දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි? You still haven’t done it!


460116-a50b8480-0623-11e3-9040-1d2e70686f48

මා පළ කරපු කලින් සටහන ඇත්තටම කලින් ලියපු එකක් වුනත්, ඒ ලියපු වෙලාවේ පළ කරන්න හිතුනේ නැහැ. අපට අනවශ්‍ය දෙයක් විවේචනය කරමින් තලු මරන එකේ තේරුමක් නැති නිසයි එහෙම පළ නොකරන්න හිතුනේ. ඒත් වෙන තැනක දැකපු දෙයක් නිසා “පබ්ලිෂ්” බොත්තම එබුවා.

විද්‍යාත්මක ලිවිම ගැන ප්‍රයෝජනවත් අත්පොතක් ලියල තියෙන David Lindsay (Scientific Writing = Thinking in Words) එහි ආරම්භයේ මෙසේ ලියනවා; If you haven’t written it, you haven’t done it. මෙය ජනප්‍රිය කියමනක්. මේකෙන් අදහස් වෙන්නේ යම් පර්යේෂණයක් නිම කළා කියල කියන්න බැහැ එය, ප්‍රකාශයට පත් නොකරන තාක් කල්. ලෝකයේ නොයෙක් සොයා ගැනීම් කෙරුවා යයි, අප දන්නා බොහෝ දෙනාට කලින් ඒ සොයා ගැනීම් කරපු පුද්ගලයන් සිටින්න ඇති. නමුත් අප දන්නා පිරිස තමා එවැනි සොයා ගැනීම් කිරීමෙන් නවතින්නේ නැතුව, ඒවා ප්‍රකාශයට පත් කළ පිරිස්.

මෙය විද්‍යාත්මක පර්යේෂණ වලට පමණක් සීමා වෙන්නේ නැහැ. අපේ සිතිවිලි හා අපේක්ෂා වලටත් එක්තරා අයුරකින් අදාලයි. ඒ කියන්නේ අපේ අදහස් හා සිතුම් පැතුම් විවුර්තව අනෙක් අය සමග කතා නොකරන තාක් කල්, එහෙම දේවල් තියනවාද කියලත් අන් අයට දැන ගන්න හැටියක් නැහැ. මේක තව දුරටත් ඉදිරියට ගෙන යන David මෙසේ ලියනවා;  If you write it, but no one reads it, you still haven’t done it. හරියට කියනවා නම් මේ සටහන් වගේ.

මා ලියන්නේ, මට අවශ්‍ය නිසා  හා එයින් මට ප්‍රයෝජනයක් වෙනවා යයි හිතන නිසා. හැබැයි ප්‍රකාශයට පත් කරන්නේ, අන් අයට කියවීම පිණිස. මාත් යම් දේවල් විවේචනය කරනවා. හැබැයි ඒ හැම තැනකම, එහෙම කරන්නේ එයින් ප්‍රයෝජනයක් (මට හා අන් අයට) අත්වෙයි කියා සිතන නිසා. උදාහරණයකට යෝගා ගැන ලංකාදීපේ පළ වුණු ලිපිය වැඩක් ඇති විදිහකට ලියා තිබුනේ නැහැ. හැබැයි යෝගා කියන්නේ එහෙම වැඩක් නැති දෙයක් නොවේ කියා මා හිතනවා. නිකම් කකා බිබී අලස දිවියක් ගත කරන පූජකවරුන්, දවසකට පැය භාගයක් මෙවැනි දෙයක වත් නිරත වෙනවා නම්, මනසේ පහල වන වෛර, ක්‍රෝධ හා අසීමිත කාමාශාවල් ටිකක් හෝ අඩු වෙන්න ඉඩ තියනවා.

මේක නොවේ, බොහෝ දෙනා කරන්නේ. ඔවුන් වඩාත් ආසාවෙන් කියවන්නේ, ලියන්නේ හා අන් අය සමග බෙදා හදා ගන්නේ, තමන් වඩාත් වෛර  හා ප්‍රතික්ෂේප කරන දේවල්. ඒ මගින් ඔවුන් බලාපොරොත්තු වන දේ එතරම් පැහැදිලි නැති වුනත්, ඇත්තටම කෙරෙන්නේ එවැනි දේවල් වලට ප්‍රචාරයක් ලබා දීම පමණයි. ඇත්තටම එවැනි දේවල් දිගින් දිගටම නොකියවනවා නම්, අර David කියන්න වගේ even, if you write it, but no one reads it, you still haven’t done or published  it.

