ජිවිතයට හොඳටම ඇති මේ වගේ ඇත්නම්!*


අද අප ඉන්න පලාතට පාසල් නිවාඩු කාලය පටන් ගත්තා. මේ සති අන්තය දවස් තුනක්. ඔන්න ඕක තමයි මෙහෙ තියන හොඳේ. සියලුම රජයේ නිවාඩු, පාසල් නිවාඩු කාල වලට රිංගවා තිබෙනවා. ඒ විතරක් නොවේ, ලබන සතියෙත් සති අන්තය දවස් තුනක්. ජැක් පොට් වගේ තමා.

අද මා ගෙදර එන කොට කඩයක් හරහා ආවේ. කඩය කඩාගෙන නොවේ. ගොඩ වැදිලා. වෙනදා නොදකින සෙනගක් හිටියා. හෙට ඒඑෆ්එල් අවසාන තරඟය. වැඩ කරන තැන ෆුටි ටිෆින් වල එකම තෑග්ග පළමු වැනියට විතරයි. සහභාගී වන සියලුම දෙනා සික්ස් පැක් එක ගානේ දෙන්න ඕනේ. බියර් බීල කාටද හරි ගියේ. මා එතරම් උනන්දුවෙන් ටිෆින් කළේ නැහැ.

පෙරේදා තිබුනා ලොකු පුතාගේ පේරන්ට්-ටීචර් ඉන්ටර්විව්.  එකම ගුරුවරියක් විතරයි කතා කරන්න අවශ්‍යයි කියල ලියල එවල තිබුනේ. ඇයත් නරකක් කියන්න නොවේ. මෙයා කම්මැලි කමට තමන්ගේ දක්ෂකම උපරිමයෙන්ම පෙන්වන්නේ නැති එක ගැන මට කියන්න ඇයට අවශ්‍ය වෙලා තිබුනේ. විශයය ඉංගිරිසි. පුතාගේ ලිවීම් ගැන ඇය  කියපු දේවල් මා මෙහි ලියන්නේ නැහැ.

මගේ තාත්තා මට කියුවේ, පුතේ ඔය පත්තර කාරයෙක් නම් වෙලා වැඩක් නැහැ කියා. එයින් අදහස් කරන්න ඇත්තේ පඩිය ගැන වෙන්න ඇති (මේවා මේවා නලින්ට විතරක් අදාළ නැහැ-විහිළු නලින්). තාත්තා එහෙම කියුවත්, තමන්ගේ භාෂාව ටිකක් දැන  ගන්න එක අප හැමටම ඉතා වැදගත්. මට පොඩි කාලේ (කියවන්න ආසාව තිබුන කාලේ) අද තරම් ඉංගිරිසි කියවන්න හා තේරුම් ගන්න පුළුවන් වුනා නම්, මගේ ජීවිතය මෙයට වඩා වෙනස් වෙන්න තිබුනා. එහෙම නොවුන එක ගැන මට කිසි කනගාටුවක් නැහැ. මොකද මෙයට වඩා වෙනස් වෙන්න මට ඕනේ කමක් නැහැ.

මේ ලියන්න ගත්තේ වෙන කිසි දෙයක් නිසා නොවේ, පෙරන්ට්-ටීචර් ඉන්ටර්විව් ගැන. මගේ සහකාරියට ලංකාවේ කෙනෙක් ඊයේ පෙරේද කියුවේ, අනේ ඔය සුද්දන්  කවදද ළමයින් ගැන බැලුවේ කියා. පෙරේදා සම්මුඛ සාකච්ඡා වලට වැඩියෙන්ම ඇවිත් හිටියේ සුදු දෙමාපියන්. ඒ වගේම පාසලේ වැඩ වලදීත්, වැඩියෙන්ම දායක වන්නේ ඔවුන්ම තමා. අප බලන්නේ මොනවාද ගන්නේ කියන එක විතරයි. අප මොනවාද දෙන්නේ කියල හිතන්නේ සුළු පිරිසක්.

දරුවෙකුගේ අධ්‍යාපනය පාසලට දීලා, අත පිහද ගන්න පුළුවන් දෙයක් නොවේ. ඔවුන් පැය විසි හතරේම ඉගෙන ගන්නවා. නින්දේදී පවා.

*අමිලගේ පින්තූර වගේ තමා, මෙය සටහනට අදාළ නැහැ.

