අපේ ජීවිත රසවත් වෙන්නේ කුඩා සිද්ධීන් වලින් ද? එවැනි small incident!


Roald Dhal අරහම කියුවට පොඩි දේවලුත් ජීවිතය වෙනස් කරනවා. කකා කියන්නේ ජිවිතයම කතන්දර ගොඩක් කියලයි. වැඩේ තියෙන්නේ ජිවිතයේ සිදු වන පොඩි පොඩි දේවල් විතරක් නොවේ, විශාල දේවලුත් ගැන අප එතරම් ගණන් ගන්නේ නැහැ. ඒ නිසාම උගත් පාඩම් කියන දේ සෙප්පඩ කොමිසන් වලට විතරක් සීමා වෙනවා. උගත් පාඩමක් තියා, පාඩමක් තිබුනද කියලවත් මතක නැහැ.

පොඩි දරුවාගේ යාළුවන් දෙතුන් දෙනෙක් ඊයේ රෑ නවතින්න ආවා. මෙයාලත් එක්ක අද දවල් වනෝද්‍යානයකට ගියේ එයාලට සෙල්ලම් කරන්න ඉඩ ප්‍රස්තාව අරන් දෙන්නයි. මෙතන සෙල්ලම් කරන්න පුළුවන් විදිහට හදපු තැනකුත්, මස් කට්ටක් පුච්චාගෙන කන්න පුළුවන් විදිහට හදපු උදුන් කිහිපයකුත් තියනවා. දෙමාපියන් දරුවන් සමග ඇවිත් දරුවන් හා සෙල්ලම් කරලා, මස් කට්ටක් පුච්චන් කාලා, ඔය තරලසාර වීදුරුවකුත් ගහලා, ටිකක් එළිමහනේ කතා කර කර ඉන්න මෙතනට එනවා.

අප යන විට එතන කාණ්ඩ කීපයක් හිටියා. ඔන්න අපත් ඉඩ තියන බංකුවක අපේ කළමණා  ටික තියලා වාඩියක් දා ගත්තා. දරුවන් සෙල්ලම් කරන අතරේ මා උදුනක් සුද්ද කරලා කන්න දෙයක් හැදුවා. අප කළමණා ටික තියල තිබුනේ එහා බංකුවක. මොකද ඉතිරිවෙලා තිබුනේ එය විතරයි. උදුනට  කිට්ටු බැංකුවේ හිටියේ තවත් කාණ්ඩයක්. මරුමුස් බයිකි කාරයෙකුගේ මුහුණක් ඇති සද්දන්ත සුද්දෙක්, ඔහුගේ සහකාරිය හා දරුවන් කැලක්. ටික වෙලාවකට පසු මගේ ගාවට ආපු සුද්දා, මගෙන් අහනවා ඒයි මේට්, උඹට ඕනේ නම් අප යන්නම් එහා බංකුවට, මේක උඹට ළඟ එකනේ, මේක ගනින් කියා. කුඩා සිදුවීමක් විතරයි. අමතක කරන්න පුළුවන් මගේ අතේ තිබුන බියර් බෝතලය හිස් කරන්න පෙර. හැබැයි මගේ මතකයට නැගුනේ මිට දින දෙකකට පෙර දැකපු තවත් පොඩි සිදුවීමක්.

එදා අප සිටියේ, අපේ උප මහාද්වීපයේ රටක පවුලක් සමගින්. එදත් දවල් කෑමේදී මේක වුනේ. ඔවුන් අපට කලින් කන්න අරන්, අප පටන් ගන්න කොට අඩක් ඉවර කරලා තිබුනේ. අප කමින් ඉන්න කොට ඒ පවුලේ පිරිමියා මොකකට හෝ ගියා. එතන සෙනග පිරුණු තැනක්. කවුරුත් කන්න වාඩි වෙන්න තැන් හොයමින් ඇවිදිනවා. අර පවුලේ කාන්තාව පුටු දෙකක් අහුවෙන පරිදි ඔවුනගේ බෑග දෙකක් මේසය මත තියල තිබුනා.

