ගහකොළ මැළ වෙන ගිම්හානේ….


ඇත්තටම මචං මගේ සටහනෙහි යම් අඩුවක් තියනවා. කලබලයෙන් ලියුව නිසා වෙන්න පුළුවන්. නමුත් උඹ කියන දේ තමයි මෙයින් අදහස් වන්නේ. ඒක ටිකක් දිගට ගෙන ගියොත් මෙහෙමයි. අර easier said than done කියන්නේ. මේකත් එයින් එකක්. අප වගේ සිවිල් බලයක් ගොඩ නගා ගෙන නැති, දේශපාලකයන් හෝ වෙනත් ප්‍රභූ වරුන් නොවන, නළු නිලියන් හෝ වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයන් නොවන සාමාන්‍ය මිනිහෙක් එදිනෙදා ජීවිතයේදී මනුස්සකම කියන එක කොතරම් දුරට රැක ගන්න ඕනෙද හා කොතරම් දුරට රැකගත හැකිද කියන ප්‍රශ්නය තමයි මා කතා කරන්නේ.

මේ ලෝකය “සමන් මලින් පවන් සැලේ” ජාතියේ එකක් නොවේ කියල කිසි කෙනෙකුට අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඒ nasty ලෝකයේ අප කොතරම් හොඳ වෙන්න ඕනෙද කියන ප්‍රශ්නය නොවේ අපට තියෙන්නේ, කොතරම් දුරට nasty වෙන්න ඕනෙද කියන එකයි.

අර නලින් කියනවා වගේ අප සියලු දෙනාම බ්ලොග් ලියන්නේ රස්සාවක් කරන නිසා. ඒ කියන්නේ ජිවත් වීම සඳහා යමක නිරත වෙනවා. මා කලින් ගොඩක් වාරයක් ලියා ඇති පරිදි රැකියාවක් නැතිවුනහම මිනිහෙක්ගේ පැවැත්ම නැතුව යනවා. එය දන්නා මිනිසුන් එය දන්නවා. නමුත් නොදන්නා එකා දන්නේ නැහැ. ජිවිතයට රැකියාවක් නොකරපු මිනිසුන් සමහරවිට කොහොමද වැඩ කරන්නේ, කොහොමද සමාජවාදී සමාජයක් තනන්නේ, ධනපතියන් ලෝකේ හොඳ වුනේ කවදද යනාදී වශයෙන් අපට උපදෙස් දෙන්න පුළුවන්. හැබැයි එයින් වැඩක් තියනවාද? මොකද එවැනි මිනිසුන් ජිවත් වන්නේ වෙනත් කවුරු හෝ වැඩකරන නිසා.

පසුගිය කාලේ ලංකාවේ වැඩ වර්ජනයට මිනිසුන් සහභාගී නොවුනා යයි චෝදනා තිබුනා. ඒ වගේම බංග්ලාදේශයේ අර ජරා අනතුරකින් මිනිසුන් බොහෝ ගණනක් මැරුණ වෙලාවේ කවුරුත් විස්සෝප වුනා. මා බංග්ලාදේශ පොරක් එක්ක මා කතා කලහම කියුවේ දවසට ඩොලර් එකට කරන රස්සාව නැති කර ගන්න කිසි කෙනෙක් කැමති නැහැ, මොකද ඒ තැන ගන්න තව දහස් ගානක් ඉන්නවා කියල. එය ඛේදවාචකයක් තමා. නමුත් අප අමතක කරන්න නරකයි. බිමට වඩා පැදුර හොඳයි කියා. ආර්ථික අර්බුධ කාල වල රස්සා කොහොමත් නැති කර ගැනීම අනතුරුදායකයි. රස්සාවක් තියන කම් ණයට අරන් පසුව දෙන්නම් කියලා හෝ විදුලි බිල ගෙවන්න පුළුවන්. හැබැයි රස්සාව නැති වුනොත් කවුරුවත් ණයක් දෙන්නේ වත් නැහැ. එම යතාර්ථය අප අමතක කරලා වල් පල් ලියුවට වැඩක් නැහැ. සටනකින් තොරව දිනුමක් නැහැ තමා. නමුත් ලෝකේ ගොඩක් වෙලාවට අමාරුවේ වැටුනහම කිසිවෙක් නැහැ.

