හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ? Measure twice, cut once! (1)


Diy-Redneck-Bathroom-Remodeling-Measure-Once-Cut-Twice

දරුවන්ට මොනවගේ අංශයකින් ද ඉගෙන ගන්න ඕනේ කියා මග පෙන්වීමක් කරන්න පුළුවන් වුනත්, බලෙන් යමක් ඉගෙන ගන්න කියා කියන්න  බැහැ. අපේ අම්මල තාත්තලත් ඒ වගේ ලොකු බලපෑමක් කළෙත්  නැහැ.

සමහර පිරිස් ලියන විට මා දැකල තියනවා අමු බොරු. නිකම් මෝඩ ආතල් කඩන්න හොඳ නැති නිසා මා නම් ඕවා හරි ගස්සන්න යන්නේ නැහැ. ඕස්ට්‍රේලියාවේ මහාචාර්ය කෙනෙකුගේ පඩිය ඩොලර් තිස් දාහයි කියල ලියපු දෙයක් මට මතකයි. ඕස්ට්‍රේලියාවේ දී පඩිය ගැන හිතලා තෘතීය අධ්‍යාපනය කරනවා නම් තෝරා ගන්න හොඳම අංශය තමා දන්ත වෛද්‍ය විද්‍යාව. මොකද  උපාධියක් නිම කරපු කෙනෙකුට දැනට ලැබෙන ඉහලම ආරම්භක සාමාන්‍ය වැටුප ලැබෙන්නේ දන්ත වෛද්‍ය වරුන්ට. හැමෝටම දත් දොස්තරලා වෙන්න පුලුවනිද? බැරි වුනත්, අර මහාචාර්ය කතාව වගේ ඉගෙනීම කිසිම වැඩකට නැති දෙයක් කියලා පාච්චල් කරන්න පුළුවන් කියල මා නම් කොහොමටවත් හිතන්නේ නැහැ.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුව 2011/12 වසර වලදී ඇස්තමේන්තුවලට අනුව ඩොලර් බිලියන 9.4 ක් විද්‍යාත්මක පර්යේෂණ හා සොයා ගැනීම් සඳහා ආයෝජනය කර තියනවා. මෙහෙම වෙන් කරපු මුදල් වලින් අප වගේ සාමාන්‍ය ජනතාවත්, පොදුවේ ආර්ථිකයත් අර මෙහෙන් ගලවාගෙන යන්න හදන “ෆෝර්ඩ්” වගේ සමාගමුත් ප්‍රතිලාභ ලැබුවා. 

වසර 2011 දී ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් විසින් ලෝකයේ විද්‍යාත්මක ප්‍රකාශන වලින් 3% කට දායක වී තිබෙනවා. ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලෝකයේ ජනගහනයෙන් 0.3% පමණයි. ඒ කියන්නේ ඒකපුද්ගල දායකත්වය වශයෙන් අර ප්‍රකාශන ගණන ලෝකයෙන්ම ඉතා ඉහල අගයක්. 

ඊයේ අප යම් වැඩකට අප කතා කළ සුද්දගේ රැකියාව අලෙවියට සම්බන්ද එකක්.  නමුත් ඔහුගේ වෙනසක් මා දැක්කා. කතා කරන විලාශය පමණක් නොවේ, කතා කරන දේවලුත්. අන්තිමට මා ඔහුගේ පරණ විස්තර අහපුවාම ඔහු කලින් ගුරුවරයෙකු බව දැන ගත්තා. ඔහු පාසැල් කාලයේ දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක්. තාත්තට ඕනේ වෙලා තියෙන්නේ ඔහුව වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙක් කිරීමට. හැට ගණන් වල “ෆුට් බෝල්” ගහලා එතරම් සල්ලි නොලැබෙන නිසා ඔහු ගුරු වෘර්තියට අදාළ සරසවි උපාධියක් නිම කර තියෙන්නේ තාත්තගේ විරෝධය මැද්දේ.

