You’re either part of the solution or part of the problem!


මේ සතියේ මා කියවපු ප්‍රවුර්ති දෙකක් මගේ කලින් සටහනට සම්බන්ධ නිසා, මෙයත් ලියන්න හිතුනා. එකක් තමා පර්ත් නුවර අපේ ශ්‍රීලාංකික-ඕස්ට්‍රේලියානුවෙකු අඩුම ගානේ වසර 17 ක් හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වීම. අනෙක තමා ලංකාවේ නියන්දතාල් යුගයට අයත් කෙනෙකු විසින් අසන නඩුවක පැමිණිලි කාර හෙදියගේ ගවුමේ දිග පළල බලාගෙන එන්න යයි පොලොසියට කීම.

මේ ප්‍රවුර්ති දෙකට පොදු මෙන්ම, එකිනෙකට වෙනස් කරුණු තියනවා. හැබැයි ලොකුම පොදු දේ තමා මේවා සාමාන්‍ය මිනිසුනට එදිනෙදා ජිවිතයේ වෙන සිද්දි වීම. පර්ත් නුවර ලාංකිකයා හිරේට නියම වුනේ, තම බිරිය මිටියකින් ගසා මරා දැමීම වෙනුවෙන්. ඕස්ට්‍රේලියාවේ මරණ දඬුවම නැති නිසා ගස් යවන්නේ නැහැ. ලංකාවේ ගවුමේ දිග පළල බලාගෙන එන්න යයි කියලා තියෙන්නේ හෙදියක විසින් ලිංගික අතවරයක් ගැන ගොනු කල නඩුවකදී.

මේ කරුණු දෙකට පොදු අනික් දේ තමා, ඒවා කාන්තාවන්ට එරෙහි හිංසන වීම. අර කාන්තාව මරා දමපු සිද්දියේදී එලි උන කතා වලට අමතරව ඒ ගැන දන්නා තව කරුණු ඇති. කවුරුත් නොදන්නා, නමුත් එම මියගිය කාන්තාව හා හිරේට ගිය කෙනා විතරක් දන්නා දේවලුත් ඇති. හැබැයි මරණයක් දක්වා දික් ගැස්සුන කතා බහට මුලික හේතුව එම කාන්තාව හා පිරිමියා අතර විවාහයේ ඇතිවුන පිරිපහදු කළ නොහැකි පරස්පරතා කියලා අනුමාන කරන්න පුළුවන්. එවැනි මරනයකදිත් බොහෝ මිනිසුන්, අර පිරිමියා ඉතා හොඳ මිනිසෙකු වශයෙනුත්, ඕවගේ ගැහැනුන්ට ඔහොම වෙලා මදි වශයෙනුත් කියනවා. ඒ කියන්නේ විවාහක ගැහැනියක්, තව මිනිසෙකු ඇසුරු කිරීම මරණිය දණ්ඩනය ලැබීමට සුදුසු වීමත්, මරණයක් සිදුකල පිරිමියෙක් චෝදනා නොලබා නිදහස් කිරීමත්. මා අදහස් කරන්නේ නීති පද්ධතියෙන් නොවේ. මිනිස් සන්තානය නමැති නීති පද්ධතියෙන්.

ඒ වගේම කාන්තාවක් මහා පාරේදී ලිංගික හිංසනයට ලක්වීමට හේතු වුන කරුනුත් එම කාන්තාව මතම පටවන්නේ පිරිමින් පමණක් නොවේ කාන්තාවනුත් විසින්. හැබැයි එවැනි දෙයක් තමන්ට හෝ තමන්ගේ සමීප කෙනෙකුට වුනොත් මෙයාලා මේ විදිහටම කියයිද? ඒ මිනිසුන්. හැබැයි එවැනි කාන්තාවක් නීතියේ පිහිට පැතූ විට, නඩුව අහන  ගොයියා ඉන්නේ වසර ලක්ෂ ගණනකට එහා යුගයක නම් එතන තත්වය ගැන ලියන්න වචන හොයා ගන්නත් බැහැ.

