Should every idea have equal worth in a debate?


මගේ කලින් සටහන සඳහා පාදක කර ගත්තු කරුණු දෙක තෝරා ගත්තේ හේතුවක් ඇතිව. හැබැයි අපට ඇඟිල්ලෙන් ඇහැට එන්නේ නැත්නම් එය තේරුම් යන්නේ නැහැ. දැන් මේ ප්‍රතිශක්තිකරණයට  එරෙහි වන පිරිස ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙසට ගත්තොත් ඉතා සුළු පිරිසක්. මා ප්‍රතිශක්තිකරණය අඩු ප්‍රදේශ කියල කියන ඒවා ඇත්තටම විශාල දිස්ත්‍රික්කයන් නොවේ. ඒ අනුව මෙය විශාල සමාජ ප්‍රශ්නයක් බවට තවම පත් වෙලා නැහැ. මේවා ගැන කියවන්නේ නැත්නම්, මේ ජිවත් වන සමාජයේ එහෙම පිරිස් ඉන්නවාද කියලත් ඔබට දැනෙන්නේ නැහැ. ඒ වගේම ඕස්ට්‍රේලියානු සෞක්‍ය සේවය නිදහස් එකක්. එහි අඩුපාඩු තිබෙන්න පුළුවන් වුවත් ලෝකයේ දැනට තිබෙන  හොඳ සේවා අතුරෙන් එකක් යයි කියවෙනවා.

අනික් කරුණ තමා දුම් පානය. මෙයත් අර ප්‍රතිශක්තිකරණය වගේම දැවෙන ප්‍රශ්නයක් නොවේ. සිගරට් නම් “දැවෙනවා” තමයි නමුත් පසුගිය දශක කිහිපය තුල දුම්පානය පහල ගොස් තිබෙනවා පමණක් නොවේ, එය පහල යමින් තියනවා. එයටත් ප්‍රතිපත්ති සම්පාදනයේ හා අධ්‍යාපනයේ ප්‍රභල දායකත්වයක් තියනවා.

මේ කරුණු දෙකම රජයක් පෙරලීමට හෝ පත්වීමට බලපාන ප්‍රශ්න දෙකක් නොවේ. ඇත්තටම ගත්තොත් දුම්පානය කරන පිරිස් තරහා වීම මගින් හානියක් පමණයි වෙන්නේ. එහෙම තියෙත්දිත් මේ නීති දෙකම ඉදිරිපත් කර සම්මත කිරීම මගින් අපේක්ෂා කරන්නේ සමාජයේ පොදු යහපත (common good). එම පොදු යහපත කියන දේ සමහර විට ජනප්‍රිය නොවන්න පුළුවන්. තවත් විටෙක ක්‍රියාත්මක කිරීමේදී ජනප්‍රිය වුවත්,  ඒ සඳහා සමාජයේ ප්‍රභල ඉල්ලුමක් හෝ ජනමතයක් නොතිබෙන්න පුළුවන්.

ඇමෙරිකාවේ ස්වයංක්‍රීය ආයුධ මිලදී ගැනීමේදී, මිලදී ගන්නාගේ වතගොත වඩාත් සුපරික්ෂාකාරිව සොයා බැලීමට ගෙන එන ලද යෝජනා එහි සෙනෙට් සභාව විසින් ප්‍රතික්ෂේප කළා. එම පනතට රටේ බහුතර ජනයාගේ කැමැත්ත තිබුන බවයි කියවුනේ. මෙය පොදු යහපත වෙනුවෙන් ගෙනා යෝජනාවක් බව මා නම් සිතනවා. බහුතරයගේ කැමැත්ත තිබෙන, එමෙන්ම පොදු යහපත සලසන යෝජනාවක් ක්‍රියාත්මක  කර ගන්න බැරි වීම සමාජයකට හොඳ දෙයක් නොවේ.

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති ජෝන් හාර්වර්ඩ් විසින්, ස්වයංක්‍රීය අවි වෙළඳාම සඳහා තද නීති ගෙනාවේ 1996 වසරේදී සිදුවූ සමූල  ඝාතනයකට පසුව. අද පවා ප්‍රධාන පක්ෂ තුනම එම නීති වෙනස් කල යුතු යයි සිතන්නේ නැහැ. එයින් පසුව එවැනි සමූල ඝාතයක් යලි ඕස්ට්‍රේලියාවේ සිදු නොවීමට, එම නීති වල විශාල බලපෑමක් තිබෙනවා කියා හිතන්න පුළුවන්. සමාජයේ අනෙක් කරුනුත් බලපානවා තමා.

