Monthly Archives: June 2013

අල්පේච්ච ජීවිතය නොහොත් lavish behavior!


අප සමහර වේලාවට හිතනවා මේ අප දකින්නේ ලෝකේ කොහෙවත් නැති දේවල්, මේවා නම් වෙන්නේ ලෝකේ විනාසෙට කියලා. ලෝකය සාපේක්ෂ තැනක්. කොහෙත් හොඳ නරක තියනවා. එහෙම වුනත් නරකට ප්‍රධාන තැනක් සමාජයේ ලබාදීම හැම තැනම කෙරෙන්නේ නැහැ.

මා හැමදාම හිතන දෙයක් තමා ලෝගු පොරවාගත් මිනිසුන් ලෝකේ කොහෙත් එකයි කියන එක. කුඩා කාණ්ඩයක්  හැරුන කොට අනෙක් සේරම දෙනා වෙනත් වෘත්තීය කුසලතාවයක් නැති නිසා, ජීවිකාව ගෙන යන්න මාර්ගයක් මෙයින් පාදා ගන්නවා. ඒ අතර ඉන්න කාමාතුරයන් ගාණ සාමාන්‍ය සමාජයේ ඉන්නා ප්‍රතිශතයට වඩා වැඩිද කියලත් මට හිතෙනවා. කොහොමත් කාලා බීලා  ව්‍යායාමයක් නැතුව ගෙවන ජිවිතයකට ඉතිරි වන්නේ රති ක්‍රීඩාව විතරයි. මේවාට වැඩිපුරම අල්ලා ගන්නේ කුඩා දරුවන් වීමට හේතු වෙලා තියෙන්නේ, ලෝගු වලට වහන් වී ඉන්න කාමාතුරයන්ට දෙමාපියන්ගේ තියන අසීමිත භක්තියත්, ඔවුනට කිසි අපහසුවක් නැතුව දරුවනට ලංවීමට ඇති හැකියාවත්. මේ ගැන මා ඕනේ තරම් ලියා තියනවා. නිකමට පහත ප්‍රවුර්තිය කියවන්න. මෙය එක ආගමකට, රටකට හෝ ජනකායකට සීමා වෙච්ච දෙයක් නොවේ. කොහෙත් හරි වැස්ස!

http://www.news.com.au/world-news/thai-buddhist-monks-criticised-for-lavish-behavior/story-fndir2ev-1226665311506

 

2 Comments

Filed under Opinion