තනියට ළඟ ඉන්නම්, නැති නම් තනි වෙන්නම්! All or nothing!


මගේ කලින් සටහන් බලපු “නිකං” කියල තිබුන දෙයක් තමා, අපට නිකං ලැබෙන තාක් කල් කිසි දෙයක අගයක් දැනෙන්නේ නැහැ කියන එක.  ඔහුගේ එක උදාහරණයක් තමා නිදහස් අධ්‍යාපනය පිලිබඳ වටිනාකම තේරෙන්නේ, පිට රටක ඉගෙන ගන්න ලක්ෂ ගාණක් ගෙවන විටදී කියා. මේ අත්දැකීම් දෙකම, එක අයෙකුට ලැබෙන්නේ නැති හින්දා, එහි වෙනස දැන ගන්න හැටියක් නැහැ. මොකද ලක්ෂ ගානක් ගෙවන්නේ, නිදහස් අධ්‍යාපනයේ වරම් නොලැබුන කෙනෙක්. ඒ වගේම නිදහස් අධ්‍යාපනය ලබන කෙනා ලක්ෂ ගණන් ගෙවන්නෙත් නැහැ. ඉතින් වෙනස දැන ගන්න එකිනෙකාට නොහැකි වෙනවා.

එය එහෙම වුනත්, සමහර සරසවි ශිෂ්‍යත්ව පිරි නමනවා, දක්ෂ සිසුන්ට. එහෙම කරන්නේ දක්ෂයන් අද්දවා ගන්න. නිකම් ලැබුන කියා මෙහෙම  ශිෂ්‍යත්ව ලැබෙන පිරිස්, ඉගෙනීම අතපසු හෝ නොසලකා හරිනවයි කියා වාර්තා වෙලා නැහැ. ඒ කියන්නේ නිකම් ලැබීම වීමට අමතරව, නිකම් ලැබෙන දෙයක අගයක් නොදැනීමට තව කාරනා තියනවා.

මේ මාසයේ මටත් නිකම් ඉගෙන ගන්න අවස්ථා දෙකක්  ලැබුනා. මේවගේ දේවල් දැන් මග හරින්න උත්සහ කලත්, සමහර වෙලාවට නොකර බැහැ. ඇත්තටම ප්‍රයෝජනවත් දෙයක් වුනා. මා මොනවාද ඉගෙන ගත්තේ යයි කියන්න උත්සහ කරන්නේ නැහැ.

අප ජීවිතය පුරාම යම් දේවල් ඉගෙන ගන්නවා. හැබැයි IQ නැත්නම් සිතීමට හා විචාරයට ඇති හැකියාව කියල සරලව හඳුන්වන දේ දියුණු වන්නේ, ජිවිතයේ එක කාල පරාසයක දී පමණයි කියල කියනවා. එහෙත් EQ නැත්නම්, කෙනෙකුගේ, අන් අයගේ හෝ අන් කණ්ඩායමකගේ හැඟීම් හඳුනා ගැනීම, තක්සේරු කිරීම හා පාලනයේ කිරීමේ හැකියාව ජිවිත කාලය පුරාම අප අත්පත් කර ගන්න ඉගෙනීමක්. මේවා ගැන කියවන්න ඕනේ නම් ඇති තරම් මුලාශ්‍ර අන්තර් ජාලයේ තියනවා.

කිසිම දෙයක් තව කෙනෙකුට ආරෝපණය කරන්න, වෙනත් අයෙකුට තියන හැකියාව ඉතා අල්පයි. මින් ඉහත මගේ සටහනක් බලපු/කියවපු අයෙක් කියුවේ මා හිතන්නේ, මා ලියන දේ පරම සත්‍යය වගේ කියල ලියනවා කියා. ඔහුගේ අදහස වැරදීම එකක් කියා එවේලේත් මා ලියුවා. ඉන් පසුවත් විටින් විට මතක් කරනවා. දැන් අපට මොකද කරන්න කියන්නේ කියල තව තැනක අහල තිබුන කෙනෙක්.  ඇයි එහෙම ප්‍රශ්නයක් අහන්න පවා පෙළඹෙන්නේ? මේවායින් පරම සත්‍යය තියා, එහෙම උත්තර හොයන්න බලාපොරොත්තු වන්න එපා. බහුවරණ ප්‍රශ්නයක දීපු උත්තර හතරකින් “හරි උත්තරය” හොයනවා වාගේ ජිවිත අත්දැකීම් වෙන අයෙකුට දෙන්න බැහැ. ඡේදය කියවලා උත්තර ලිවිම හෝ බහුවරණ ප්‍රශ්නයකට හරි පිළිතුරු සෙවීම වගේ, එකම උත්තරයක් හැම දෙනාටම තමන්ගේ ජිවිතයේ එන ප්‍රශ්න වලට නැහැ. මොකද එවැනි ප්‍රශ්න වෙනස් වගේම, අපත් එකිනෙකාගෙන් වෙනස්.