ඉඳගන්න තැන් හොයමින් ආපු ජෝඩුවක්, මේ බෑග් දෙක පුළුවන් නම් ඉවත් කරන්න කියා ඉල්ලුවා. අපේ කාන්තාව බෑග් අරන් එයා ලඟට වෙන්න තිබුන පුටුවේ තිබ්බා. දැන් අර සුද්දා අහනවා මේක අපට ඉඳගන්න දෙන්න බැරිද කියා. ආ මේක මගේ මහත්තයාගේ පුටුව. එයා ඉක්මනට එයි.

අර දෙන්නා දෙතැනක වාඩි වෙලා කෑවා. අප ළඟ තනිවම වාඩි  වුන සුද්දා කාල නැගිටින කම්ම, අපේ මහත්තයා නම් ආවේ නැහැ. මේ වගේ දේවල් සීමිත සම්පත් සහිත පරිසරයක හැදිලා, ලබා ගත් පුරුදු ලෙස සරලව විග්‍රහ කරන්න පුළුවන්. නමුත් එය, එයිට වඩා  එහාට ගිය දෙයක්.

Advertisements

21 Comments

Filed under Lifestyle

21 responses to “අපේ ජීවිත රසවත් වෙන්නේ කුඩා සිද්ධීන් වලින් ද? එවැනි small incident!

  1. මගෙ අදහසනම් රයිගම් ජීවිතේ ලොකු පොඩි කියල සිද්ධීන් වර්ග කරන්න බැහැ. ඒත් මෙහෙම පුළුවන්..වැදගත් සහ එතරම් වැදගත් නොවන….ඒත් ඒ සියළුම වැදගත් සහ වැදගත් නොවන සිද්ධීන්ගෙන් ජීවිතයට යම් පාඩමක් ඉගෙන ගන්න එක තමා කල යුත්තෙ. ඒත් ඔබ කිව්වා වගෙ අපි නොකරන්නෙත් ඒකමයි..උදේ නැඟිටල ඇඳෙන් බහින මනුස්සයට වඩා දශමයකින් හෝ පරිණත මනුස්සයෙක් විදිහට හවස ආපහු නින්දට යන්න තියනවනම් ඒ තමයි මම බලාපොරොත්තුවන ජීවිතය….

    දිගටම ලියන්න ඔබට ශක්තිය ලැබේවා සහ අවශ්‍යතාවය ( බොහොම වැදගත් මේ අවශ්‍යතාවය කියන එක. ලිවීමෙන් අපිට යම් තෘප්තියක් ඒ වගේම ජීවිතයට යමක් එකතු කරගන්න ලැබෙන්නෙ නැත්නම් එදාට ඒ කාර්යය නිෂ්ඵලයි ) ඇතිවේවා !!!

    • වර්ග කිරීම් නම් අපේ කැමැත්ත පරිදි සිදු කර ගන්න පුළුවන් රවී. ඒ වගේම ඒවා අර්ථකථනය කර ගැනීමත් අපේ කැමැත්ත පරිදි මයි. පහත කොමෙන්ටු වලින්ම ඔබට පෙනේවි. මා ඉදිරිපත්කරන්නේ මා දකින හැටි. දැන් මේක ස්වයංක්‍රීයව වගේ ලියවෙනවා. 🙂

  2. තම ජීවන සහකාරිය හමු වීමත් එවැනි සුළු සිද්ධියක ලොකු ප්‍රතිපලයක් නේද රයිගම් …?

    ( ඔබගේ කළින් පෝස්ටුවේදී ඔබ මට ලබා දුන් පිළිතුර සම්බන්ධව ගැටළුවක් තියේ… එය මම වෙනම වෙලාවක කතා කරන්නම් මගේ බ්ලොගයේ..අනිවාර්යෙන් ඔබ එන්න රයිගම් . අනිත් දේ තමයි වර්ඩ් ප්‍රෙස් වලට බ්ලොග් රෝලක් දාගන්න පුළුවන් නේද ? එවිට එක මොහොතෙන් අපි පෝස්ටුවක් දැමු හැටියේ ඔබට දැනගන්න ලැබෙනවා අමතර වෙහෙසකින් තොරවම..)

