පුරවාගත හැකි ඔබටයි අඩු කොටස ජිවිතේ!


මා මේ සටහන් ටික ලියන්න හේතු වුන කරුණ තමා එක බ්ලොග් සටහනක්. එයට ලින්ක් දාන්නේ නැත්තේ අර කවුද කියන්න වගේ බයට නොවේ. එවැනි දෙයක් තවත් ප්‍රොමෝට් කරන එකේ තේරුමක් නැහැ. මා කෙලින් සඳහන් කරන්නේ ධනාත්මක යයි මට හැඟෙන දෙයක් ගැන ලියන කොට විතරයි. එම මහත්තයා කියන්නේ අද තියන ප්‍රශ්න වලට මුල අප “දියුණු” වී තිබීම. අපේ (ලංකාවේ) ජාතික චින්තනය තිබුන/තියන  ගමේ ඔය මොනම ප්‍රශනයක් වත් නැතය, නැවත ආපස්සට යන්න ඕනේ කියලා. මගේ මේ සටහන්  බලන කට්ට්ටියට වඩා පිරිසක් එය කියවන්න ඇති. හැබැයි එහෙම වුනත් ඒකෙ ඇති දෙයක් නැහැ. ඒ මොකද කියන කාරනාව මා ඊළඟ සටහනේ ලියන්නම් හරියටම.

ගමෙන් අප නගරයට එන්නේ විවිධ හේතු හින්දා. ප්‍රධාන කොටම ජිවන මාර්ගය සරිකර ගන්න. එවිට අපේ ජිවන විලාසිතාවත් වෙනස් වෙනවා. එය අපේ තෝරා ගැනීමක්. මට අද ගමේ ගිහින් කරන්න දෙයක් නැතුවා විතරක් නොවේ, මා අද බුක්ති විඳින දේවල් නැතුව ගත කරන ජීවිතයත් එපා වේවි. කොටින්ම ඉස්සර සරල ජිවිතයට යන්න මට නම් බලාපොරොත්තුවක් නැහැ.

ඒ විතරක් නොවේ එහෙම ජිවිතයක් යෝජනා කරන අය මුලින්ම කළ යුත්තේ, එවැනි දිවියක් ගත කිරීම ආරම්භ කිරීමයි. මේ අන්තරජාල, රූපවාහිනී, ශීතකරණ, විදුලි පංකා, වායුසමීකරණ වැනි දේවල් වලින් වියුක්තව ජිවත් වීමට පටන් ගැනීමයි.

මා බලාපොරොත්තු වන ලෝකය අදටත් වඩා දියුණු එකක්. කෘමියනට, දිලීර හා බැක්ටීරියා වලට ඔරොත්තු දෙන ශාක. වඩාත් කාර්යක්ෂම ලෙස පසෙන් පෝෂක උරා ගන්නා භෝග. පිළිකා, ඒඩ්ස් හා වෙනත් දැනට සුව කල නොහැකි රෝග වලට ප්‍රතිකාර. විවිධ ආබාධිත තත්ත්ව සහිතව උපදින පිරිසට වඩාත් සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට අවශ්‍ය වටා පිටාවක්, අධ්‍යාපනයට වඩාත් තාක්ෂන දියුණුව යොදා ගන්න පුළුවන් මං , විදුලි බලය විතරක් නොවේ අන්තර් ජාලය හැමටම, පොසිල ඉන්ධන වෙනුවට නැවත උත්පාදනය කළහැකි බලශක්ති ආදී දේවල් සහිත ලෝකයක්. එවැනි ලෝකයක් හදන්න පුළුවන් මේ දියුණුවේ ඉදිරියට ගිහින් මිසක් පසුපසට ගිහින් නොවේ.

එමගින් තමා කෘමිනාශක, පලිබෝධ නාශක, රසායනික පොහොර භාවිතය අඩු කරන්න පුළුවන්. එමගින් තමා පිළිකා වැනි රෝග වලින් දුක් විඳින එක නතර කරන්න පුළුවන්. එමගින් තමා නොයෙක් ආබාධ තියන අයටත්, අප වගේම ජිවත් වෙන්න පුළුවන්. එමගින් තමා ලෝකේ කොහේ හිටියත් තමන් සොයන දැනුම ලබා ගන්න පුළුවන්. එමගින් තමා අද පවතින පරිසර දුෂණය අවම කරන්න පුළුවන්.

