මගේ චන්ද ලකුණ ලිප! ඔබගේ චන්දය ලිපට දාන්න!!


කුණු බිත්තරයක් කඩන්න කලින් දන්නා මිනිහට කියන්න පුළුවන්. මේ වගේ තමා අප දකින පොත් පත්, බ්ලොග් සටහන්, සිනමා පට, චිත්‍ර කතා හා සමහර මිනිසුන් ගැන අපේ මැනීම. මෙවැනි කුසලතාවයන් ජීවිතය ගත කරන්න, කරන්න වර්ධනය වෙනවා. ඒත් දේශපාලකයෙක් තේරුම් ගන්න එක, එහෙම වර්ධනය කරන්න පුළුවන් කුසලතාවයක් ද?

විවිධ දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධ නොවන, අප වැනි බහුතර පිරිසක් කරන්නේ, මැතිවරණයක් දවසට ගිහින් කතිරය ගහන එක. වැඩේ තියෙන්නේ, එහෙම චාන්ස් එකක් තියෙන්නෙත්, සමහර රටවල් වල පමණයි. මෙහෙම චාන්ස් එකක් නැති රටක ඉපදුනොත් ජලා හුටා තමයි. කැරලි ගැහුවත්, එයින් ප්‍රයෝජන ගන්නේ අහක ඉන්න ගිජු ලිහිණියන්.

මතකද අර ළමා කතාව. හාව ගලක් සමග (අප්‍රාණික) සෙල්ලම් කරමින් ඉන්න කොට, හාවව කන්න පොටක් පාදාගන්න එතනට ආපු නරිය, ඔය ගල මගේ කියුව කතාව. එදා නම් උඹේ ගල නම් උඹම තියා ගනින්, කියුවහම නරියා ලජ්ජා වෙලා යන්න ගියා. හැබැයි අද ඉන්න නරියන්, එහෙම නැහැ. තමන්ගේ ගල කියල පිළිගන්නේ නැතිව, බොරුවට උඹගේ නම් ගනින්  කියුව එක නිසා මානුෂික අයිතිවාසිකම් කඩ වුනා කියල, හාවව කොහොම හරි කනවා.

කොහොම හරි, චන්දය දෙන්න පුළුවන් රටක හිටියත්, ඒ දෙන හැමෝම කිසියම් අවබෝධයකින් හෝ අරමුණකින් එය පාවිච්චි කරනවාද කියන ප්‍රශ්නය, ඊජිප්තුව වැනි ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කරන්න දඟලන රටවලටත්, ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදයක් ස්තාපිත නොවුන රටකත්,  ඕස්ට්‍රේලියාව වැනි ප්‍රජාතන්ත්‍රවාදය කාලයක් මුළුල්ලේ ක්‍රියාත්මක වන රටවලටත් තියන පොදු ප්‍රශ්නයක්.

ඊයේ අප තුන් දෙනෙක්, ඉන්දියන් එවුන් දෙන්නෙකුයි මායි පුතාලගේ පුහුණු පන්තියක් අතරතුරේ චන්දය ගැන කතා කළා. ඉන් එකෙක් හැමෝටම වෛර කරන අයෙක්. ඔහුගේ අදහස නම්, හිටපු අගමැතිව හිරේ අරින්න ඕනේ, ආර්ථිකය කෑවා කියල, දැන් පත්වුණ එක්කෙනාත් (කලින් විපක්ෂ නායක) හොඳ නැහැ, ඔහුගේ භාණ්ඩාගාරික ඇමති වෙන්න ඉන්න කෙනාට තදින් වෛර කරනවා, හරිත පක්ෂය කියන්නේ අපායට අරින්න ඕනේ එකක්. එතකොට මේ හාදයට චන්දය දෙන්න ඉතුරු වන්නේ තමන් විතරයි.

පසුගිය කලාපයක ටයිම් සඟරාව ලියල තිබුනේ ඊජිප්තුවේ ඉන්නේ ලෝකයේ හොඳම උද්ඝෝෂකයන් වුවත්, නරකම ප්‍රජාතන්ත්‍රවාදින් කියල. මෙය ඊජිප්තුවට පමණක් අදාළ කරුණක් නොවේ. ඊජිප්තුවේ ජනාධිපතිවරණයෙන් දිනුව, ඇමෙරිකාවේ ඉංජිනේරු ආචාර්ය උපාධියක් තියන මොහමඩ් මෝෂි ගැන මා ලියුවේ, ඔහු මේ යන විදිහට නම් වැඩේ දෙල් වෙන්න ඉඩ තියනවා කියල. ඒ මිට මාස කීපයකට පෙර. දැන් වෙලා තියන දේ අප දන්නවනේ.

