හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ! Measure twice! cut once (2)!


Diy-Redneck-Bathroom-Remodeling-Measure-Once-Cut-Twice

පසුගිය සතියක ඕස්ට්‍රේලියානු ෆෝර්ඩ් සමාගම නිවේදනය කළා 2016 වසරේදී ඕස්ට්‍රේලියාවෙන් යන්නටම යන වග. ඕස්ට්‍රේලියානු නිෂ්පාදන ක්ෂේත්‍රයේ 90 වසරක දීප්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන ෆෝර්ඩ් මෝටර් රථ සමාගම කියන්නේ මෙහෙ කාර් හදන එක තව දුරටත් කරගෙන යන්න බැහැ කියලයි. ඔවුනට අනුව මෙහෙ කාරයක් නිපදවන්න යුරෝපයට වඩා දෙගුණයකුත්, ආසියාවට වඩා හතරගුණයකුත් යනවා.

නිෂ්පාදන වියදම එකක්. මිනිසුන් කාර් නොගන්න එක තව කරුණක්. ෆෝර්ඩ් කාර් අලෙවිය පසුගිය කාලේ දිගටම පහල ගියා. අඩුම ගානේ වික්ටෝරියානු ප්‍රාන්ත ආණ්ඩුව වත් ෆෝර්ඩ් කාර් මිලදී ගන්නේ නැහැ. ඉස්සර පත කාර් ගන්නට ආසා කරපු මිනිසුන් දැන් පොඩි කාර් වල තමා යන්න බලන්නේ. ලෝකයේ තෙල් මිල නොසිතු ලෙස ඉහල ගියාට පසු සිලින්ඩර හයේ කාර් වලට තෙල් ගහලා බඩගින්නේ ඉන්න මිනිසුන් කැමති නැහැ.

නිෂ්පාදන මිල ඉහල යාමට අමතරව, වෙනස් වන වෙළඳපොළට අනුව කල් තබා හැඩ  ගැසෙන්නට බැරි වීම ෆෝර්ඩ් සමාගමේ ඉරණමට බල පාන්න ඇති. ඔය මොනවා වුවත් මිනිස් ශ්‍රමය බහුලව අවශ්‍ය වන නිෂ්පාදන ක්‍රියාවලින් මෙහෙන් සදහටම තුරන් වීම වලක්වන්න හැකියාවක් නැති වේවි.

මේ වගේම  තමා අපත් එකම තැන පල්වෙමින්, එකම දේවල්ම ලියමින්, කියවමින් ඉන්නවා නම් අපෙත් පැවැත්මට තර්ජනයක් ඇති වෙනවා. දරුවන්ට අධ්‍යාපන මාර්ග තෝරා ගැනීමේදී අපට මහා ලොකුවට බලපෑම් කරන්න බැරි වග මා කලින් ලියුවා. හැබැයි එයාලට උපදෙසක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපගේ අත්දැකීම් ඇසුරෙන් අනාගතයට අවශ්‍යවන දේවල් ගැන එයාලට වඩා අපට හිතා ගන්න පුළුවන් නිසා.

අපට වඩා මෙහෙම වෙනස් වෙන්න හැකි දේවල් ගැන  ගණනය කරන්න පුළුවන් වෙනත් ආයතන තියනවා. රජය කියන්නේ ඉන් එකක්. ඔවුනට පුළුවන් ආනාගතයට අවශ්‍ය වන්නේ මොන අන්දමේ ශ්‍රමිකයන්ද කියා අපට වඩා හොඳින් කියන්න. මොකද ඒ ගණන් බැලීම් හා දත්ත විශ්ලේෂණය කිරීමේ දෙපාර්තමේන්තු ඔවුන් සතුයි.

මේ මොනවාවත් නොවේ මා මේ සටහන් පෙළ ලියන්න හේතුව. අර ලංකාවේ දෙමළුන්ට, දෙමළුන් වීම නිසා තියන ප්‍රශ්නය මොකක්ද කියල අහල සිංහලුන්ම ඒකට උත්තර දෙනවානේ (නැහැයි කියලා). ඒ වගේම තමා සමාජයේ කාන්තාවකට, කාන්තාවක් නිසා තියන ප්‍රශ්න මොනවාද කියලා අහලා, පිරිමින්ම ඒකට උත්තර දෙනවා. මා කුඩා කාලයේ විද්‍යාත්මක කරුණු ගැන දැන ගැනීමට උදවු වුන, මේ වගේ “සම්භාව්‍ය ඉගෙනීමක්” තියන කෙනෙකු පසු කලක සැබවින්ම හම්බ වුනහම, එයා ඇත්තටම හිතන හැටි දැන ගත්තහම මට ඉගෙනීම ගැන පුදුම කලකිරීමක් දැනුනා.

