දෙයියෝ සාක්කි! Toga, Yoga and Doga!


Yoga

ඉස්සර ටෝගා කියල සිත්තර පත්තරේ ගියා කතාවක්. ඒ ලංකාවේ චිත්‍රකතා කලාවේ ස්වර්ණමය කාලයේ. එදා හිටපු චිත්‍රකතා කරුවන් බොහෝ දෙනෙක්, ජීවිතය ගැන යමක් දැන ගත්ත පිරිසක් බව ඔවුනගේ කතා වලින් පිළිබිඹු කළා. හැබැයි යෝගා නැත්නම් යෝග කියන්නේ පුරාතන ඉන්දියාවෙන් අද ලෝකයට ලැබිච්ච දායාදයක්. සුද්දගේ ක්‍රිකට් ඉන්දියාවේ ජනප්‍රිය වගේ, ඉන්දියානුවන්ගේ යෝග බටහිර ජනප්‍රියයි. ඕස්ට්‍රේලියානුවන්ගෙන් 27% ක් යෝග කරනවයි කියල පසුගිය දවස් වල මා අහපුවහම විශ්වාස කළේ නැහැ. මොකද ජනගහනයෙන් 60% ක් ම පමණට වඩා තරබාරුයි කියනවා. එතකොට ඉතුරු කට්ටිය යෝග කරන හින්දද හීන්දෑරි?

පසුගිය දවසක ටයිම් සඟරාවේ තිබුනා, මේ ග්‍රීෂ්ම කාලයේ ඇමෙරිකාවේ යෝගා නැගල යනවයි කියල. නිකම්ම නොවේ, වෙන සංකල්පනා එක්ක. කොටින්ම කියනවා නම්, අනෙකුත් විනෝදාංශ හා පුරුදු සමග දෙමුහුන් කරණයෙන් නිපදවා ගත්තු යෝගා. ඉහත තියෙන්නේ ඒ ගැන.

දැකීම ඇදහීමයි කියනවා වගේ, කිරීම ඇදහීමයි කියන්න පුළුවන් යෝග වලට. ඒ ගැන මා වැඩිපුර ලියන්නේ නැහැ. මොකද මේ වගේ දේවල් කෙනෙකුට පමණක් දැනෙන, අනෙකාට එසේ නොදැනෙන අත්දැකීම් වෙන්න ඉඩ තියන නිසා. පාරේ දුවන කොට හා බයිසිකල් පදිනකොට බල්ලෝ පනින නිසා ඒවගේ දේවල් කරන්න බැරි අයට, ගෙදර පැදුරක් එලා ගෙන යෝගා කරන්න පුළුවන්. හැබැයි පැදුර දාගෙන වෙන ඒවා කලොත්, යෝග වලට වෙලාව නැතුව යනවා.

ඒ කොහොම වුනත් යෝගා පමණක් නොවේ, වෙනත් ව්‍යායාම හා ක්‍රීඩා කරන්නේ ශරීරයේ සෞඛමත්බව තියා ගන්න. ඒ කියන්නේ මෙලොව ලෙඩ දුක් නොමැතිව ජිවත් වෙන්න. ලිංගික ක්‍රියාත් එහි අංගයක් තමයි. හැබැයි මේ බටහිර නම්, ඇඟේන් රැස් විහිදෙන්න හෝ අහසේ පාවෙන්න බලාපොරොත්තුවෙන් කිසි කෙනෙක් යෝගා කරනවයි මා හිතන්නේ නැහැ. රැස් විහිදීම කෙසේ වෙතත් අහසේ පාවීමට නම්, වෙන දේවල් කරන්න පුළුවන්. වැඩිය බරපතල දේවල් වලට නොයා තරල සාර වලින් වුනත් පුළුවන්.

මා ලංකාදීප බලන්නේ දෙයියෝ සාක්කි තීර එහි වැඩිපුර තියන නිසා. දෙයියෝ සාක්කි හරි තීරය ලියන කෙනාට හෝ කෙනාලට  ප්‍රතිභාව අඩු ගතියක් නිතර පේනවා. පරණ විහිළු තමයි ඔහු/ඔවුන් වැඩිපුර ප්‍රතිචක්‍රීකරණය කරන්නේ. මා හිතුවේ කතෘට තෝරා ගන්න ඉන්න  “ටැලන්ට් පූල්” එකේ අඩුපාඩුවක් නිසා, ඔහුට වෙන විසඳුමක් නැති නිසා මෙහෙම වෙනවය කියා. නමුත් වරද කතෘගේ. මොකද වෙනත් විශේෂාංග ලියන්න දාල ඉන්නේ දෙයියෝ සාක්කි ලියන්න දක්ෂ කට්ටිය.