ඊයේ තිබුන ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ප්‍රතිඵල වලින් එකක් තමා, මා කලින් සටහනක් ලියපු අර ගණිකා මඩම් වල (වෘත්තීය සමිති මුදල් වලින්) කරක් ගැහුවය කියන චෝදනා තියන හාදය ගත්ත චන්ද ප්‍රතිශතය 4% ක් පමණයි. කම්කරු පක්ෂයෙන් අයින් කරපු නිසා,  මෙවර ඔහු ඉල්ලුවේ ස්වාධින අපේක්ෂකයෙකු හැටියට.

මේ වගේ අයියලට දිගින් දිගටම චන්දය දෙමින්, වැඩිම මනාප වලින් පත් කර ගන්න රටවල් තියනවා.

(08.09.13)

16 Comments

Filed under Politics

16 responses to “මගේ චන්ද ලකුණ ලිප! ඔබගේ චන්දය ලිපට දාන්න!!

  1. අග ඉඳන් මුලට , මුල ඉඳන් අගට 6 පාරක් විතර කියව්වා.. එම්ම්ම් හ්ම්ම්ම්ම් … එන්නෙම නැහැ කියන්න දෙයක්… 😦

    පෝස්ට් එකේ වරදක් කිව්වා නෙවේ …

  2. Kenji @ Japan

    ඕස්තේ රේලියාවෙ ෆෝර් පසන්ට් එහෙම උන්ට දුන්නාට…
    සී ලංකාවේ එහෙම….වෙන්නෙ..නැහැ…
    දෙන්නෙම මෙහෙ එවුන්ට හන්රොඩ් පොසොන් තමා….

  3. මට නං තාම බැරිවුණා දිනන අස්සයෙක් අල්ලන්න!

  4. මේ අපි ඉන්න රටෙත් ජනාධිපතිවරණයක් තියලා ජනාධිපතිකෙනෙක් ‍තෝරාගන්න බැරුව මේ තව එකක් තියන්න ඉන්නේ.

    ඉතිං මචං ඕකමනේ කොහෙත් වෙන්නේ.

  5. ඔන්න ඕවට තමයි සහන් සම්භාවනීය පොස්ට් කියන්නේ! 😀

  6. තමන්ගේ වාසියට කොයි පැත්තට පැන්නත් (එවැනි අය ගන්න එක වෙනම කතාවක් කියමුකෝ!) ලැබෙන මනාප ගණන වැඩි වෙනවා මිසක් අඩු නොවීම පුදුම දෙයක් කෙන්ජි. ඒ වගේම රජ පවුලක් ගැන කියුවත්, පවුලේ ගොඩක් දෙනා මහජනතාව විසින් පත් කරපු අය.

  7. පාර මෙල්බර්න් කප් එකේදී වත් ට්‍රයි කරන්න කකා!

  8. අපේ නම් මචං, අවසාන චන්ද ප්‍රතිපලය ඊයේ දුන්නා.මැතිවරණ දිනට සති දෙකකට පසුව. වැඩි චන්ද විසි හයකින් හෝ හතකින් ක්ලයිව් පාර්මර් කියන ප්‍රකෝටිපතියා දිනපු කොට්ටාශය තමයි ඒ. මෙහි ප්‍රතිපල නැවත ගනිනවා. මොකද නිතිය අනුව දිනන චන්ද ප්‍රමාණය 100 ට අඩු නම්, නැවත ගැනීම ඉල්ලීමක් නැතුවම කෙරිය යුත්තක්.

    චන්දෙ දවසට පසුවදා ගහපු චන්ද බෝඩ් සියල්ල පක්ෂ හා අපේක්ෂකයන් විසින් ගලවා ගෙනිහුන් තිබුනා. චන්දය තිබුනේ සෙනසුරාදාවක. මිනීමැරුම් ගණන 0. දේපොළ හානි වීම් 0. රජයේ වාහන චන්ද වැඩට යොදා ගැනීම් 0. රජයේ සේවකයන් ආණ්ඩු පක්ෂයේ ප්‍රචාරක වැඩ කිරීම් 0.

    සමාන කම් ගැන කියනවා නම් ඒත් ලැයිස්තුවක් ලියන්න පුළුවන්, එතකොට පොස්ටෙක වගේම මේ කොමෙන්ටුවත් තේරෙන්නේ නැතිව යනවා මචං! 🙂

  9. ඊයා…………………….. එහෙම මිනිස්සුන්ට නොමිනේසොන් දෙනවද ඔය වගේ රටවල.. ඒක තමයි ඔහේ මිනිස්සු බෝට්ටුවල නැගලා මෙහේ එන්නේ…

    අපේ නම් ඉන්ටවීව් තියලා ගන්නේ, පන් සිල් රකින සැදැහැවත් උපාසක උපාසිකාවන් ඉතරයි. ඒ බව මහා නා හිමිවරුත් අනිවාර්යයෙන් සහතික කළ යුතුමයි.. ඊට පස්සෙ තමයි නොමිනේසොන් දෙන්නේ… පිරිත් නූල් 500 ක් වත් අඩුම ගානේ අතේ තියෙන්නම ඕනා.. නැත්නම් පෝරමේ දෙන්නෙත් නෑ..

