Losing its way!


මේ සතියේ නිව් සවුත් වේල්ස පාර්ලිමේන්තුව දරුවන්ගේ ප්‍රතිශක්තිකරණය සම්බන්දයෙන් නීතියක් සම්මත කළා. මෙයට අනුව ලබන වසරේ ජනවාරියේ ඉඳන්, එම ප්‍රාන්තයේ තියන ප්‍රාන්ත රජයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යන දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට අවසර තියනවා හරිහැටි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීලා නැති දරුවන්ව බාර නොගෙන ඉන්න.

දැනට තියන වාර්තා අනුව ඕස්ට්‍රේලියාවේ දරුවන් 77,000 ක් පමණ හරිහැටි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගෙන නැත්නම් ලබාදීලා නැති කට්ටිය. ඕස්ට්‍රේලියාවේ සමහර පලාත්වල ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය 85% ක් වගේ අඩු මට්ටමක තියනවා කියනවා. ප්‍රතිශක්තිකරණයෙන් ලෙඩක් පැතිරීම වලක්වන්න නම් සමාජයේ 92% කට වඩා වැඩි පිරිසක් එන්නත් අරන් තියෙන්න ඕනේ කියා ඕස්ට්‍රේලියානු වෛද්‍ය සම්මේලනයේ සභාපති කියනවා.

මේ වගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය අඩු ප්‍රදේශ වල දරුවන් අතර සරම්ප හා කක්කල් කැස්ස වැනි රෝග පැතිරීමේ කතා පසුගිය කාලය තුල අසන්නට ලැබුනා. ප්‍රතිශක්තිකරණ වැඩ පිළිවෙල නිසා ලෝකයේම සෞක්‍ය අංශයේ ඇතිවුන වෙනස ලෝකේ පුරාම දකින්න පුළුවන්. එහෙම තියෙත්දී ඔස්ට්‍රේලියාව වගේ රටකත් දරුවන් ප්‍රතිශක්තිකරණයට බඳුන් නොවන්නේ ඇයි?

වෙන කිසිවක් නිසා නොවේ, කිසිම පිළිගතහැකි හේතුවක් ඉදිරිපත් නොකර මනස්ගාත වලින් ඔලුව පුරවා ගත් කල්ලි හා දෙමාපියන් නිසා. මෙයාලට එකතු වන්න හා අදහස් ප්‍රචාරයටත් නව මාධ්‍ය තිබීම නිසා මේ ඔලොමොට්ටල අදහස් වෙනදාට වඩා ලෙහෙසියෙන් ප්‍රචලිත වෙනවා.

මා කලින් ලියා තියන පරිදි සාමාන්‍ය වෛද්‍ය වරයෙක් වීමටත් වසර 5-6 ක් වය කරන්න ඕනේ වුනත් මේ අයියලා අන්තර්ජාලය නිසා විශේෂඥය වෛද්‍ය වරුන් බවට එක රැයෙන් පත් වෙනවා. හැබැයි, ප්‍රතික්ෂේප කරන්නේ තමන්ට හිතෙන එක එක දේවල් විතරයි. ඒ දියුණුවෙම අංග වන අන්තර් ජාල, යාන වාහන, ගෙවල් දොරවල් වගේ අනික්වා හොඳයි. මෙතැනදී වැඩේ තියෙන්නේ මෙයාලගේ ඔලොමොට්ටල කම් නිසා අගතියට පත්වන්නේ තමන් ගැන තීරණයක් ගන්න බැරි දරුවන් වීමයි.

ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය වසරේ සම්මත කරපු තවත් නීතියක් ගැන ලෝක සෞක්‍ය සංවිධානය ප්‍රසංශා කරලා තිබීම අද තව ප්‍රවුර්තියකින් කියවුනා. එනම්  cigarette plain packaging නීතියයි. දැන් අයිරිෂ් රජයත් මෙයම කරන්න යනවා කියල දැන ගන්න තියනවා. එයටත් දුම්කොළ සමාගම් දැන්ම විරුද්ධව වැඩ පටන් අරන්. හැමදාම කියන කතා තමයි. ඔය නිසා මේවායේ වෙළඳාම අඩු වෙන්නේ නැහැ. හොර දුම් බට වෙළඳපොළට එනවා. සාමාන්‍ය වෙළඳ නීතියට පටහැනියි. ඔය වගේ කතා.

මේ සම්බන්දව අදහස් දක්වපු අය්රිෂ් සෞක්‍ය ඇමති වරයා කියපු පරිදිම දුම් පානයට ඇබ්බැහි වෙච්ච පිරිසක් ඉන්නවා වගේම දුම් බට වලින් ලැබෙන බදු ආදායමට ලෝකේ බොහොමයක් රජයවල් ඇබ්බැහි වෙලා ඉන්නවා. ඕස්ට්‍රේලියානු සිගරට් සරල දැවටුම් නීතියට එරෙහිව ලෝක වෙළඳ සංගමය (WTO) ඉදිරියට ගිය රටවල් අතරින් එකක් තමා කියුබාව.

 

 

Advertisements

8 Comments

Filed under Lifestyle, Social

8 responses to “Losing its way!

  1. Kenji @ Japan

    මේ ඊයේ පෙරේද,සංවර්ධිත රටවල් 30 කින් ඔස්ට්‍රේලියාව පළමු තැනට ශ්‍රේණි ගත කොට තිබුන නේද රයිගම.
    එහෙම රටකත් මනස්ගාත පොරවල් ස්වල්පයක් හිටියත් මොකද අප්පා ලංකාව දිහා බලද්දී.

