මට තව මතකයි මගේ මුල් ගීතයේ තනුව කියා දුන්නා!


දැනට සති කිහිපයකට කලින් අමිල ලියා තිබුන ස්ටෑන්ඩ් ඇන්ඩ් ඩිලිවර් කියන “කුණු” ඇමෙරිකානු සිනමා පටය ගැන. අමිල කියන්න හදපු දෙය කිසි කෙනෙක් තේරුම් ගත්තද කියන එක සැකයක් එයට දමල තිබුන ප්‍රතිචාර මගින් ඇති කරනවා. ගුරුවරුන් කියන පිරිස් අපගේ ජිවිතයට කරන බල පෑම තේරුම් යන්නේ ජිවිතයේ පසු කාලයේදී. එකම භෞතික හා සමාජමය තත්ව යටතේදී වුවත්,  ශිෂ්‍යයෙකුට මහා වෙනසක් කිරීමේ හැකියාවක් ගුරුවරයෙක් සතුයි. අර සිනමා පටයත් කියන්නේ ඒ ගැනයි.

මගේ අන්තිම ගුරුවරුන් අතර කිහිප දෙනෙක් ඉන්නවා. එයින් ප්‍රධානම කෙනා චීන ජාතිකයෙක්. ඔහු මට නිතරම කියුව දෙයක් මගේ හිතේ නිතර දෝංකාර දෙනවා . වෙන මොකවත් නොවේ, උඹ, උඹේ ඉලක්කය 150% කට වගේ ටාර්ගට් කලොත්, අඩුම ගානේ 100% වත් ලඟා වෙන්න උඹට පුළුවන් වේවි කියන එක.

මගේ පාසල් දිවියේ මුල වසර කීපයේ පන්තියේ වැඩ වලදී මා දැක්වූ අසමත්භාවය පිලිබඳ  සාක්ෂි තවමත් අපේ ලංකාවේ ගෙදර ඇති . එයට හේතු අද මට තේරුම් ගන්න පුළුවන් වුනත්, එදා බැරි වුනා. ඔහොම කල් යන කොට මා හතර වන පන්තියේ ඉන්න කොට ලැබුනා අරුම ගුරුතුමියක්. ඇයගේ නමවත් මට මතක නැහැ. හැබැයි ඇයගේ  පන්තියේදී මා අන්තිමයාගේ ඉඳලා පළමු දහ දෙනා අතරට ආවා. එම දහ දෙනා අතර හිටිය එකම පිරිමි ශිෂ්‍යයා මායි. එයම පන්තියේ තරම කියා පානවා.  ඒ ගුරුතුමිය ප්‍රවීනතාවයක් නොදැක්වූ, එකම විශයෙන් මා තවදුරටත්  අඩු ලකුණු  නොගත්තා නම්, මගේ කෑලි වත්   හොයන්න අර ගැහැණු ළමයින්ට  නොහැකි වෙනවා.

එයින් වසරකට පසුව මගේ පාසලත් වෙනස් වුනා. එහිදී මට වුන දෙය ගැන කලින් ලියා තියනවා. අද මේ සියල්ල දෙස මා බලන්නේ උපේක්ෂා සහගතව. මොකද කියනවා නම්, මා විශ්වාස කරන්නේ නැහැ මෙයට වඩා හොඳ ජිවිතයක් මට කොයි තත්ත්ව යටතේවත් ලැබේවි කියා. එයට මුලික අඩිතාලම දැමුවේ, අර ගුරුතුමියයි.  ඔවුන්ට පුළුවන් මග පෙන්වීමක් කරන්න විතරයි.

Advertisements

11 Comments

Filed under Education, Lifestyle

11 responses to “මට තව මතකයි මගේ මුල් ගීතයේ තනුව කියා දුන්නා!

  1. kathandarakaraya

    මං හිතුවේ කලින් ලියූ කොටසේ දී ඒ ගුරුවරිය ගේ නම අමතක එදා කොටු කොටු නිසා කියලයි.

    අදත් අමතක අදත් කොටු කොටු ද?

    මගේ හතරේ පන්තියේ ටීචර් ගේ නම මැ.පෙ. රූපසිංහ. එහි මැ.පෙ. යනු මැගිලින් පෙරේරා කියායි මා හිතා ඉන්නේ. සමහර විට ඒ දවස්වල අපේ තාත්තා කියූ දෙයක් විය හැකියි.

    රයිගම, එපමණ වැදගත් අයෙකුගේ නම කෙසේ හෝ හොය ගන්න බලන්න. පන්තියේ, ගමේ කාට හෝ මතක ඇති.

  2. kathandarakaraya

    මටත් කෙදිනක හෝ අමතක වෙන්නට ඉඩ ඇති නිසා මෙතන ලියා දාන්නම්.

