ඇල්මෙන් අකුරට යනවිට, පුතුනේ නුඹ මුල් පොත වෙනවා! Winner takes it all?


Mark

මා මිට පෙර මගේ සටහනක ලියුවා ඕස්ට්‍රේලියාවේ එක්තරා ලාංකිකයෙකු තමන්ගේ දරුවා පෞද්ගලික පාසලකට යවන නිසා, ඔහුට රජයෙන් දීමනාවක් දිය යුතුයි කියුව කතාවක්. අපේ කකා කියුවේ, එයාව ඔහෙම තියා ගන්න කියලා. එවැනි අය මට තියා ගන්න කොහොමටත් අවශ්‍ය නැහැ. මොනවා වුනත්, සමාජයේ තිබිය යුතු “සෝෂල් ජස්ටිස්” නැත්නම් සමාජ ආරක්ෂණ පද්ධති මා ඉහලින්ම අගය කරන කෙනෙක්. එය මා ජිවත් වන රට අනුව හෝ මගේ අතේ හැකියාව අනුව වෙනස් වන දෙයක් නොවේ. 

අරක වුනා නම් මේක මෙහෙම වෙන්නේ නැහැ, මේක අරම වුනා නම්, අරක මෙහෙම වෙන්නේ නැහැ ආදී වශයෙන් ජීවිතය ගැන නොයෙක් සිහින මවන්න පුළුවන්. එය එතරම් ඵලදායක දෙයක් නොවේ. හැබැයි එක දෙයක් ස්ථිරවම කියන්න පුළුවන්. එනම්, නිදහස් අධ්‍යාපනයක් හා සෞඛ්‍ය සේවයක් ලංකාවේ නොමැති වුනා නම්, මගේ ජීවිතය අදට වඩා වෙනස් වෙන්න තිබුන ඉඩ කඩ ඉතා වැඩියි. ඒ වගේම මා නිදහස් අධ්‍යාපනය ලබපු රටවල් තුනෙන් එකකයි, මා අන්තිමට නැවතිලා ඉන්නේ.

අපට තෝරා ගැනීම කරන්න පුළුවන් දේවල් ජිවිතයේ තියනවා. බැරි දේවලුත් තියනවා. උදාහරණයකට අප ඉපදෙන්නේ මුදල් ඇති හෝ නැති දෙමාපියන්ටද කියන එක තෝරා ගන්න අපට බැහැ. ඒ වගේම කළු හමක් සහිතවද, නැත්නම් සුදු හමකින් ද ඉපදෙන්නේ කියන එකත් අපට තීරණය කරන්න බැහැ. මෙවැනි ගොඩක් දේවල් තියනවා.

සමාජයේ ඉන්න සියලුම දෙනාට (වරප්‍රසාද සහිතව හා රහිතව ඉපදෙන) මූලික අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා නීතියෙන්ම සහතික කිරීම නමැති සමාජ රක්ෂණය මා දකින මිනිස් ශිෂ්ටාචාරයේ ඉතා යහපත් අංගයක්. එවැනි රක්ෂණයක් තිබෙන සමාජයක්, නැති එකකට වඩා හැම අතින්ම යහපත්  කියා මා පෞද්ගලිකව හිතනවා.

සමහරුන් කඳු මාරු කිරීමෙන් පසු, පුල්ලිත් මාරු කර ඒකීය පුද්ගලයාගේ පැවැත්මක් ගැන ප්‍රලාප කියනවා. තමන්ගේම ඉතිහාසය අමතක කර, වෙනත් පෞද්ගලික කතාන්දර සහිත මිනිසුන්ගේ සිතිවිලි, තමන්ට ආරෝපණය කර ගන්නට උත්සහ කරන මේ වගේ ව්‍යායාමයන් මා දකින්නේ ඛේදවාචකයන් ලෙස. ජිවත් වන සමාජයට වඩාත් ගැලපෙන්න උත්සහ කිරීමක් ලෙස හිතන්න පුළුවන් වුවත්, මේ සමාජයෙන් පැන නැගුන මිනිසුන් බහුතරයක් මෙයාලට වෙනස් කියලයි මා නම් දකින්නේ. මෙයත් අර අමුඩේ ගහගෙන කුඹුරු කෙටුව තාත්තලාගේ, පුත්තුන් “ආ, අමුඩේ, ඒ මොකක්ද? කියල” අහනවාට වැඩිය වෙනසක් නැහැ.

