An old reply with a new meaning!


ඔබගේ කොමෙන්ටුවට තුති බබන්ගිද. ඇත්තටම මගේ සටහනෙන් කියන්න අදහස් කළේ වෙන දෙයක් උනත් නිර්මාංශ කතාවට මාත් යමක් එකතුකරන්නේ ඔබගේ ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් වශයෙනුයි. ඔබ කියන දේ ඇත්ත. බටහිර තියන බොහෝ නිර්මාංශ ආපන ශාලා වල කිරි හා බිත්තර සංගටක ලෙස යොදා ගන්නවා. නිර්මාංශ යන්නට බොහෝ නිර්ණායක තියනවා. එක එක් කෙනාගේ අභිරුචියේ හැටියට.

නිර්මාංශ වීමටත් විවිධ හේතු තියනවනේ. සමහරු සෞක්‍ය හේතුමත, මස් කෑමට ප්‍රිය නැති කම, ආගමික විශ්වාස හා සතුන්ට කරුණාව දැක්වීම නිසා (අවිහිංසා වාදීන්) ආදී වශයන් විවිධ අය මස් මාංශ වලින් වැලකී ඉන්නවනේ. තව සමහරු මස් කන්න වත්කමක් නැති නිසා නිර්මාංශ භක්ෂකයන් වෙනවා.

මා මුලින් ප්‍රතිපත්තිමය හේතුන් කියා ගොනු කළේ අර අන්තිමට කියපු අවිහිංසා වාදීන්. ඔබ කියන්න වගේ සමහරු මාළු කනවා මස් කන්නේ නැහැ, තව අය කරවල විතරක් කනවා, අර මිරිදිය මත්ස වියාපාරේ නැගල යනකොට කියුව වගේ, සමහරු කරදිය මාළු විතරයි කන්නේ. තව අය පක්ෂීන් කනවා, හරක් එළුවෝ කන්නේ නැහැ. තව අය කිරි ආහාර විතරක් කනවා, අනික් මස් මාළු, බිත්තර කන්නේ නැහැ. කිරි බිත්තර විතරක් කන අය ගැනයි ඔබ කියන්නේ.

මේ හැමටම වඩා වෙනස් නිර්මාංශ භක්ෂක කොටසක් ඉන්නවා. ඔවුන් මස්, මාළු, කිරි,බිත්තර, චීස් හා බටර් කනවා තියා සතුන්ගේ කොටස් යොදා තැනූ රෙදිපිළි පාවහන් ආදිය වත් පාවිච්චි කරන්නේ නැහැ. මගේ විශ්වාසයේ හැටියට මේ කට්ටිය තමයි නියම නිර්මාංශ භක්ෂකයන්. ලංකාවේ හිටිය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතා මේ ඝනයේ අයෙක්. ඔහු ඒ දිනවල නිර්මාංශ වේදය හා අවිහිංසා වාදය ප්‍රචාරයට මහන්සි ගත්ත කෙනෙක්. අර තරුණ සිතිවිලි සමාජය මගින් ඔහු මේ අදහස් ප්‍රචාරය කරන්න වෙහෙසුනා. වරක් ඔහුගේ දේශනයකදී ඔහු පැළඳි මිරිවැඩි සඟල පිලිබඳ කෙනෙක් ප්‍රශ්න කළේ “ඔබ මහා ලොකු නිර්මාංශ වේදියෙක් උනාට, දාගෙන ඉන්නේ සත්ත්ව සමින් හදාපු සෙරෙප්පුනේ” කියල. පසුව අදිකාරම් මහතාගේ සෙරෙප්පු පරික්ෂා කලහම ඒවා රබර් වලින් නිමකළ ඒවා කියල දැනගන්නවා. මේ මා කියවපු කතාවක්.

බොහෝ ප්‍රතිපත්තිමය නිර්මාංශ වේදීන් මස් කලවම් උන කෑම නොකන්නේ ඔවුන් සතුන්ගේ මරණය තමන්ගේ කෑම සඳහා අපේක්ෂා නොකරන නිසා. කිරි ගන්න සතුන් මරන්න ඕනේ නැහැ කියන එකනේ කිරි බොන අයගේ තර්කය. කුරුළු ඩිම්බ (බිත්තර) කන නිර්මාංශ වෙදියන්ගේ තර්කය නම් මේවා සංශේචනය නොවුන ඒවා නිසා, එයිනුත් සතෙක් මැරෙන්නේ නැහැ කියන එක. නමුත් සේරම බිත්තර සංශේචනය නොවුණු ඒවා නොවන බව මේ කට්ටිය අමතක කරන්නේ පහසුවට. අනික් අමතක කරන දේ තමා මේ කිකිළියන්, මසට ඇති කරන එවුන්ට වඩා කුඩූ වල හිරවෙලා දුක් විඳිනවා කියන එක. බිත්තර දාන එක අඩුවෙන කොට මේ කිකිලියන්වත් බලු, පූස් හෝ පිළියෙළ කරන මිනිස් ආහාර වලට මරනවා මිසක්, කැලේට අතහරින්නේ නැහැ.