ඇමෙරිකාවේ අවි භාවිතය සීමිත කිරීම සඳහා කතිකාවක් ඇතිවුන වෙලාවේ, ජෝන් හාර්වර්ඩ් කියපු මේ කතාව මාත් විශ්වාස කරනවා. එනම්, අප බොහෝ දෙනෙකුට  ජිවිතයේ සමහර අවස්ථා තියනවා මල පනින නැත්නම් ක්ෂණිකව අසීමිතව කේන්ති යන. එවෙලෙට ක්‍රියා කරන්නේ නිරවුල් මනසකින් නොවේ. එවෙලේ අතේ තුවක්කුව තියන මිනිහා එයින් වෙඩි තියන්න පුළුවන්. පිහියක් තියන මිනිහා පිහියෙන් අනින්න පුළුවන්. එහි ප්‍රතිවිපාක ඇත්තටම තේරුම් යන්නේ පසුව. ස්වයංක්‍රීය අවියක් තියන මිනිහට කරන්න පුළුවන් හානිය හැමවිටම වැඩියි. තම තමන්ගේ ආරක්ෂාවට තුවක්කු තියා ගන්න ඕනේ කියන ඔලොමොට්ටල චින්තනයෙන් ඇත්තටම එහි අනෙක් පැත්ත, එනම් හැමෝගෙම ආරක්ෂාව නැති වන එක පමණයි වෙන්නේ.

මහජන නියෝජිතයින් ජනතාවගේ පොදු යහපත වෙනුවෙන් ක්‍රියා නොකරන වට පිටාවක් තුල රටක අපරාධ, දුප්පත්කම හා විරැකියාව වැනි දේවල් ඉහල යනවා. ඕස්ට්‍රේලියාවේ පවතින නිදහස් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය සේවය පෞද්ගලිකරණය කල යුතුයි කියා ප්‍රධාන පක්ෂ දෙකම හිතන්නේ නැහැ. ඒ වගේම එවැනි මතයකට බහුතර චන්ද දායකයන්ගේ කැමැත්ත ලැබේවි කියලත් හිතන්න බැහැ. ඒ වගේම ජනතාව අතර විශාල ඉල්ලුමක් නොතිබුනත්. ඇත්තටම විය යුත්තේ (ජනතාව අතර ප්‍රභල ඉල්ලුමක් නැති වුවත්) දේශපාලකයන් පොදු යහපත වෙනුවෙන් ක්‍රියා මාර්ග ගැනීමයි.

ප්‍රජාතන්ත්‍රවාදය තියන රටවල් වල වුවත්, රජය පත් කරන ජනතාවට වැඩි බලයක් කුඩා ක්‍රියාකාරී කණ්ඩායම් වලට හිමි වෙන වලකන්න බැහැ. එවැනි කුඩා කණ්ඩායම් ලෙස ව්‍යාපාරික ප්‍රජාව නැත්නම් වෘත්තීය සමිති නැත්නම් විවිධ සමාජ ව්‍යාපාර ගන්න පුළුවන්. හැබැයි මේ කුඩා කණ්ඩායම් වල බලපෑම පොදු යහපතට හෝ අයහපතට හෝ වෙන්න ඉඩ තියනවා. දිගින් දිගටම කුඩා කණ්ඩායම් වල බලපෑම පොදු අයහපත සඳහා නම්, එමගින් යහපත් සමාජයක්  සඳහා පාර කපන්නේ නැහැ.

පසු වදන

ඕස්ට්‍රේලියානු සිගරට් සරල දවටන නීතියට එරෙහිව කියුබාවේ විරෝධය ගැන ඔබට මොකද හිතෙන්නේ ? මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඊළඟ අවධියේ ඉන්න රටක්, තවත් රටක මනුෂ්‍යයන්ගේ යහපත වෙනුවෙන් ගත්ත ක්‍රියාමාර්ගයකට එරෙහි වන්නේ කොහොමද? ඔවුන්ගේ හිටපු නායකයත් මාරාන්තික පිළිකාවකින් යන්තම් ගොඩ ආපු අයෙක්.
Advertisements

4 Comments

Filed under Politics, Social

4 responses to “Should every idea have equal worth in a debate?