දැන් එහෙම ලෝකයක අප මනුස්ස කම සම්පුර්ණයෙන් අමතක කරලා ජිවත් විය යුතුද? ඒ වගේම එහෙම අමතක කළේ නැත්නම් අපේ පැවැත්ම (මනුෂ්‍ය වර්ගයාගේ නොවේ අදාළ පුද්ගලයාගේ) අහෝසි වෙනවාද? අන්න එය තමා අර ගිනිගත් හාමුදුරුවන්ගේ ප්‍රශ්නයේදී මගේ හිතට නැගුනේ. මෙය මගේ අත්දැකීමක් හෝ දෙකක් ඇසුරෙන් ලියුවානම් මේ කතාව ඕප දූපයක් වෙනවා. මොකද එවැනි කතා ජිවත්ව ඉන්න මිනිසුන්ට හා ගැහැනුන්ට සම්බන්ධ නිසා. මිට වසර ගණනාවකට කලින් ගත් එවැනි තීන්දුවක් නිසා, මේ ළඟදිත් මනුස්සයෙක් මට මගේ අධ්‍යාපන සහතිකත් මතක් කර මී හරකෙක් කියා බැනලා තිබුන බව මට එම කතාව අහපු කෙනාම කියුව. මේක ඉතා කුඩා ලෝකයක්. මා මේ කියන්නේ ජීවිතයත් මරණයත් තීරණය කෙරෙන දෙයක් නොවේ (ඒ වගේ තමා). ඒ වගේම ක්ෂණිකව හිතලා තීරණයක් ගන්න වුන අවස්ථාවකුත් නොවේ. හොඳට හිතලා කල් යල් අරගෙන තීරණයක් ගන්න පුළුවන් සාමාන්‍ය ජිවිතයේ අපට හමුවන තවත් අවස්තාවක් ගැන.

එවැනි සමහර අවස්ථාවල අප මැදිහත් වීමක් කරන්නේවත් නැහැ. මොකද මැදිහත් වීම තව ප්‍රශ්න වලට පාර කපන්න පුළුවන් කියා අප හිතන නිසා. සමහර විට මැදිහත් වෙනවා. එයිනුත් වරදකරු වෙනවා. හැබැයි මේ තැන් දෙකේදීම අප මුලිකත්වය දෙන්න ඕනේ මනුස්ස කමට නොවේද කියන එකයි මගේ කතාවේ අරුත. දිගට ලියුවෙඋඹට පිළිතුරක් ලෙසම නොවේ. සටහන තව ටිකක් ඉදිරියට ගෙන යන්නයි.

පසුවදන

මේ මා කලින් සටහනට හෙන්රිට  ලියුව ප්‍රතිචාරය වුනත් එය එම සටහනෙහිම දිගුවක් නිසා වෙනම පළ කළා. ඒ ගමන්ම  මේ ගීතයත් අහමුද? ප්‍රබුද්ධ රසිකයා හෝ පාඨකයා හෝ අසන්නා  හෝ නරඹන්නා එක රැයකින්  පහල වෙන්නේ නැහැ. රසාඥ්යතාවය කියන දේ පුහුණු කිරීමෙන් ඉහල නංවා ගත යුතු තවත් කුසල තාවයක්. ප්‍රතිභාපුර්ණ නිර්මාණ කරුවන් බිහි වන්නට, එවැනි අය බිහිකරන නිර්මාණ රස විඳින්නට පිරිසක් ඉන්න ඕනේ වගේම, මේ කියන දෙගොල්ලන්ම ඕපපාතිකව අර වන්දන් මෙන් ලොව පහල වෙන්නෙත් නැහැ. ජනමාධ්‍ය හා ඒවායේ රසිකයන් ගැන කියන්නට ඇත්තෙත් එයමයි. තමනට හොඳ නැතිය කියලා හිතෙන දේවල් ප්‍රසිද්දියේම ප්‍රතික්ෂේප කල යුතුයි.
I have made this letter longer, because I have not had the time to make it shorter- Blaise Pascal
Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “ගහකොළ මැළ වෙන ගිම්හානේ….

  1. රයිගම් මෙන්න මේ ගීතය අහන්න අහලා මට කියන්න.. ඔබට නිසාමයි මේ දුන්නේ
    ක්‍රිෂ්ණා ලෝ අම්බලමේ

    • මේ වගේ ගීත එවන ඔබ වැනි පින්වත් මහත්තුරුන් ලොවේ තවත් සිටීද? අසන්නන්ගේ ඉල්ලීම් සලකා බලන්නේ නැත්ද ශේර්මි?