මගේ සටහන් ප්‍රකාශයට පත් කිරීමේදී ඉහත කියන දේ සැලකිල්ලට ගන්නවා. මේවා විශාල පිරිසක් නොකියවන නිසා මහා විපර්යාසයක් වෙන්නේ නැහැ. ඒත් හැම වෙලාවෙම අප පෙනී ඉන්න හා බලාපොරොත්තු වන දේවල් වල අකලංක බවක්, නොවෙනස් වන බවක් තිබිය යුතුයි. ඔබට එක දවසක වර්ගවාදයටත්, අනෙක් දවසේ මානව විමුක්තියත් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. එක දවසක රිපබ්ලිකන් වාදයටත්, අනෙක් දවසේ කම්කරු පන්ති ආඥයාදායකත්වයත් වෙනුවෙන් පෙනී ඉන්න බැහැ. එහෙම පෙනී ඉන්නවා කියන්නේ ඔබ කිසිම දෙයක් වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ කියන එක විතරයි. සමාජයේ බොහෝ පිරිස් මේ වගේ “හැම දෙයක්ම පට්ටයි” කියන, ඒ කියන්නේ කිසිම දෙයක් වෙනුවෙන් පෙනී නොසිටින පිරිස්.

පසු වදන

මේ සටහනත් ප්‍රතිචක්‍රීකරණයට පත් කළ එකක්. කලින් සටහන වගේ නොවේ මාතෘකාව හැර අන්තර්ගතය සහමුලින්ම වෙනස්. මාතෘකාව තව දුරත් එතරම් වලංගු නැහැ. හැබැයි අවලංගුත් නැහැ. කලින් සටහනේ නොතිබුන අලුති එකතු කරපු, චායාරූපය ඕස්ට්‍රේලියානු නිව්ස් වෙබ් අඩවියෙන් ගත්තු එකක්. එයත් වඩාත් ගැලපෙන්නේ කලින් සටහනට. මේ ඕස්ට්‍රේලියානු ගායිකාවක් වන රිකී ලී ගේ අලුත්ම ගීතයේ වීඩියෝවේ දර්ශනයක්.  දැන් කවුරුත් ප්‍රර්ථනා කරන්න එපා ලබන ආත්මේ අශ්වයන් වෙලා උපදින්න. ලබන ආත්මයක් තිබුනත් අශ්වයෙක් වෙන්න එකතු කරන්න ඕනේ පින්/පව් වල ගණනය කිරීමක් කරන්න ඔබට හැකියාවක් නැහැ. එහෙම ගණනය කලත් ඕස්ට්‍රේලියාවේ ද, නැත්නම් මොන්ගෝලියාවේ සීතල ලඳු කැලේකද උපදින්න වෙන්නේ කියා ඔබට තීරණය කරන්න අමාරු වෙයි. එහෙම කරලා ඕස්ට්‍රේලියාවේ ඉපදුනත්, ඔය කඩුලු පැනිමේ රේස් වලට පුහුණු කරපු අශ්වයෙක් වුනොත්, කකුල් හතරත් කඩාගෙන වේදනාත්මක මරණයක් උරුම වීමට ඇති හැකියාවත් බැහැර කරන්න බැහැ.

………..And take me to the other side

Advertisements

9 Comments

Filed under Lifestyle, Opinion, Social

9 responses to “දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි? You still haven’t done it!

  1. //. මාත් යම් දේවල් විවේචනය කරනවා. හැබැයි ඒ හැම තැනකම, එහෙම කරන්නේ එයින් ප්‍රයෝජනයක් (මට හා අන් අයට) අත්වෙයි කියා සිතන //
    යම් කිසි දෙයක් විවේචණය කල යුත්තේ ඉන් ඔබටත් අන් අයටත් සේවයක් වෙනවානම් පමනි.මම එකඟය.හැබැයි මම මෙහෙමත් හිතනවා.මට වාසියක් නොවුනත් අන් අයට සේවයක් වෙනවානම් විවේචණය කල යුතු නම් එය කල යුතුයි කියලා.

    • මෙහෙමයි අරූ, මෙතන පොඩි දෙයක් තියනවා. අනුන්ට ප්‍රයෝජනවත් කියල මා හිතන එකත්, කියවන්නාට ප්‍රයෝජනවත්ද කියල, එයාට සිතෙන හෝ නොසිතෙන කියන එකත් දෙකක්. ගොඩක් දෙනා වගේ මේවා බලෙන් පැටවීම පිණිස ලියන දේවල් නොවේ. ඒ නිසා මා හැම විටම යෝජනා කරන්නේ, වැඩක් නැහැ කියල හිතෙනවා (ඒ කියන්නේ අර “පතෝල හොදි” වගේ නම්) කියවන්නවත් මහන්සි වෙන්න එපා කියා. දෙවැනි කරුණට කියන්න තියෙන්නේ, මා අකමැති දේවල් කියවන්න දැන් වෙහෙසෙන්නේ නැහැ. ඒ නිසා නොකියවන හෝ නොබලන දෙයක් විවේචනය කරන්නේ නැහැ.

