දෙවියනි ඔබ කොහිද?


මා කලින් සටහනක විස්තර කරපු රාජකීය  කොමිසමේ මහා ජනතාවට විවුර්ත සාක්කි නැත්නම් විස්තර  ඇසීමේ ක්‍රියාදාමය පෙරේද ඇරඹුනා. ඊට කලින් දොර වසාගෙන තොරතුරු ගන්න කාලයක් තිබුන. කොමිසමේ සභාපති කියුවේ, දොර වහල අහපු කරුණු සමහර වෙලාවට හිතා ගන්න බැරි ඒවා කියල. වසර සියයක් පමණ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ගොඩ නගාගෙන තියන රටක වෙලා තියන දේවල් සමහර වෙලාවට විශ්වාස කරන්න අමාරුයි. පෙරේද පාරේ අඬපු වැඩිහිටි ගැහැණු මිනිසුන් පෙන්වා දුන්නේ ඒ  කරුණ.

රටක සාමාන්‍ය නීතිය ක්‍රියාත්මක වුනේ නැතුවා විතරක් නොවේ, ඒවා සංස්ථාගත යට ගැහිමකට මේ ආයතන සමත් වෙලා තිබීම, ආගම් වලට තියන අසීමිත බලය කියා පානවා. කොහොම වුනත්, මෙවැනි සොයා බැලීමක් සඳහා කොමිසමක් පත් කිරීම වුනත්, හොඳ ආරම්භයක්.

මා කොහේ හරි කොමෙන්ටුවක් දැක්කා, කතෝලික පාදිලි වරුන් සමලිංගික සංගමයක් කියා බටහිර ජනතාව චෝදනා කරනවා කියා. එහෙම චෝදනාවක් නැහැ. චෝදනා විතරක් නොවේ, නඩු පවරලා දඬුවම් නියම වෙලා තියෙන්නෙත්, සමලිංගික කරුණු නිසා නොවේ. මෙයාලගේ ආරක්ෂාව යටතේ හිටිය, ලිංගික වශයෙන් වැඩිවියට පත් නොවුන, කුඩා දරුවන්ට කරපු අතවර සම්බන්ධයෙන්. මේ කරුණු දෙකේ තියන වෙනස්කම තේරුම් නොගෙන ඒ ගැන කතා කරන්න යන එක තේරුමක් නැහැ.

පන්සලක වුනත්, වැඩිහිටි හාමුදුරුවරුන් දෙදෙනෙක් මොනයම් ලිංගික සම්බන්ද කමක් තියා ගත්තත්, එය ආගමික වතාවත් වලට මිස, නීතියට තහනම් දෙයක් නොවිය යුතුයි. නීතියට තහනම් දෙය  විය යුත්තේ, ආගමික අධ්‍යාපනය ලැබීම සඳහා පන්සලට භාර දෙන කුඩා දරුවන්ට අතවර කිරීම.

Advertisements

9 Comments

Filed under Opinion

9 responses to “දෙවියනි ඔබ කොහිද?

  1. එකඟයි.. ඒත් පොඩි දරුවෝ මහන වෙන්න කියලා හරි පන්සල් වලට පූජා කිරීම, මම නම් අනුමත කරන්නේ නෑ.. ඒක ලිංගික හිංසාවට ලයිසොන් එකක් දීමක්.. පන්සල් ගැන දන්නෝ දනිති..

    • Mohamed Minhan

      I Welcome Your Comment It’s TRUE

    • මාතලන්, කුඩා දරුවන් මෙවැනි පඹ ගාලවල් වලට පටලවන්න හදනවා නම්, ඒ තකතීරු දෙමාපියන්. තමන්ට කන්න, අඳින්න, අධ්‍යාපනය ලබා දෙන්න බැරි නම්, දරුවන් හදන්න හොඳ නැහැ. දැන් මේ අයියල යෝජනා කරන්නේ හැම පවුලක්ම දරුවන් හතර දෙනෙක් හදන්න. කන්න දෙන්නේ කවුද? අන්තිමට පන්සල් වල සුදූ කෙලින්න පිටත් කරනවා.

  2. Kenji @ Japan

    මම නම් හිතන්නෙ තහනම වගේම,අඩු ගානෙ වයස 18 න් පසුව වැනි වයස් සීමාවක් පැනවිය යුතුයි කියල.

    • කෙන්ජි, එහෙම නීතියක් සම්මත කර ගන්න කලින් යෝජනාවක් වත් ගේන්නේ කවුද? මේ සේරම උන්දලා බලාගෙන ඉන්නේ වළඳන්න!

  3. kathandarakaraya

    කියලා වැඩක් නෑ!

    ඔය සමලිංගිකත්වය සහ කෞමාරකාමය අතර ඇති වෙනස සහ වැඩිහිටි දෙනෙනෙකු කැමැත්තෙන් ලිංගිකව එක්වීම සහ බාල ආපරාධ අතර වෙනස කියන දේවල් පහදන්න මං ලියපු ලිපියටමත් කවුදෝ කෙනෙක් ඔය කතාව කියලා තිබුණා.

    තව කාලයක් යාවි දුර්මත දුරුවෙන්න.

    • ඔව් කකා, මේ දුර්මත තියන තාක් කල්, හරකුන්ගේ, බල්ලන්ගේ හා පූසන්ගේ අයිතිවාසිකම් ඉස්සරහට දාල, මෙයාලගේ පන්සල් සූදු විතරක් නොවේ, පැකර් ලගේ කැසිනෝ සූදුත් රට පුරාම පතුරවන්න පුළුවන්.

  4. රයිගම්…..මට එක වෙලාවකට හිතෙනවා සමහර සිදුවීම් දැක්කම…. නීතිය ක්‍රියාත්මක නොවී තියෙන එක හොඳයි කියලා ක්‍රියාත්මක නීතිය යට ගහනවාට වඩා කියල. උදාහරණයක් හැටියට කොමිසම්. අසාධාරණයට පත්වෙච්ච කෙනා කොමිසම ඉදිරියටත් යනවා. ඒවාත් යට ගහනවා. වින්දිතයා තව බලාපොරොත්තු රාශියක් එක්ක තව පාරක් අසරණ වෙනවා.

    • ලංකාවේ තීරණාත්මක සන්ධිස්ථානයක් සෙප්පඩ කොමිසන් දමා නාඩගම් නැටුවේ චන්ද්‍රිකා හා මංගල බාන. මේ ගොයියල තමයි මචං අද යහ පාලනය ගැන කතා කරන්නේ. ඔය මංගල ගොයියා මන්ත්‍රී උනෙත්, අම්මලාගේ කඳුළු මතින්. එහෙව් හරක් දැන් යහපාලනයක් ගැන කතා කරනවා. මේ සෙප්පඩ කොමිසන් ඉදිරියේ සාක්කි දුන්න මිනිසුන්ගේ හා ගැහැණුන්ගේ ජිවිත, මිනී මරුවන්ට විවුර්ත වුනා විතරයි.

      මෙහෙ මචං මේ ළමා අපචාර වලට එරෙහිව සෑහෙන දුරක් ඇවිත් තියනවා. මේ කොමිසමෙන් එය ඉදිරියට යාවි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s