වසර පහළොවක් විස්සක් එකට ආශ්‍රය කරපු දෙදෙනෙකුට තම ප්‍රශ්න ගැන අවබෝධයක් නැත්නම්, එම අවබෝධය තව වසර විස්සකින් ලැබේවි යයි හිතන්න අමාරුයි. මෙවැනි කතා ඇහුනහම කනගාටුවක් දැනුනත් කළ හැකි දෙයක් නැහැ. මොකද එහෙම අත දැමුවත්, පිලිස්සෙන්නේ තමන්ගේ අත පමණයි කියා කලින් අත්දැකීම් කියනවා නම්. කලින් කියුවා වගේ EQ ලැබෙන්නේ තමන්ගේ අත්දැකිම්  වලින්.

මෙය ලියන්න හේතු වුණේ. මට අහන්න ලැබුන, තරමක් විස්වාශ කිරීමට අමාරු කරුණක් නිසා. අධ්‍යාපන සහතික ඉහලටම තියන, ඒ වගේම ආගමික සංස්ථා වලට නිතරම බඩ ගාන හා මත්පැන්  සෙන්ටි මීටරයක් වත් නොගන්නා කෙනෙකු, අප නොහිතන ආකාරයට හැසිරෙනවා නම්, එතන IQ ප්‍රශ්නයක් නොවේ EQ ප්‍රශ්නයක් නැත්නම්, අනුන් හා සම්බන්ද වීමට හා  තක්සේරු කර ගැනීමට නොහැකි වීමක්. අර මහත්මා ගාන්ධි කියල තියනවා වගේ, ඔබ ලෝකයේ දැකීමට බලාපොරොත්තු වන වෙනස, ඔබම වන්න කියන එක තමා වඩාත් වැදගත්. ඒකයි මා කියන්නේ, මේ ලියන්නේ ඔබව වෙනස් කිරීමට හෝ ඔබගේ ප්‍රශ්න වලට උත්තර නොවේ කියා.

Advertisements

10 Comments

Filed under Education, Opinion

10 responses to “තනියට ළඟ ඉන්නම්, නැති නම් තනි වෙන්නම්! All or nothing!

  1. හිතේ තියෙන ගැහිම හා තෝරාගැනීමයි අපව වෙනස් කරන්නේ…

    • හිතේ හැඟීමද, ගැහීමද දේශකයෝ? තෝරා ගැනීමේදී අපට හිතන්න දේවල් තියනවා. දෙපාර්ශවයක් අතරේ ප්‍රශ්නයකදී මස් රාත්තලම ඉල්ලන එකයි, දෙපාර්ශවයටම පිළිගන්න පුළුවන් විසඳුමකට එන එකයි කියන දෙක අතර විශාල වෙනස ගැනයි මා ලියන්න හැදුවේ. all or nothing කියල පටන් ගන්න එකම හොඳ දෙයක් නොවේ.

  2. එහෙම කිව්වට මේ බ්ලොග් ලියන අයතරෙත් සම හරක් ඉන්නවා එයාලා කියන් දේ පරම් සත්‍ය ලෙස පිලිගත් යුතුයි කියා කියන… නම් ගම් ලිව්වම හිත් නරක් කර ගන්නවා.. කොමෙන්ට්ස් බ්ලොක් කරනවා.. නමුත් කතා කරන්නේ නිදහස, ප්‍රජාත්‍රන්තවාදය, සමාජවදය, සමාජ සාධාරනය.. අම්මගේ වස්ත්‍රය කියලා තමයි කියන්න තියෙන්නේ..