අප ගෙයක් දොරක් ගන්නා විටත්, ගෙදරකට බඩුවක් ගන්නා විටත්, වාහනයක් ගන්නා විටත්, පාසලේ හෝ සරසවියේ විෂය මාලාවන් තෝරා ගන්නා විටත් නිකම් එක පාරටම එසේ කරන්නේ නැහැ. සමහර විට දවස් ගණන් ගවේෂණය කරනවා. තව අයගේ අදහස් ලබා ගන්නවා. ජිවිතයේ සහකරුවෙකු හෝ සහකාරියක තෝරා ගන්න එක හෝ තනිවම ජිවත් වෙන්න හිතා ගැනීම ඕනෙම කෙනෙකුගේ ජිවිතයේ අමාරුම තීරණය කියලත් කියන්න පුළුවන්. ගෙයක් ගත්තත් එය මාරු කරන එක ලෙහෙසි දෙයක් නොවන කොට සහකරුවෙක් හෝ සහකාරියක් මාරු කරන එක සහකරු හෝ කාරිය තෝරා ගැනීමටත් වඩා ජිවිතයේ අමාරුම තීරණය වෙන්නත් පුළුවන්. හැබැයි බොහෝ දෙනා එවැනි තීරණයක් ගන්න අවශ්‍ය වුනත්, ඒ ගැන සිතන්න හෝ පෙළඹෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් කරුනු නිසා. ඒ ගැන ලියන්න මා වෙහෙසෙන්නේ නැහැ.

ජීවිතය පුරාම ගෘහස්ත හිංසන ක්‍රියා වලට ලක්වෙමින් කල් යවන ගැහැනුන් හා පිරිමින් ඉන්නවා. නමුත් ඇහෙන කතා වල හැටියට ඇති බහුතරය කාන්තාවන් කියා අනුමාන කරන්න පුළුවන්. ඒ වුනත්, එයින් මිදීමට ඔවුනට ඇති හැකියාව බොහෝ කරුණු නිසා සීමා වෙනවා. ආර්ථික හා සමාජයීය කරුණු වලට අමතරව, අවට ඉන්න කෙනෙකුගෙන් වචනයකින් හෝ උදව්වත් නොමැති වීමත්, නිරන්තරයෙන් කෙරෙන අධෙර්යය කිරීමත් එවැනි තිරණයක ගැනීමට පසු බාන්න හේතු වෙනවා. අවුරුදු විස්සකටත් වඩා සැමියාගෙන් ගුටි කමින් ජිවත් වුන කාන්තාවක්, එක මිනිසෙකු කියපු පොඩි කතාවක් ඇසීමෙන්, සති දෙකකට පමණ පසු අර සැමියා ගෙයින් එලියට දමා පන්නා ගත් පුවතක් මා දන්නවා. එයින් පසු ඒ දෙදෙනා දිකසාද වුනා.

මෙවැනි කරුණු වලට පිටින් ඉඳගෙන අත දාන එක සමහර විට, තමන්ව ගිනි තියා ගන්නවා වගේම භයානක වැඩක්. ඒ නිසා එවැනි දේවල් වලට මැදිහත් වෙන පිරිස අඩුයි. ඒ වගේම මෙවැනි කරුණු ගැන ප්‍රසිද්ධියේ සටන් කරන සිවිල් බලයක් ගොඩ නගා ගත් චරිත වලින්ද, සාමාන්‍ය කෙනෙකුට වැඩක් වෙන්නේ නැහැ. එවැනි සිවිල් බලයක් ගොඩනගා ගත්  පිරිස් ඉන්පසු ජීවිකාව ගෙවන්නේ, ඒ මගින් නිසාම ඔවුනට වෙනත් “රාජකාරි” තියනවා, මෙවැනි දේවල් වලට අත පොවනවාට වඩා.

දිගින් දිගටම කරදර ගෙන දෙන ගෙදරක රැඳිලා ඉන්න කැමති පිරිස් අඩුයි. එයට පිලියමක් හොයන්න උත්සහ කරනවා. හැබැයි මිනිසුන්ගේ නොගැලපීම හෝ තවදුරටත් ආකර්ෂණයක් නොමැතිවීම ගැන එවැනි නිදහස් මනසකින් බලන්න අප පෙළඹෙන්නේ නැහැ. හරිනම් භෞතික දෙයක් ගැන ගන්නා තීරණයකට වඩා, අදහස් හුවමාරු කර ගත හැකි දෙදෙනෙක් තමන් ගැන ගන්නා තීරණය පහසු වෙන්න ඕනේ.