    • තව දෙයක් රයිගම් ඔබ දවසක් කිව්වා නේද ඔබේ පෝස්ටුවක් බලන්නේ 100 / 150 ක් වගේ පිරිසක් කියලා…? ඉතින් අපෙත් එහෙම තමයි අනේ.. හිට් ගාන වැඩි වෙලා තියෙන්නේ එකම පුද්ගලයා 6, 7 වතාවක් පැමිණීම නිසා… එහෙම නැතුව මිනිස්සු 30,000 ක් ඇවිත් නෙවේ… 😀

      • මේවා කියවන්න එතරම් පිරිසක් එන්නේ නැහැ. එන හිට්ස් ගාණ හෝ කියවන පිරිසේ විශාල බව හෝ කුඩා බව මට තව දුරටත් ප්‍රශ්නයක් නොවේ. එයිට වඩා ඔබ වගේ නිත්‍ය කුඩා පිරිසක් සිටීම වැදගත්. මොකද මේ සටහන් එකිනෙකට බැඳිලා තියන නිසා. ඔබට වෙනත් අදහස් තිබීම එතරම් අරුමයක් නැහැ. මා ලියන්නෙත් මගේ අදහස් පමණයි. මෙතනත් පරම සත්‍යය නැහැ. මගේ පිළිතුර ඔබගේ කොමෙන්ටුවටම නොවේ. 🙂
        සහන් ඔබ යෝජනා කළ පරිදි බ්ලොගරෝලය වෙනස් කළා. මේක low maintenance බ්ලොග් එකක්. මා ඔය ගැජට් කෑලි වැඩිය සොයන්න යන්නේ නැහැ. අද බත් එක රොස් වුනා. 😀 මා දැනගත්ත හැටියට WordPress වල කෙලින්ම feed කරන්න පුළුවන් පහසු බ්ලොගරෝලයක් නැහැ. කොහොම වුනත් නිතර කියවන කෙනෙක් එවැනි යෝජනාවක් කළහම නිකම්ම අහක දාන්න බැහැ. ඔබ කියන්න වගේ මටත් ප්‍රයෝජනවත් වේවි.

        • මා කියූ කරුණ ගැන සොයා බැලීම ගැන පළමුවෙන්ම ස්තූතියි.. මට පේන්නේ ඔබට වෙන වෙනම rss feed add කරන්න වෙලා නේද …? 😦 හරිම වෙහෙසකර කටයුත්තක් … පොඩ්ඩක් ඉන්නකෝ මම හොයලා බලලා කියන්න ඔබට…ගූගල් බ්ලොගර් වල නම් බ්ලොග් රෝල් සඳහා පහසුකම් තියෙනවා…

  3. හිරු

    හප්පා.. කොහොම කියල මේකට කමෙන්ට් කරන්නද මන්දා.. ලැජ්ජාවේ පණ යනවා…

    • දැක්කනේ හිරු, මේ වගේ කතාත් විවිධ අයුරින් තේරුම් ගන්නවා. මේ ප්‍රතිචාර වලිනුත් පිළිබිඹු වන්නේ එයයි. ඒ හින්දම තමා පරිසරයේදී අපේ ප්‍රතිචාරත් වෙනස් වන්නේ. ඇත්තටම මා අදහස් කළ දෙය සමහරවිට කිසිවෙකුටත් තේරුම් යන්න නැති වෙන්නත් පුළුවන්. මොකද ඒ මා හිතන හැටි නිසා. ඒ කිසි දෙයක වරද නොවේ මා කියන්නේ. දැන් බලන්න ලංකාවේ සරසවියක අවුරුදු තුන හතරක් “විද්‍යා” අධ්‍යාපනය ලබලා, තමන්ට සහකාරියක් හොයන්න (අම්මලාට හෝ අයියල අක්කලට කියල) පත්තරේට දැන්වීමක් දාන බුවෙක්, කේන්දර, කුල මල, ආච්චිගේ පතිවුර්ත්තතාවය ඇතුළු සියල්ල තම තීරණයට අදාළ කර ගන්න හොයනවා. දැන් මේකට “වරද ” පටවන්නේ අම්මලාට. අනේ මන් ඕවට නැහැ, ඔය අපේ අම්මලා හොයන දේවල්නේ. ඒක නොවේනේ ඇත්ත කාරනාව. එය තමයි මා කියන්නේ. සමාජයේ අනෙක් අය වැඩ කරන හැටි නොවේ වැදගත්, තමන් ඒ අවස්ථාවට මුහුණ දෙන්නේ කොහොමද කියන එකයි.