    • මෙය මාතලන් සනාතනික ප්‍රශ්නයක්. මෙයම තමා දේශපාලනයේදී වෙන්නෙත්. ප්‍රජාතන්ත්‍රවාදය වැඩිපුර කතා කරලා, එය ක්‍රියාත්මක කිරීමේ නැත්නම් ප්‍රතිපත්ති සම්පාදනයට සක්‍රිය ලෙස දායක වෙන්න ලැබුනහම, කලින් කතා කළ දේවල් අමතකයි. අප කවුරුත් බලය නැති විට වැඩ කරන්නේ එක විදිහකට, බලය ලැබුනහම තවත් විදිහකට. දේශපාලනය විතරක් නොවේ පවුල් සංස්ථාව වැනි තැනකදී වුවත් වෙනසක් නැහැ.

      මුදල් නැතිව හිඟා කන විට, සමාජවාදය හා ඇති නැති පරතරය, නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා, ඒවා වෙනුවෙන් කැප වෙනවා යයි කියනවා.ඒ කෙනෙක් කඩයක් දාගත්තොත් ගෙවන බදු, සේවකයන්ට ගෙවන පඩි හා අර්ථසාදක මුදල් පමණට වඩා වැඩි යයි කියනවා. සරසවියේදී අනුන් වැඩ කරන (මහජන බදු මුදල්) නිසා ඉගෙන ගන්න අතරේ, සමාජවාදයක් ගැන කතා කරලා, දේශපාලනයෙන් ඉහලට ඇවිත්, කරන්නේ කොහොමද අධ්‍යාපනය කප්පාදු කරන්නේ කියා. එවැනිම කෙනෙක් රජයේ රැකියාවක් ලබාගෙන ඉහලට ආපුවහම, තමන් ඉගෙන ගත්ත පද්ධතිය විනාශ කිරීමට අර දේශපාලකයන් සමග එකතු වෙනවා. පිට රට ඇවිත් අමාරුවෙන් ගානක් අතට අරගත්තම, කියන්නේ කලින් තමන්ටම උදවු වුන සමාජ ආරක්ෂක පද්ධති, රජයේ පාසල්, සෞඛ්‍ය සේවා එපා කියල.

      බ්ලොග් ලියන කට්ටියත් තමන්ගේ අදහස පමණයි ලෝකේ තියෙන්න ඕනේ කියල හිතනවා. සමහරුන් අනුන්ට කුණුහරුපෙන් බනින්නේ නමකින් ඇවිත් නොවේ. එහෙම බනින ගමන් සමාජයේ තියන දුෂ්ටත්වය හා සුදු වෑන් ගැන කතා කරනවා.

      මා හැම විටම ලියන්නේ මා බලන හා දකින හැටි පමණයි. මෙයට වඩා වෙනස්ව හිතන්න, කල්පනා කරන්න ඔබට අවස්තාව තියනවා. අනිකුත් තැන් වල දකින්න නොලැබෙන මා හිතන අයුරු ලිවීමට ගන්න උත්සහයක් මෙය. මාව වෙනස් කරන්න උත්සහ ගන්න එපා කියන එකත් මා නිතරම කියන දෙයක් මාතලන්. මොකද මාව වෙනස් කර ගන්න පුළුවන් මට විතරයි. අනික් අයටත් එසේමයි. මේක තමයි ගාන්ධි කියුවේ be the change you want to see in the world කියලා. එයම තමා අමාරුම දේ.

  3. රයිගම් කියන්න උත්සාහ කරන කාරණාව ගැන යම් අවබෝධයක් ඇතිවුනත්. මේක ලියන්න හේතුවෙච්ච වස්තු බීජය ගැනනම් හාංකවිසියක් හිතාගන්න බැරි වුනා. හැබැයි ඒක එච්චර ප්‍රශ්ණයක් නෙවෙයි.

    මගෙ සිංහල වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ නමෙන්ම මම මේ ගැන දරන මතය උඹට වැටහෙයි.

    “මට හිතෙන හැටි.”

    ඒ මිසක් උඹලා සිතිය යුතු හැටි හෝ උඹලාත් මං හිතන හැටියට සිතිය යුතුයි කියන එක නෙවෙයි. ඒ වගේම උඹලා බ්ලොග් වල ලියන දේවල් වලින් සමහරකට මම මුළුමනින්මත්, සමහරකට යම් තාක් දුරකටත් මම එකඟ වුවත්, ඒ වගේම තවත් සමහරකට කිසිසේත්ම එකඟ නොවුනත්, ඒ කොයි කාටත් තමන් කැම්ති මතයක් දරන්න, ප්‍රකශ කරන්න තියෙන අයිතියට මම ගරු කරනවා.

