ජීවන පුරුදු! Yes, it happens all the time!!


මධ්‍යධරණී ආහාර රටාව ගැන ඕනේ තරම් අධ්‍යයනයන් කරලත් තියනවා වගේම ලියවිලත් තියනවා. එහි එක සංඝටකයක් විතරයි මට නම් නිතර සිහියට එන්නේ. ඔන්න ඕක තමයි කියන්නේ, අප තෝරා ගන්නේ වාසි කෑලි විතරයි.

ජීවන විලාසිතාවේ තේරීම් වලින් හොඳ ඒවා හා නරක ඒවා අතර දෝලනයක් තමා අප ජීවිතය පුරා කරන්නේ. පුරුදු වලින් මිදෙන එක කියන්න හරි ලෙහෙසි වුනත්, කරන්න එතරම් ලෙහෙසි නැහැ. කකා කොන්ද ගැන ලියුවහම මට මතක් වුනේ, අපේ වැඩ කරන තැනක හිටපු මනුස්සයෙක්. දීර්ග කාලීන පුරුද්දක ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ කොන්ද ගහල ගිය නිසා, විවිධ ප්‍රතිකාර වලට ඔහුගේ සේවායතනයේ රක්ෂනයෙන්ම ලැබුනා. අවසානයේ ඔහුට ව්‍යායාම් වැඩ සටහනකටත් මුදල් ගෙවා යොමු කළා. නමුත් එහි යාම ඔහු දිනෙන් දින කල් දැම්මේ විවිධ හේතු කියමින්. මොකද ඒ ගැන ඔහුගේ මනාපයක් තිබුනේ නැහැ.

මේ වගේ අපට හුරු නැති දෙයකට යොමු වෙන එක හරිම අසීරු දෙයක්. ඒ වගේම පුරුදු වෙලා තියන දෙයකින් ඈත් වීමත් එයටත් වඩා අසීරුයි. ඊයේ රූපවාහිනියේ වාර්තා වැඩ සටහනක ගියේ, ආසාදනයක් නිසා ජීවිතය බේරා ගැනීමට අත්  දෙක හා කකුල් දෙකම ඉවත් කරපු මිනිසෙකුගේ කතාව. ඔහුගෙන් ඇහුවහම මොනවාද “මිසින්” වෙන්නේ කියා, ඇඳේ නිදා ගන්න කොට අනික් පැත්තට හැරීම, නැත්නම් නහයේ සොටු සූරන එක වගේ දේවල් කියුවා. ඔහුගේ බිරිඳ කියුවේ, කලින් වගේ අත් දෙක අල්ලන් කතා කරන එක නැතිවීම තමයි වැඩියම දැනෙන්නේ කියා.

ඒ වැඩ සටහනේ කියවුවේ, ඒ මිනිසා, බිරිඳ හා ඔවුනගේ ළමුන් මේ අලුත් තත්වයට හැඩ ගැසෙන හැටි. අතපය නැති වුනත්, ඔහු තාමත් ජිවත් වීම ගැන තමා ඔවුන් වැඩියෙන් කතා කළේ. කොහොම වුනත් එය ඉතාම අමාරු තත්වයක්.

අපට එදිනෙදා එයට වඩා ලෙහෙසි අවස්ථා වලදීත් අලුතින් දේවල් වලට පුරුදු වන එකත්, තියන පුරුදු වලින් මිදෙන එකත් කලින් කියුවා වගේම අමාරුයි. මාත් ජිවන විලාසිතාවේ මෙවැනි නරක යයි හඳුනා ගත් පුරුදු කිහිපයකින් මිදුනා වගේම, අලුතින් හොඳ යයි සැලකෙන දේවල් වලට හුරු වුනා පසුගිය කාලය මුළුල්ලේ.

රෑ එකට තව ටික වෙලාවක් තිබුනට, එක නරක පුරුද්දක් තමා, අනවශ්‍ය ලෙස මහ රෑ වෙනකම් කල්  මැරීම. මෙයට තිත තියන්න මා හැමදාම උත්සහ කලත් තවම බැරි වුනා. හෙට නිවාඩු නැහැ.

Advertisements

14 Comments

Filed under Lifestyle

14 responses to “ජීවන පුරුදු! Yes, it happens all the time!!

  1. \\\\ ඔහුගේ බිරිඳ කියුවේ, කලින් වගේ අත් දෙක අල්ලන් කතා කරන එක නැතිවීම තමයි වැඩියම දැනෙන්නේ කියා.\\\\

    මේකත් හරි සංවේදී දෙයක් රයිගම්..බිරිඳ ඉන් අදහස් කරන්න ඇත්තේ පෙර අතීතය ගෙවුණ හැටි වෙන්න ඇති.. අවුරුදු ගාණක් දෑත දෙපය එක්ක හිටපු කෙනෙක්ව නිකම්ම නිකම් කඳ කෑල්ලකින් දකින බිරිඳට මොන තරම් වේදනාවක් ඇති වෙනවා ඇත්ද රයිගම්… මේවා මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ.. තමන්ගේ කෙනෙක්ට වෙලා බලන්න ඕනේ…