      • හිරු

        මට මේක දැක්කම මතක් උනේ මගේ අත්දැකීමක් රයිගම්.. ඒ වෙලාවේ මං හිතුවා මොන කෙහෙල්මලකට අපි මේ වගේ මිනිස්සු අතර ( සමාජයක) ඉපදුනාද කියලා.. දැන් ඔයාගේ අත්දැකීම කියෙව්වම හිතුවා මෙහෙම දේකදි අනිත් අය අපි දිහා බලන්නෙත් ( ආසියාතිකයෝ හරි, ලාංකිකයෝ හරි, කලු හම තියෙන අය හරි කියලා කැටගරියකට වැටෙනවනේ…) මේ වගේමයි කියලා හිතලනේ… මං ලැජ්ජයි කිව්වේ ඒකයි…

        //දැන් මේකට “වරද ” පටවන්නේ අම්මලාට. අනේ මන් ඕවට නැහැ, ඔය අපේ අම්මලා හොයන දේවල්නේ. ඒක නොවේනේ ඇත්ත කාරනාව. //

        මොකෙක් හරි ඔය කතාව කිව්වොත් මං කියන්නෙ කොන්ද පණ නැති කම කියලා.. විවාහයකදි අම්මලා තාත්තලගේ අවශ්‍යතාවයන් ගැනත් හිතන්න ඕනෙ.. ඒක මගෙත් අත්දැකීම.. මට කොයි තාලෙට මඟුල කරන්න ඕනේ උනත් එතනදි සමහර දේවල් තිබ්බා එයාලගේ ආසාවනේ කියලා පැත්තකට වෙන්න සිද්ධ උන… ( මං හිතන්නේ එතන වැරැද්ද උනේ අපි අවුරදු 25 වෙනකම්මවත් ආර්ථකව, පෞරුෂාත්මකව ඉන්ඩිපෙන්ඩන්ට් නොවුන එක.. ඒක මට පේන විදියට අපේ සමාජේ වැරැද්ද… ) හැබැයි එතනින් එහාට තමන්ගේ පෞද්ගලිකත්වය කියන්නේ තමන්ට විතරක් අදාළ දෙයක්… ඒවට අතගහන්න ඉඩ නොදී ඉන්න තරම් කොන්දක් තිබිය යුතුමයි පිරිමියෙක්ට හෝ ගැහැණියක්ට…

        • ඇත්ත මනුස්සයෙකු හැටියට ඔබ ලැජ්ජයි කියුව එකේ කිසි වරදක් නැහැ. ඇත්තටම එතැනදී අපට කරන්න දෙයක් තිබුනේ නැහැ. මේ වගේ දේවල් විතරක් නොවේ මිට වැඩිය දේවලුත් එයාලගේ මූණටම විහිළුවෙන් මා කියා තියනවා. ඔවුන් හැදෙන්නේ නැහැ.
          කොඳු ගැන අහන්න හෙන්රි ගෙන් (ටික ටික ගෙවන්න හරි ගන්න). 😀

