අවට බලමු ඇස් ඇරලා! Car production in Australia!


වර්ෂය නිෂ්පාදිත කාර් ගණන
1950 58,000
1960 204,000
1970 475,000
1980 361,000
2000 347,122
2005 388,985
2006 326,960
2007 334,772
2008 324,118
2009 223,354
2010 239,443
2011 224,193

(Source: International Organisation of Motor Vehicle Manufacturers)

මගේ කලින් සටහනේ ප්‍රතිචාරයකට පිළිතුරක් ලෙසම නොවේ මෙය ලියන්නේ. තමන් ජිවත් වන වටාපිටාවේ වෙන්නේ මොනවාද කියල දැන ගෙන සිටීම වැදගත්. ඒ වගේ දේවල් වෙන්නේ මොකද කියන  එක, එනම් තමන් නිරීක්ෂණය කරන දේවල් පසුපස තියන හේතූන් මොනවාද සොයා බැලීම එයටත් වඩා වැදගත්. මේ විස්තර වලට මගේ අදහස්  නැහැ. මේ දත්ත ඉදිරිපත් කිරීමක් විතරයි.

ATT00002

ඉහතින් තියන දත්ත පෙන්වන්නේ 1950 ගණන් වල ඉඳල ඕස්ට්‍රේලියාවේ කාර් නිෂ්පාදනය වෙනස් වුන ආකාරයයි. එයින් පෙන්නුම් කරනවා වසර 2008 න් පසුව දේශීය කාර් නිෂ්පාදනයේ පහල වැටීම. දැනට ඇති දත්ත වලට අනුව මෙය තව දුරටත් පහල යාමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ තියන කාර් හදන සමාගම්  තුනෙන් එකක් වන ෆෝර්ඩ් ඕස්ට්‍රේලියා, වසර 2016 වන විට මෙහෙන් තොලොංචි වෙලාම යන වග පසුගියදා ප්‍රකාශයට පත් කළා. අනෙක් සමාගම් දෙක වන ටොයෝටා ඕස්ට්‍රේලියා සහ හෝල්ඩන් සමාගම් වලද තත්වය එතරම් හොඳ යයි කියවෙන්නේ නැහැ.මෙයට වසර  කිහිපයකට කලින් මිට්සුබිසී ඕස්ට්‍රේලියානු සමාගම වසා දැමුවා.

මේ පහතින් තියෙන්නේ 2012 වසරේ අප්‍රේල් මාසය තුල ඕස්ට්‍රේලියාව පුරා වැඩිපුරම අලෙවි වුන කාර් වර්ග විස්සේ ලැයිස්තුවයි. දෙදහස් දොළහ මුළු වසර ගත්තත් මේ ලේඛනයේ වෙනසක් වන්නේ නැහැ. කාලයක් ඕස්ට්‍රේලියාව තුල වැඩිපුරම අලෙවියක් තිබු “අයිකොනික කාරයක්” වන ෆෝර්ඩ් ෆැල්කන් කියන කාර් වර්ගයට 2012 වසර වන විට අයත් වී තියන ඉරණම මේ ලැයිස්තුවෙන් බලා ගන්න පුළුවන්.

  1. Toyota HiLux (4X2 and 4X4): 3565 sales
  2. Mazda3: 3005 sales
  3. Toyota Corolla: 2573 sales
  4. Holden Cruze: 2315 sales
  5. Holden Commodore: 2258 sales
  6. Hyundai i30: 2147 sales
  7. Toyota Prado: 1725 sales
  8. Toyota Camry: 1602 sales
  9. Nissan Navara (4X2 and 4X4): 1590 sales
  10. Mitsubishi Triton (4X2 and 4X4): 1482 sales
  11. Mazda CX-5: 1413 sales
  12. Toyota Yaris: 1380 sales
  13. Mazda2: 1305 sales
  14. Ford Focus: 1105 Sales
  15. Ford Territory: 1076 sales
  16. Toyota Kluger: 1047 sales
  17. Ford Falcon: 1009 sales
  18. Subaru Forester: 989 sales
  19. Honda Jazz: 972 sales
  20. Hyundai iX35: 971 sales

මේක තව දුරටත් තේරුම් ගන්න මේ ලැයිස්තුවෙන් පුළුවන්. මේ තියෙන්නේ 2003 වසරේ සිට දැවැන්තයෙකුගේ කඩා වැටීම. මේ තියෙන්නේ ෆෝර්ඩ් ෆැල්කන් අලෙවියේ පහල වැටීම.