අපරාධකරුවන්, අපතයන් හා නියන්ඩතාල්වරු වැඩිපුර ඉන්න සමාජයක, ඒකීය පුද්ගල නිදහසක් කතා කරන්නවත් පුළුවන් කමක් තිබේවි යයි මා හිතන්නේ නැහැ. සාමුහික උත්සාහයන් මගින් එවැනි යුගයන් පහු කර ඇවිත් ඉන්න සමාජ වල ඉඳන්ම, මේවා ගැන කතා කරන එක එක අතකින් සරදමක්. පොත් වලින් අර ගත්තු ඒවා ලියන විට දාර්ශනකයන් වගේ පෙනෙන මෙවැනි “ඒකීය පුද්ගලයන්” ඔවුනගේම අදහසක් කියන විට පෙන්වන නොමේරූ කම, අපට ඔවුනගේ සැබෑ ස්වරූපය පෙන්වනවා. අර හිමාලයේ ඉරිසිවරුත් කියල තියෙන්නේ කොකුන්ගේ සුද පෙනෙන්නේ ඉගිලෙන විට කියල. අන්න ඒ වගේ.

(කලකට පෙර ලියන ලද්දකි).

https://www.youtube.com/watch?v=s-VlRXGATh8

Advertisements

18 Comments

Filed under Education, Lifestyle, Opinion, Social

18 responses to “ඇල්මෙන් අකුරට යනවිට, පුතුනේ නුඹ මුල් පොත වෙනවා! Winner takes it all?

  1. Kenji @ Japan

    කලකට පෙර ලිව්ව දේවල් දැන් හරි යන්නේ දුර දක්නා නුවනින් ලියුව නිසා නොවෙද?

    • kathandarakaraya

      සමහර දේ සදාකාලිකයි!

      • KISIMA DEYAK SADAKALIKA NOVE. SAMAHARAWITA PUKA, JEE, CHOO, PADA WAGE DEWAL SADAKALIKA KIYA KAKKA HITHNAWADA?

        • මොන දුර දක්නා නුවණක් වත් නැහැ කෙන්ජි. කකා කියන්න වගේ මේවගේ දේවල් හැමදාටම වලංගුයි. මා සමහර දේවල් ලියා පළ නොකරන අවස්ථා තියනවා. මගේ අනුන්ව හැදීමේ පිවිතුරු චේතනාවක් නැහැ. මොකද ඇට්ටකුණා වුන ජීවිත හදන්න අමාරුයි. මෙය පළ කළේ ඇට්ටකුණා නොවුන ජීවිත තියන, නමුත් අර ඇට්ටකුණා ජීවිත පසුපස යනවා හෝ යන්න උත්සහ කරන, කට්ටියට කියවන්න.

          උඩ තියන චායාරූපය The Bracegirdle Incident: How an Australian Communist Ignited Ceylon’s Independence Struggle (By Alan Fewstwe, Arcadia, 192pp, A$ 39.95) නමැති පොතෙන්. මේ පොත මට තාම ගන්න බැරි වුණා. නමුත් ගන්නයි ඉන්නේ. මාර්ක් කියන්නේ 1912 වසරේදී එංගලන්තයේ ඉපදිලා, වසර පහළොවකට පසුව තම මවත් සමග ඕස්ට්‍රේලියාවට ආපු සුද්දෙක්. මෙයා 1936 වසරේදී ලංකාවට යනවා තේ කර්මාන්තය ඉගෙන ගන්න. මාතලේදී, තේ වතුවල වැඩකරන ඉන්දියානු සම්භවයක් සහිත දෙමල ජනතාව ගත කරන දුක්ඛිත තත්ත්වය දැකපු මාර්ක්, ලංකා සමසමාජ පක්ෂයට එකතු වෙනවා. ඒ ගැන තමයි පොත.

          එම පොත හා අපේ කැන්බරා නුවර පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන Dr. Andrew Leigh විසින් රචිත ඊයේ පෙරේද එලි දැක්වුණ Battlers and Billionaires කියන පොත මතක් වීමෙන් මෙය පළ කරන්න හිතුනා.