  4. Kenji @ Japan

    ඒක තමා මිනිසුන්ගෙ මුන මරුමුස් උනාට හදවත ගිතෙල් වගෙ කියන්නෙ.හේ…ඒ……..එහෙම උපමාවක් නැහැ නේද?තියෙන්නෙ සිංදුවක් නෙ.පෙම් ගිතෙල් වලින් කැවුම් බැදපු සීන් එකක්ද කොහෙද මට මතක නැහැ.ඔබට මතකද..?
    සති තුනකට පෙර වාගෙ පුතාගෙ පාසලේ >>සයන්ස් ෆෙයාර් <<දැක්ම තිබුන.උදෙන්ම ප්‍රධාන දේශන ශාලාවට දෙමාපියන් අසුන් ගත්ත.මට එකවරම මගේ රබර් ඇහැ ගියා පේලි තුනක් ඉදිරියෙන් සංවිධායක ගුරු බවතෙක් මැද පුටුවක වාඩි වී අත් දෙක දෙපසට දමා සිටින ඔබ කියන රටක පුරුෂ රත්නයක හා වාදයක බව වැටහුන.
    කියන දේ නොඇසුනත්,වාඩිවී සිටින්නාගෙ දෑත තබාගෙන සිටින අසුන් හිස්ව සහ,සංවිධායක ගුරු තුමාගෙ පිටි පස යුවලක් සිට ගෙන සිටීම වාදයට හේතුව බව මට වැටහුනා.
    දේශන ශාලාවෙ හිටපු පැය එකහමාරට ඔහුගෙ අත්දෙක තිබුනෙ එහෙමයි.
    හැබැයි යුවල එයාගෙ අත් දෙකට දෙපැත්තෙ.

    • මන් අහල තියෙන්නේ පෙම් කැකුල පිපී එන විටම හදේ…… කියලා. 😀 සිංහලෙන් කියන නෝ කොමන් සෙන්ස් කියන දේ තමයි අදාළ වෙන්නේ කෙන්ජි!

      • Kenji @ Japan

        හෙහ්..හෙහ්…නියමයි පළමු පද ගැලපුමට :).

  5. මේ පෝස්ටුවට මෙන්ම මෙයිට පළමු පෝස්ටුවට වුවත් කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම සාපේක්ෂ දේවල් කියලයි. විටෙක අපි හරි කියලා ආදර්ශයට ගන්නා සිද්ධියම තවත් විටෙක අපටම මූණ දෙන්න වනෙවා වැරදි යි කියන තැනින්. ඒ මොන දේ වුවත් සම්මත යැයි අප විශ්වාස කරන ක්‍රමයකට හැඩ ගැසෙන්න හැකිනම් තමයි හොද.
    ඔබ විදෙස් රටක සිටින කෙනෙක්නේ. එර රටවල රිය පදවා ඇතිනම් හා අපේ රටේ දවසක් විතර වාහනයක් පදවා බලන්න ඔබත් නිරායාසයෙන් මෙහේ ක්‍රමයට හැඩ ගැසේවි. ඒක් මුලින් දවසක් දෙකක් අන් අයට බනිවි.

    • බැක් ටු දී පියුචර් නලින්. මේ ගැන මා කලින් ලියා තියනවා වගේම, ඔබගේ කොමෙන්ටුවටත් කලින් දී තියන පිළිතුරු විතරක්ම වුනත් ඇති. සමාජයේ සම්මතයයි විශ්වාස කරන දේ මා හරි යයි හිතන දෙයට වඩා වෙනස් නිසා, මා ලංකාවේ පදිංචියට ආවොත් මගේ ජීවිතය විශාල අවුලක් වෙනවා. මා මේ කියන්නේ නිතිය කැඩීම හෝ නිතිය ක්‍රියාත්මක නොවීම නොවේ. නිතිය බහුතරය විසින් කඩන අවස්තාවක නිතිය වන්නේ එයයි. විශේෂයෙන් මහා පාරේ. මේ ගැන මා කලින් ලියා තියනවා. මෙතන මා කියන්නේ නීති කැඩීමක් ගැන නොවේ. මෙය ඉන් එහාට යන දෙයක්. වෙනස තියෙන්නේ අප තේරුම්ගන්නා ආකාරයයි.