හැබැයි පාස් අවුට් වෙලා වසර පහක් ගුරු වෘර්තිය කරගෙන ඉන්න කොට එයින් ඉවත්වී, වඩාත් මුදල් ලැබෙන අද කරන රැකියාවට ඇවිත්. ඔහු කියන්න කලින් මා ඔහුගේ වෙනසක් දැක්කා. මේ කතාව ඔහු කියපුවහම මා සිතපු දේ හරි යයි සිතුනා. ඒ වගේම අපට ඔහුගේ කතාව නිසා “informed decision”  එකක් ගන්න වෙන කෙනෙකුගෙන් නොලැබෙන අන්දමේ විස්තර ටිකක් ලැබුනා.

රස්සාවත් පඩියත් වැදගත් තමා. හැබැයි කලින් සටහනේ විදිහට ගං කබර ජිවිත ගත කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔය මොනම ඉගෙනිමකින් වත් ඇති වැඩක් නැහැ. සමහරුන්  ජිවිත කාලෙම පාසලේ හිර වෙලා. තවත් සමහරුන් අවස්තාව ලැබිලත් ඉගෙන නොගෙන, පසු කාලෙක ඇරියස් ගන්න හොයනවා. අර සීගිරි යන්න බැරි වුනා වගේ. හැබැයි අප ඊයේ කතාකරපු මනුස්සයගෙන් වගේ, ඔබ උගත් දේ වෙන යමක නිරත වුනත් ඔබෙන් දැක ගන්න ලැබෙන්න ඕනේ. ඒ කියන්නේ පතෝල හොද්දක් වැනි දෙයක් හදන විටදී පවා.

අනික ඉගෙනීම කියන දේ සහතික පමණක් නොවේ. එය එදිනෙදා ජීවිතයේදී පෙන්නුම් වෙන්නේ නැත්නම් එයින් වැඩක් නැහැ. විශ්වයේ සම්භවය ගැන පර්යේෂණ කරලා, ගෙදර ඇවිත් සහකාරිය හා කරුවා සමග ගුටිකෙල ගනිමින් ජිවත් වන කෙනෙකුගෙන් වැඩක් තියනවාද? ඒ වගේම තමන්ගේ  “ෆුල් පැකේජ්” එක තමා වඩාත් වැදගත්. සමාජ වාදය ගැන විශ්වාස කරන කෙනෙක්, එය හරියටම විප්ලවයෙන් පසුව එක පාරටම පහල වෙන දෙයක් ලෙස හිතාගෙන වැඩ කරනවා (ගොඩක් වෙලාවට වැඩ කරන්නේ නැහැ). 

මේ වගේ සම්භාව්‍ය බුද්ධිමතුන්  හා සමාජයේ කැපී පෙනෙන සමහරුන්ගේ ජිවිත වල එවැනි “ඉගෙනීම්” දකින්න නැත්තේ ඇයි කියන ප්‍රශ්නය මට කලකට ඉහතදී තිබුනා. ඒ එවැනි පිරිස් වැඩිපුර දැකපු නිසා. හැබැයි පසුකාලයේ මට එසේ නොවන මිනිසුන් මුණ ගැහුන නිසා මාත් ගොඩක් ඉගෙන ගත්තා. අප උත්සහ කරන්න ඕනේ තියන ඉගෙනීමත් එක්ක දෙපිටකාට්ටු බව නැති කර ගැනීම මිසක්, තව දුරටත් සහතික එකතු කර ගනිමින් දෙපිටකාට්ටු  බව තවත් වැඩිකර ගැන්ම නොවේ කියල මා  ඔය නිකම් ඉන්න වෙලාවට හිතන දෙයක්.