    ඒ මට හිතෙන හැටි.

    • සොරි මචන්, කතාව එලෙසම කියුවා නම් ඕපාදුපයක් වෙනවා. කෙටි කතාවක් වගේ ලියුවත් කිස්වෙකු මා කියන්න යන දේ තේරුම් ගන්නේ නැහැ. හැබැයි ඒ අවස්ථා දෙකේදීම මෙයට වැඩි පිරිසක් “බලන්න” ඉඩ තිබුනා. එකෙන් ඇති සුගතියක් නැහැ.

      ඔය අපට පාඩමක්, අපේ ප්‍රශ්න වලට උත්තර හා සියලු දෙනාම එක වගේ හිතීම වැනි අදහස් වල පටන් ගැන්ම අපේ පාසලයි. එහිදී සියලු දෙනාම එක අච්චුවේ දාල සලකන්නේ. ඉගෙන ගැනීම කට පාඩම් විතරයි. ආගමේ ඉඳල විද්‍යාව දක්වා සියලුම විෂයයන් සදාචාරය උගන්වන්න යොදා ගන්න උත්සහ කරනවා. ළමා කතා පින් පව් ගැන විතරයි. ඡේදයක් බලාගෙන හෝ දුන්නු පිළිතුරු හතරකින් තමා උත්තරය හොයන්නේ.

      එහෙම වෙන කොට, සියලුම දෙනාම ජිවිතයට පාඩමක්, සදාචාරයක් හා සියල්ලන්ටම එකඟ වන්න හැකි දේවල් පමණයි ලිවිය යුත්තේ කියා හිතනවා. එක අතකින් රිපබ්ලිකවාදින්ට මා කැමතියි. ඔවුන් අඩු ගානේ වෙනස් වන්නේ වත් නැහැ.

    • ඇත්තටම හෙන්‍රි..මගේ බ්ලොග් එකේ ටැග් ලයින් එකත් “අරූට, මූට, කාටවත් හිතෙන දේ නොව ARU ට හිතෙන දේවල්” යන්නය.

      • අරූ, දන්නවද හෙන්රිට මා මචං කියා අමතන්නේ ඇයි කියා? අප එකම කාලයේ සමාන පාසල් දෙකක ඉගෙන ගෙන තියනවා පමණක් නොවේ, අප හිතන අයුරුත් ගොඩක් වෙලාවට එක වගේ. 🙂

        • මාවත් වෙන්ඩ මචං සීන් එකේ තියාගන්න පුලුවන්ද?බ්ලොග් භාෂාවේ විහිලුවක් කියලා කියන්නේ ඉන්ග්‍රීසි ඩී අකුර දාලාද?උපහාසයට නෙමෙයි අහන්නේ නොදන්න කමට.රයිගම් උඹ මාව තේරුම් ගනින් මචං.ඔන්න …වෙන්ඩ මචං ඉස්සෙල්ලා පැනලා මචං වෙලා නේද?

          • අයියෝ අරූ අහන්නත් දෙයක්ද බං 😀
            මෙහෙමයි අරූ, තිත් දෙක හා ඩී (:D) කියන්නේ ඔලොක්කුවට නැත්නම් විහිළුවකට සිනාසීම හෝ විහිළුවක් කරනවා කියන එක. මෙතන තිත් දෙක කියන්නේ ඇස් දෙක ඩී අකුර හයියෙන් සිනාසෙන කට. විහිළුවක් නැතුව සිරා දෙයක් කියන කොට හෝ විහිළුවක්ම නොමැති නමුත් මිත්‍රශීලි නැත්නම් විනීත සිනහව:) තිත්දෙක හා වරහනේ වහන පැත්ත. මේ වගේ ගොඩක් තියනවා. මා එතරම් භාවිතා කරන්නේ නැහැ. ලියන අනෙක් වචන හා මේ සලකුණු අතර ස්පේස් නැත්නම් පරතරයක් තැබුවොත් විතරයි මේ මුහුණවල් බවට සලකුණු පත් වෙන්නේ.:) 🙂 වෙනස පේනවා නේද? මචං, සියලුම හැඟීම් පෙන්වන සලකුණු ටික වෙනම එවන්නම්. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s