      මා කියන සිද්දි දෙකේම නලින්, නිතිය කඩ කිරීමක් සිදු වෙලා නැහැ. ඒ වගේම සදාචාරය කියන දෙය සංස්කෘති අනුව වෙනස් වෙන නිසා මා ඒ ගැන ලියන්නෙත් නැහැ. එක තැනක ගැහැනියකට කොමන් සෙන්ස් නැති වීම හා තමන්ගේ තියන අසිමිත ආත්මාර්ථකාමී බව හා අනෙක් තැන මිනිසුන් දෙදෙනෙකුගේ කරුණාව නැත්නම් කම්ප්ලිට් ස්ට්‍රන්ජර්ස්ලා දෙදෙනෙකුගේ කයින්ඩ් ජෙස්චර් එකක් විතරයි. ඉන් එහාට යන දේ තියෙන්නේ අපේ අතේ. වැඩිහිටියෙක් හැටියට ඔබ තේරුම් ගන්න දේ ගැන වාදයක් මට නම් නැහැ

  6. මචං, මමත් පොඩි පොඩි දේවල් වලින් ලොකු වින්දනයක් ලබන්න උත්සාහ කරන බුවෙක්. උදාහරණයක් හැටියට බේකරියක් ලඟින් යනකොට දැනෙන සුවඳ ගැන හිතපන්. ඒක මොන තරම් ආශ්වාද ජනකද කියලා. මම මේ ගැන පෝස්ට් එකක් ඩ්‍රාෆ්ට් කරලා තියෙන්නේ.

    ඔය කියන විදියේ සුළු දේවල්, උඹ මෙතන පෙන්නපු උදාහරණ එක්ක ගත්තොත්, සමහරවිට එච්චරම ප්‍රැක්ටිකල් නැති වෙනවා අපි ඉන්න සමාජය අනුව. හිතපංකෝ බස් එකක් ගැන. අපි සීට් එක දීපු කෙනා බහිද්දි අපිට සීට් එක ආපහු නොදී බ්ලොක් කරගෙන වෙන කාට හරි කතා කරලා දෙන සමාජෙකදි අපි තව දුරටත් ඒ සිරිත පවත්වාගෙන යාවිද?

    උඹ ඔහෙදිත් දැකලා ඇති කාර් එක පාක් කරන ස්ලොට් එකකට පොරකන්න වෙන හැටි. අපි රිවර්ස් කරලා දාන්න පොඩ්ඩක් ඉස්සරහට ගන්න ටිකට, හොඳ වැදගත් මහත්තයෙක් වගේ පෙනුම තියෙන අනිත් එකා කාර් එකේ මූණ පට් ගාලා ඔබාගන්නවා නේද අර ස්ලොට් එකට.

    මචං ගෙදරට යන පාරට ගල් ලෝඩ් එකක් දාලා වහලා, අන්තිමට පාර ආපහු ගන්න අවුරුද්දක් නඩු කියන්න වුන එකා, අර පොරගේ පොඩි එකා ගුඩ් මෝර්නිං කිව්වත් ආපහු ගුඩ් මෝර්නිං කියන්න බය වෙනවා නේද?

    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි මචං. දේසෙ හැටියට බාසේ. 😀

    I love to be with that biker types with a big heart.

    • උඹත් එහෙම හිතන නිසා වෙන්න ඇති, ලියන දේවල් කියවන්න පුළුවන්. මේවා නම් යාං හෑලි.

      ඔන්න උඹ නියම පොයින්ට් එකට ආවා. මා කලින් ලියුව හැටියට මේවා එක එක් කෙනා තේරුම් ගන්නා ආකාරය වෙනස්. මා පැහැදිලි කිරීම් නොකරන්නේ එහෙම තේරුම් ගැනීමට ඉඩ හරින්න. වැඩිහිටියන් කියන්නේ තමන්ගේ කෝවට දාලා තේරුම් ගන්න පුළුවන් අයට. මාර්ගෝපදේශක සේවාවන් දීම අවශ්‍ය නැහැ.

      මා කියන්න හැදුවේ මේ ජීවත් වන සමාජය පරමාදර්ශී කියන එක නොවේ. උඹ කියන්න වාගේ ජරා පොරවල්, ජාති වාදී හරක්, ඔලොමොට්ටල පිරිස් හා කොමන් සෙන්ස් නැති පිරිස් බස් වල, කෝච්චි වල, කඩපොළේ, වාහන ගාලේ හා වැඩ කරන තැනදී හම්බ වෙනවා. එය ලෝකේ ස්වභාවය. මේවා ධනවාදී ක්‍රමේ සහජ වැරදි කියන මල්ලිලාට, ඒවා පිටු දැකපු සමාජයක් පෙන්නන්න පුළුවන් නම්, මා එය පිලි ගන්නවා.