Advertisements

17 Comments

Filed under Education

17 responses to “ජිවිතයට හොඳටම ඇති මේ වගේ ඇත්නම්!*

  1. ඒ වුනාට පොදුවේ ඒ ගුරුවරු ළමයින්ගේ ඉගෙනුම ගැන පෙන්වපු ආකල්පය ගැන උඹ කිව්වා මදි.
    ඒ වගේම දෙමාපියනුත්.

    • මොකද මචං එකම දේ දෙපාරක් දාල? නැත්නම් මට පේන හැටිද?

      ඇත්තටම මචං, මා දැකපු හා හමු වුන ගුරුවරුන්, බහුතරය දරුවන්ගේ ප්‍රගතිය ගැන උනන්දු වෙනවා අවංකවම. ඒ වගේම දරුවන්ගේ දක්ෂතා හා හැකියාවන් අනුව උගන්වන්න වෙහෙසෙනවා. එය මෙහෙ අධ්‍යාපනයෙහි එක අංගයක්. මේවා ගැන දෙමාපියන් දැනගෙන ඉඳීමත් බලපාන දෙයක්. ඉඳහිට හමු වෙනවා අපත ගුරුවරුන්. එවිටත් අපට කළ හැකි දේ තියනවා.
      දෙමාපියන් ගත්තොත් හැම සමාජයක් වගේම, විවිධ කට්ටිය ඉන්නවා. බෝගන් වර්ගයේ (http://en.wikipedia.org/wiki/Bogan) අයත් ඉන්නවා.රජයේ පාසලක් නම් එය පිහිටා තියන ප්‍රදේශය ජන සංයුතියට බලපානවා. නොමැරී හිටියොත් මේවා ගැන තව ලියන්නම්. 😀

  2. ගුරුවරු හමුවන්න ළමයිගේ දෙමාපියන්ට යන්න වෙන එක අපේ කන්තෝරු වල වැඩකරන අය දකින්නෙ අනවශ්‍ය කරදරයක් විදියට..
    ඒකෙ මෙහෙ හැටි..පිනා හෝ පිනී දෙන හත් පරණ ටෝක් ටික අහගෙන ඉදලා ලමයගේ හමදාම දන්න වැරදි ටික ටීචර් ගෙන් අහලා එන එක බෝරින් වැඩක්..

    • අපට අමිල විනාඩි 7 ක් වෙන් කරලා තිබුනා. අපගේ ගුරුතුමිය එයට වඩා කාලයක් ගත්ත. ඇය අන්තිමට පුතාට කියුවේ, ඔබගේ ලිවීම්, ආනාගතයේදී කියවන්න මට පුළුවන් වේ යයි විශ්වාස කරනවා කියා.

      මෙතන අමිල පොදු දේවල් ගැන නොවේ අප කතා කලේ. මගේ දරුවාට කෙලින්ම අදාළ, ඔහුට කස්ටමයිස් දේ විතරයි.

      මෙයම ලංකාවේ කරන්න පුලුවන්ද? එය ප්‍රශ්නයක්. අපේ පන්ති වල ඉන්න ළමුන් ගාණ වැඩියි. එකක් තමා ගුරුවරයෙකුට වැය කරන්න වෙන කාලය. අනික තමා දෙමාපියන් ගේ ආකල්ප.

      මගේ ජිවිතයේ වෙනස් වුනේ හතරවන පන්තියේ මට උගන්නපු ගුරුවරියක් නිසා. ඇයගේ නම වත් (කොටු කොටු නිසා) මට මතක නැහැ. හැබැයි මට ජීවිතයේදී හමු වුන, මගේ අඩුපාඩු කම් හා දක්ෂතා හොයා ගත්ත එකම නොවුනත්, ප්‍රමුඛ කෙනෙක් තමා ඇය. එය වෙනම කතාවක්. සටහනකින් ලියන්නම් (පුළුවන් වුනොත්).

  3. Comny

    melo deyak therenne naa

  4. මෙහේ නම් දෙමාපියන් ඉස්කෝලේ යනවා.. ටීචර්ලා පිනාට කඩේ යනවා.. පිනා අජ්ජාපන ඇමතිට කඩේ යනවා..