  2. //සමාජයේ ඉන්න සියලුම දෙනාට (වරප්‍රසාද සහිතව හා රහිතව ඉපදෙන) මූලික අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා නීතියෙන්ම සහතික කිරීම නමැති සමාජ රක්ෂණය මා දකින මිනිස් ශිෂ්ටාචාරයේ ඉතා යහපත් අංගයක්. එවැනි රක්ෂණයක් තිබෙන සමාජයක්, නැති එකකට වඩා හැම අතින්ම යහපත් කියා මා පෞද්ගලිකව හිතනවා.//
    මගේ මතයත් මේකමයි.

    • එවැනි දේවල් රැක ගන්න මහ ජනතාවගේ මතය ඉතා වැදගත්. එහි කුඩා හා ප්‍රතිලාභී කොටස් කරුවන් වන, නමුත් මුල්‍ය දායකත්වය සඳහා කිසිම සම්බන්දයක් නැති ශිෂ්‍යයන්ගේ මතය විශාල බලපෑමක් එල්ල කරන්නේ නැහැ. ලැබුන අවස්තාව විසි කරලා, ශිෂ්‍යයන් ඉගෙන ගන්නේ නැතිව, මහ මිනිසුන් වුනහම, මෙවැනි රක්ෂණ ක්‍රමයන්ගේ පැවැත්ම ඉබේම අහෝසි වෙනවා.

  3. “සමහරුන් කඳු මාරු කිරීමෙන් පසු,පුල්ලිත් මාරුකර ඒකිය පුද්ගලයාගේ පැවැත්මක් ගැන ප්‍රලාඵ කියනවා”මෙලෙස පටන් ගන්න ඡේදය තුල අඩංගු කරුන ගැන හිත යොමුවුනා.මම හිතන්නේ මෙතන තමයි අද ඉන්න බුද්ධිමතුන් යැයි හිතාගන්නා සමහරක් විකටයින්ට සහ මං පොර අබ්බගාතයින්ට වැරදෙන මුල්ම තැන.

    • අරූ,ජීවිතය හා සමාජය ගැන වැඩිහිටි පිරිස් වලට වෙනම බණ දේශනා කිරීමෙන් පලක් නැහැ.

  4. ඇයි මට මේකේ අගක් මුලක් නොතේරෙන්නේ…….සමහර විට ඇල්මෙන් අකුරු නොකල නිසද? 🙂

  5. මගේ මතයත් අධ්‍යාපනයටත් ඊටත් වඩා සෞඛ්‍ය රක්ෂණයක් හැම පුරවැසියෙකුටම දෙන්න හැකි සමාජයක් ඉතාම යහපත් බවයි.

    ඇයි මචං අමෙරිකාවෙත් සෝෂල් සෙක්‍යුරිටි නම්බර් එකක් තියෙනවා නේද පුරවැසියන්ට? ඔය ෆෝම් පුරවද්දි ඒ අංකෙත් ලියන්න ඕනෙ මම හිතන්නේ. හරියට අපේ හාල්පොත වගේ ඒ කාලේ.

    • ඇමෙරිකාවේ පාසල් අධ්‍යාපනයට රජයේ දායකත්වය වැඩියි මා හිතන්නේ. ඔව් රැකියා විරහිතයින් සඳහා එහෙම දෙයක් තියනවා. නමුත් සෞඛ්‍ය වැඩ නම් එහෙම නැහැ. ඒ ගැන මා වැඩිපුර ලියන්නේ නැහැ. හැබැයි මචං, එහෙට මන්ගච්චපු අපේ වන්නිලා ඇත්තෝ නම්, සුද්දන්ට වඩා “සුදු” වෙලා කියල මට හිතෙන නිසා, ලංකාවේ ඉන්න මිනිසුන් එයාල රටෙන් පිට වීම ගැන සතුටු වෙන්න ඕනේ. මෙහෙම කෙනෙක් තමා, ඕස්ට්‍රේලියාවේ රජයේ පාසලෙන් තමන්ගේ දරුවා අස්කරගෙන (එවැනි මට්ටමකට පැමිණි පසු) පෞද්ගලික පාසලකට දාල, ගෙවන බදු ගැන කෙඳිරි ගාපු (මා කලින් ලියපු) හාදය. මෙයා ලංකාවේ ඉගෙන ගත්තු ආකාරය මා ලියන්නේ නැත්තේ, එයින් ඔහු වාගේම ඉගෙන ගත්තු අනෙක් පිරිස් අගතියට පත් වෙන්න පුළුවන් නිසා. මේ තමයි විමලසිරි ගම්ලත්, ඩලස් අලහප්පෙරුම, එස් බි දිසානායක ආදී වශයෙන් ලියාගෙන යන්න පුළුවන් දේශපාලකයන්ගේ “සාමාන්‍ය ජනතා” ප්‍රතිබිම්බය. ද මේ ගොයියා ලංකාවේ “සමාජවාදය” වෙනුවෙන් එක්තරා විදිහකට පෙනී සිටිනවා. මචං මේවට මොකද හිතෙන්නේ?