    1. ප්‍රඤ්ඤාවතී
    2. සීලවතී
    3. හේමවතී
    4. මැ.පෙ. රූපසිංහ
    5. බමුණුසිංහ
    6, 7, සහ 8. ජේ. ඒ. කුලරත්න
    9. ඒ. පී. පෙරේරා
    10. පේලී මුහන්දිරම්
    11. වෛද්‍යනාථ
    12. ඇන්ටිමනී

    මළා! මටත් දොළහේ පන්තියේ පන්තිබාර ගුරුවරිය ගේ නම අමතකයි වගේ. නික් නේම් එකයි මතකයට ආවේ! මං හිතන්නේ ලියනගේ විය යුතුයි.

  3. පුදුමයි රයිගම් මටත් තාමත් මතකයි ගුරුවරුන්ගේ නම්… පෝලිමට මතක් උනා.. ජීවිතේට අමතක නොවෙන උපදෙසක් දීපු කෙනෙක් ගැන නම් මතකයක් නැහැ වගේ…

    අම්මා දීපු උපදෙසක් නම් මතක් වෙනවා ” හදවත අතට දීලා කතා කරන මිනිස්සුන්ව විශ්වාස කරන්න එපා පුතා ” කියල ..

  4. ඇත්ත රයිගම්. ගුරුවරයෙකුට පුලුවන් ළමයෙකුගේ ජීවිතේ දෙවිදියටම වෙනස් කරන්න.

    ඒ වගේම ඇතැම්විට ගුරුවරුම තමයි ළමයින්ගේ ස්වභාවික ඉගෙනීමේ ක්‍රියාවලියට බාධා කරන්නෙත්.

  5. කොටු කොටු නම් තමයි. නමුත් කොහොමත් නම අමතකයි. මේ පාර ගියහම හොයා ගන්න උත්සහ කරන ඕනේ. ඔබගේ මතකයේ තීක්ෂණ බව ගැන කිසිම තර්කයක් නැහැ. අපේ පොඩි පන්ති වල හිටිය දෙන්නෙක් විතරයි මා තවමත් දන්නේ. ඔවුන්ද දශකයකට වඩා වැඩි කාලයකින් හමු වෙලා නැහැ.

  6. හොඳ ශිෂ්‍යයන් එහෙම තමා සහන්. මතකය හොඳයි. මට මතක නම් දයා රාජ පක්ෂකගේ කුණු චිත්‍ර කතාවක තිබුණු මේ දෙබස් ඛණ්ඩය; “මල්ලි, මූණේ ලේ කඳුලක් නැති මිනිස්සුන්ගේ තමා, පපුවේ ලේ පොදක් හරි තියෙන්නේ!” හනේ! හනේ!! පොඩි පන්ති වල චිත්‍රකතා බලපුවා නම් මතකයි.

  7. මෙන්න මේ ස්භාවික ඉගෙනීමේ ක්‍රියාවලියට බාධා කරන ගුරුවරුන්, ටියුෂන් හා දෙමාපියන් විසින් තමා ලොකුම බලපෑම කරන්නේ මචං!

  8. ඔන්න ඔබ නිසා මගේ ගුරුවරුන් ගැනත් මතකය අලුත් කර ගත්තා.
    ගුරුවිද්‍යාල අනුබද්ධ කණිටු විදුහල මීරිගම
    1 රණතුංග ගුරු මාතාව සහ ඥානවතී ගුරු මාතාව (දෙදෙනාම මිය ගොස් ඇත)
    2 වෙදමුල්ල ගුරු මාතාව හා බියගම ගුරු මාතාව (දෙදෙනාම මිය ගොස් ඇත)
    3 දිසානායක ගුරු මාතාව( මියගොස් ඇත)
    4 මදුරප්පෙරුම ගුරු මාතාව
    5 ජයසූරිය ගුරු මාතාව හා සිරිල් සේනාධීර ගුරු පියානන්

    නාලන්දා විදුහල
    6 දිසානායක ගුරු මාතාව
    7 වික්‍රම සෙනවිරත්න ගුරු පියානන්
    8 නාවින්නේ සුගුනධම්හ හිමියන්
    9 නිලවීර ගුරු පියානන්
    10 ලොකු විතාන ගුරු පියානන්
    11-12 ඕ සී විතානගේ ගුරු මාතාව
    කටුක මෙන්ම මිහිරි වූ අතීතයකට මා සිතින් ගියා මේ මොහොතේ…..

  9. Kenji @ Japan

    අපේ කාලේ ගුරු පියවරුන්/මෑණියන් වරුන් ගැන මෙහෙම සතුටින් මතක් කරද්දී,
    දැන් ලංකාවෙ ඒ දෙපිරිස දරුවන්ට/අම්මලට (තත්තලා ටීචර්ස් ලා එක්ක කොරන දේවල් කිසිම තැනක සදහනක් නැත)කොරන දේවල් දැකල ඒ දරුවො මොනව ලියයි ද මන්ද අපේ වයස එද්දී …?

  10. නලින්, ඔබගේ මතකය විශිෂ්ටයි!

  11. කෙන්ජි, කාලයන් අතර වෙනස හැමදාම සාපේක්ෂයි. අප නොදන්නා නමුත්, එවැනි ගුරුවරුන් අදත් ඇති! හෙටත් ඉඳීවි!