    ළමයි පන පිටින් මුට්ටෙකුත් කරකහගෙන අපායේ.. යනවා ඉස්කෝලේ උගන්වන්නේ නැද්ද කොහෙද.. ගෙදර ආපු වෙලේ ඉඳන් පොත් වල වැඩ.. හෝම් වර්ක් ද මක්කද කියන්නේ..

    • මාතලන්, මේ වගේ ප්‍රශ්න වලට ඒකීය පුද්ගලයාට තියන විසඳුම් මොනවාද කියන කල්පනා කරන්න ඕනේ. ඇත්තටම එහෙම විසඳුම් තියනවාද ? කොහොමද ඒවා ක්‍රියාත්මක කරන්නේ?
      ඔබ කියන ඔය ක්‍රමය, මෙහෙත් ප්‍රතිස්ථාපනය කර ගැනීමට දෙමාපියන් දඟලනවා. ඉතින් ඔබට වැටහෙනවානේ.

  5. මොනවා වුනත් සුදු හම් කාරයින් බොරුව කරනවා වෙන්න බෑ සහෝදරයා..
    ලංකාවේ වැඩි හරියක් අම්මලා ඉස්කෝලේ යන්නේ ටීචර්ට එක දාගන්න මිසක් වෙන කිසිම දේකට නෙවෙයි.
    අසරණ ළමයි බොරුවට කඩේ යනවා..

    • උපතින් සුදු හම් කාරයන් විතරක් නොවේ, කළු හම සුදු කර ගත්ත අයත් අතර බොරු කාරයන් නැතුවම නොවේ සහෝදරයා. මා පන්තියේ අන්තිමයාව ඉන්න කොට, එක ගුරුතුමියක් මාව “පළමු වෙනියන්” දහ දෙනා අතරට ගෙනාවේ, එක වාරයකින්. දැන් ලංකාවේ ඇත්ත තත්වය ගැන මා ඇත්තටම දන්නේ නැහැ. ලිවීමෙන් පමණක් නවතින්නේ නැතිව, අපගේ ජිවන විලාසිතා වෙනස් කිරීම (දරුවන් ඇතිදැඩි කිරීම ඇතුළුව) කොතනින්ද අරඹන්නේ කියන ප්‍රශ්නය අප හැමටම තියනවා.

      මෙය උදාහරණයකින් කියුවොත්, මෙහෙ වාහනයක් වේගෙන් පැදලා දඩයක් ලැබුනොත්, එය ගෙදරට එන්නේ පසුව. නඩු කියනවද දඩය ගෙවනවද, නිදහසට කරුණු කියනවද තමන්ට තීරණය කරන්න පුළුවන්. ලංකාවේ සෙනසුරාද අහු වුනොත්, තමන්ගේ ලයිසොම ගන්නවා. ආපසු සඳුදා අනුරාධපුරේ යන්න ඕනේ ලයිසොම ගන්න. පගාවක් දීල ලයිසොම බේරා ගෙන එන එකට වඩා විසඳුමක් සමහර විට නැහැ. ඉතින් පොලොසියට අහු නොවෙන්න කියා පඬුරු බඳින එක නරකම නැහැ.

  6. රයිගම් මෙන්න මේවා තමයි නියම බ්ලොග් සටහන් කියන්නේ..ඉහත ඔබ ලැබූ අද්දැකීම වැනි දේවල් අනිත් අය අතර බෙදාගන්නයි බ්ලොගින් සංකල්පය බිහි උනේ.. වෙබ් අඩවියක් තරම් විශයානුබද්ධ නොවූත් , FB පිටුවක් තරම් සැහැල්ලු නොවූත් දේවල් සටහන් කරන්න තමයි බ්ලොගින් තියෙන්නේ…