  2. මිනිස්සු පෙර අත්දැකීම් වලින් ඉගෙනගන්නවා මචං. පෙර ‘වැරදි’ කියන වචනේ මම පාවිච්චි නොකලේ අසූවේ ජූලි වැඩ වර්ජකයන්ගේ අත් දැකීම් ගැන මම මෙතනදි උදාහරණයකට ගන්න යන නිසයි. learning from ether’s mistakes, අනුන්ගේ වැරදිවලින් ඉගෙන ගන්න එකත් අපි නොහිතාම වෙන දෙයක්. වැඩ වර්ජනයක් ගැන සඳන්හන් වෙන ඕනෑම මොහොතක මට ජූලි වැඩ වර්ජකයෝ විඳපු දුක් මතක් වෙන්නේ ඉබේම. උඹ කියනවා වගේ බිමට වඩා පැදුර හොඳ බව තීරණය කරන්නේ යටිහිත.

    දවසක් මචං මම ගෙදරින් කිලෝමීටර් එකසිය ගානක් ඈතක පාරේ වාහනේ පදවාගෙන යනවා.අපි විතරයි පාරේ පේන තෙක් මානෙක හිටියේ. මමත් සුපුරුදු විදියට ඒ පාරේ යන්න හැකි වේගයට අනුව උපරිම වේගයෙන් තමයි ගියේ. හදිසියෙම මම දැක්කා බයිසිකලේක නැගුනු මිනිහෙක්, මැදිවියේද, වයසකද කියන්න බෑ, බයිසිකලේක නැගලා අපි ඉස්සරහින් අපි යන පැත්තටම පාරේ වම් අයිනේ යනවා. අපි ලං වෙනකොටම මේ මිනිහා වැනෙන්න ගත්තා. ඊට පස්සෙ පාර පැත්තට පෙරලුනා. මම ගිය වේගයෙන්න දකුණට දාලා සෑහෙන ඈතින් වෙට්‍ටුවක් දාලා එහෙමම ගියා. මේ මොහොතෙ මගේ කකුල බ්‍රේක් එක උඩ තප්පර කීපයක් වෙන ගැලපෙන වචනයක් මට කල්පනා වෙන්නේ නෑ,hover වුනා.

    ඒ මොහොතේ මම නවත්තනවද නැද්ද කියණ තීරන දෙකින් එකක් වේගයෙන් ගත්තා.

    මම ඒ වෙනකොටත් පාරක් සම්බන්ධ නඩුවකට උසාවි යන කාලේ. මට නීති පද්ධතියම එපා වෙලා තිබුන කාලයක්.

    මම මේ නිවාඩුවට ඇවිත් ඉන්නේ ලංකාවට. රිටර්න් ටිකට් අරන්. නියමිත දිනයට නොගියොත් දෙන්නටම රස්සාව නෑ.

    ලොකු දරුවා විදේශ විශ්ව විද්‍යාලයට ගියා විතරමයි.

    පොඩි එකාට අපි දෙන්නා විතරයි ඉන්නේ.

    අපි ලංකාවෙ රස්සාවත් දාලා ගිය මිනිස්සු.

    ලංකාවේ උසාවියක සාක්කි දෙන්න ගියොත් නඩුවකට යන කාලය ගැන අපි කවුරුත් දන්නවා

    මේ සිද්දිය කවුරුත් දැක්කේ නෑ. මේ මිනිහා වෑන් එකේ හැප්පිලා පෙරලුනේ නෑයි කියන්න ඉන්නේ මගේ පවුලේ අය විතරයි. පොලිසියට නඩු කඩන්නත් පුලුවන් හදන්නත් පුලුවන්.

    මේ මිනිහා බීලා හිටියොත් මම හැප්පුවේ නෑ මිනිහා ඉබේ වැ‍ටුනාන් කියලා පොරට මතක් තියෙන්නත් පුලුවන් නොතියෙන්නත් පුලුවන්.

    මිනිහා පාරේ වැටිලා ඉන්නකොට මගේ වාහනේ ඊට අඩි කීපයක් ඉස්සරහින් නවත්තලා තියෙද්දි මම ඇවිත් මිනිහට කොහොමද කියලා බලනවා පිටිපස්සෙන් එන වාහනයේ ඉන්න උඹ දැක්කොත් උඹ මොනවද හිතන්නේ?