    • OECD රටවල් අතරින් ජිවත් වීමට හොඳම රට හැටියට ඕස්ට්‍රේලියාව නම් කර තිබුනා තමයි කෙන්ජි. මා ලියපු මේ නීති දෙකෙනුත් පෙන්නුම් කරන්නේ ඕස්ට්‍රේලියාව හොඳ වන්නේ ඇයිද කියන එක තමා. ඊළඟ සටහනෙන් මා ලියන්න හදපු දේ පැහැදිලි කරන්න උත්සහ ගන්නම්.

  2. හිරු

    ආහ්…ඔය මනස්ගාත කාරයෝ ඕනේ තරම් ඉන්නවා මෙහෙ නම්…. ඒවයින් නම් කිසිම අඩුපාඩුවක් නෑ…

    අපේ ගෙදර තියෙනවා සිගරට් ටින් එකක්… අපේ වගේ කඩදාසි සිගරට් පැකට් එකක් නෙවෙයි… පැකේජින් එකේ ලස්සන නිසා තියං ඉන්නේ.. මුලින්ම ඒක දැක්කම මං කල්පනා කළේ මෙච්චර දෙයක් කරන්න තරම් මුන්ට සල්ලි කොහෙන්ද කියලා…

    • සල්ලි වෙන කොහෙන්ද හිරු, “අපේ මහත්තයලා හා නෝනලා” පුච්චන සල්ලි තමා. සිගරට් නිෂ්පාදනය සඳහා විශාල මුදලක් යන්නේ නැහැ. සිගරට් වල මිලෙන් ගොඩක් වෙලාවට 60-70% පමණ ආණ්ඩුවේ බදු. නිෂ්පාදන වියදම එහි මිලෙන් 20% ක් වුනත් අනික්වා තමා ඔය පෙට්ටි හා ටින් වලට වියදම් කරන්නේ. ඔය මොනවා කලත් සිගරට් වෙළඳාම හා නිෂ්පාදනය හොඳ කල්ල මරේ වැඩක්.

  3. දියුණුයි කියා හිතන ඕස්ට්‍රේලියාවෙත් තත්ත්වය මේකනම් අපේ රටවල් ගැන කවර කතාද. ඒත් ප්‍රතිශක්තිකරණ වැඩ සටහන් අපේ රටේ ඉතා හොඳින් ක්‍රියාත්මකයි කියන හැගුම තමයි කා අතරත් ප්‍රචලිත.

    • දියුණුයි කියා හිතන්න දෙයක් නැහැ නලින්, දැනට තියන සංවර්ධන මිනුම් දඬු වලින් විතරක් නොවේ, මා හිතන සමාජ ගුණාංග වලිනුත් ඕස්ට්‍රේලියාව දියුණු විතරක් නොවේ යහපත් රටක්. ලංකාව හා ඕස්ට්‍රේලියාව සසඳන්න යාම එතරම් නුවනට හුරු නැහැ. හැබැයි දියුණු වෙමින් පවතින රටක් හැටියට ලංකාවේ ප්‍රතිශක්තිකරණය විතරක් නොවේ සෞක්‍ය සේවයේ බෙදී යාමත් අගය කරන්න පුළුවන් මට්ටමක තිබුනා. දැන් තත්වය මා දන්නේ නැහැ.

  4. ඕකට ඕස්ට්‍රේලියාවේභූ විශමතාත් බලපානවා ඇති නේද මචං? ඒ අනුව වෙනස් වෙනවනේ. ඕස්ට්‍රේලියාවේ සමහර පැති වල home Schooling පවා තියෙනවා නේද ලඟ පාතක ඉස්කෝලයක් නැති පිටිසර පළාත්වල?

    අර වගේ නිකායවල් ලංකාවෙත් ඔය තියෙන්නේ. මගේ ගෝලියක් හිටියා අසනීපෙකට පැනඩෝල් එකක්වත් බොන්නේ නෑ.

    • මචන් මෙතැනදී අමතක කරන්න එපා මේ කල්ලි කුඩා ඒවා. ඒවායින් සමාජයට තවම මහා බලපෑමක් නැහැ. අපත මිනිසුන් ලෝකේ කොහෙත් ඉන්නවා. හැබැයි එවැනි අපත කණ්ඩායම් රටේ බහුතරයකට බලපාන ප්‍රතිපත්ති සැකසීමේදී විශාල නියෝජනයක් කරනවා නම් හෝ එවැනි අපත කාණ්ඩයන් බලලෝභී තවත් අපත කාණ්ඩයක් විසින් භාවිතා කරනවා නම්, එතැනදී ක්‍රියාත්මක වන්නේ පොදු යහපත නොවේ. මෙතැනදී ඇත්තටම වෙලා තියෙන්නේ, අපත සුළු කණ්ඩායමකින් ඇතිවිය හැකි අනතුරක් ගැන කලින්ම ප්‍රතිපත්ති සැකසීමක්.

      ඕස්ට්‍රේලියාවේ උඹ කියන ඈත ප්‍රදේශ තියනවා. ග්‍රාමීය ප්‍රදේශ ගැන මා දන්නේ ටිකයි. මා යන පලාත්වල නම්, ඉතා කුඩා ජනාවාස වලටත් පොඩි පාසලක් හරි තියනවා. මේ ගැන විස්තර පසුව (පසුව ලියන ඒවා කවදාවත් වෙන්නේ නැහැ) ලියන්නම්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s