18 Comments

Filed under Education

18 responses to “හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ? Measure twice, cut once! (1)

  1. \\\විශ්වයේ සම්භවය ගැන පර්යේෂණ කරලා, ගෙදර ඇවිත් සහකාරිය හා කරුවා සමග ගුටිකෙල ගනිමින් ජිවත් වන කෙනෙකුගෙන් වැඩක් තියනවාද? \\\

    හරියට හරි රයිගම්..ගොඩක් අයට වෙලා තියෙන්නෙත් මේක තමයි.මහා ලොකු දේවල් කිව්වට , සරළ වචනෙක තේරුමක් වටහා ගන්න බැහැ..ඔබ සමාජවාදය ගැන කියපු දේත් 100% හරි..වර්තමානයේ බොහෝ සමාජවාදීන් ඉන්නවා ළඟ ඉන්න කෙනාගේ බඩට ගහලා වේල පිරිමහ ගන්න.. රෝන් ටෝක් එකක් ගියපු හැටියේ කියන්නේ ” මම තමුසෙගෙන් කාල ඇඳලා නැහැ ඕයි ” කියලා… සමාජවාදය රෙද්ද පල්ලේ බේරෙනවා…

    ආසාව , දක්ෂ කම , රැකියාව සහ ආර්ථිකය කියන මාතෘකාත් හරි පරිස්සමට තෝරාගන්න ඕනේ රයිගම්..මොන දෙයක් කරන්නත් ආර්ථිකයක් තියෙන්න ඕනෙමයි..කිසිම කෙනෙක් පාන් කෑල්ලක් බඩගින්නට දෙන්නේ නැහැ සහ බලාපොරොත්තු වෙන්නත් බැහැ… එහෙම නේද …?

    ඒ නිසා ආර්ථිකය ශක්තිමත් කරගන්නම ඕනේ..ඕනෙමයි..ඊට පස්සේ පුළුවන් ආසාවල් , හීන , විනොදාංශ ගැන කතා කරන්න..

    මම හිතන්නේ 30% වගේ පිරිසකට විතරයි ලස්සන රැකියාවක් ලැබෙන්නේ හොඳ පඩියක් එක්ක( සාපේක්ෂ ජීවන මට්ටම ඉහළ රටවල් සලකන්න ) …

    අනිත් බොහෝ දෙනා ආසාවන් , මුදල් , නිදහස , විවේකය මත්තේ නහිනවා..( අපි සියලු දෙනාටම මේ සත්‍ය යටයි රයිගම්..)

    අවසාන වශයෙන් කියන්න තියෙන්නේ යන්තන් පණම් හතරක් හොයා ගන්න හරි ජොබ් කට්ටක් ඕනේ..ජොබ් කට්ටක් හොයාගන්න නම් අධ්‍යාපනයක් , දක්ෂ කමක් තියෙන්න ඕනේ..ටික ටික ජොබ් එකෙන් , අධ්‍යාපනයෙන් , දැනුමෙන් , ආර්ථිකයෙන් ඉහළට යන්න … හැබැයි රොබෝ කෙනෙක් වෙන්න එපා , නිතරම අනුවර්තනය වෙන්න..

    ( මේවා ඉතින් කියන්න නම් හරි ලේසි රයිගම් නැද්ද 😀 )

  2. ඇත්තටම කියනවා නම් ශේර්මි, මේ සටහන ලියන්න හේතු වුන කරුණු ගණනාවක් තියනවා. මගේ පෞද්ගලික දේ අයින් කලොත් පසුගිය දිනෙක ලංකාවේ සිටින නියන්දතාල් යුගයට අයත් නඩු ඇසීම රැකියාව කර ගත් මිනිසෙක් කියපුදේත් හේතු වුනා. ඒ සම්බන්ධව ඔබ අනෙක් බ්ලොග් වල පළ කර තිබූ අදහස් සමග මා එකඟ නොවෙනවා පමණක් නොවේ, එම අදහස් හෙලා දැකිය යුතු ඒවාත් කියා තරයේ සිතනවා. මා ජිවත් වන සමාජයේත් එවැනි අදහස් නැතුවාම නොවේ. හැබැයි එයට ප්‍රතිවිරෝධය ප්‍රභලයි. මේ නඩු අහන මනුස්සය වගේම, දෙයක් මිට වසර කීපයකට කලින් ඕස්ට්‍රේලියාවේ ජිවත් වන එක්තරා ආගමකට අයත් මනුස්සයෙක් ප්‍රකාශ කළා. එයට අරෙහිව ආපු ප්‍රතිවිරෝධය හැම තැනම පෙනුනා. හැම සමාජයකම එවැනි පසුගාමී ආකල්ප දරන මිනිසුන් සිටීම අපට නතර කරන්න පුළුවන් දෙයක් නොවේ. හැබැයි මිනිසුන් පෙනී සිටින දේවල් වල පරස්පරතා තිබීම හැම තැනම දකින්න තියන දෙයක්. එය නම් මට ප්‍රශ්නයක්.