      හැබැයි මචං සමහර තැන්වල පොඩි වෙනස් කම් තියනවා. උදේ හවා බණ නො අහන, ආගම් කියන දේ කරේ තියන් නොයින්න, ඉරිදා දහම් පාසල් නොයන විශාල පිරිසක් ඉන්න, මේ සමාජයේ තියන කොමන් සෙන්ස් නැත්නම් ඔය සදාචාරය කියන දේ අතීතය ගැන මහා පුරසාරම් දොඩවන, අර ලකී කියනවා වගේ හොඳ ළමයි වෙන්න උපදෙස් හැම තැනකින්ම (ළමා කතා වලින් පවා) දෙන, ඥාන අසාර අයියලා කකුළුවන් මෙන් දරුවන් හැදීමට උපදෙස් දෙන සමාජයක (උඹත් කියන්න වගේ) නැහැ.

      එහෙම වෙන්නේ, මේ කියන කිසි දෙයක් ඇත්තටම ජිවිත වල නැහැ. ඒවා නිකම් රැල්ලට කියවන ඒවා විතරයි. දහම් පාසල් යන්නේ, එහි තරඟ විභාගයට ලියලා තවත් සහතිකයක් එකතු කර ගන්න මිසක්, අන්‍ය මිනිසුන් මේ සමාජයේ ඉන්න බව තේරුම් ගන්න හෝ කරුණාවන්ත වෙන්න හෝ සමාජ සදාචාරයන් නැත්නම් කොමන් සෙන්ස් කියන දේ වත් ඉගෙන ගන්න නොවේ. ඒ යවන දෙමාපියන්ට හෝ ඒවායේ උගන්වන ගුරුවරුන්ට හෝ එහෙම අරමුණු නැහැ. ළමයි කියන්නේ කුඩා හැදෙන කොට්ටාශයක්. ඒ දෙමාපියන් හා ගුරුවරුන් ඇත්ත සමාජයේ ක්‍රියා කරන හැටි එයිට වඩා ළමයින්ට බලපානාවා. තමන්ට ඉඳගන්න සීට් එක දුන්න කෙනාට නැවත දෙන්නේ නැතුව, වෙන තමන් අඳුරන එකෙකුට දීම තමයි ළමයි ඇස් දෙකෙන් දකින ඇත්ත ආදර්ශය. නැත්නම් උදේ ගිය දහම් පාසලේ ලියා ගත්තු දේවල් නොවේ.

      සමාජයේ බහුතර පිරිසක් විශ්වාස කරන සදාචාරය එය නම්, එතැනදී එයිට පිටින් ගිහින් වැඩ කරන්න හදන එකාට පැවැත්මක් නැහැ. උඹ කියන්නේ එයයි. පාරේ වාහනයක් එලවන විට සියලුම රියදුරන් මාර්ග නීති සලකන්නේ නැත්නම්, උඹ විතරක් ඒවා පිළිපදින්න ගියොත් උඹ නිකම්ම අනතුරක් කර ගන්නවා. එතැනදී අනුන්ට බැණ බැණ ඉඳල හරියන්නේ නැහැ. අනෙක් අයගේ නීති වලට අනුව උඹත් යන්න ඕනේ. මෙතනත් කොමන් සෙන්ස් කියන දේ විතරයි ඕනේ.

      මේක පොස්ට් එකට වඩා දිගයි මචං. හැබැයි උඹට පිළිතුරක් විතරක්ම නොවේ. දැන් බලන්න ඔය ගොන් හරක් කියන්නේ ජාතිය නගා සිටුවන්න පැටවූ ගහන්න කියලා. ඒ අයියලාගේ ජිවිතයම ගන්න. එයාලගේ දෙමාපියන් මේ වගේ පැටවූ ගහලා, කන්න දෙන්න, පාසල් යවන්න බැරි කම නිසා වෙන තැන් වලට බාර දීපු නිසා තමයි එයාල, මේ සමාජය හා මිනිසුන් මුහුණ දෙන ඇත්ත කාරනා දන්නේ නැත්තේ. එයාල ලොකු මහත් වෙලා තියෙන්නේ අප ජිවත් වන මේ සමාජයේ නොවෙයි. එයාල දන්නේ, කුඩා කාලයේ අතොරක් නැතිව සිදුවුණ ලිංගික හිංසා පමණක් වෙන්න පුළුවන්.