ඉතින් නිර්මාංශ කම තීරණය කරන නිර්ණායක තියෙන්නේ ඔබේ අතේමයි. මාත් එක අතකින් නිර්මාංශ භක්ෂකයෙක්. වඳුරු, ගැරඬි, තලගොයි වගේ මස් ජීවිතයත් මරණයත් අතර සටනකදී හැර කන්නේ නැහැ. අනික් කරුණ තමා, මා කොයි ලෙස වත් කෙනෙකුගේ ආහාර පුරුදු වලට ගරහන්නේ නැහැ. එය එක් එක් අයගේ පෞද්ගලික කාර්යයක්. හැබැයි මා විශ්වාස  කරනවා ලෝකයේ හැම මිනිහෙකුටම/ගැහැනියෙකුටම නිර්මාංශ භක්ෂකයන් වීමට අවස්තාවක් නැහැ. එහෙම උනොත් අප විශාල ආහාර අර්බුධයකට  යනවා.

(මෙය මිට වසරටකට ටිකක් ඉහතදී මගේ සටහනකට ආපු ප්‍රතිචාරයකට ලියුව පිළිතුරක්)

Advertisements

13 Comments

Filed under Food

13 responses to “An old reply with a new meaning!

  1. Kenji @ Japan

    ඕක තමයි නියම ඇත්ත.
    >>කෑමේ සහ ඉවීමේ මගේ කතාවේ පරිණාමය-1<<මෙහි ඉතිරි කොටස් ඔබ ලිව්වද රයිගම?

  2. Kenji @ Japan

    මම ඒවත් බැලුව.

  3. හිරු

    //තව සමහරු මස් කන්න වත්කමක් නැති නිසා නිර්මාංශ භක්ෂකයන් වෙනවා.//

    මම ඉන්නෙත් මේ ගොඩේ….. හි හි

    • මේ මොනවා කියනවාද හිරු? මාත් ලංකාවේ රස්සා කරලා තියනවනේ. දැන් ඊටත් හපන් කියා මා දන්නවා. මේ හරක් මස් එපා කියල තප්පුලන කට්ටියගේ ඇඟපත දිහා බලන්නකෝ. තරහා වෙන්න එපා කියුවට, නිකම් පුස් ඌරො වගේ. හරක් මස් පමණක් නොවේ තෙම්පරාදු කළ බුරියානි ඇතුළු රස මසවුළ කෙලලා ඇවිත්, මේ පොඩි මිනිස්සුන්ව උසි ගන්වනවා. සාමාන්‍ය මිනිසුනට හරක් මස් තියා හාල් මැස්සෝ දෙසිය පනහ ගන්නේ කොහොමද කියන එකත් ප්‍රශ්නයක්. මාත් ලංකාවේ හිටියා නම් නිර්මාංශ තමයි. මොකද ඔය කරවල කෑල්ලක් ගත්තම හරක් මස් නොවේ, රට කාපු අයගේ මාළු කන්න හිතෙනවා (මේවායේ ගණන් දැක්කහම). සාමාන්‍ය මිනිහෙකුගේ ආදායමෙන් ඉතා ඉහල ප්‍රතිශතයක් කෑමට වැයකරන්න වෙන රටක් වෙලා තියෙත්දී වෙනම නිර්මාංශ උද්ගෝෂණ අවශ්‍ය නැහැ.
      අනික හිරු, මේ කියන අවිහිංසාව තමන් නොකන සතෙකුට විතරයි (ඒ නොකන්නෙත් කන්න මුදල් නැති නිසා). වෙන පිරිසක් කනවා කියලානේ මේ තහනම් කරන්න කියන්නේ. මාත් හරක් මස් කන්න ආසා නැහැ (වස්සා නම් නරක නැහැ). හැබැයි මිනිසුන්ට පමණක් නොවේ, හරකුන්ටත් අනෙක් සතුන්ටත් වඩාත් හිතකර පරිසරයක් හා සනීපාරක්ෂක සත්ව පාලන ක්‍රමයක් බිහිකර ගත හැක්කේ පොදුවේ, මනුෂ්‍යයාගේ ජිවන තත්වය ඉහල දැමිමෙනුයි. ඒ කියන්නේ රැකියා හා යහපාලන ක්‍රමයක් බිහිකර ගැනීම තුළිනුයි.
      මානසිකව තුලිත නැති හා ඔලොමොට්ටල මිනිසුන්ව බිල්ලට දීලා මේවගේ “නිර්මාංශ” උද්ගෝෂණ වලට උඩගෙඩි දෙන යටින් ඉන්න අය නම් එතරම් හරක් නොවනවා පමණක් නොවේ, ඔවුන් දැන්ම මෙලොව හැර යන්න තියා, බලය හැර යන්න වත් බලාපොරොත්තුවක් ඇතිය කියා මා හිතන්නේ නැහැ.