    මා අද දරන අදහස් වලට ආවේ එක රැයකින් නොවේ. එය අප කාටත් පොදුයි.
    ඔබ ඉහත දක්වා තියන අදහස් වලට එකඟයි. ඔබ කියනවා වගේම අප නිතරම අනුවර්තනය වෙනවා. මනුෂ්‍යයාගේ ලොකුම හැකියාවත් එයයි. අප අනුවර්තනය වන්නේ නොසිතා නොවේ. හොඳට හිතලා. සතුන් හා අප අතර වෙනස මෙන්ම අපට ප්‍රමුඛතාවය ලැබෙන්න හේතු වන එක ලක්ෂණයක් තමා එය. ඔබ කියනවා වගෙ මේවා ලියන්න ලෙහෙසියි. ඒත් ජිවිතයට එක්කර ගන්න අමාරුයි.

    ඔබගේ පැමිණීමත් කොමෙන්ටු ලිවීමත් මා නිතරම අගය කරනවා. 🙂

  3. මා උපකල්පනය කරන විදිහට මේ වන විට ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයට හිමි කම් කියන්නෙක්. ශ්‍රී ලංකා රජය සමග කිසිදු නෛතිකව බැඳීමක් නැහැ ඔබට ..( උපකල්පනයක් පමණයි )

    මම ලංකාවේ පුරවැසියෙක් නම් මට නීතියෙන් කිසිම අවසරයක් නැහැ අධිකරණය , එහි තීන්දු , නඩුකාරයන් , අධිකරනයාන්ත්‍රණය හෙලා දකින්න තියා වචනයක් කියන්න වත්..

    තීන්දුවක් ගැන ගැටළුවක් තියේ නම් කල හැක්කේ , තීන්දුව අභියෝගයකට ලක් කරමින් ඉහළ උසාවියේ පිහිට පැතීම පමණයි ..එයද කල යුත්තේ නීතීඥයෙකුගේ උපදෙස් මත පමණමයි..

    එහෙම ඇරෙන්න කිසිම පුරවැසියෙක්ට අධිකරණයට ඇඟිල්ලක් දික් කරන්න බැහැ. රටේ ජනාධිපති විතරමයි අධිකරණයෙන් නිදහස් එකම එකම එකම පුද්ගලයා..

    විනිසුරුවෙක් සෑම විටම තීන්දුවක් දෙන්නේ සියල්ල සලකා බලලා .ඔහුගේ තීන්දුව සර්ව සාධාරනයි. ( නෑ නෙවේ ඔව් .. කෝ ඔව් කියන්න 😀 ) ඔන්න ඔහොමයි නීතිය රයිගම්..

    වෛද්‍යවරයෙක් , එන්ජිනේරුවෙක් , වැනි සිවිල් තනතුරු ගණයට වැටෙන්නේ නැහැ නඩුකරයන්ව …අඩුම තරමේ හිනා වෙන්න වත් බැහැ . ගෙදරට අවොත් තේ එකක් දෙන්නවත් බැහැ.. ( එය අල්ලසක් වෙන්න 50 50 සම්භාවිතාවක් තියෙනවා )

    අද වන විට රටේ තනතුරු සඳහා පත්ව ඇත්තේ කිනම් පුද්ගලයන්දැයි ඔබට වැටහීමක් ඇති නේ මගේ මිත්‍රයා …? මම කොහොමද කටක් ඇරලා මගේ කට ඇතුලේ තියෙන දේ කියාගන්නේ …? මාව හිර වෙලා … ඔන්න ඕකයි සත්‍ය.