ඒ ගැන යමක් ලියන්න මට පුළුවන් වේවිද? බලමු!

ඉහත රූපයේ උල්පත.

Advertisements

10 Comments

Filed under Education

10 responses to “හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ! Measure twice! cut once (2)!

  1. ඔබගේ අදහස් හා සමඟ සපුරා එකඟ වෙමි..රයිගම්…. 🙂

    පොඩි නිවැරදි කිරීමකට අවසර..ඝන දෙවි නොව ගණ දෙවි විය යුතුයි..

    • රවී ඊයේ මට හරියට ස්තුති කරන්න බැරි වුනා. මේ වගේ දෙයක් දකින එක ගැන මට සතුටුයි. අප දෙවන භාෂා හරියට හසුරුවන්න උත්සහ කරනවා, පළමු භාෂාව මරමින්. මට ඇත්තටම මොන ග යන්නද කියන ප්‍රශ්නය ආවා. දෙපාරක් හිතලා තමා ඝ යන්න යෙදුවේ. කම්මැලි කමට හෙවුවේ නැහැ. අද පත්තර වල තරම් භාෂාව මරණ වෙන තැනක් නැහැ. එහෙම තියෙත්දී මෙවැනි කුඩා බ්ලොගයක මේ වගේ වරදක් දකින්න හැකි ඔබ වැනි පිරිස් ඉන්න එකත් එක අතකට විරල කාරණයක්. 🙂

  2. හිරු

    කලින් එකේ කමෙන්ට් ටික කියෙව්වෙත් දැන්…

    අපි පොඩි කාලේ ලොකු වෙලා කවුද වෙන්න ආස ඇහුවම දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙන් වෙනවා කිව්වේ තේරුමක් ඇතුව නෙවෙයිනේ… හැබැයි අදත් මට හිතුන දෙයක් තමයි අපි ඉස්කෝලෙන් අවුට් වෙනකම්මත් ඒකේ තේරුමක් දැනගෙන හිටියේ නෑ කියලා… තමන්ගේ දක්ෂතාව සහ ආසාව තියෙන පැත්තට යන්න තේරුමක් තිබ්බේ නෑ කියන එක… දෙමවුපියෝ හෝ කවුරුහරි අපේ ජිවතේට බලපෑමක් කරපු කෙනෙක්ගේ මඟපෙන්වීම යටතේ යම් ක්ෂෙත්‍රයකට අවතීර්ණ වෙලා ඒකෙම පැලපදියම් වෙනවා ඒක රස්සාවක් හින්දා… පඩියක් ලැබෙන හින්දා…

    නැත්තම් මුලු හිතින්ම දොස්තර කෙනෙක් වෙන්න ආස කරන, ඒක වෘත්තියක් විතරක් නොවෙච්චි කෙනෙක් කවදාවත් මිනිස්සු මැරෙන විදියට වැඩ කරන්නේ නෑ… දැන් වෙලා තියෙන්නේ ඒක වෘත්තියක් විතරක්ම කර ගත්ත අය වැඩි වීමයි.. ඉතිං සල්ලි වලට ඕනේ හොර වැඩක් කරනවා… මං දොස්තර කම ගත්තේ ඒක පැහැදිලි කරන්න ලේසි නිසා…

    අපේ රටේ අධ්‍යාපනයේ තියෙන ප්‍රායෝගික වටිනාකම වල අගය දවසෙන් දවස අඩුවෙනවා රයිගම… අර පහුගිය සිද්ධියෙදි ඒක තවත් පල්ලෙහාට බැස්සා…

    • මෙහෙමනේ හිරු, ඔබ කොයි රටක හිටියත් පාසල අවසන් වන විට තියා, සරසවි වගේ තෘතිය අධ්‍යාපනයක් ඉවර කරන කොට වත් අනාගතේ මොනවාද කරන්නේ කියන එක ගැන වැඩිපුර හැඟීමක් නැහැ. ඔය වෛද්‍ය හෝ දන්ත වෛද්‍ය විද්‍යාව වගේ ඉතාම සුවිශේෂ විෂය ක්ෂේත්‍රයක් කරනවා නම් ටිකක් වෙනස්. එහි ඇති වරදකුත් නැහැ. මොකද ලෝකේ ලෙඩ්ඩු නම් වැඩි වෙනවා. හැබැයි අනෙක් රැකියා අවස්ථා එහෙමටම වැඩි වෙන්නේ නැහැ. එතකොට විෂය ක්ෂේත්‍රය විතරක් දැනගෙන මදි.