    හොඳ ” බ්ලොග් ” සටහනක් රය්ගම්…

  7. අපි ජීවත් වෙන ලංකාවේ නම් ඕක කොහොමවත් හදන්න බෑ..
    පොලිස් කාරයෝ කියන්නේ ජරාවේ උපත. කවුරුත් බලාගෙන ඉන්නේ උන්ට අරින්නම තමයි. රටේ නීතිය බල්ලට ගිහින් දැන් ගොඩාක් කල් වෙනවා සහෝදරයා..මේකට රටේ ලොකුම බලවතාගේ කළ කිරියාව මූලිකවම බලපානවා.
    හොරු දුසිම් ගනන් වටකරගෙන දුප්පත් මනුස්සයාගේ රීරි මාංශය හූරගෙන කන මේ වගේ හොරු රැලක් අතරේ අපිට ප්‍රජා සංවර්ධනය කරන්න අමාරුයි.
    කොටින්ම කියනවනම් මේකේ ඉවරෙකුත් නෑ. මොකද අපේ ලංකාවේ ඉන්න බත් කන හරක්ට මේක කොහෙත්ම තේරෙන්නේ නෑ..මන්දා ඒ ඇයි කියලා..
    අපි කොච්චර බැන්නත් කරත්, ඡන්දයක් තියපු දවසට දිනන්නෙත් ඒ හොරු ටිකම තමයි. එච්චරටම අපේ ඡන්ද දායකයෝ නුවණත්..
    සහෝදරයා කියන ඔය Aussie සම්ප්‍රදාය මෙහේ කොරන්න තිබ්බා, කොන්ද පන තියෙන ජෙනරාල් ලංකාවේ ජනාධිපති කරා නම්..අන්න එදාට අපි අපේ offspring එකට ජීවත් වෙන්න හොඳ රටක් තියෙයි කියල හිතලා එකට කිරි බත් කැල්ලක් කන්න තිබ්බා.
    ආයුබෝවන් !

    • ඔබ ඔය කියන ප්‍රශ්න වලට පිළිතුරු මා ළඟ නැහැ. එයට පිළිතුරු හොයන පිරිසක් ඔබ වටා පිටාවෙහිම ඇති. කොපමණ බැන්නත් දිනන්නේ හොරුය කියන එකේ ලොකු කතාවක් තියනවා.අපට එදිනෙදා ජිවිතයේ හමුවන, පෝලිම් පනින, බස් කොන්දොස්තරට බය, පන්සල් ගියත් “පින්” නොකරන, දෙමාපියන්ට වැන්දත් ආදරය නොකරන, උපාධි තිබුනත්, කිසි දෙයක් ඉගෙන නොගත්ත, පවුල් කන්න පුළුවන් වුවත්, යහපත් පවුල් ජිවිතයක් ගත කරන්න බැරි, මේ අප අතර ඉන්න සාමාන්‍ය මිනිසා තමයි අප වෙනස් කරන්න උත්සහ කරන්න ඕනෙත්, වෙනස් කළ යුත්තේත්. එය ඔබ ලෝකයේ කොහේ ජිවත් වුනත්, සනාතන ප්‍රශ්නයක්.

  8. ගුරු ,සිසු,දෙමව්පියන් අතර වාර්ශික හමුව ඉතා වැදගත් දිනයක් හැටියට තමයි මෙහේ පාසල් කැලැන්ඩරයේ මාක් වෙන්නේ. දෙමව්පියන් මෙය මගහරින්නේ නැහැ. නාගරික පලාත්වල තත්වය මම දන්නේ නැහැ. කොතරම් රාජකාරී මැද වුවත් මව හෝ පියා සහභාගි වෙනවාමයි. එක් එක් විශය සඳහා එක් එක් ගුරුවරු විනාඩි 10-15 බැගින් එක් එක් සිසුවාට වෙන් කරන අතර,ඔබට අවශ්‍යනම් තව කාලය ලබාගත හැක. ඔබ දරුවන්ගේ අධ්‍යාපණ හැසිරීම සම්බන්ධව අවදියෙන් සිටින්නෙක් නම් මෙම කාලය ප්‍රමානවත්ය.වැල් වටාරම් කතා කිරීමට අවශ්‍ය නොවන්නේ ගුරුවරුන් මේ අවස්තාවට සම්බන්ධවෙන සිසුවා ගැන මනා අවබෝධයකින් සන්නද්ධව පැමිනෙන නිසාය.වැඩේ ඉවරවූ පසු කැමතිනම් තේ එකක්,බිස්කට් එකක් කා පිටව යා හැක.වෙලා නැත්නම් එහෙම්ම මාරු විය හැක. විදුහල්පති පම්පෝරි, ආධාර අඳෝණා,ටීචර්ලාට ගොටු ඇල්ලීම් සඳහා කාලයක් වෙන්කර නැත. අපිටත් හොඳ ආදර්ශයකි.

    • මේ ක්‍රමයම නොවුනත්, අපගේ ගුරුවරුන් අතරත් මෙවැනි අදහස් තියන අය හිටියා මචං. එයාල අද ඉන්නවද? මා දන්නේ නැහැ!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s