ගහෙන් වැටුන මිනිහට අනින රිපෝටර්ලා! Perching on victim’s shoulders!


Indian-TV-reporter-Narayan-Pargaien-files-report-on-flood-from-victims-shoulders

 

අද කාලේ ප්‍රවුර්ති වාර්තාකරණය කියන්නේ හරිම  තරඟකාරී දෙයක් වගේම, වෙන කවරදාටත් වඩා සජීවීව සිදු වන දෙයක්. විශේෂයෙන් දක්ෂ වාර්තාකරුවන් කවදත් ප්‍රවුර්ති ඉදිරිපත් කිරීම සඳහා තමන්ගේ ජීවිතය පවා පරදුවට තබපු කතා අප අහල තියනවා. සමහර ප්‍රවුර්ති වාර්තාකරුවන් පමණක් නොවේ, ස්වභාවික සෞන්දර්වය නැත්නම් සත්ත්ව ලෝකය ගැන වාර්තා වැඩසටහන් නිපදවීමටත් සමහර මිනිසුන් දැන දැනම අවදානම් වලට මුහුණ දෙනවා. එම වැඩසටහන් ලක්ෂ ගණන් ප්‍රේක්ෂක, පාඨක හා රසික අවධානයක් යොමුකර ගැනීමට හේතුවත්, එම අවදානම් ගැනීමයි. ඕස්ට්‍රේලියාවේ හිටිය ක්‍රොකඩයිල් හන්ටර් නමින් ප්‍රසිද්ධව හිටිය ස්ටීව් අර්වින් මියගියෙත් එවැනි අවදානමකින්. මේවා ගැන විවිධ විවේචන තියනවා.

ලෝකේ යුද්ධ වාර්තා කිරීමට ගොස් අත-පය, ඇස් වැනි ශරීර කොටස් අහිමි කර කරගත් වාර්තා කරුවන්ට අමතරව, ජීවිතය පවා නැති කරගත්  පිරිස් සිටිනවා. ලංකාව වගේ රටවල් වල වාර්තාකරණය නිසා සුදු වෑන් වලින් නොදන්නා ස්ථාන වලට ගිය වාර්තා කරුවන් මෙන්ම, මහා මග මහා දවාලේ ජීවිතය පූජා කිරීමට සිදුවුණ මාධ්‍ය වේදීන් සිටිනවා.

ස්වභාවික විපත් වාර්තා කිරීමේදී විශේෂයෙන් බටහිර මාධ්‍යවේදීන් අතර විශාල තරඟයක් තියනවා. ප්‍රවුර්ති වලට වැඩිපුර ආකර්ෂණය වන්නේ, අවදානම් ගැනීම වැඩිවුණ තරමටයි. මාධ්‍ය ආයතන වලට ලැබෙන ගාණ වැඩි වන්නේත්, මිනිසුන් වැඩිපුර ආකර්ෂණය කර ගැනීම මගින් දැන්වීම් වැඩිපුර විකුණා ගැනීම නිසා, එවැනි අයට ඉල්ලුමේ අඩුවකුත් නැහැ.

ඒ සියල්ලන්ටම අමතරව මානසික අවපාතයක් ඇති කෙනෙකුගේ සියදිවි නසා ගැනීම, තමන්ගේ “මාධ්‍ය දිවිය” වර්ණවත්කර ගැනීම සඳහා යොදාගැනීමට බලා සිටින ගිජුලිහිනියන්ද මාධ්‍යවේදීන් නමින් පෙනී ඉන්නවා. ඒ අතර සමහර මාධ්‍ය කාරයන් ගංවතුර වාර්තා කරන්නේ, ඒ ගං වතුරෙන් අමාරුවෙන් දිවි ගලවාගෙන ඉන්න මිනිහෙකුගේ පිටේ නැගගෙන (මේක වුනේ ඉන්දියාවේ. මා ඇමුණුම් දාන්නේ  නැහැ. පිටේ ගිය මිනිහව දැන් රැකියාවෙන් පහ කරලා. ඔබත් කියවන්න ඇති). මෙවැනි වාර්තාකරුවන් ගැන එයාල වැඩ කරන ආයතන පියවරක් නොගන්නවානම්, ජනතාව විසින් එම පුවත් ආයතන ප්‍රතික්ෂේප කළ යුතුයි කියා මා හිතන්නේ.