  3. \\\\මේ මොනවාවත් නොවේ මා මේ සටහන් පෙළ ලියන්න හේතුව. අර ලංකාවේ දෙමළුන්ට, දෙමළුන් වීම නිසා තියන ප්‍රශ්නය මොකක්ද කියල අහල සිංහලුන්ම ඒකට උත්තර දෙනවානේ (නැහැයි කියලා). ඒ වගේම තමා සමාජයේ කාන්තාවකට, කාන්තාවක් නිසා තියන ප්‍රශ්න මොනවාද කියලා අහලා, පිරිමින්ම ඒකට උත්තර දෙනවා.\\\

    බොහෝ බ්ලොග් වලත් වෙන්නේ ඒක රයිගම්…මොකක් හරි අල්ලන් ඔහේ කියවනවා හිස් තර්ක දදා..සබ්ජෙක්ට් එක දන්න මනුස්සයෙක් ඇවිත් දෙයක් කිව්ව ගමන් , ඒ මනුස්සයාගේ අනියම් බිරින්දෑ වරු ගැන , ව්‍යාපාර වල සුජාත භාවය , අකුරු ඇදයි කීම , විදේශිකයෙක්ද ස්වදෙශිකයෙක්ද වගේ දේවල් ගැන හිස් ප්‍රශ්න අහනවා.. වැඩේ චාර්ටර්ම උනාම 2 වසරේ පොඩි කොල්ලෝ වගේ බනිනනවා.. රයිගම්ට මතකද ක්‍රිකට් මැච් පැරදුනහම දිනපු පිලට කුණුහරප කිය කියා යන දෙක වසරේ කොල්ලෝ… 😀
    ___________________________________________________________

    ෆෝර්ඩ් වැනි සමාගමකුත් අකුළන් යනවයි කියන්නේ සෑහෙන්න ගැටළුවක් තමයි..ඒ ගොඩනැගිලි , කර්මාන්ත ශාලා වලට මොකද කරනවයි කියන්නේ 2016 පස්සේ …? ඔය සුට්ටන් සුට්ටන් කාර් බට්ටෝ ටිකක් හදන්න එපැයි හිත ඇදෙන්න..මොකෝ පුරු වෙන්න කාර් හදනවයි එයාල….

    තවත් දෙයක් තියෙනවා ඔතන රයිගම් , ඒ තමයි දැනමත් මල්ල පුරෝගෙන ඉවරයි ඒ අය..ඒකයි පල්ලම් බහින්නේ.

    __________________________________________________________

    ඔබ කැමති විටක මගේ බ්ලොගයට එන්න , අදහසක් කියන්න ..ඕනේ තරම් නිදහස තියෙනවා ඔබ වැනි කෙනෙක්ට දෙයක් කියන්න …

    • මා ඔබ ලියන දේවල් කියවනවා. එන්නේ කොහොමද කියා සොයන්න එපා. මගේ සටහන් කියවනවා යයි මා දන්නා සියලු දෙනා ලියන දේවල් මා සිරිතක් ලෙස කියවනවා.
      ෆෝර්ඩ් ගැන කියුවොත් ඔය ගොඩනැගිලි වගේ දේවල් සුළු දේවල්. එයාල කලින් හම්බ කරන්න ඇති. නමුත් ශේර්මි, මෙහෙ නිෂ්පාදනය කරනවාට වඩා, චීනේ කර්මාන්තශාලාවක් දාල එයින් දැනට වඩා හතර පස් ගුණයක් ලාභ ගන්න පුළුවන් නම් කවුද එහෙම නොකරන්නේ. මේවගේ සමාගම් වල ආයෝජනය කරලා තියන මිනිසුනුත් “අනේ ඕස්ට්‍රේලියාවේ රැකියා ටිකට කෙල වෙනවා, පාඩුවට හරි මෙහෙම දුවමු” කියාගෙන ඉන්නේ නැහැ. මෝටර් රථ කර්මාන්තයට වඩා ලෝක වෙළඳපොලේ “කොම්පෙටිටිව්” විදිහට ගෙනියන්න පුළුවන් වෙනත් අංශ ඕස්ට්‍රේලියාවේ තියනවා. අවාසනාවකට වගේ දේශපාලකයන් හොයන්නේ වඩාත් ජනප්‍රිය දේවල්. එහි වරද අන්තිමට මහජනයා අතේමයි

  4. Kenji @ Japan

    පාවිච්චි කල Sports වර්ගයේ වාහන සහ cc 1600ධාරිතාවයේ වාහන ජපානයෙන් ගෙන්වන්නෙ ඒවායෙ මිල අඩු නිසාද රයිගම.