බටහිර විද්‍යාව, අධ්‍යාපන ක්‍රමය හා නාගරික ජීවිතය ගරහන අය මුලින්ම මේ දේවල් ආධාරයෙන් හා ඒවායේ ගැලී ජිවත් වීමත් අත්හැරිය යුතුයි. එවිට ඔවුන් කියන දේ අපට තේරුම් ගන්නට හැකි වේවි සමහර විට. මස් මාළු කමින් දේශනා කරන නිර්මාංශික දිවියේ යහපත් කම මට තේරුම් ගන්න ඕනේ කමක් නැහැ.

ඔබ දර පලලා තියනවද? ඔය ඇමෙරිකාවේ ජනාධිපතිවරුන් එහෙම විශ්‍රාම අරන් “රන්ච්” වලට වෙලා දර පලමින් ඉන්නවා සමහර වෙලාවට. මොකද දර පැලීම ව්‍යායාමයක් වගේම විනෝදාංශයක්. එයාලගේ ගිනි උදුනටත් දර අවශ්‍යත් ඇති. කුඹුරු කොටන එකත් ලෙහෙසි නැහැ. හැබැයි අද කුඹුරක්  තිබුනත් ඕවා, දවස් ගණන් උදැල්ලෙන් කොට කොට ඉන්නවා කියා මා හිතන්නේ නැහැ. එය වියදම් අධික කාර්යයක්. අපේ අම්ම කියුවේ කුඹුරු කොටන්න අද රුපියල් 1200 ක් එක හාදයෙක් දවසට ගන්නවා කියල. විදුලි බිලෙන් පස්සේ මේ ගාන  තවත් නගීවි. ඒ හින්ද ට්‍රැක්ටරෙන් හා ගන්න එක ලාබයි.

ඒ වගේම තමයි ලිඳෙන් වතුර ඇදලා නා ගන්න එක, අතින් රෙදි හෝදන එක, හිරමනෙන් පොල් ගාන එක, වං ගෙඩියේ  පිටි කොටන එක වගේ මේ සේරම ශරීරය වෙහෙස කරන ක්‍රියාකාරී කම්. හැබැයි එදා මෙවැනි දේවල් වලට විකල්ප නොතිබුනා විතරක් නොවේ, ඒවා කර ගැනීමට අවශ්‍ය කාලයත් තිබුනා. 

නගරේ ගෙවන අලුත් ජිවන විලාසිතාවේදී විස්තාපනය වෙලා තියන අර කලින් කළ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා අප විකල්ප සොයා ගත යුතු වෙනවා. එවැනි විකල්ප අවශ්‍ය අයට සොයා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ශරීරය ගැන එදාට වඩා අද පරික්ෂා කර ගන්න පුළුවන්. එදා අහුවුනේ නැති ලෙඩ අද අහු වෙනවා. අද එදා නැති ලෙඩ ඇති වෙන්න තියන හැකියාව වැඩි වගේම, එවැනි බොහෝ ලෙඩ ඇතිවීමට හේතු වන ජිවන විලාසිතාවේ තේරීම් වෙනස් කර ගැනීමේ හැකියාවත් තියනවා.

මා රුසියාවට ගිය මුල් සති දෙකේ දරා ගන්න අමාරු වුන දෙයක් තමා සුරියකාන්ත තෙල් සුවඳ. එය හැම තැනම තිබුනා වගේ. මුල් දින ටිකේ දරන්න හරිම අමාරු වුනා. හැබැයි සති දෙක තුනක් යන කොට සුරියකාන්ත තෙල් විතරක් නොවේ, ඕනෙම “තෙලක” සුවඳ විතරක් නොවේ රසටත් හුරු වුනා. අද තෙල් නැතුව ජිවත් වෙන්න තියා ලියන්නත්  අමාරුයි (විහිළු). එම කාලය තුලදී ලබා ගත්ත ජීවන කුසලතා තමයි මගේ ජිවන විලාසිතාවේ අදත් ප්‍රධාන තේරීම් වලට උදවු කරන්නේ.

සමාජයේ ප්‍රවර්ධනය කල යුත්තේ ජිවන විලාසිතාවේ නරක තේරීම් වලින් මිදෙන මාර්ග මිසක, මනඃකල්පිත හා ප්‍රායෝගික නොවන ලෝක වල කිමිදීමට උපදෙස් දීම නොවේ. එවැනි ජිවන විලාසිතාවකට ආදර්ශයන් ගන්න පුළුවන් සමාජයේ ඉන්න කාගෙන්ද?

(මීළඟ සටහන මේ ලියවිල්ලේ අවසානයයි)!