    පෝරමේ දැක්කේ නැත්නම් මෙතනින් බලන්න..

    http://bassigenawathana.blogspot.com/2013/09/blog-post_8580.html

  10. // ඊජිප්තුවේ ඉන්නේ ලෝකයේ හොඳම උද්ඝෝෂකයන් වුවත්, නරකම ප්‍රජාතන්ත්‍රවාදින් කියල//

    මේක නම් ඇත්ත කතාව…නරකම ප්‍රජාතන්ත්‍රවාදීන් හන්දා තමයි හොඳම උද්ඝෝෂකයන් බිහිවෙන්නේ… 🙂

    මාතෘකාව දැක්කාම හිතට ආවේ ගෑස් ලිපකට ඕක දන්නේ කොහොමද කියලානේ. 😀

  11. ඉකේයියා මාතලන්, එහෙම කියන්න එපා. මෙයාට තාම චෝදනා විතරයි. උසාවියක ඔප්පු කරලා, වරද කරු කරලා නැහැ.

  12. ඊජිප්තුවේ කතාව හැමටම යමක් මතක් කරනවා ප්‍රවීනා. ඇමෙරිකාවේ මැදිහත්වීම් යටතේ වුනත්, අනෙක් රටවල් වගේ ලේ හැලිමකින් තොරව ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මාරු වෙන්න අවස්තාව ලැබුනත්, ඉන්පසු සිදුවුන දේවල් වලට ඇමෙරිකාවට බනින්න බැහැ. මෙය අධිරාජ්‍යවාදී මැදිහත් වීම, ගැන කියමින් ජනතා ධනය යටි මඩි ගහන පප්පලට වඩා, එයට විරුද්ධයි කියා චන්දය ඉල්ලන අනෙක් කාණ්ඩ වල අවධානය ලක්වෙන්න ඕනේ කරුණක්. වඩා ප්‍රමුඛතාවය වන්න ඕනේ, කුමක්ද කියන එක. හැමගේම වුවමනාව ප්‍රජාතන්ත්‍රවාදය නම්, එතන කල්ලි ගොඩක් තියෙන්න විදිහක් නැහැ. මොකද එහෙම ක්‍රමයක් පිහිටුවා ගන්නේ නැතිව, අනෙක් මොනම දෙයක් වත් කරන්න බැහැ.

    ගෑස් ලිපට දාන්න පුළුවන්, ටිකක් අමාරු විදුලි ලිපට දාන එක. 😀

  13. DINANA ASSAYO ALLANNE KOHEDA MUKA POOTTU WELANE

  14. පොඩ්ඩිගේ අදහසත් එක්ක තමයි මටත් යමක් කියන්න තියෙන්නේ. නරකම ප්‍ර ලා ඉන්න තැන හොඳම උ ලා බිහිවෙන එක පොදු සමාජ දේශපාලන තත්වයක් නෙමේ. හොඳම උදා අපෙන්. මේ සඳහා මාධ්‍ය ලොකු මෙහෙවරක් කරනවා කියලා මට හිතෙනවා. අරාබිකරයේ රටවල් ගත්තාම ගල්ෆ් පැත්තට ගියොත් නරකම ප්‍ර තියෙන්නේ එහේ. කෝ හොඳම උ ලා? සිම්බාබ්වේ, උගන්ඩා, ද.අප්‍රිකා වගේ උදා ගොඩයි. මාධ්‍ය හා එහි ක්‍රියාකාරකම් තම්යි වඩාත් හොඳ උද්ඝෝශණ වල අඩිතාලම මට පේන්නේ.

  15. මචං ප්‍රා කාරයන් නම් cup ගහපු තැනක් තමා ලංකාව. ඔය තවමත් ඉන්නේ නොයෙක් තැන් වල. අනේද කියන්නේ!

  16. Reblogged this on raigamahandiya and commented:

    මගේ කාල යාත්‍රා වැඩ සටහනට රසිකොලොගිස්ට් නැත්නම් අපේ රසික දාපු කොමෙන්ටුවක් මගින් මට පොඩි ප්‍රමෝෂන් එකක් දීල තිබුණා. මට හොඳ ලිට්‍රෙචර් රිවිව් එකක් කරන්න මේ වෙලාවේ සම්පත් නැහැ. නමුත් පන්ති බෙදීම ගැන කියන විට Petite bourgeoisie (http://en.wikipedia.org/wiki/Petite_bourgeoisie ; සමාවෙන්න විකිපීඩියා පහසුවට පාවිච්චි කරනවා. නරකම නැහැ) කියන්නේ ඩිස්ටින්ක්ට් සමාජ පංතියක්. එම පන්තියට නම් මා වැටෙන්නේ නැහැ. ඇත්තටම මා අයිති වෙන්නේ කම්කරු පන්තියට (proletariat). මොකද මා ශ්‍රමය (කායික හෝ මානසික) ට වැඩ කරලා/ශ්‍රමය විකුණලා, එයට ලැබෙන වේතනයකින් ජිවත් වන කෙනෙක්.