හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ! Measure twice! cut once! (3)


816830-mark-rosenthal

ගොඩක් දේවල් වලට වරද දේශපාලකයන් මත දාන්න පුළුවන් වුවත්, හැම දෙයකටම වැරදි එයාලමද කියා සමහර විට අපට හිතෙනවා. විභාග ප්‍රශ්න පත්‍රයක් වරදවා හැදීම හෝ කාලගුණ වාර්තාව හරියට නොහැදීම, දේශපාලකයන් එහෙම වැරදි කරන්න යයි උපදෙස් දුන්න නිසාද? නැත්නම් අදාළ නිලධාරීන්ගේ නොහැකියාවද?

අනික තමා තමන්ගේ සහෝදර වෘත්තිකයන්වද කපා දමාගෙන දේශපාලකයන්ගේ පිහිටෙන් ඉහලට නගින්නෙත් පිටින් ආපු පිරිසක් නොවේ. සාමාන්‍ය ජනතාව අතරින් පැන නැගුන මිනිසුන්ම තමා. එහෙම කපාගෙන ඉහලට නැග ගත්තත්  කමක් නැහැ කියමුකෝ. හැබැයි වෘත්තියේ ඉහලටම නැගලත්, කිසිම වැඩක් කර ගන්න හැකියාවක් නැති කම තමා ප්‍රශ්නයක් වන්නේ.

ඉගෙනීමෙන් පරතෙරට ගිය පෙළක්  මිනිසුන්, සහෝදර වෘත්තිකයන්ව කපා දමන්න, නොකරන දෙයක් නැහැ සමහර වෙලාවට. තමන්ට තර්ජනයක් යයි සිතිය හැකි ගැහැණු කෙනෙක් හිටියොත්, මෙයාලගේ නියම පාට හරියටම බලා ගන්න පුළුවන්.  සමහරුන් මෙහෙම වෙලාවට රැකියාවට අදාළ දේ විතරක් නොවේ අල්ලා ගන්නේ. කෙනෙකුගේ පෞද්ගලික ජීවිතයත් චකබ්ලාස්  කරලා දානවා. කේන්දර වගේ දේවල් අනුව විවාහ වෙන මිනිසුන් ඉන්න විට, මේ වගේ අත පෙවීම් කරන්න ලෙහෙසියි.

ඒ වගේම දේශපාලනයට ආ උගත් යයි සම්මත පිරිස් කටයුතු කරන ආකාරය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍යත් නැහැ. ඔය ආචාර්ය අමුණුගම හා මහාචාර්ය පිරිස්ලා, කම් සැප සඳහා තමන්ගේ ආචාර්ය උපාධි ලිප් බොක්කට දාපු වග පේනවා. එතකොට ඔය දැදිගම වී රුද්‍රිගු විසින් කරපු අසාර්ථක සිංහල පරිවර්තන කියවලා සමාජවාදය හා සාහිත්‍යය ගැන දැන  ගන්න උත්සහ කරපු, වීරවංශ වැනි අයගේ ජිවිතයේ තියන දෙපිට කාට්ටු කම ගැන එතරම් ගණන් ගන්න දෙයකුත් නැහැ.

උගත් කමිනුත්, වෘත්තිය තත්වය අතිනුත් දේශපාලකයන් පස්සේ නොගොස් ජීවිකාව ගෙන යන්න පුළුවන් සමහර දෙනා සදාචාරාත්මක අතින් ඉතාම පල්ලෙහාට වැටෙනවා දකින්න පුළුවන්. මෙයට නම් දේශපාලකයන්ට වරද පටවන්න බැහැ. විශ්ව විද්‍යාලයෙන්, උසාවියට ආපු (ගෙනාපු) ලංකාවේ හිටපු අග්‍ර විනිශ්චයකාර තුමියට එරෙහිව තුබුන චෝදනා ගැන සාමාන්‍ය මිනිසෙකුට තේරෙන්නේ, බැලු  බැල්මට ඇයගේ ක්‍රියා පිළිවෙත තනතුරට සුදුසු නැතිය කියා. වෙන ඒවා අවශ්‍ය නැහැ, තමන්ගේ සැමියාට කියන්න තිබුනා, “තමුසේ ඔය රස්සාව බාර ගන්න එපා ” කියලා. මේ කවුරුවත් එහෙම කරන්නේ නැහැ. හිඹුරේගමලත් ඒ මල්ලේම පොල්. හැබැයි ඊටත් වඩා දෙයක් මෙතන තියනවා. ඒක තමයි, හරියට චෝදනා පත්‍රයක් වත් හදා ගන්න පුළුවන් අය නොවේ අනික් පැත්තෙනුත්, ඉහලට ඇවිත් ඉන්නේ. මේ අර අනුන්ට වල කපලා  ආපු කට්ටිය වෙන්න ඕනේ.

ජිවත් වෙන්න මේ වගේ “උගත්” යයි සම්මත පිරිස්  ආදර්ශයට ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. සමාජයේ කැපී නොපෙනෙන, සිවිල් බල ගොඩ නගා නොගත්, අර කලින් කියපු අයට තියන උගත්කමුත් තියන ,  හැබැයි එයාලා වගේ පහත් තත්වයට පත් නොවූ මිනිසුන් කොතෙකුත් ලොවේ කොතනත් ඉන්නවා. (අවසානයි)!

පින්තූරයේ කතාව

 

Advertisements

2 Comments

Filed under Careers/Employments, Opinion

2 responses to “හොඳටම කෙට්ටු වෙලා ගණදෙවි රූපේ! Measure twice! cut once! (3)

  1. Kenji @ Japan

    ඔය කවුරුත් රයිගම නිළතල,පඩුරු පාක්කුඩම් ලැබෙද්දී හිතන්නෙ,ජීවිතය ඇයිද සුන්දර මෙතරම් කියල විතරයි.
    ටික කලක් යද්දී උගත්කම හදිසියෙ මතක් වෙලා හරිමග යන්න ගියාම කකුලුවට වුන දේ තමා වෙන්නෙ.
    කොහොමත් ජනතාවට ඉදිරියේදී නම් අබම අබ සරණයි.

  2. අබ සරණ නම් තෙල් ටිකක් ලිපේ තියලා බැද්දා නම් හරි. නියම විදිහට තෙම්පරාදු කර ගන්න පුළුවන්. එහෙම මතක් වෙන්නේ නැහැ කෙන්ජි. මොකද ප්‍රතිලාභ මතකයට වඩා වැඩි නිසා .

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s