      • හිරු

        ඔය කියලා තියෙන්නේ ලංකාවේ හිටියා වගේ සම්පූර්ණ ඇත්ත… හි හි…

        මස් කන එක, සත්තු මරන එක වෙනම කතාවක්… මෙතන යන්නේ වෙනම කතාවක්.. පැත්තකින් බලං හිටියොත් ඕනේ කෙනෙක්ට තේරෙනවා.. මම ඒකයි කිසිම තැනක මේ ගැන කතා කළේ වත් නැත්තේ… සතෙක් කෲර විදියට මරන එකට විරද්ධ වෙන එකයි, ඒ සතාගේ මස් කෑමට විරුද්ධ වෙන එකයි දෙකක්… ඊටත් අමතරව ඒකට ආගමික පැත්තෙන් සිවුරකුයි, තොප්පියකුයි පැටලුනාම තවත් අවුල් ජාලයක්….

  4. ඔව්, අපි බිත්තර විතරක් කන උන්ට විහිලුවට වගේ එගිටේරියන් කිව්වා.

    ඔය රයිගම කියන පූර්ණ නිර්මාංශ භක්ෂකයන්ට කියන්නේ vegan කියලා නේද? එයාලට ඒ මාංශ නොකන නිසා අහිමිවෙන ලේසියෙන් ලබාගත හැකි ප්‍රෝටීන වෙනුවට විශේෂ කෑම වට්ටෝරු, එතකෝට ඔය උඹ කිව්ව විදියේ සපත්තු සහ වෙනත් vegan products ගැන වෙනම වෙබ් අඩවි පවා තියෙනවා. veganism!

    ඔය ගැන අපේ IGCSE ESL පොතේ පාඩමක් තියෙනවා.

    • ගොඩක් වෙජිටේරියන්සලා බොරු කාරයන්. කිරි බොනවා, බිත්තර කනවා, චීස් කනවා, මීපැණි බොනවා, උම්බලකඩ කනවා. ඊට අමතරව මිරිදිය මාළු නොකන කරදිය මාළු කන වෙජිටේරියන්සලා ඉන්නවා. කුකුලෙක් දැක්කොත් සොරි තමා. හැබැයි හරකා බේරෙනවා. මෙහෙමනේ මචන්, ඔය veganලාට නම් හරිනම් මීපැණි තියා කුනිස්සෙක් දිහා බලන්නවත් බැහැ. මේක “වාණිජ (හා ගිණුම්)” ලෝකයක් මචන්. ඔය ගොඩක් වෙබ් අඩවි හා කඩවලුත් මේවා ප්‍රොමෝට් කරනවා කියලා ගාණ කපා ගැනීමක් තමා කරන්නේ.
      ඇත්තම අවිහිංසා වාදීන්, අනුන් මස් කන එක ගැන බෑන්ගිරි ගගා ඉන්නේ නැහැ. තමන් මුලින් අවිහිංසා වාදියෙක් වෙන්නේ කොහොමද කියන එක ලෝකෙට පෙන්වනවා. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ එදා මෙදා තුර පහලවූ අද්විතීය මිනිසෙකු වන සිද්ධාර්ථ ගෞතම එවැනි කෙනෙක්. එතුමා අනුන්ගේ මාර්ග අත්හදා බලල, හරියන්නේ නැතිකොට තනිවම මාර්ගයක් හොයා ගත්තා. අද ඉන්නා එතුමාගේ අනුගාමිකයන් කියා තමන්ව හඳුන්වා ගන්නා ඔලොමොට්ටල මිනිසුන්ට එවැනි මනුෂයෙකුගේ වටිනාකමක් තේරෙනවා කියා මා නම් හිතන්නේ නැහැ.
      එයට වඩා පහලින් ඉන්න අවංක අවිහිංසා වාදීන් ලෝකේ හැමදාම හිටියා. ලංකාවේ අදිකාරම් මහතා එවැනි කෙනක් කියා මා හිතනවා. එතුමාත් වයිරය වෙනුවට තමන් අවිහිංසා වාදියෙක් වෙන්නේ කොහොමද කියන එක මුලින්ම පෙන්නුවා. අනික් මිනිසුනුත් ඒ මාර්ගයට පොළඹව ගන්න උත්සහ කළේ, තර්ජනය කරලා, අනෙක් ජාතීන්ට ගරහලා නොවේ. තමන්ගේ පෞද්ගලික ධනයත් ඒ වෙනුවෙන් යොදවලා. මා එවැනි කෙනෙක් නොවුවත්, එතුමා වගේ මිනිසුන් දිහා අඩු ගානේ ගෞරවයෙන් බලන්න හෝ උත්සහ කරනවා.

  5. Anonymous

    identity problems are national issues.are we helping that?

    • What about your identity? (Just kidding 😀 ). No Ano, the problem is that some people can not leave their school gates. They are prisoners of their schools for the whole life. In the meantime, we are talking about a Global Village.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s