    මේක hit and run driversලා වැහි වැහැපු කාලයක්.

    උඹ දන්නවා ලංකාවෙ මිනිස්සු පාරෙදිම නඩු අහලා වාහනේ ආපු උන්ට මැරෙනකම්ම ගහලා වාහනේටත් ගිණි තියලා තමයි කරුණු සොයාබලන්නේ බව.

    ලිස්ට් එක දිග වැඩි නිසා මම මෙතනින් නවත්වනවා, නමුත් තව ඕන තරම් කරුණු තියෙන්වා.

    ඊට ටිකකට පස්සෙ වාහනයක් අපි පස්සෙන් අධික වේගෙකින් පන්නාගෙන එනකොට මට නොහිතුන දෙයක් නෑ මචං. නමුත් ටිකකින් ඒක මාව පහු කරලා ඉගිල්ලිලා ගියා. ඊට පස්සෙන් ආපු වාහන කීපයකුත් ඒ විදියටම අපිව පහු කරගෙන ගියා. අර මිනිහා නැගිටලා යන්නත් ඇති, නැතිනම් අනිත් උනුත් මම වගේම බය වෙන්න ඇති.

    උඹ හිතන්නේ මට ගිල්ටි හිතුනේ නෑ කියලද? එහෙම නොවුනා නම් මම මේක මතක තියාගෙන ඉඳීද මෙතන ලියන්න?

    මම මේ සිද්ධියත් තව සිද්දි කීපයකුත් අනුසාරයෙන් ප්‍රබන්ධයක් ලිව්ව ඉංග්‍රීසි බ්ලොගේ. මේක උඹට ප්‍රබන්ධයක් කියලා නොහිතෙන්න පුලුවන් මම පාවිච්චි කරපු techniques නිසා.

    මෙන්න කියවලා බලාපං.

    FORGIVE ME DUDE IF YOU CAN

    • අලවනකොට ඉංගිරිස් යකාට ගිහින් මචං. පොඩ්ඩක් එඩිට් කරපං රයිගම් මහන්සි නොබලා. 😀 මේවයි වචන.
      learning from ether’s mistakes
      hover
      hit and run drivers
      techniques
      මේක උඹේ පෝස්ට් එකට වඩා දිගයි වගේ මචං.

      • මොනාද බං දිග ප්‍රතිචාර එවනවා මදිවට, ඒවා සංස්කරණය කරන්න කියලත් කියනවා. විහිළු. Not a problem! මා කැමතියි මේ වගේ ප්‍රතිචාර වලට. උඹ හා කෙන්ජි නැත්නම් මේක ලියලත් හමාරයි. 😀 To help or not to help, that’s the question. and how to help is another one. මහා පාරවල් වල විතරක් නොවේ එදිනෙදා ජීවිතයේත්, සමහර වෙලාවට උදවු කරන්න අවශ්‍ය කම තිබුනත් එය කොහොමද කරන්නේ කියන ප්‍රශ්නය තියනවා. මා ඕස්ට්‍රේලියාවේ මහා පාරේදී මෙවැනි මා සම්බන්ද නොමැති ගොං කම් දෙකක් කර තියනවා. හොඳ වෙලාවට නරකක් වුනේ නැහැ. පසුව පෙඩරල් පොලොසියෙන් මා ඇහුවා මෙවැනි වෙලාවට මොකක්ද කරන්නේ කියා. එවැනි අවස්තාවක මෙහෙ නම් හොඳම දේ එයාලට කියන එක කියලයි එයාලම කියුවේ. මේ නීතියක් තියන රටක්. මේවා ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ වගේම මහපාරේදී මෙවැනි හදවතට මුලිකත්වය දෙන මිනිසුන්ට ඉතා නරක අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදුවුණා අවස්ථා තියනවා. පසුගිය වසරේ මෙහෙ කොහේ හරි කල්ලියක් හිටියා අර ළදරු කරත්තයක්, කොට්ටයක් සමග පාර අයිනේ තියලා, උදවු කරන්න එන එකාට ගහලා තියන දෙයක් උදුරා ගන්න. මේ ගැන පෙඩරල් පොලොසියෙන්ම අනතුරු හැඟවීම් කර තිබුනා පසුව. උඹේ කතාව කියෙව්වා. හරියටම මෙතනට ගැලපෙනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s