    • මම මෙන්න මෙතන කියන්න හදපු දේ දැන් හරි කියන්න ඕනේ රයිගම්.. බොහෝ අද්දැකීම් තියෙනවා එවැනි දේවල් ගැන .. ඔලුව පිරිලා ඒවගෙන්.. සෑහෙන ආයාසයකින්
      ඉන්නේ … .. ජීවත් වෙනවට ජීවත් වීමක් හා සමානයි.මේවා නිකන් කතා නෙවේ .. ඔලුව පිරිලා ඒවගෙන්.. සැහැල්ලුවක් ගැන නම් කීමෙන් වළකින්න…

    • ඔව් සහන් ඇය ටිකක් පිලොසොෆිකල් උත්තරයක් දුන්නේ. එහි කැටි වෙලා තියෙන්නේ, අප එදිනෙදා ජිවිතයේ ෆෝර් ග්රාන්ටඩ් ගන්න ඉතා කුඩා දේවල් වලත් තියන වැදගත්කම, දැනේනේ ඒවා නැති වුනහම. නහය කසා ගන්න එක, නැත්නම් ඇඳේ අනික් පැත්ත හැරෙන එක වගේ දේවල් ගැන අප නිකමටවත් හිතනවද?

      මේවා මෙහෙම කියුවට තේරෙන්නේ නැහැ. මා එකඟයි. මේ තාත්තා අතපය නැතුව හරි ගෙදර ආවා. ලංකාවේ තවත් තාත්තලා ගෙදරින් ගියා ගියාමයි. අද වෙන තුරු මොකද වුනේ කියල වත් දන්නේ නැති දරුවන්, බිරින්දා වරුන් ඉන්නවා.
      මේ බිරිඳ තමා සැමියාගේ අතපය අයින් කරන එක ගැන තීරණය අරන් තිබුනේ. මොකද ඔහු ඒ වන විට සිහිසුන්ව ඉස්පිරිතාලේ. ඇය කියුවේ, දරුවන්ගේ ලොකුමහත් වීම දකින්න, ඔවුන් සමග ජීවිතය බෙදා ගන්න, ඔහුගේ ජීවිතය රැක ගන්න තිබුන එකම බලාපොරෝත්තුව නිසා එම තීරණය ගත්තා කියලයි.

      එතැනදී ඔහුගේ සහෝදරියන් දෙන්නා කියුව කතාවත් හරි වැදගත්. ඔවුන් කීවේ, ඒ තීරණය ගන්න ඔවුන් උදව් කළා වුනත්, එය ගැනීමේ සම්පුර්ණ අයිතිය අර බිරිඳට පැවරුවා කියලා. මේවා පවුල් වල වැඩවලදී අනවශ්‍ය විදිහට, බලහත් කාර කම් කරන්නට බලන්න වටින දේවල්.

  2. මගේ කමෙන්ට් එකක් ස්පෑම් වෙලා වගෙයි රයිගම් ..

    • ඔය තියෙන්නේ සහන්, අනවශ්‍ය ප්‍රචාර වලට ඉබේම වැට බැඳෙනවා. 😀

  3. Kenji @ Japan

    මගෙ නම් හුගක් වෙනස් කම් ඇති වුනා විවාහයෙන් පස්සෙ.
    දුම්බීම නම් පුතා ලබුනයින්(2002)පසුව නවත්වල දැම්ම.
    හදිසියෙවත් අර තිතට වැඩේට කට්ටියක් එක්ක සෙට් නොවුනොත් රාත්‍රී 11 ට පෙර නිදාගන්නම ඕන.
    පාන්දර නැගිටින එක පාසල් යන කාලේ ඉදන්ම පුරුද්දක්.
    අදටත් පාන්දර 4 වෙද්දී ඉබේම ඇහැරෙනව.
    >>ඔහුගේ බිරිඳ කියුවේ, කලින් වගේ අත් දෙක අල්ලන් කතා කරන එක නැතිවීම තමයි වැඩියම දැනෙන්නේ කියා.<<
    මේ ටික මට හිතට තදින් දැනුන.

    • ඔව් ඉතින්, වෙනත් මිනිසුන් දාගෙන වැඩ ගන්න කට්ටියට නම්, උදේ හතරට නොවේ, තුනට නැගිට්ටත් ප්‍රශ්නයක් නැහැ. 😀 අර ප්‍රේමදාස ජනාධිපති වගේ, බ්ලොග් ටික කියවල, දවල් නිදා ගන්නවා නේද කෙන්ජි? ඔහොම නම් කාට කරන්න බැරිද? හෙලිකොප්ටර් එකෙන් ගොටුකොල සම්බෝලය ගෙන්න ගන්නේ නැත්ද කෙන්ජි?
      රෑ 11 කියන්නේ වෙලාවක් ද? තිත තියා කොමා වක් වත් තියන්නපුලුවන්ද ඔතරම් වේලාසනින්?
      එය සංවේදී වැඩ සටහනක්. හැබැයි කෙන්ජි අමතක කරන්න එපා, ලංකාවේ මිනිසුන් දහස් ගණනක් තවමත් ආගිය අතක් නැහැ.