      එහෙම ලොකු මහත් වෙලා අනික් මිනිසුන්ට උපදෙස් දෙනවා ළමයි හදන හැටි. දෙමාපියන් එක දරුවෙක් ලොකු මහත් කර ගන්න කොතරම් වියදමක්, කොතරම් පරිශ්‍රමයක් හා කොතරම් ඉමොෂනල් අරගලයක් කරනවා කියා මේ අයියලාට තේරුමක් නැත්තේ, එය ඔවුනගේ ජිවිතයේ කොටසක් නොවන නිසා. එවැනි අය පසුපස යන පිරිස් එයිටත් වඩා ඔලොමොට්ටලයන්. එවැනි සදාචාර වලින් මට නම් වැඩක් නැහැ.

      දැන් බලපන් මේ ආගම් විනාශවීම ලඟදි සිදු වුනා යයි විලාප දෙනවා. ඒක එහෙමද? කෙනෙකුට මහණ වෙන්න පුළුවන් තමන්ගේ කුලය කියන එක අනුව නම්, නැත්නම් එතැනදී ලිංගය ප්‍රශ්නයක් වෙනවා නම්, දානයක් දීමේදී තමන්ගේ සමාජ තත්වය බලනවා නම්, මේ ආගමික ලෝගු දාගෙන ලිංගික අපරාධ කරනවා නම්, ඔය අයියලා මෙහෙය වන ආගම් සංස්ථා වලින් ඇති වැඩක් තියනවාද? ඒවා ඇතිවුනේ මේ මෑත කාලයේදීද? නැහැ මේවා ච්රාත් කාලයක් තිස්සේ පැවතෙන ඒවා. මේවා ප්‍රශ්න නොකෙරෙන්නේ මුළු සමාජයේම තියන දෙපිට කාට්ටු බව නිසා. එයාල තමයි පන්සල් ගිහින් එන අතරවාරේ තමන්ට සීට් එක දුන්න එකාට, එය නැවත නොදී බැහැලා යන්නේ. එය තමයි ඔය නලින් කියන පොදු සම්මත සදාචාරය.

      මෙහෙම අයියා කෙනෙක් ඊයේ මාව දැක්කා නම් මගේ වැරදිත් දකීවි. මොකද මා බීර බෝතලයක් ළමයි ඉදිරියේ බියුවය කියලා. එයාලා එහෙම බණ කියන ගමන්, නහුතෙට ගහලා රිය පදවලා අනෙක් මිනිසුනුත් අමාරුවේ දාන කොට එය වරදක් නොවේ. මේක තමයි අර කුඩා සිද්දියෙන් මා අරගත් දේ. ඔවුන් දෙදෙනා ඒ කළ දෙයින් ඔවුනට කරදරයක් මිසක් වාසියක් නැහැ. ඔවුන් මාව අඳුරන්නෙත් නැහැ. අප හමේ පාටිනුත් වෙනස්. ඒත් ඔවුන් දුන්න කරුණාවේ ආදර්ශය ඔවුනගේ දරුවන්ට හා අපත් එක්ක ගිය පවුල් හතරක දරුවන්ට විතරක් නොවේ, මටත් යමක් හිතන්න අවස්තාව උදා කර දුන්නා. නැවත මා වෙන තැනකදී ක්‍රියා කරන විට එම සිතිවිල්ල බලපාවි කියා මට හිතෙනවා.

      • පෝස්ට් එකටත් වඩා හොඳයි කමෙන්ට්. එක. නමුත් අර උඹ එක දවසක් කලාවගේ මේක දිග වැඩියි කියලා හිතලා එඩිට් කරලා කොට කරන්න එපා. උඹ මේක උස්සගෙන ඉන්නේ නෑනේ. ඔහොම තියෙන්න ඇරපං. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s