2003 – 73,220

2004 – 65,384

2005 – 53,080

2006 – 42,390

2007 – 33,941

2008 – 31,936

2009 – 31,023

2010 – 29,516

පහතින් තියෙන්නේ මේ වසරේ පසුගිය මාසයේ ඕස්ට්‍රේලියාවේ වැඩිම අලෙවියක් තිබුන කාර් වර්ග 30හේ ලැයිස්තුවක්. ගිය වසරේ වැඩිම අලෙවියක් තිබුන කුඩා කාරය වන මැස්ඩා3 අබිභවා ටොයෝටා කොරොල්ලා ඉදිරියට පැමිණීම මෙහි දකින්න පුළුවන්. ඒ වගේම ෆැල්කන් වැනිම අයිකොනික කාරයන් වන හෝල්ඩන් කොමොඩෝර් වල අලෙවිය පහල බහිමින් තියන වග මෙයින් පෙන්නුම් කරනවා.

Australia May 2013 – models:

Pos Model May % /12 Apr 2013 % Pos
1 Toyota Hilux 3,665 3.8% -21% 2 15,790 3.5% 3
2 Toyota Corolla 3,640 3.8% 15% 1 16,774 3.7% 1
3 Mazda3 3,054 3.2% -7% 3 16,405 3.6% 2
4 Mitsubishi Triton 2,606 2.7% 41% 12 9,598 2.1% 7
5 Hyundai i30 2,512 2.6% 16% 5 11,318 2.5% 4
6 Holden Cruze 2,133 2.2% -25% 4 10,125 2.2% 6
7 Toyota Camry 1,934 2.0% 5% 9 7,483 1.6% 12
8 Mazda CX-5 1,773 1.8% 6% 11 8,057 1.8% 11
9 Hyundai ix35 1,770 1.8% 92% 18 7,395 1.6% 13
10 Ford Ranger 1,702 1.8% 6% 7 8,258 1.8% 9
11 Mitsubishi Outlander 1,652 1.7% 196% n/a 3,489 0.8% n/a
12 Holden Commodore 1,647 1.7% -35% 10 8,157 1.8% 10
13 VW Golf 1,575 1.6% -5% 14 6,005 1.3% 20
14 Ford Focus 1,536 1.6% -8% 8 8,393 1.9% 8
15 Nissan Navara 1,511 1.6% -38% 6 11,082 2.4% 5
16 Toyota Prado 1,499 1.5% -21% 17 6,404 1.4% 16
17 Toyota RAV4 1,454 1.5% 7% 15 6,049 1.3% 18
18 Nissan Pulsar 1,416 1.5% new 26 5,698 1.3% 25
19 Holden Colorado 1,379 1.4% 573% 21 6,169 1.4% 17
20 Honda Civic 1,305 1.3% 14% 22 6,593 1.5% 15
21 Subaru Forester 1,305 1.3% 18% 24 5,897 1.3% 22
22 Hyundai i20 1,282 1.3% 165% n/a 4,919 1.1% n/a
23 Mazda2 1,236 1.3% -7% 20 7,155 1.6% 14
24 Mazda BT-50 1,204 1.2% 14% n/a 4,805 1.1% n/a
25 Nissan Dualis 1,176 1.2% -12% n/a 5,744 1.3% 24
26 Toyota Yaris 1,149 1.2% -37% 16 6,040 1.3% 19
27 Honda CR-V 1,146 1.2% 6267% 25 5,883 1.3% 23
28 Ford Territory 1,139 1.2% -11% 19 5,935 1.3% 21
29 Holden Captiva7 1,086 1.1% 22% 23 5,442 1.2% n/a
30 Toyota Kluger 968 1.0% -19% n/a 4,994 1.1% n/

ඉහත ලැයිස්තුවෙන් ගොඩක් දේවල් කියන්න පුළුවන් වුනත් එක දෙයක් තමා හියන්ඩේ අයි30 කියන කාරය වැඩියෙන්ම අලෙවි වන කාර් පහට අයත් වීම. දැනට වසර කිහිපයකට එපිටදී කොරියානු නිෂ්පාදනයක් වන මේ කාර් වර්ගය සැලකුනේ කුණු ගොඩවල් හැටියටයි.