  4. kathandarakaraya

    අවංකවම කියනවා නම් මං ඔය වගේ දුක්බර වැඩසටහන් තවදුරටත් බලන්නේ නෑ.

    • මා නම් දැන් රූපවාහිණිය බලන්නේ අඩුවෙන්. නමුත් මේවා බලනවා. මා සහන්ට ලියුවා වගේ කකා, වැඩට ගිය තාත්ත, තාමත් එනතුරු බලා ඉන්න දරුවෙක් හා සසඳන විට, රෝද පුටුවේ ඉඳන්, කෘතීම අතකින් දරුවන් හා ක්‍රිකට් සෙල්ලම් කරන ඒ තාත්තා හා දරුවන් වාසනා වන්තයි කියා මා හිතුවේ.

  5. kathandarakaraya

    /* රෑ එකට තව ටික වෙලාවක් තිබුනට, එක නරක පුරුද්දක් තමා, අනවශ්‍ය ලෙස මහ රෑ වෙනකම් කල් මැරීම. */

    ඇයි ඉතිං ඔය සින්දුව අහ අහ නිදිමරන්නේ?
    ජීවන පුරුදු?

    • ඕව කකා, ජිවන පුරුදු. හිතලා නැති කර ගන්න උත්සහ කලත්, ආයිත් පරණ තැනටම යනවා.

  6. මධ්‍යධරනී කිව්වම මට මතක් වෙන්නේ ඔලිව් ඔයිල් ඔක්කොටම ඉස්සෙල්ලා. ඇයි හරි නම් පීට්සත් එහෙම වෙන්න ඕනේ නේද?

    මමත් නරක පුරුදු වලින් මිදෙන්න වගේම හොඳ පුරුදු පවත්වාගෙන යන්නත් උත්සාහ කරනවා. නමුත් ග්‍රීන් ටී බොන එක නම් සෑහෙන අමාරු වැඩක් බං. අනික ඇඟට හොඳයි කියලා තමන් විතරක් කන කෑම (කරවිල වගේ) කරගෙන යන්න අමාරුයි.

    අපිට තියෙන දේවල් වල අගය ඔය වගේ වැඩ සටහනක් දැක්කම මතක් වෙලා, වේගයෙන් යන්න පුලුවන් පාරක් හම්බ වුනාම අමතක වෙනවා බං.

    • ඩූඩ්….ඔලිව් ඔයිල් වලින් තොර කෑමක් නැති තරම් Mediterranean cookingවල. ඒ වගේම තමයි Fresh cheese( Haloumi/Feta etc.),fresh veg & herbs.

      Pizza සාමන්‍යයෙන් Cookery විෂයේදී Italian speciality එකක් ලෙස හඳුන්වනවා මිස Mediterranen Cuisine කොටසට ඇතුලත් කරන්නේ නැහැ. Italian cuisine වෙනම්ම හඳුන්වන්න ඔවුන් කැමතියි.

      මම කෑම සමග අත්හදාබැලීම් කරන්න කැමතියි. ගෙදර අය කරවිල කන්න අකැමති නිසා මම කරවිල හදන්නේ Red meat වර්ග සමග (සිංහල ක්‍රමයට ).එතකොට මස් සමග කරවිලවල තියෙන තිත්ත රස මික්ස් වෙලා බැලන්ස් ටේස්ට් එකක් එනවා.Lamb වලට වඩා Beef වලට වඩා සුදුසුයි. තුනපහ පරිස්සමින් දාන්න.ට්‍රයි කරන්න. අපේ ගෙදර අය දැන් කරවිල කනවා.

      රයිගම් සමාවෙයන් කුකරි ක්ලාස් එකක් කලාට මෙතැන.

      • අරූ, උඹට ඕනෙම ක්ලාස් එකක් කරපං. ප්‍රශ්නයක් නැහැ.

        මා නම් කරවිල වලින් බයිට් පවා හදනවා. එතකොට නිකම් අරක්කු බිවුවත් තරල සාර වගේ, ඇඟට ගුණයි. හරක් මස් කනවා කියල කවුරුවත් කතන්දර කියන්නෙත් නැහැ.

        මචං හෙන්රි, ඔය ඔලිව් ඔයිල් විතරක් නොවේ, මාධ්‍ය ධරණී කෑම වේලේ තියන අනෙකුත් සංඝටක සියල්ලම කලවම් වෙන්න ඕනේ. ප්‍රධාන ටික මේවයි. පලතුරු, එළවලු, මාශ බෝග වල ඇට හා මාළුන් (අනේ කරදිය එවුන් විතරයි). ඊට අමතරව කියන ඉතාම වැදගත් කරුණ moderate drinking (1-2 std. drinks per day). මේ මා කියන දේවල් නොවේ.

        හැබැයි ඉතිං නද වෙන්න කසිප්පු ගහල නම්, mortality rate අඩු කර ගන්න බැහැ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s