    ඔබ අර කියපු ආගමික නායකයන් වැනි ඕනෙම අයෙක්ව විවේචනය කරන්න පුළුවන් රයිගම්.මහානායකගේ සිට යාචකයා දකවා .කැමති නම් ගෙදරට ගලක් උනත් ගහන්න පුළුවන් , හූ කියන්න පුළුවන් , බ්ලොග් පෝස්ට් දාන්න පුළුවන් ..කැමති ඕනේ දෙයක්.. නොකවුට් කරත් අවුලක් නැහැ … 😦

    තව පුංචි කාරණාවක් කියන්නම් ඔය සිද්දිය ගැන ..හැමෝම අල්ල ගත්තේ නඩුවේ තීන්දුව නෙවේ..නඩුකාරයා හෙදියට කල අවවාදය විතරයි හැමෝම අල්ල ගත්තේ ..තරුණයන්ට කල අවවාද , පැමිණවූ දඬුවම් ගැන කිසිම කෙනෙක් කතා කරේ නැහැ..ඔබ සිතන්නේ ” හා පුතාල දැන් යන්න ” කියලා උසාවියෙන් එව්වා කියලද …?

    සමස්ථ ප්‍රකාශයම සැලකුවානම් තේරේවි මොන තරම් වැරද්දක් කට්ටිය කළබල වෙලා කර ගත්තද කියලා…

    කෙසේ හෝ මම නැවතත් එකක් කියනවා , ඒ තමයි මට කියාගන්න බැරුව නීතියෙන් හිර වෙච්ච දේවල් ටිකක් තියෙනවා..ඒ ටික කියාගන්න බැහැ… තේරුම්ගත්තොත් ඔන්න හපනා … 😀

    අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම්කො…බල්ලෙක්ට ඔටුන්න ගියොත් , පහු වෙනිදා සිට බල්ලටත් ” රජතුමනි ” යැයි කියා අමතන්න වෙනවා.. ඒ බල්ලගේ අහුරු කුක්කන්ටත් සෑර් කියන්න වෙනවා… ඔබ නීතියෙන් නිදහස් , මම තාම යටයි.. ඕකයි වෙනස..මේ ටිකත් කිව්වේ මෙය වැදගත් , ශිෂ්ඨ සම්පන්න , ජීවිතාවබෝදය ඇති විදේශිකයෙක්ට අයත් බ්ලොග් අඩවියක් නිසා ….

    ඔය අනුවර්තන කතාව උනත් හරි ගැටළු සහගතයි නෙව රයිගම් ශෝර්ට් මෙමරි තියෙන අයට..වෙලාවකට යුධ මානසිකත්වයට අනුවර්තනය වෙනවා , වෙලාවකට මල් ගස් වටේ යනවා , වෙලාවකට නාහෙන් අඬනවා ( චන්දෙ කාලේට වගේ ) , වෙලාවකට හුරේ මානසිකත්ව එනවා ..කීයකට කියලා අනුවර්තනය වෙන්නද …? 😀 ( විහිළුවක් කරේ හොඳද )

  4. kathandarakaraya

    හැමෝම දත් දොස්තරලා වුණොත් එක් අයෙකුට දත් 28 ක් පමණ බලා කියා ගෙන ජීවත් විය හැක!