  2. Kenji @ Japan

    අම්මෝ..! කාලෙකට පස්සෙ.
    මම හදහන් ගැන විශ්වාසයක් නැතත්,මගේ සනුහරේ හැත්ත බුරුත්තම කිව්ව එක ඇත්ත කියල තේරුම් ගියේ රිකී ලී ගෙ මේ පිංතුරේ දැක්කම.
    හැමෝම කිව්වෙ >>තොගෙ ලග්නෙ වගේම තමා වැඩ.ඇයි ඉතින් කද අස්ප,මුහුණ මනුස්ප <<කියල.
    ඒ අතින් රයිගම මම මේ ආත්මෙම පින් කදක්.

    • කෙන්ජියො…..උඹ නම් පොරක්ම තමයි මචං.මට තනියම හිනා යනවා උඹේ වදන් මතක් වෙලා.වයිෆුත් කියනවා මම ලඟදී ඉඳලා තනියෙම හිනාවෙනවා කියලා.

      • Kenji @ Japan

        අරූ;
        ඔබ දන්නවද මම හිතට එන වචන ලියල ඇනෝ ල දෙන උත්තර වලට දවසකට හිනා වෙන තරම්.
        මට මේ තැනට එන්න පාර කැපුවෙ රයිගම සහෝදරය.
        ඒ පාර නිසා බොක්කවල් ගොඩක් හමු වුනා.

        • කෙන්ජි, මේ වගේ සටහන් මා කොමෙන්ටු මගින් තව දුරටත් පැහැදිලි කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඔබ කියවා/බලල තියෙන්නේ සටහනේ මුල හා අග පමණයි. නමුත් මැද තමා කතන්දරේ තියෙන්නේ. අඩේ, මේ කියන්නේ මා ගැනද කියල යමෙකුට හිතුනොත්, ඔන්න මා අදහස් කළ දෙය සාර්ථකයි.

          මෙහෙමයි කෙන්ජි, අර ඩේවිඩ් ලින්ඩ්සේ කියල තියනවා වගේ, වචන වලින් හිතනවා/ලියනවා කියන එකේ, එක් අරමුණක් තමා අපේ අදහස් නිරවුල්ව ගලපා ගැනීම. පර්යේෂණ කරන විට අවශ්‍යම දෙයක්. ඒකයි කියන්නේ, හිතලා මදි, “කොලයක” සටහන් කිරීමත් වැදගත්. එය අන් අයට කියවන්න දීම/ප්‍රකාශනය එන්නේ ඉන් පසු. මේ ක්‍රියාවලි දෙක අතරේ තව දේවල් තියනවා.

          අන් අයට කියවීම පිණිස ලියන විට, අප යාළුවන් දෙතුන් දෙනෙක් එකතු වෙලා “අඩියක්” ගහල කතා කරනවාට වඩා, අඩියක් හෝ ඉදිරියෙන් ඉන්න අවශ්‍යයි. ලිවිම කියන්නෙම එයයි. අද කොලය කියන එක කොම්පුටර මගින් විස්තාඵනය වෙලා. ඒත් මා කියන කරුණ නම් අදටත් වලංගුයි. නමුත් අපට දකින්න නොලැබෙන්නෙත් එයමයි.

  3. ඇත්තෙන්ම මට හිතුනේ අශ්වයා වෙලා උපදින්න නෙවෙයි. “You (UN)lucky bastard!” කියලා විතරයි. 😀

    ඒක හරි කෙලියක්නේ මචං. මම හිතන්නේ මම ලියපු එක කවුරුවත් නොකිව්වත් මම ඒ දේ කියලා තියෙන නිසා මට සැහැල්ලුවක් දැනෙනවා කියලයි. ඒ සැහැල්ලුව, හරියට දරු ප්‍රසූතියක් වගේ. (උඹට ඕනෙ නම් මල බද්ධය තිබිලා බඩ එලිය ගියාවගේ කියලා හිතා ගනිංකෝ.) මම කියන්න ගියේ, ඒ සැහැල්ලුව තමයි ඒක ලිවීමේ පලමු අභිප්‍රාය. අනිත් උන් කියවනවද නැද්ද කියන එක දෙවනුවයි එන්නේ. මම හිතන්නේ එහෙමයි මචං.

    • පිට උඩ ගියාට වැඩක් තියනවද මචං 😀

      උඹ කියන දේම තමා වෙන වචන වලින් මා ලියල තියෙන්නේ මා ලියන්නේ, //මට අවශ්‍ය නිසා හා එයින් මට ප්‍රයෝජනයක් වෙනවා යයි හිතන නිසා. හැබැයි ප්‍රකාශයට පත් කරන්නේ, අන් අයට කියවීම පිණිස//
      එකම වෙනස මේවා, උඹගේ ඒවා වගේ කවුරුවත් කියවන්නේ නැහැ. ඒ ගැන මා වැඩිපුර වෙහෙසෙන්නෙත් නැහැ. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s