 

Advertisements

12 Comments

Filed under Media

12 responses to “ගහෙන් වැටුන මිනිහට අනින රිපෝටර්ලා! Perching on victim’s shoulders!

  1. මූ අපේ එකෙක්ද දන්නේ නෑ.. මෙහේ නම් ඉන්නේ ඒවට කප් ගහපු උදවියනේ…

    • දන්නේ නැහැ කියන්නේ මොකද මාතලන්? අපත් පැවතෙන්නේ එහෙන් ආපු කෙනෙකුගෙන් කියලනේ පුරාවුර්ත කියන්නේ. 🙂

  2. මාත් මේක දැක්කා……මාධ්‍යවේදියෙකුයි….වාර්තාකරුවෙකුයි අතර වෙනස තමයි මේ…..

  3. kathandarakaraya

    තාමත් රික්සෝ යන එකේ ඕක මොකක්ද?

    අනික ගංවතුර ණිසා කුලියක් මලියක් නැතව ඉන්න මිනිහාට කීයක් හරි හම්බ වෙන්න ඇති ඔය සේවාව සපයලා!

    • එහෙම ගතමනාවක් දුන්න බවක් මෙයා කියන්නේ නැහැ. මේක ගරු සේවාවක්! මේ කර තියන් ඉන්න ඉන්න මනුස්සයාගේ ගෙදරට මේ වගේ “උත්තමයෙක්” ආපු පළමුවන වතාව මේකලු. ඇත්ත වෙන්න පුළුවන්. අපේම බඩට ගහන එවුන්ව අපත් කර තියාගෙන යන්නේ සමහර වෙලාවට.

  4. මම ඒ කරේ ගිය ප්‍රවෘතිය නම් දැක්කේ නෑ, රයිගම්, නමුත් ස්ටිං රේ ප්‍රහාරයකින් ස්ටීවී අර්වින් මැරුන වෙලේ නම් හරිම දුක් වුනා මොකද එයා අපි නැෂනල් ජියෝග්‍රැ‍ෆික් එකේ අපි නිතර දකින චරිතයක් නිසා.

    තරඟකාරිත්වය නිසා වෙන පරිහානිය මේ දේ කොයි ක්ෂේත්‍රයෙත් තියෙනවා, බස් කොන්දොස්තර, දොස්තර, ටියුෂන් ගුරුවරයා… හපෝ තව කොච්චර තියෙනවද

    • ස්ටීව්ගේ වැඩසටහන් ගැන විවේචනත් තියනවා මචන්. මිනිහා වැඩසටහන් වෙනුවෙන් සතුන්ට හිතාමතා හිංසා කළා කියල සමහරුන් කියනවා. මා නම් හරි කැමති පොරක්. මාත් දුක් වුනා මැරුණු එකට විතරක් නොවේ, මැරුණු විදිහටත්.

      තරඟකාරීත්වය විතරක් නොවේ මිනිසුන්ගේ අසරණ කම නිසාත් සමහරුන් පරිහානියට පත් වෙනවා. කකා ඉහතින් කියන දේ ගැන මා සටහන ලියන්න කලින් කල්පනා කළා. මචන් ලංකාවේ අපත්, අර අසරණ පාසල් යන වයසේ ඉන්න දරුවන් මෙහෙකාරියන් හා මෙහෙකරුවන් ලෙස වැඩට ගන්නවා. එතැනදී අප කියනවා, එහෙම හරි ආදායමක් එයාලට ලැබෙන එකත් ලොකු දෙයක් කියලා. එහෙම කියල අතපිහදා ගන්න පුලුවන්ද? මේක අර ඇත්දළ මිලට ගැනීම වගේ තමයි. ඇතා දැන් කොහොමත් මරල නිසා, දල මිලදී ගත්තට වෙනසක් වෙන්නේ නැහැනේ!