(ඉහත චායාරූපයේ  නිර්මාතෘ මා දන්නේ නැහැ. මෙය ඊයේ පෙරේදා ඊ මේලයක් මගින් ආවේ. එයින් කියවුනේ මෙය ප්‍රංශයේ බස් රථයක කවුළුවකින් ගන්න ලද්දක්  බවයි. බීඑම්ඩබ්ලිව්  මිලෙන් මෙන්ම තත්ත්වයෙන්ද උසස් වාහන කියල ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම කොයි රටේ ජිවත් වුනත් (බස් වල ගමන් කරන විට පවා) “නිදා” ගන්න එක හොඳ දෙයක් නොවේ).

පසු වදන

ඩිලී ගේ ප්‍රතිචාරය නිසා මෙය සඳහන් කරන එක හොඳ යයි සිතුනා. මේ දත්ත මා ලබා ගත්තේ මුලාශ්‍රයන් කිහිපයකිනුයි. ඒවා සඳහන් නොකළේ සටහන වඩාත් දික්වන නිසා. මෙහි සිංහල විස්තර කිරීම්, මේ දත්ත මිසක් වෙන තැනකින් අරගත් දෙයක පරිවර්තනයක් නොවේ. කලින් සටහනේ ප්‍රතිචාරයකට යම් පිළිතුරක් ලෙසයි මා මේ දත්ත ඉදිරිපත් කළේ . මා ඉදිරිපත් කරන්න අදහස් කළ එක දෙයක් තමා, ඕස්ට්‍රේලියානු කාර් වෙළඳපොලේ තියෙන්නේ එක රටක හෝ දෙකක හෝ එක සමාගමක් හෝ දෙකක් විතරක් නිපදවන ලද වාහන නොවේ. ඒ වගේම ඉන්ධන මිල ඉහල යාමත් සමග, මිනිසුන්ගේ තේරීම් වෙනස් වුන වග හා එම වෙනස්වීම් කල්  තියා තේරුම් ගත්ත හා නොගත්ත සමාගම් තියනවා කියන එක.  අනික තමා මොන සෙල්ලම් දැමුවත්, කාර් නිෂ්පාදනය, ඇඟලුම් කර්මාන්තය වගේම මෙහෙන් තුරන්වී යන කර්මාන්තයක් බව අපට ඇස්පනාපිට දකින්න ඇති දේවල් වලට අමතරව, මේ දත්තයන්ද පෙන්නුම් කරන වග කියන්න. මේ සේරටම අමතරව ප්‍රධාන කරුණ තමා මාතෘකාවේ තියෙන්නේ.

Advertisements

10 Comments

Filed under General

10 responses to “අවට බලමු ඇස් ඇරලා! Car production in Australia!

  1. kathandarakaraya

    Photo එක නොපෙනේ.

    • ප්‍රංශයේ පාරක ගත්තු චායාරූපයක් කියපුවහම නොදැක කොහොමද කකා? හැබැයි ප්‍රංශ නඩුකාර උන්නාන්සේ කෙනෙක් මේ බස් එකේ හිටියා නම් ජනෙල් වල වීදුරුත් කඩාගෙන පැනලා තමා නවතින්නේ.

  2. වැඩියෙන්ම විකුණගන්න පුළුවන් වර්ගයේ වාහනය හොයාගෙන , ඊට පස්සේ ඒක බලන් වෙන එකක් හැදුවා නම් අහවරයිනෙ…සරළව කිව්වොත් ” කොපි ” කරානම් ඉවරයි ..ඔව් පින්තූරයක් නම් පේන්නේ නැහැ..

    • ඔබේ විහිළුවේ තමා හරි කතාව තියෙන්නේ. දැනට පාරේ තියන ඒවා කොපි කරලා හදලා හරියන්නේ නැහැ. මොකද මෙහෙම දාන කාර් අවුරුදු දෙක තුනක් තිස්සේ හදලා, වැඩි දියුණු කරලා දාපුවා. මේවාම කොපි කරලා වෙන කෙනෙක් දාන කොට, එයාලගේ වැඩි දියුණු කරපු අනික් කාණ්ඩය ඇවිත්. මේක තමයි ශේර්මි හරි කතාව. වෙනස් වන වෙළඳපොලේ, නොවෙනස් වන අකලංක ආදරවලට ඉඩක් නැහැ. ඔබ වෙනස් වෙන්නේ නැත්නම්, වෙන අය විසින් ඒ තැන අර ගන්නවා. හියන්ඩේ වගේ කාර් සමාගම් කෙරුවේ, එහෙම වෙනස් වුන වෙළඳපොල අනුව, වෙනස් වීමයි. (මෙයට වඩා හොඳ පින්තූර තිබුනා G-rating එකක් දැම්මේ 🙂 ).