මේ ලංකාදීපයේ යෝගා වල  ගුණ දොස් පිලිබඳ ලියවුන විශේෂාංග ලිපියක ආරම්භයේ කොටසක්. “ඈත අතීතයේ මේ ලෝකයේ මිනිසුන් පහළ වූ යුගයේ ඔවුන්ගේ ශරීරයේ විශාල ආලෝකයක් පැවති බව කියැවෙනවා. ඒ මගින් අඳුරක් තුළ වුවත් දැකීමේ හැකියාවක් පැවතුණා. අධ්‍යාත්මික වර්ධනය වූ චිත්ත ශක්තියක් තිබුණා. පසුකාලීනව මේ මිනිසුන් තුළ කාම ආශාව ඇවිත්, ලිංග භේද හටගෙන කාන්තාව පිරිමියා වශයෙන් කොටස් වී කාම සේවනයේ යෙදීම, කුටුම්භ සංරක්‍ෂණය ආදිය සිදුවෙමින් අධ්‍යාත්මික පිරිහීමක් සිදුවුණා”.

මේ කාමාශාව පහල වීමට කලින් යුගයේ ලෝකයේ මිනිසුන් පහල වුනේ හස්ත කර්මාන්ත හෝ කඩයප්පන් හැදීම වැනි ස්වයං රැකියා මාර්ගයෙන් කියා නොසිතෙන්නේ, එවැනි රැකියා සඳහාත් කාමාශාවක් නැත්නම් ජීවිතය ගෙන යාම සඳහා ආශාවක් ඕනේ. අප රැකියා කරන්නේ ජිවත් වීම පිනිසනේ. එවිට ඒ කාලයේ මිනිසුන් ඇමීබාවන් මෙන් ස්වයංව බෙදී වෙන්වෙමින් වර්ගයා බෝ කරන්න ඇති. මේ වැඩේ නවත්ත ගත්ත එකම ඇති, අර කුටුම්භ සංරක්‍ෂණය පටන් ගත්ත පළමු පිරිසට ස්තුති කරන්න.

25 Comments

Filed under Lifestyle

25 responses to “දෙයියෝ සාක්කි! Toga, Yoga and Doga!

  1. Kenji @ Japan

    මම බලං ඉන්නෙ ජප්පො විදුරු බෝතල් වල ගොළු බෙල්ලො ඇතිකරල සම සුසිනිදු කරද්දී,
    අපේ ගස් ලබු/කෙසෙල් පදුරු අස්සෙ ඉන්න ගොළු බෙල්ලන්ගෙන් ප්‍රයෝජනය ගන්නෙ කවුද කියල.

  2. ලංකාදීපෙ ඔය දෙයියෝ සාක්කි තීරයෙ පලවෙන්නෙම හද්ද පරණ විහිළු ආයෙම සිද්ද උන විදිහට ගොතල.කලින් ගියා පිස්සු හැදෙන සඳ කියල එකක්. ඒකත් එහෙමයි.

    ඔය ඈත අතීතයේ ආධ්‍යාත්මිකව දියුණු කාමාශාව රහිත මිනිසුන්ගෙ කතාව එන්නෙ ග්‍රීක මිත්‍යා කථාවල. ඒ මිනිස්සු දෙවියන්ව පරද්දයි කියල හිතල දෙවියො තමයිලු මිනිස්සුන්ට ආශාව ඇතිකරල ඒ බලය නැතිකරල දැම්මෙ. ලංකාදීපෙට ඒකත් සම්පූර්ණ සත්‍ය කථාවක් වෙල මට පේන්නෙ.

    දැං ටෝගා ගැන ….

    රංගන හේරත්ගෙ වනම ( Nickname ) ඇවිල්ල ටෝගා…මිනිහ කොට උනාට හැඩි දැඩි පුරුසය හින්ද වෙන්නැති මම හිතන්නෙ… මේ දවස්වල ඔන්න අහන්න පුළුවන් සංගා කඩුල්ල පිටිපස්සෙ ඉඳල කෑගහනව..” නියමයි නියමයි ටෝගා….අන්න හරි..එහෙමම දාන්න..එහෙමම දාන්න “ නැත්තං ” මෙයා පනිනව ඉස්සරහට..කැපෙන්න දාන්න, කැපෙන්න දාන්න…”

    මම හරිම ආසයි සංගගෙ ඔය කීප් කරන ගමන් දෙන කමෙන්ට්ස් අහන්න 🙂

  3. හිරු

    මං තාමත් ආසයි ඒ කාලේ කලූ කීප් කරන කාලේ මැච් බලන්න… ඇත්තටම ඔය කෑ ගහන ඒවා අහන්න… හි හි ( කොහොමත් මගේ ඕල්ටයිම් ෆේවරිට් කලූ තමයි ..)