  5. Kenji @ Japan

    ලංකාවෙ ජඩ මාද්දිය කාරයො වගේ නෙමේ,ගං වතුරට අහු වෙච්ච මුනිය බලෙන් කරෙ තියාගෙන.
    සුමාන ගානක් කරේ තියාගත්ත එකාගෙ වේල පිරිමැහෙනවා නොවැ මාද්දිය නිසා.
    කෙවින් රඩ් ආපු එක සතුටුයි ද :)?නැති නම් ගිලාඩ් මැතිණිය නමින් හැදු වටු කුරුළු මස් රසයි ද :)?

    • බඩට ගහන මිනිසුන් කර තියා ගෙන ඉන්නේ ඉන්දියාවේගං වතුරට අහුවුන මිනිසුන් විතරක් නොවේ කෙන්ජි.
      දැනුත් වටු කුරුළු මස් තමා. එහෙම සතුටක් මට නැහැ. මා කලින් ලියුවේ වෙන්න පුළුවන් දෙයක් ගැන. තර්කානුකුලව හිතුවොත්, ඒ කියන්නේ ගණන් මිනුම් වලට අනුව මේ දෙය වෙන්න තිබුනා. හැබැයි දැන් අර සිංහලෙන් කියන්නේ too little, too late කියලා. කෝච්චිය දැන් ගිහින් ඉවරයි!
      ඒක නොවෙයි සුබ උපන්දිනයක්! වටු කුරුළු හොද්දක් වත් හදමුද? 🙂

  6. හිරු

    ඔය යුද්ධ වාර්තා කරන්න යන අයට එහෙම වැඩි ගානක් ගෙවනවානේ ඒ ආයතන වලින්? එහෙම එකේ එයාලට වැඩිපුර ඉල්ලුමක් තියෙන දේ එයාලා කො‌ෙහාම හරි විකුණනවා.. මතකනේ ඩයනගේ සිද්ධිය… ප්‍රතික්ෂේප කරන්න ඕනේ ජනතාව… ඒත් දැන් පේන විදියට ඔය වගේ දේවලට තමයි වැඩිම ඉල්ලුම තියෙන්නේ.. යුරෝපයට වඩා ආසියාවේ හැඟීම් මාකට් වෙනවා වැඩියි කියලා මට හිතෙනවා…

    • එහෙමම කියන එක වැරදියි හිරු. ලෝකේ කොතනත් ඉන්නවා තමන් කරන දෙය ඉතාම ආශාවෙන් කරන පිරිසක්. සමහර වාර්තා කරුවන්ද මෙම ඝනයට වැටෙනවා. ලෝකේ කොහෙත් හැඟීම් සහිත මිනිසුන් ඉන්නවා හිරු. ආසියාවේ සමහර විට තියෙන්නේ මතුපිට ගෑවිලා යන වාර්තාකරණය විතරයි. මොකද මිනිසුන් බලාපොරොත්තු වෙන්නෙත් එවැනි දේවල් නිසා. මේක කියුවහම සමහරුන්ට නයාට අඳු කොළ වගේ තමයි. ආසියාවේ පමණක් නොවේ, අප්‍රිකාවේ හා ලතින් ඇමෙරිකාවේ පවා සිදුවන නොමිනිස් කම් ඒ රටවල් වල ඉන්න මාධ්‍ය (තියන නිදහස යටතේ) වාර්තා කරනවට වැඩියෙන්, බටහිර වාර්තා කරනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s