Advertisements

12 Comments

Filed under Lifestyle, Opinion, Social

12 responses to “You’re either part of the solution or part of the problem!

  1. kathandarakaraya

    අපි හැමෝම ලෙඩ්ඩු.

    ඒත් සමහර ලෙඩ නිසා සිද්ධකරගන්නා දේ ගැන මට නං කණගාටුවක් නොවෙයි ඇතිවෙන්නේ කෝපයක්.

  2. kathandarakaraya

    ටයිටලයක් සිංහලෙනුත් දාන්න කෝ රයිගම.

  3. SINHALA TITLE EKA WENATH ARUTHAK NAM WEDAK NEHE, HARIYATA KAKKA GE TITLE WAGE.

  4. MATA THIYANA LEDE THAMI HEADING EKA BASHA DEKENMA SAMNAWA LIYA GANEEMATA NOHAKIYAWA, SAHA PUKA, JOKKU, ADEE SUBJECTS GENAMA LIWEEMATA SITHWEEMA.

  5. හිරු

    මේ ගැන තැන් කීපෙකම දැක්ක පෝස්ට් වල තිබ්බෙත් මේ ටිකම තමයි රයිගම….

    මට නම් තියෙන්නේ කළකිරීමක්… අද අපි ඉන්න තැන් අඩියක් වත් ඉස්සරහට අපේ ඊළඟ කාන්තා පරම්පරාවට යන්න පුළුවන් වෙන්න මාත් ගොඩක් දේවල් කළා.. ඒත් මේ දේවල් දකිද්දි නම් හිතෙන්නේ අපේ ලංකාවේ ගෑහැණියකට, මේ ඉන්න තැනම තව කාලාන්තරයක් ඉන්න වෙයි කියලා….

  6. Seriously mate, don’t you have any better thing to do?

  7. Don’t be a loser. Get a life, seriously!

  8. Point taken කකා! 🙂

  9. ඇත්තටම සතාගේ පුල්ලි මතු වෙන්නේ සමහරවිට කන්ද මාරු වුනහම කකා! ලෙඩට බේත් ගන්න අද අවස්තාව තියනවනේ!

  10. ඔබ කියුවහම මාත් දෙකක් බැලුවා. මෙය ලියා තියෙන්නේ ඒවා බලා නොවේ. මා අනුමාන කළ දේවල් ඔය හරියටම කියල තියෙන්නේ. ගං කබරයන් තමා. කොම්පුටර ඉස්සරහ ඉඳගෙන හිටියත් එය වහගන්න බැහැ.
    මා ලියුවේ මහා සමාජය ගැන නොවේ, සමාජයේ ඉන්න එක එක මිනිසුන්ට තමන්ටම පාලනය කර ගන්න පුළුවන් දේවල් වණ කර ගන්න හැටියි හිරු! ඒකට හේතුව අර කලින් කියපු දිව දෙකේ ගතියම තමා. මේ රටවලුත් මෙතනට ඇවිත් ඉන්නේ දිග ගමනක් ඇවිත්.තව යන්න තියනවා. “අති ප්‍රාඥ” හිටපු පුවත්පත් කතුවරුන්, කාන්තාවන්ට ළමයි බලාගෙන ගෙදර ඉන්න කියන කොට, ඔය සාමාන්‍ය ගං කබරයන් ගැන කවර කතාද හිරු?

  11. මම විසඳුමේ කොටසක් වීම කෙසේ වෙතත් අවම වශයෙන් ප්‍රශ්ණයේ කොටසන් නොවී ඉඳීමට හැකි තරම් වෑයම් කරනවා මචං.

  12. අන්න ඒකය් මචං That’s the way it should be කියල කියන්නේ. උඹ කලින් ලියපු විදිහට අනුන්ගේ හා තමන්ගේ අතීත අත්දැකීම් ජිවිතයට ගාවා ගන්න එක තමා ඉගෙනීම කියල මා නම් අදහස් කරන්නේ. මේ කියවෙන සියලු දේවල් මාත් එහෙම ඉගෙන ගත්තු දේවල් දේවල්ම තමා.