  4. හිරු

    දැන් පත්තර, පොත් ගැන මොනවා ලියවුනත්, ඇහුනත් හොයාගෙන බලන්න හිතෙන ඒවා ඔක්කොම ඔය වගේ ‌විකාර කතාවකට හිනාවෙන්න හිතෙන හින්දා විතරයි… පත්තර ඔක්කොම එහෙමද මන්දා…

  5. විකාර නැති පත්තරයක් ගහමුද හිරුවෝ.

  6. කෙන්ජි අයියේ අපේ ගමේ පුවක් ගස්වල බඩු ඉන්වා තොග ගානට. ඇටිකුබ්බා තමා උන්ට ගේම දෙන්නේ. මං පටවන්නං බඩු ජපානෙට. ලෑස්ති කරනවද බිස්නස් එක. අපේ මාලගමුව ඔහෙන් මෙහෙට පටෝනවනං මාත් මෙහෙං පටවන්නං බෙල්ලෝ ජෙලිත එක්කම.

  7. මේ සටහනේ ටෝගා හෙඩිමත් එක්ක වැලලි ගිය අතිතයක් මතක් වුණා රයිගම්. අද චිත්‍ර කතාව නැත්තටම නැතිවෙලා. යන්තම් හෝ රැදිලා ඉන්නේ දයා රාජපක්ෂ ජනක රත්නායක විතරයි. ඒ ඒ අයගේ ප්‍රතිභාව නිසාමයි. ටෝගා ඇන්ද සිංහ කෝ දැන්.
    අනෙක ඔය දෙයියෝ සාක්කි නිර්මාණය කළේ ප්‍රේමතිලක සමරවීර කියන මාධ්‍ය කරුවා. කවුරු හෝ වාර්තා කරුවෙක් ලියා එවන දල සටහනක් එකල ඔහු නැවත ඔහුගේම වදනිනනින් ලියා අර තැනැත්තාගේ නමින් පළ කළා. අද එහෙම කෙරෙන්නේ නැ. ඒකයි නිරස වෙලා තියෙන්නේ.
    සමරේ අයියත් දැන් නෑ…
    සටහනේ ඉන් පසු කොටස් ගැන කතා කරන්න දෙයක් නෑ.

  8. දෙයියෝ සාක්කි කියන්නේ තනිකර නිර්මාණ. කොහොම හරි ඔහු හොඳ නිර්මාණකරුවෙක්. යෝග කේස් එකේ අතුරු කතාව නම් පට්ට බොරුවක්. ටෝගා නම් මගෙත් ප්‍රියතම කතාවක්. ඒ උනාට දැන් ඉන්නේ බෙන් ටෙන්ලා. කොල්ලො වයසෙන් තරුණ උනත් කරන්නේ බෙන් ටෙන් වැඩ.

  9. එහෙනම් යෝග නිසා තමයි “ඒක“ සිද්ධ වෙලා තියෙන්නේ!

  10. රයිගම්…..දියුනු මිනිසුන් අධික බලාපොරොත්තු ඇති කර නොගනි.යෝගා,කරාටේ හෝ භාවනාවකින් පවා ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ට ලබාගත හැකි ශාරිරික හා මානසික සුවය පමනි.භාවනා කරනවා යැයි කියාගන්නා සමහර මිනිසුන් පවා උත්සාහ කරන්නේ පොලවට ඉහලින් මිලිමීටරයක් හෝ පාවෙනවා යැයි කීමටය.දියුනු මිනිසා තමා භාවනා කරනවා යැයි කීමට පවා උත්සාහ නොගනී.දියුනු-නොදියුනු මනින නිර්ණායකය කුමක්දැයි නොදනිමි. එක් එක් අයගේ සිතුම් සහ චර්යා රටා තුලින් දියුනු හෝ නොදියුනු බව ගනන් හදාගැනීම මගේ පිලිවෙතයි.
    ලංකාදීප පුවත්පතට නම් විශාල පෙරලියක් සිදුවිය යුතු බව මගේ අදහසයි.වදන් භාවිතය,කැප්ශන්.හෙඩිම් යල් පැන ගොස්ය. ඉරිදා ලක්බිම මෙම වෙනස මෑතකදී සිදුකලා නිහාල් පීරිස් යටතේ.එය හොඳ වෙනසක් කියා මට සිතේ.ඒ කෙසේ වෙතත් ඔය සෑම පුවත්පත් හිමිකරුවෙකුටම පෞද්ගලික න්‍යාය පත්‍රයක් ඇත.