  5. හෙට අපට නිවාඩුයි මිත්‍රයා. මා කියන්නේ ශේර්මි, සාමාන්‍ය සමාජයේ වැඩිපුර තියන මතය. ඔබ නරක කෙනෙකු කියා මා කියන්නේ නැහැ. අඩු ගානේ මා ලියන දේවල් බලන්න එන නිසා එහෙම කියන්න බලාපොරොත්තුවක් නැහැ (විහිළු 😀 ). හැබැයි බලන්න කාන්තාවන්ගේ පවා මතය. එයාලට අනුව, මේ අනික් කාන්තාවන් පාරට බහින්නේ, කාට හරි කියලා තලා ගන්න (තමන් විතරයි හරි ෂෝක්). මහා ලොකුවට මනස ගැනයි ලියන්නේ. මොනවාද මේ විකාර ශේර්මි?
    අපගේ ආකල්ප වෙනස් වන්නේ හරි හෙමින් ශේර්මි. අනික එවැනි ආකල්ප කොයි අතටද යන්නේ කියලා තීරණය කෙරෙන සාධක ගණනාවක් තියනවා. ඔබ මා සමග මිට වසර විස්සකට කලින් කතා කළා නම්, මා අදට වඩා වෙනස් මිනිහෙක්. අනුවර්තනය නමින් මා අදහස් කළේ එයයි.
    ඔබ අන්තිමට විහිළුවට ලියල තියන දේ තමයි, ලංකාව සම්බන්ධව හරිම ඇත්ත. එය අනුවර්තනයක් නොවේ. තාවකාලික ආරෝපනයක්. 😦

  6. ඒත් කකා, තමන්ගේ දත් බලවා ගන්න වෙන කෙනෙකු ගාවට යන්න වෙනවනේ. එතකොට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්නේ කොහොමද?

  7. Kenji @ Japan

    දරුවන්ට මොන අංශයකින්ද ඉගෙනීම කල යුත්තෙ කියල අපේ කාලෙ මාපියන් තීරණය කලත් දැන් නම් තනිකර වෙනස්.
    ගිය වසරෙ O /L ප්‍රතිපල වලින් පසු දියණිය අප දෙදෙනා සමග කිව්ව ඇයගේ ඉදිරි අධ්‍යාපනික වැඩපිළිවෙල.මට නම් සමහර තැන් ගැටළු සහගත වුනා.අපට වඩා දැන උගත් අයගෙන් කරුණු අවබෝධ කරගෙන ඇයට අවසර දුන්න.දැනට මගේ දුව එයාගෙ මලයව මෙහෙයවනව ඔහු යා යුත්තෙ මොන පාරේද කියා අපට අමතරව.
    මා මේ ටික ලිව්වෙ රයිගම ලංකාවෙත් ඉදිරියේදී බිහිවන උගතුන් “ගල”අත ගාපු එකාට පක්ෂව ප්‍රශ්න අහන එවුන් නැතිව,තමා උගත් කාලයෙ මෙන්ම,අදත් එකම සටන කරන එව්වන්ට “කාලකන්නි” කියන භාවිතා කරන වගේ අය නැතිව බුද්ධිමත් පරපුරක් බිහි වේවි කියල හිතනව.

  8. අපේ කාලෙත් එහෙම වුනේ නැහැ කෙන්ජි. ඒ කියන්නේ දෙමාපියන් නොවේ තීරණය කෙරුවේ අප මොනවාද කරන්නේ කියලා. බලපෑම් කියන්නේ යකෝ මේක නොකලොත් තෝව මරලා ගඟේ දානවා කියන විදිහේ තර්ජන නොවේ. අපේ ජීවන විලාසිතාවම බලපෑමක්. ඔබ දොස්තර කෙනෙක්ද, නිතිඥයක්ද නැත්නම් බස් කොන්දොස්තර කෙනෙක්ද කියන එකට වඩා එහි තියන බලපෑම වැඩියි.

  9. රයිගම්, මේ ටිකේම මම ඔබගේ සටහන් කියෙව්වා සුපුරුදු ලෙසම. කමෙන්ට් දාන්න තරම් මම පරිණත නෑ වගේ හිතුණා. රුපියල් අස්සෙ මොකට අලුක්කාල් ගහනවද? කොහොම වුණත් 100% ක් එකඟයි.

