We can drive it home, with one headlight!


ඊයේ මා වැඩ කරන තැන ඉන්න අපේ කම්පුචියානු මිත්‍රයා සමග දවල්ට කන්න ගියා. මා පසුගිය දවස් වල නිර්මාන්ශිකයන් ගැන හා අවිහිංසා වාදීන් ගැන ලියුවා. ඒ එක ගොඩකට වත්  මාව දා ගන්න බැහැ. මේ කම්පුචියන් එකාත් මාළු බාන පොරක්. හැබැයි ඌ කියුව කතාව මා වගේ මස් කන එවුන්ටත්, හරකුන් වෙනුවෙන් ජිවිත පූජා කරන්නට සුදානම් හා එසේ කරන අයව නිවනට යවන්නට වෙහෙසෙන ජිවත්ව ඉන්න අනෙකුත් අවිහිංසා වාදින්ටත් යමක් ගන්න තියන දෙයක්.

අපේ මිත්‍රයාගේ අම්මා තාත්තා හා සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ නම දෙනෙකු මරා දමල තියෙන්නේ එක දවසේ. ඒ පොල් පොට්  අයියගේ වැඩ. එයින් ඉතුරු උනේ පවුලේ බාලයා වුන මෙයා පමණයි. ඔහුට වයස අවුරුදු නමයයි. එයින් පසු වසර පහක් යන කම් ඔහු ජිවත් වෙලා තියෙන්නේ තමන්ගේ නැන්දලා හා මාමලාගේ ගෙදරවල් වල.

මේ ඔහුගේ වචන. “මචං උඹ දන්නවද ලෝකේ යමෙක් ඉපදුනහම අම්ම-තාත්ත තරම් වෙන ආදරේ කරන කවුරු හෝ නැහැ. නැන්දලා මාමලා පවා ආදරේ තමා. හැබැයි එයාල ඊටත් වඩා ආදරෙයි තමන්ගේම දරුවන්ට. කෑම බීම පමණක් නොවේ ජීවිතයත් අවිනිශ්චිත තත්වයක් යටතේ මේ තත්වය තවත් වෙනස් වෙනවා. මගේ අම්මා හා තාත්තා නැති වුන පසු වසර පහක් යනකම් මා ජිවත් වුනේ නැන්දලා හා මාමලා සමග. ඔවුන් මට ආදරේ කළා තමයි. නමුත් මචං මට කන්න හම්බ වුනේ එයාලගේ දරුවන් කාලා ඉතිරි උනොත් පමණයි. මට තාමත් මතකයි බඩගින්නේ අඬමින් නිදියපු දවස්”.

“එයින් පස්සේ තමා අපේ ආච්චි හා සීයා මාව අර ගත්තේ. අම්ම තාත්තා නැති නම්, ඊළඟට එතරම්ම දරුවෙකුට ආදරේ කරන්නේ ආච්චි හා සියා පමණයි. ඔවුන් දෙදෙනාම මට ඉතා ආදරෙන් සැලකුවා”. එයින් ටික කලකට පසුව ඒ ආච්චි හා සීයා ඔහුත් අරන් ඕස්ට්‍රේලියාවට ඇවිත්.

මෙවැනි වේදනා බර කතා ලංකාවෙත් ඕනේ තරම් ඇති. ඒවාට සවන් දෙන්න වත්, ඒවා කියන්නවත් කවුරුන් හෝ නැතුවත් ඇති.

එදා අම්මා හා තාත්තා නොමැතිව ලෝකේ තනි වීමේ මහා තුවාලය ඔහු කියන්නේ තවමත් හිතේ තියන බවයි. එවැනි භයන්කාර දිනයක් අමතක කරන්න, එවැනි අන්ත අසරණ තනිවීමක්  අමතක කරන්න හැකි කාටද? හැබැයි ඔහු මේ ටිකත් කියනවා. “මචං,මා ඒ කරුමක්කාර දවස අමතක කරන්න විතරක් නොවේ, ඒ සියල්ල කළ  මිනිසුන්ට සමාව දීමටත් නිතරම උත්සහ කරනවා”. ඔහු කියන්නේ තමන්ගේ දුවලා දෙන්නටත් නිතරම කියා දෙන්නේ, අප ජිවත් වන මේ ලෝකයට අමතරව තවත් ලෝකයක් තියනවා. ඒ ලෝකයේ ඉන්න මිනිසුන්වත් අමතක කරන්න එපා කියලා.

ඔහු වගේ මිනිසුන් සමග කතා කල හැම විටකම, අප වැනි මිනිසුන් ලෝකයේ තැවෙන හා වෛර කරන  දේවල් මොනවාදැයි නිකමට සිතෙනවා. මා බොරුවට නොවේ කියන්නේ. ඔහු හරි හොඳ මනුස්සයෙක්. මා කලින් මේ විස්තර දැනගෙන හිටියේ නැහැ.

පසු වදන

ගීතයක් හෝ වෙනත් කළා කෘතියක් තේරුම් ගත යුත්තේ මේ අන්දමින් කියා නීති දමන්නට එහි නිර්මාණ කරුට හෝ අයිතියක් ඇතිය කියා  මා සිතන්නේ නැහැ. මේ මා කැමති ගීතයක්. එයට නොයෙකුත් තේරුම් දෙන්නට රස විඳින අයට පුළුවන්.

Advertisements

2 Comments

Filed under Social

2 responses to “We can drive it home, with one headlight!

  1. Kenji @ Japan

    තමන්ගෙ මුළු පවුලම නැති වෙලත් මේක බිලි බානවනේ කියල ගිනි තියාගන්නව ලංකාවෙසාදුලට ඇහුනනම්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s