  11. කෙහෙල් පඳුරු අස්සේ ඉන්න එවුන්ගෙන් වැඩක් ගන්න බැහැ නේද කෙන්ජි? උන්ට ටික කාලයක් වෙනම කෑම දීලා ගන්න ඕනේ රසය එන්න.

  12. ප්‍රයෝජනවත් වෙන්න පුළුවන් දෙයක් වත්,මෙයාලගේ නොදන්නා කම නිසා ඉදිරිපත් කර ගන්න බැහැ.
    රවී, දාමුද ඇප්ලිකේෂන් එකක්, දෙයියෝ සාක්කි කතා ලියන්න. ඔබ ටෝගගේ කතාව වෙනතක යොමු කරලා තියෙන්නේ. 🙂

  13. ඔන්න නලින් එක්ක පටන් ගන්න පත්තරයක් හිරු. මුදල් දාන්න නම් කුඩු කාරයෙක් තමා අල්ල ගන්න වෙන්නේ.

  14. එය අහඹු හෙඩිමක් නොවේ නලින්. ඒ කාලේ චිත්‍රකතා කරපු අයට තිබුන ප්‍රතිභාව හා ලෝකය ගැන දැනුම මෙයාලට තිබුනානම්, මේ කතන්දර මෙහෙම ඉදිරිපත් වෙන්නේ නැහැ.

  15. නිර්මාණාත්මක බව කෙසේ වෙතත් මාතලන්, පරණ විහිළු ප්‍රතිචක්‍රීකරණය නම් සාර්ථකව සිදු කරනවා. බෙන් ටෙන්ලා විතරක් නොවේ, ටින් ටින් ලත් හැමතැනම.

  16. නැහැ, ජයශ්‍රී. මෙයාල කියන්නේ නැවත ඒ අධ්‍යාත්මික යුගයට යන්න යෝග කරන්න ඕනේ කියලයි. ඒ කියන්නේ නැවත ඇමිබාවන් වෙන්න. දැනට කාලයකට පෙර රූපවාහිනී වැඩසටහනක ම දැකපු කතාවක් ඔබට ලියන්නම්. කැනඩාවේ සුද්දියෙක්, ඉන්දියාවේ ගමක ඔය කියන යෝගා ගුරු කෙනෙක් මුණ ගැහිලා, අන්තිමට ඔහුත් සමග එම ගමේ නතර වුන කතාවක්. එම ගුරුට ඉන්දියානු බිරිඳකුත් ඉන්නවා. දැන් තුන් දෙනාම එක ගෙදර. යෝගා ගුරු ගේ වයස අවුරුදු හැටක්ද කොහෙද. ඒ ගමේ සියල්ලන්ම වගේ මේ වගේ යෝග කාරයන්. ඔවුන් අහසින් යන්න උත්සහ කරන්නේ නැහැ. ඒ වුනාට “යෝග වල පිහිටෙන්” කම් සැප විඳිනවා. හැබැයි, ගෙවන්නේ අති සරල දිවියක්.

  17. හරියට හරි Aru. යෝගා, කරාටේ කරන මිනිසුන් විතරක් නොවේ, ගිහිගෙය හැරලා යන මිනිසුනුත් එහෙම කරන්නේ මුලින්ම තමන්ට “විමුක්තිය” සොයා ගන්න. එය පසෙක තියලා, වෙන බයිලා කියනවා නම් එතන තියෙන්නේ වෙන ජාවාරමක්. කලින් කලට “මා සෝවාන්” කියමින් මුදල් එකතු කරන ජාවරාම් කරුවන් පහල වෙනවා. යෝගා වැනි දේවල් මුළුමනින්ම කෙනෙකුගේ පෞද්ගලික අත්දැකීම්. ඒවා එලෙසම වෙන අයත් විඳිය යුතුයි කියල කියන්න කිසිවෙකුට බැහැ. මේ ලියපු කෙනා යෝගා කිරීම කෙසේ වෙතත්, අඩුම ගානේ නිකමට ඇඟ සොලවනවා කියල වත් විශ්වාසයක් මට නැහැ. මේ විකාර කතා ලියවෙන්නේ ඒ නිසා.