පසු වදන

හින්දි තනුවකට අනුව සිංහල පද යෙදු, ජේ ඒ මිල්ටන් පෙරේරාගේ මේ ගීතයෙන් තමා මා මාතෘකාව තෝරා ගත්තේ. එම මාතෘකා ගීතයට සම්බන්දයක් නැහැ. ඒත් ඒ කාලේ ලියවුන (විශේෂයෙන් කරුණාරත්න අබේසේකර විසින්) ගීත බොහොමයක් රසවිඳින්න හැකි වෙලා තියෙන්නේ හින්දි තනුවටත් වඩා පද මාලාවේ රසවත් බව නිසා.

Advertisements

13 Comments

Filed under Social

13 responses to “පුරවාගත හැකි ඔබටයි අඩු කොටස ජිවිතේ!

  1. මනෝරාජික සිහින ගම්වලජීවත්වෙන උදවිය ගැනනම් කතාකරන එකත් කාලය අපතේ යැවීමක්…

    ජීවිතය පහසු කරගන්න උපකරණ භාවිතය නොකර ශරීරය වෙහෙස කිරීමට කියල අමුතුවෙන් අසීරු කාර්යයන් කිරීමට උත්සාහ කිරීම ඵලක් නැති කටයුත්තක් මම හිතන විදිහට.බ්ලෙන්ඩර් එකක් තියෙද්දි ව්‍යායාමයට කියල වංගෙඩියෙ හාල් කොටන්න යන්නෙ කවුද?…ශරීරයට ව්‍යායාම අවශ්‍යනම් ඔය ඕන තරම් විකල්ප තියනවනෙ අද.

    • මා මේ ලියුවේ සම්පුර්ණ වෙනත් දෙයක්. එයට නිමිත්තක් කර ගත්තේ ඔය ජාතික චින්තනය නමැති අඳුරේ ඉන්න කළු බළලා. එයාලගේ කටින් බතල කොළ සිටුවීම එතරම් ප්‍රශ්නයක් නොවේ. මොකද ඔවුන් ගේ ජිවන විලාසිතාවට ඔය ලියන දේවල් අදාළ කර ගන්නේ නැහැ. ඒකයි රවී මා මුලදී කියුවේ, ඔය වගේ සටහනක් දාන කොට, මා ජිවත් වෙන්නේ මෙහෙමයි කියා, තමන්ගේ “සරල ගෙදර” චායාරූප දෙක තුනක් දානවනම් හොඳයි කියා. අනික ඒ “සරල දිවියට” අන්තර්ජාල සම්බන්දතා තියෙන්නත් විදිහක් නැහැනේ. විකාර කාරයන්.

  2. මේ කතාව එන්ට එන්ටම ලස්සන වෙනවනේ රයිගම. අනේ ඔය ‘පෙම්ගිතෙල් ‘ හොයාගන්නේ කොහෙන්ද? 😀 😀 😀

    • එය මෙහි පැහැදිලි කලොත්, හිට් වැඩි වෙලා මේක ක්‍රෑෂ් වෙන්න ඉඩ තියන නිසා නොලියා ඉන්නම්. මොකද හරියට පැහැදිලි කරන්න චායාරූපත් දාන්න වෙනවා ප්‍රවීනා. 😀

  3. ලංකාවෙනම් ඒ මහතා පතන්නාවූ ළෝකෞඅ නුදුරේදීම සැමටම ලැබෙයි. අර 70-77 වගේ…

    • නිදහසෙන් පසු ගතවුන වසර 65 න් වසර 7 ක් නිසා තමයි මේ සේරම නේද මාතලන්. මා මිනිසුන්ගේ ඔය මානසිකත්වය ගැන ඊයේ පෙරේදා ලංකාවේ කෙනෙකුත් සමග කතා කළා. සුබ අනාගතයක්!

  4. අපිත් ටච් එකේ ඉන්නේ වෙඩි වගේ එන්ටර් වෙන්න බලාගෙන …. ට්‍රිගර් කරන්න විතරයි ඕනේ හරිය… 🙂

  5. ඔන්න මම රයිගම් එක්ක කිසිම විවාදයක් නැතිව එකඟ වෙන කරුණක්.

    මමත් ඔය කොහෙ හරි ගියාම ලිඳකින් ඇදගෙන වතුර නාන්න ආසයි. හැබැයි ඒ ජොලියට, එහෙම නැතුව හැමදාම ලිඳකින් ඇදගෙන නාන්න නම් මගේ කිසිම ආසාවක් වත් ඒකට වෙලාවක් වත් නෑ.