    • ඒ ගැන දන්නේ නැහැ. ඒ කියන්නේ පාවිච්චිකළ වාහන පිටින් කොපමණ ගෙන්වනවාද කියලා. මේ කියන්නේ අලුත් වාහන අලෙවිය කෙන්ජි. එයින් තමා මෝටර් රථ හදන සමාගම් දුවන්නේ. ඒ වෙළඳපොල කොරියන්, චීන වැනි රටවල් වලින් හදා එවන කුඩා හා කාර්යක්ෂම රථ විසින් අල්ලාගෙන යනවා. හැබැයි ටොයෝටා තාම අල්ලාගෙන ඉන්නවා. කොපමණ කලක් ද දන්නේ නැහැ.

  5. අර වැසිකිලි දොර හදපු එකා හොයාගන්න ඇත්තං.

    ෆෝර්ඩ් කියන්නෙ කාලෙ තාලෙට වෙනස් නොවුන නිසා පැරදුන සමාගමක්. ඒගොල්ලන්ගෙ වාහන හොඳ ඇමරිකාවටයි, මැද පෙරදිගටයි තමයි. ඒත් ෆෝර්ඩ් ඉන්දියන් සමාගම වැඩේ අල්ලගෙන තියෙනව. ඔස්ට්‍රේලියාවට තායිලන්තෙන් ජපානෙන් එන ටොයෝට එක්ක හැප්පෙන්න අමාරුයි. ඒකයි ඔස්ට්‍රේලියාවට ජපානෙන් එන ලෑන්ඩ් කෘසර් ලෝක වාර්ථා තියල විකුනද්දි රට තුලම හදන එක්ස්ප්ලෝරර් වැටෙන්නෙ.

    • ඉන්දික, ඔබ හා කෙන්ජි කාර් ගැන අහලා හා කියල තිබුන නිසා ඒ ගැන වෙනම පොඩියට ලියන්නම්. මගේ මුලික අරමුණ එය නොවුන හින්දා මෙහි ලියුවේ නැහැ. දැනට මේ ටික කියන්නම්. ඕස්ට්‍රේලියාවේ ජනගහනය ලෝක ජනගහනයේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 0.3 යි. ඉතින් ඇමෙරිකාවේ හෝ යුරෝපයේ වගේ විශාල වෙළඳ පොලක් නොවේ. මෙහෙ කාර් හදන වියදම විතරක් නොවේ, ඕනෙම දෙයක් හදන්න යන වියදම වැඩියි. විශේෂයෙන් චීනය හෝ ආසියාව සමග සංසන්දනය කරන කොට. ශ්‍රමය මිල අධිකයි. ඒ වගේම දේශීය වෙළඳ පොළ විතරක් තිරසාර නිෂ්පාදන ක්‍රියාවලියකට ප්‍රමාණවත් නැහැ. මෙහෙ හැදෙන ඇපල් වැනි පලතුරක නිෂ්පාදන වියදම පවා දකුණු ඇමෙරිකාව වගේ මහාද්වීපයක් සමග සංසන්දනය කරන කොට වැඩියි. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වාගේ, ඕස්ට්‍රේලියානු ඩොලරය මිට ටික කලකට පෙර ඇමෙරිකානු ඩොලරයට වඩා ඉහල නැග්ගා. ඉතින් මෙහෙන් අපනයනය කරන කොයි නිෂ්පාදනයත් වුවත් ගාණ වැඩියි. එතකොට දැන් ටොයෝටා වගේ කාර් මෙහෙ හදල පිටට යවන කොට එහි මිල නිකම්ම වැඩියි. ඕස්ට්‍රේලියාවේ නිපදවන ටොයෝටා වාහන වලින් හතරෙන් තුනක්ම විදේශීය වෙළඳපොළට නිපදවෙන්නේ. ෆෝර්ඩ් ගත්තම ඔබ කියන කරුණ ඇත්ත. නමුත් ඔවුනගේ මෙහෙ විකිනෙන වාහන තියනවා. ඒවා ආනයනය කරපු ඒවා. මෙතැනදී එම සමාගමේ යටි අරමුණකුත් තිබුනා කියල හිතෙනවා මෙහෙන් යන්න. දිග වැඩි නිසා වෙනම ලියන්නම් සටහනක් හැටියට.
      වැසිකිලි දොර නම් සුපුරුදු දසුනක් නේ ඉන්දික. හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, එයාර් බස් තිහක් ගන්න යන එක හා ඔය තවත් අප්‍රිකානු හා වෙනත් රටවලත් ඕනේ තරම් උදාහරණ තියනවා. විශේෂයෙන් තමන්ගේ සල්ලි වලින් නොවේ අනුන්ගෙන් ණයට අරගෙන හදපුවහම වහන්නවත් බැරි දොරවල්!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s