    පත්තර නව්‍ය කිරීම සඳහා බලපෑම් එන්නේ, ඒවායේ අලෙවිය පහල යනවා නම්. පත්තර අලෙවිය පහල නොයන හා වෙනත් ජාවාරම් මගින් මුදල් කොහොමත් ලැබෙන පරිසරයක, එවැනි දෙයකට වෙහෙසෙන්න පත්තර අයිතිකරුවන් ඉදිරිපත් වෙන එකක් නැහැ. පෞද්ගලික සමාගම් කියන්නේ තනි මිනිහෙකු හෝ මිනිසුන් සමුහයක පෞද්ගලික න්‍යාය පත්‍ර නේද?

  18. kathandarakaraya

    කඩයප්පං හැදීම ටිකක් ටියුබ් ලයිට් වෙලා පස්සෙයි පත්තු වුනේ.

    ඔය අන්තිම කේස් එකෙන් කියවෙන්නේ අර ආදම් සහ ඒවා ගේ ඇපල් කෑම නේද? යොහෝවාකාරයෝත් ඔය වගේ කතා කියනවා. මුලින්ම හිටිය මිනිස්සු අමරණීය ලු. එහෙම ලු දෙයියෝ මැව්වේ. ඇපල් වැඩේ හින්දානේ ආයුෂ කෙටි වුනේ!

    හැබැයි කතාවට නං කියන්නේ ඇපල් එ ඩේ කියලයි!

    තව සමහරු විශ්වාස කරනවානේ බුදු සාදුට අමරණීයව ඉන්න තිබුණුා, අර ආනන්ද සාදු ඉල්ලා හිටියනම් කියලා. සමහර උපාසක අම්මලා ආනන්ද සාදු එක්ක නයි වෛරයි.

  19. මචං උඹ අර පැදුර එලාගෙන කරන යෝගා නොවන වෙන වැඩ ගැන කිව්වා නේද? ඕවා හරිම පව් වැඩ මචං. ඕක නිසා තමයි ඇත්තෙන්ම මිනිස්සුන්ගේ ප්‍රභාව අඩු වෙලා ගියේ. අර ඇපල් ගෙඩිය කාපු දවසේ ඉඳලා කොයිතරම් බාල්දි වැ‍ටුනද! ඕක කොච්චර දීන, තුච්ඡ, නින්දිත, පව්කාර වැඩක්ද කිව්වොත් ඔය ආගම් ශාස්තෘවරු පවා පිළිසිඳ ගන්න ඔය ක්‍රමය ප්‍රතික්ෂේප කලානේ.

  20. මටත් කීප වතාවක්ම හිතිලා තියනවා මගෙනුත් රැස් විහිදෙනවා කියලා. හැබැයි වෙරි බැහැලා නාලා එහෙම ආවහම ඒක නැති වෙනවා.

  21. නියමයි!!!!!!නහයට උඩින් බීලා පහුවදාට වයිෆ්ගෙන් අහගන්නෙත් ඔය වගේ දෙයක්.”තමුසෙගේ ඇඟෙන් රැස් පිටවෙනවා.ගිහිල්ලා නාගන්නවා”

  22. තිසර, රැස් පිට වීම කෙසේ වෙතත් පාවෙන අත්දැකීම නම් ගන්න පුළුවනි. හැබැයි ඔය විනීත කට්ටිය වගේ සෙන්ටිමිටරයක් ගහලා නොවේ. සෙන්ටිමීටර 12-13 කට පස්සේ, තව සෙන්ටිමීටර දෙකක් විතර ගන්න කොට යෝගා නැතුව පාවෙන්න පුළුවන්. 😀 මා භයානක දේවල් කියුවේ, දැන් කෘතිමව හදපු ජාති (මත්ද්‍රව්‍ය) තියනවා. මේවා ගැනීම ජීවිතයටත් සමු දෙන්න කාරණයක් වෙන්න පුළුවන්. ඔබත් දන්නවා ඇති, දැනට මාසයකට පමණ පෙර තරුණයෙක්, ඉගිල්ලෙන්න ගිහින් මිය ගිය ශෝචනීය පුවත.