  1. Kenji @ Japan

    පෞදගලිකරණය වුන තැනක සේවයට වඩා ගැරිල්ලට නෙ මුල් තැන.
    ලෝකයේ සියලු දේශපාලකයො පොදු යහපත වෙනුවෙන් කටයුතු කරනවානම් මේ ලෝකේ කොච්චර සුන්දර වෙයිද රයිගම.
    ඕස්ට්‍රලියාව,ස්වීඩන්,කැනඩා,නෝර්වේ ඇතුළු සංවර්ධිත රටවලත් දේශපාලකයන්ගේ මොන ප්‍රශ්න තිබුනත් යම්කිසි හරවත් ප්‍රතිපත්ති අනුගමනය කරමින් තම රටවල් ඉදිරියට ගෙන යනවනෙ.

    • මෙතන දේවල් දෙකක් තියනවා කෙන්ජි. ඉන් එකක් තමා පෞද්ගලික ව්‍යාපාර. අනෙක තමා පෞද්ගලිකරණය වුන රජයක්. පළමු එකේ පැවැත්ම සම්පුර්ණයෙන් නතර කළ රටවල් වල මිනිසුන්ගේ ජිවිත සුඛිත වුනේ නැහැ. හැබැයි දෙවෙනි එක මා හිතන හැටියට වඩාත් නරක එක. ඔය ඔබලා දන ගාගෙන පස්සේ යන රිපබ්ලිකන්කාරයන් කියන්නේ පෞද්ගලිකරනයවුන රජයක් ගැන. ඉනේ පිස්තෝල දාගෙන තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්න, ඉස්පිරිතාල, සිරගෙවල්, පාසල් ලාභ දායක ව්‍යාපාර ලෙස පවත්වාගෙන යන සමාජයක්. සිරගෙවල් ලාභ දායක ලෙස පවත්වාගෙන යන්න, ගොඩක් හිරකාරයන් ඕනේ. එතකොට අපරාධ වැඩි කරන්න ඕනේ. ඉස්පිරිතාල ගොඩක් ලාභ ගන්න ලෙඩ්ඩු ගොඩක් ඕනේ (දුම් පානය වගේ දේවල් තව හොයා ගන්න අවශ්‍යයි). එතකොට මේවා අඩු කරන්න ක්‍රියා මාර්ග ගන්නේ කවුද? ඒකට තමා කියන්නේ තමන්ගේ ආරක්ෂාව තමන්ම හොයා ගන්න කියලා.

  2. හිරු

    ඔය ගිනි අවි කතන්දරේ තදට යන කාලේ මං ඒ ගැන ගිය ඩිබෙට්ස් කීපයක් බැලුවා…. අර Trayvon Martin ගේ කේස් එක, පොඩි එවුන්ගේ ඉස්කෝලක වෙච්ච කේස් එක කාලේ …. මට පුදුම හිතුනා මේ වගේ යෝජනා කරන්න තරම් මේ මිනිස්සුන්ට මොකද්ද හැදිලා තියෙන ලෙඩේ කියලා…

    ඉස්කෝලේ ටීචර්ලට ගිනි අවි පුහුණුව දීලා, ක්ලාස් එකේ උගන්නන්න යන‌ෙකාට තුවක්කුව ඉණේ ගහගෙන යන්න දෙන්න ඕනේ කියලා තමයි රයිෆල් සංගමයක් ප්‍රසිද්ධියේ රටටම කිව්වේ…

    • හිරු, ඇමෙරිකාවේ දේශපාලනය පරිණාමය වුන ආකාරය ගැන හිතන්නේ නැතුව ඔය සංවාද වලට සවන් දීමේ තේරුමක් නැහැ. හැබැයි ඇමෙරිකාවේ ආණ්ඩු තමන්ගේ මිනිසුන් අතුරු දහන් කරමින්, ස්ත්‍රී දුෂකයන්ට, ළමා අපචාර කරුවන්ට හා මහජන දේපොළ මංකොල්ල කරුවන්ට “ධවල මන්දිරේ” සැඟවෙන්න දෙන්නෙත් නැහැ. අනික සාමාන්‍ය ජනතාවගේ බහුතරය මේ ස්වයංක්‍රීය අවි පාලන යෝජනා වලට පක්ෂය කියලා එහි පැවැත්වුන ජනමත විමසුම් කියා පෑවා. ඒ වගේම, ඕස්ට්‍රේලියාවේ වත් තව අවුරුදු සියයකට වත් කළු අගමැති කෙනෙක් බිහි වන එකක් නැහැ. මා කතා කරන්නේ එය අමතක කරලා නම් නොවේ. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s