandarakaraya

    මාතෟකාව දැකලා මට නං හිතුනේ මෙච්චරයි.

    ඇයි ඉතින් වීදුරුව පිරෙන්නම දාගත්තේ නැත්තේ.

    අර පොඩි ෂොට් ග්ලාස් එකක් පාවිච්චි කරන්න. එතකොට පිරෙන්නම දා ගන්න පුළුවනි!

    • kathandarakaraya

      =මාතෘකාව

      • Kenji @ Japan

        මේ දවස් වල දාන කෙටි මාතෘකා කියල වැඩක් නැහැ.
        කකා කියන්නෙ ප්ලේන්ටි වීදුරුව ගැනද?

      • පොඩ්ඩක් ඉන්නකෝ කකා, ඉතුරු ටික ඊලග මාතෘකාවේ!

  6. තෙල් සහ ලුණු දෙකම කෑවට අවුලක් නෑ. ඉස්සර අපේ මිනිස්සු ඔය කෑම හොඳට කෑවා බිව්වා. වෙලා තියෙන්නේ. කෑම වෙනස් නොකලට ජීවන රටාව වෙනස් කරලා තිබීම. වැඩි ලුණු ටික පිටවෙන්න, දාඩිය දාන වැඩක් කරන්න ඕන. තෙල් මන්ඩි ඇඟේ එක්කාසු වෙන එක නවතින්න. හොඳට ඇඟ පත නැවෙන වැඩක යෙදෙන්න ඕනා. නමුත් ඒ දේවල් නොවන එකයි වරද.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s