  3. Kenji @ Japan

    ජපන්,කොරියන් වාහන වල මිල අඩුකම බලපානවද දන්නෙ නැහැ.
    පොදු ප්‍රවාහන පහසුකම් පෙරට වඩා දියුණු නම් එයත් බලපානව නේද රයිගම?
    පින්තුරයට මහසෙන් ගහල :).

    • වාහන වල මිල අඩුකම තමා ප්‍රධාන දෙය කෙන්ජි. එයට අමතරව කාර්යක්ෂම බව, ආරක්ෂාකාරී බව, බ්‍රෑන්ඩ් නේම් එක, විස්වාසවන්තභාවය හා විකිණීමෙන් පසු සේවා වගේ තව දේවල් ගොඩක් තියනවනේ. පොදු ප්‍රවාහන සේවා බලපානවා තමයි. හැබැයි මේ වෙලා තියෙන්නේ කොහොමත් මිලදී ගන්නා අය බලාපොරොත්තු වන දේ වෙනස් වීමක්. ඒ කියන්නේ තඩි කාර් වලට දන පෙර මෙන් විශාල ඉල්ලුමක් නැහැ. එහෙම කාර් ගන්නා අයත් වෙනස් දේවල්, එනම් ඉන්ධන වඩාත් කාර්යක්ෂමව භාවිතා කරන වාහන සොයනවා.

  4. ඒ BMW එක විකුණනවද දන්නේ නෑ නේද? 😀

    ඔය හෝල්ඩන් කියන කාර් ජාතිය ඉස්සර ලංකාවෙත් තිබ්බා. ඔය ලිස්ට් වලට් තියෙන වාහන හුඟක්ම,(ඔය ඕස්ට්‍රේලියන් ඒවා ඇර) ලංකවේ පාරවල් වල නිතර දකින්න පුලුවන්. වෙනසකට තියෙන්නෙ ලංකාවේ ඩීසල් වාහනවල මාකට් එක කවදත් වැඩිනෙ.

    ඉස්සරම මිනිස්සුන්ට යුරපියන් වාහන වලට වඩා හොඳ වාහන තිබුනේ නෑ. පස්සෙ ජපන් වාහන ආවත් ඒවා නිකං පපඩම් වගේ කිය කිය බැණ බැණ හිටියා. පස්සෙ ඒවා හොඳ වුනා. ඊට පස්සෙ කොරියන් වාහන ආවත් මිනිස්සු ජපන් වාහනේට තිබ්බ කැමැත්ත අතෑරියේ නෑ. අද කොරියන් SUV මාර මාකට්. විශේෂයෙන්ම KIA. දැනට අපි බනින්නේ ඉන්දියන් වාහන වලට.

    • බීඑම්ඩබ්ලිව් කාරය “accessories” සමග විකුනන්නේ නැහැ කියලා තමයි ආරංචිය. කොහොමත් ඔය dealersලාගෙන් full package එක ගන්නේ නැතුව, කාර් එක වෙනම අරන්, එහා පාරේ කඩෙන් “accessories” ගත්ත නම් ලාබයි. 😀

      උඹ කියන කතාව සහතික ඇත්ත. එයට ප්‍රධාන හේතුව මිල තමා. අනෙක මිලත් පහල තියාගෙන විශේෂයෙන් දැන් නිපදවන හියන් ඩේ හා කිආ වැනි කොරියානු වාහන, අනික් බලාපොරොත්තු වන දේවලුත් සෑහෙන දුරට දෙන්න උත්සහ කරනවා. තරු පහක ආරක්ෂාකාරී බව වගේ දේවල්. ඊට අමතරව එයාල අවුරුදු පහක් හෝ හතක වගේ දීර්ඝ කාලීන වගකීමක් දෙනවා. ඉස්සර තිබුන (දැනුත් තියන) ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ මේවට දෙවන (පාවිච්චි කළ) මිලක් නැති වීම.
      මේවා නොසලකා පරණ දේවල් වලම ඇලිලා ඉඳල හරියන්නේ නැහැ.

  5. Dilly

    No offence Raigama, but this is a summary of letters from Drive website (from SMH) or from a similar source, isn’t this?

    • Yes, Dilly these are just data from different sources. However, it is not a summary from one source. I put together some data and Sinhala text is not a direct translation from any web site or review. That’s why I mentioned at the beginning that මේ විස්තර වලට මගේ අදහස් නැහැ. මේ දත්ත ඉදිරිපත් කිරීමක් විතරයි. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s