  6. ෂාහ්, උඹ අප්ඩේට් වෙන බ්ලොග් රෝල් එකකුත් එල්ලනනේ මේකේ. වර්ඩ්ප්‍රෙස් වල සාමාන්‍යයෙන් එන්නේ කිසි වැඩක් නැති ලැයිස්තුවක් විතරනේ. මෙහෙම එකක් දාන්න පුලුවන් බව මම දන්නෙත් දැන්. RSS නේ?

    • මචං—–බ්ලොග් රෝලක් එල්ල ගන්නේ කොහොමද?පුලුවන්නම් සරළව කියලා දීපන් .මට මේවා එච්චර තේරුමක් නැහැ.

      • මචං මට ඔහොම යෝජනාවක් කළේ සහන්. එතකන් තිබුනේ උඹ අර කියන කිසි වැදගැම්මකට නැති බ්ලොගරෝලය තමා. සහන් ක්ෂණිකව හා ස්වයංව යාවත්කාලින වන බ්ලොගරෝලයක් දාන්න කියා යෝජනා කලාට,මේ වර්ඩ්ප්‍රෙස් වල මෙයිට වඩා දෙයක් කරන්න බැහැ (මා දන්නා තරමට). මේ RSS තමා. ටිකක් කට්ට තමයි. ඒත් හැබැයි සහන්ගේ යෝජනාව නරකම නැහැ. ඒ නිසා දැම්ම.

        • මචං අරූ. මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොගේ තියෙන්නේ අර මං කිව්ව වැඩකට නැති බ්ලොග් රෝල. ඒක දන හැටි නම් මම දන්නවා. උඹට කියාදෙන්නත් හැකියි, නමුත් ඒක වැඩක් නෑ මචං.

          මේ රයිගම්ගේ එක එහෙම නෙවෙයි. මේක අප්ඩේට් වෙන හොඳ එකක්. RSS feed තියෙන. මේක එල්ලන හැටි මම දැන්නේ නෑ. නරකද රයිගම්ගෙන් අහගත්තොත්.

          අරූ, බ්ලොගේ පටං අරන් වැඩි කාලයක් නැතිනම්, මම යෝජනා කරන්නේ බ්ලොග්ස්පොට් එකක් පටං ගන්න කියලා දැන්මම. මොකද ඒක මීට වඩා user friendly.

          • මචං මට රයිගම් උදව් කරා වැඩේ කරගන්න.උන්න හැටියට මළා මොකෝ.පලවෙනි වතාවට ඔහොම දෙයක් තනියෙන් කරගත්තේ.මිනිස්සු අහනවා මොකද ඇඳුම් නැතුව පාරේ දුවන්නේ කියලා.
            තරහ නැතුව තව උදව්වක් කරන්න.කට්ටිය අහනවා මගේ බ්ලොග ෆොලෝ කරන්නේ කොහොමද කියලා.සරලව පහදලා දෙන්න පුලුවන්ද/

            • අඩෝව්, හෙන්රි ඇයි මේ බ්ලොග් කළුද? 😀
              රස ආහාර කවලා,
              රන් කුඩුවේ දමලා ඇති කරන්න ගත්ත මාල ගිරවී!
              අත හරින්න කියලා,
              ඇයි කියන්නේ ඔහෙලා, හිතුවද මා දාල යයි කියාලා!!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s