    අපි ගිය අවුරුද්දේ මුල මේ දැන් ඉන්න කුලී ගෙට ආවේ. මේ මිනිස්සු අධික කුලියක් අය කලාට විදුලි උපකරණ සපහන්නේ නෑ වෙන ගෙවල් අයිති කාරයෝ වාගේ. අපි මුලින්ම වෙන ගේකට යන්න හිතාගත්ත නිසා මාසයක්ම දවස ගානේ අතින් රෙදි සේදුවා මේ වැඩට ගිහින් ආපු ගමන් . පාස්සෙ වෙන ගේකට ගියෙත් නෑ. වොෂිං මැෂින් එකක් ගන්නකල් ඒ අතින් රෙදි සෝදපු මාසේ අපි දෙන්නටම සංසාරේ එපා වුනා. ඇත්තෙන්ම අතින් රෙදි සෝදනකොට ඩිටර්ජන්ට් සහ වතුර දෙකම වැඩි පුරත් වැයවෙනවා, නොමිලේ ලැබෙන කොන්දේ අමාරුවට අමතරව. පස්සෙ අපි දෙන්නම කල්පනා කලේ මොන මගුලටද අපි එහෙම මාසයක්ම දුක් වින්දේ කියලා.

    ඒ වගේම විදුලිය පාවිච්චි නොකර භූමිතෙල් කුප්පියකින් එලිය ලබාගෙන ඉන්නවත්, කලිසම වෙනුවට අමුඩෙ ඇඳගෙන වැඩ කරන්න, ලෙඩක් හැදුනාම ඉස්පිරිතාලේ නොගිහින් බලියක් අරින්නවත් අදහසක් මගේ නෑ. 😀

    I like that exotic way of life the “national geographic’ sort of a way. Not for my own.

    • Raigama

      දැන් උඹ ගෙයි මේවා යෝජනා කරන ගොබිලන්ගෙයි පොඩි වෙනසයි තියෙන්නේ. ඒක තමා උඹ අත්දැකීමෙන් දන්නවා මේ වැඩ අමාරුය කියා. මේවා යෝජනා කරන එවුන්, සමහරවිට තනියම තේකක් හදා ගන්න පුළුවන් යක්කු නොවේ. පුටුවේ ඉඳන් ලියනවා. හැබැයි ගොඩක් වෙලාවට කන්න ටිකත් ලඟට ගෙනත් දෙනකම් බලා ඉන්නවා ඇති. මෙයට සමාන දෙයක් තමා ඔය ඥාන-අසාර හාදයන් කියන්නේ, ජාතිය නගා සිටුවන්න ළමයි හදාපල්ලා කියා. මොකද එකක් එයාල ළමයි හදන්නේ නැහැ, වෙනත් ලිංගික ආසාවල් තියන නිසා. ඒ එක කට්ටියක්. අනික් ගොබිලන් ළමයි හදලා වගකීම ගන්නේ නැහැ. මොකද ළමයාගේ අම්ම අල්ලපු වැටේ මිසක්, තමන්ගේ නම ළමයාගේ උප්පැන්නේ නැහැ. එතකොටත් ළමයි හැදීම හරි පහසුයි. කන්න දෙන්න, ඇඳුම් පැළඳුම්, පොත් පත් අරන් දෙන්න, ළමයි පාසල් යවන්න යනාදී වගකීම් මොකුත් නැහැ. මේ දේවල් හරියට කරන මනුස්සයන් දන්නවා ඒවා කොතරම් අමාරුද කියලා.

      මචන් උයන කොට පෙම් ගිතෙල් පාවිච්චි කලොත් නරකද?

      • පෙම් ගිතෙල් කොලෙස්ටරෝල් වලට කොහොම බලපායිද දන්නේ නෑනේ, මචං. මම හිතන්නේ ඕක අර ජීවිත ගල්ලෙනේ තියෙන පහන පත්තු කරන්න විතරයි ඕක හොඳ! 😀

  6. Kenji @ Japan

    ඔය දුප්පත් ජනතාවට බණ දෙසන ගොයියන්ගේ බිරින්දල යන්නෙ සුපිරිම වාහන වල,දරුවො නාන්නෙ/කන්නෙ/බොන්නෙ/විනෝද වෙන්නෙ තරු පහේ හෝටල වල.
    ගොයිය ෆෝන් එකෙන් වොයිස් කට් දෙන්නෙ විස්කි වඩිය ගහල,සැප කන ලගට බේරගෙන හොර අඹුවගේ ගෙදර පූල් එකේ බැහැගෙන.

    • Raigama

      පූල් එකේ බැහැගෙන විස්කි ගහන්න තියනවා නම්, අධ්‍යාපනයෙන් වත් ටෙන් පසන්ට් ගැහුවත් මොකද කෙන්ජි?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s