  23. හෙන්රි, උඹටම දිග පිළිතුරු දැමීම ගැන කමාව භජනය කරමි. ඔන්න නියම කාරණයට ආවා. උඹ කියන්නේ පැදුරු සාජ්ජයක් ගැනද, නැත්නම්, ආප්ප රාත්‍රියක් ගැනද? නැත්නම් වෙන දෙයක්ද?

    ඒවා පැත්තක තියමු. “වඩුවෙකුට”, මොලයක් තියන හා මානව දයාවෙන් පිරිච්ච දරුවෙකු බිහි කිරීමට දායක වෙන්න බැහැ. ඒකට දෙයියෝ සිරින්ජය අරගෙන එන්න ඕනේ.

    ඇත්තටම මචන්, මේ ලෝකේ ඉපදීම මෙච්චර පවුකාර කමක්ද? අපගේ ජීවිතය විඳින්න අවශ්‍ය නැත්ද? ලිංගික ක්‍රියාවන්, අඩියක් ගැහීම වගේ දේවල් වලින් නරකාදියට යනවාද? මේවා කරන එක ගැන අප පසු තැවෙන්න ඕනෙද? මේක තමයි මා කියන්න හැදුවේ. මේ පත්තර මා කියවන්නේ බොහොම සරල අර්ථයකින්. මේ සටහන ලියුවෙත් සරලව. හැබැයි මේ අයියල විතරක් නොවේ, අනෙක් අයත් කියන දෙයක් තමා, අපේ ලිංගික ජීවිතය හරි පවුකාර වැඩක්, නැත්නම් ඕවා ජරා වැඩ කියලා.

    එහෙම කියන සමාජයේ, සමහර තාත්තලා දරුවන් පාසල් ගිහින් ගෙදර එනකම් ඉන්නේ, රමණයේ යෙදෙන්න. ඊයේ පෙරේදා මා කියෙව්වේ, වඩුවෙක් තම දුවණිය නීති පතා කෙලෙසා , එය තමන්ගේ බිරිඳ/දරුවාගේ අම්ම දැනගෙන පොලෝසියේ ලියුව කියල, සිය දිවි නසා ගැනීමක්. දැන් මේ අයියා මෙතරම් තිරිසන් වැඩක් (තිරිසනුන්, තම පැටවුන් කුඩා කාලයේ ලිංගික ක්‍රියා වලට ගන්නේ නැහැ) කිරීම නොවේ, එය අනුන් දැන ගැනීම තමා දිවි නසා ගන්න පොළඹවන්නේ. ඒ අතර පත්තර කාරයන් කියනවා මිනිසා පාවෙන එක, රැස් විහිදුවන එක නතර වුනේ ගැහැණු පිරිමි වශයෙන් බෙදිලා ලිංගික ක්‍රියා සමගින් කුටුම්බ ජිවිත ගත කරන්න පටන් ගත්තට පස්සේ කියා.
    මේ දෙපිට කාට්ටු කුහුක අදහස් එලියට දාන මේ අයියලාගේ සැබෑ ජීවිතය මෙයට හාත් පසින්ම වෙනස් ඇති. යෝග පටන් ගත්තු ඉන්දියාවේ මිනිසුන් යෝග කරන්නේ කාම සුත්‍රයේ එන සියලුම ඉරියව් අත්හදා බලන්න. ඒ අවුඅස්සේ, මේ අයියල ඉබේ දෙකට බෙදෙන ජිවිතයක් ගැන කියනවා.

  24. මෙතන කකා ඇපල් කෑම හෝ රවී කියන වෙනත් මිත්‍යා කතාවක් තමා තියෙන්නේ. මොකද කියනවා නම්, ඒ දවස් වල ගැහැණු පිරිමි බේදයකුත් තිබිලා නැහැ. ඒ කියන්නේ කඩයප්පන් කතාව ඔට්ටු නැහැ. හස්ත කර්මාන්ත අමාත්‍යාංශය විතරයි.

    ඔබ ඔය කියන උපාසකම්මලා අද, පැදුරු වල නොවේ ඉන්නේ. එයාල කොම්පුටර ඉස්සරහ වාඩි වෙලා ෆේස් බුක් එකේ ඉන්නේ. කාලයේ වෙනස විතරයි. ඔවුන් අතරත් අර ලිංගික බේදය නැහැ.

  25. ටිකක් කල්පනා කරන්නෝනැ අප්පා… දෙවෙනිදයින් පස්සෙ හරි කමෙන්ට් එකක් දාන්නම් කො. එතකල් දුවල යන්න ආවා!