  10. Raigama

    මටත් ඔය ප්‍රශ්නය තියනවා ලකී. සමහර තැන් වල කොමෙන්ටු දාන්න මා අදාළ කෙනෙක් නොවනවා යයි හැඟෙනවා. ඒත් එයාලා මගේ බ්ලොගයේ කොමෙන්ටු දාන නිසා, මොකුත් නොකියා ලිස්සලා යාම ගැනත් වරදකාරී හැඟීමක් දැනෙනවා. මට ගොඩක් අදාළ නොවනවා වගේ හැඟෙන්නේ ලංකාවේ දේශපාලන, සමාජ හා ආර්ථික කතා. අනික් ඔය කෙටිකථා හා ලොල් කතා මා කියවන්නේ නැහැ. ඔබ නිහඬ මොකද කියා ලඟදි මට කල්පනා වුනා. මා හිතුවේ කියවීම අත හැරලා කියලා. මගේ සටහනුත් අලුක්කාල් තමා.ඒක හින්ද වැඩිපුර හිතන්නේ නැතුව යමක් ලියන්න. 🙂

  11. Kenji @ Japan

  12. kathandarakaraya

    මෙහෙමයි, ඒකට බාබර් මෙතඩ් එක දානවා.

    මේ බාබර් ගේ කොණ්ඩේ කපන්නේ අර බාබර්.

    ඒ බාබර් ගේ කොණ්ඩේ කපන්නේ මේ බාබර්!

  13. ඔතන තමයි ප්‍රශ්නය තියෙන්නේ කකා. තමන් කපා ගන්නේ කාට කියලද හා තමන් කපන්නේ කාගේද කියන ප්‍රශ්නය නිරාකරණය කර ගන්නේ කොහොමද?

  14. ඉතින් රයිගම් මෙහෙම කරන්න බැරිද …කීයක් හරි දික් කරන් එන ඕනේ කෙනෙක්ට කපනවා… තමන්ට කපා ගන්න ඕනේ උනාම කීයක් හරි දික් කරන් ගිහින් කපා ගන්නවා.. 😦

  15. අද අපට නිවාඩු දවසක් ශේර්මි. මොනවාද කළේ දන්නවද? නැහැ ඕනේ නැහැ! ඔහොම දික් කරන් ගිහින් කපා ගත්තහම පරම්පරාව ගෙනියන්නේ අල්ලපු ගෙදර එකාද? 😀

  16. \\\ඔහොම දික් කරන් ගිහින් කපා ගත්තහම පරම්පරාව ගෙනියන්නේ අල්ලපු ගෙදර එකාද? \\\

    ඉතින් එකටත් ක්‍රමයක් තියෙනවා රයිගම්.. කපා ගන්න යන්න කළින් පරම්පරාව හදලම කපා ගන්න ගියා නම් ඉවරයිනේ…හැබැයි වැඩි දෙනෙක්ට මේ හැකියාව නැහැ … 😦

  17. කියන්න බලන්න නිවාඩු දවසේ කරපු දේවල් මොනාද කියලා…? මොකද මගෙත් දැන් නිවාඩුව එන්න එන්න නීරස වෙමින් එන්නේ..ළඟදීම අලුත් දේකට යොමු වෙන්න ඕනේ…

  18. ඔබේ වෙලාව හොඳයි. දවල් යාලුවෙකුගේ ගෙදර තිබුන බණකට ගියා. ගෙදර ඇවිත් ඇඳුම් මාරු කරගෙන වත්තේ තිබුන පඳුරු ටිකක් කපල සුද්ද කළා (ශීත සමය වෙනුවෙන්). ඉන්පසු එළවලු දෙකක් හා මස් හොද්දක් ඉවුවා. පුතෙක් ලියල තිබුන දෙයක හොඳ නරක කියුවා. ඒ ගමන් ගෙදර තිබුන දෙයක් හිස් කළා. මගේ දවස තවම ඉවර නැහැ. 😀 Boring නේද?

    මේකට යමක් එකතු කරන්න ඕනේ. මා කියන්න හැදුවේ අද මට ordinary දවසක් කියලා. extraordinary දවස්, නිවාඩු දවස් වෙන්නේ නැහැ. අද උදේ නමය වෙනකම් නිදා ගත්තා. දානේ ගෙදර හැර වෙන ගමන් තිබුනේ නැහැ. ඒකයි නිවාඩු දවසක් කියුවේ. 🙂

Leave a reply to Shermie Fernandez

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.