බඹා කෙටූ හැටි! (දින සටහන්)


ඔය මොනවා ලියුවත්, කියුවත් ඇති සුගතියක් නැහැ, තමන්ගේ පෞද්ගලික ජීවිතය අවුල් නම්. ලොකු පුතාගේ කාමරය නම්, හරිම අවුලක්. හැමදාම කියුවහම හදනවා. ටික දිනකින් ආයිත් පරණ තත්ත්වයට යනවා. අපට  ඔය වගේ කාමර  කුඩා කාලේ තිබුනේ නැහැ. ඒත් මොන ක්‍රමයකින් හරි අවුලක් නැතුව ජිවත් වෙන්න ඉගෙන ගත්තා.

පසුගිය සති දෙකේම, කලින් ලියුවා වගේ දින තුනක සති අන්ත ලැබුනා. පුරුද්දට හෙටත් නිවාඩු දාල එය තව සති අන්තයකින් වැඩි කර ගත්තා. මා පසුගිය දිනවල දේශ සිමා වැඩි දියුණු කළා, මිදුලේ ජලා පවාහන පද්ධතියට අලුතින් කොටසක් එකතු කෙරුවා, විදුලි සංදේශ සමාගම සමග වඩාත් හිතකර(එයාලට නොවේ, අපට) ගිවිසුමක් සඳහා එකඟත්වයක් ඇති කර ගන්න තොරතුරු හෙවුවා, එමෙන්ම බලශක්තියට වැයවන මිළ අවුරුදු පතා ඉහල යාමට එරෙහිව, ගන්න පුළුවන් හොඳම යයි කිව හැකි විසඳුමක් කරා යොමු වුනා. ඒ ගැන ඇත්තටම ලියන්න ඕනේ. මොකද කියනවා නම්, මාත් තීරණයක් ගන්න කලින්, ඉංගිරිසියෙන් ලියවිලා තිබුන බ්ලොග් හා වෙනත් අයගේ අදහස් බැලුවා. අන්තර් ජාලයේ එක ප්‍රයෝජනයක් තමා මෙවැනි දේවල්. අද එයට වෙලාව නොවේ.

මා නම් යමක් දැන  ගන්න වුවමනා වුවහම කරන්නේ, ඒ ගැන යමක් හදාරපු, පර්යේෂණය කරපු කට්ටිය කියන්නේ මොනවාද කියා සොයා බැලීමයි. ලෙඩකට දොස්තර කෙනෙකු ගාවට යනවා මිසක්, කේන්දරේ බලන සිරිතක් මගේ නැහැ. මාත් ඇතුළුව අප හැම දෙනාටම නොයෙක් මත තියනවා. නමුත් වසර ගණනාවක් ඉගෙන ගත්තු හර්ද රෝග විශේෂඥයෙක් ගෙන් උපදෙස් පතන්නේ නැතුව, පොල් ගහලා කපාටය ඇර ගන්න හදන එක ගැන කියන්න තියෙන්නේ, බඹා කෙටූ හැටි කියල තමයි.

මිනිසාගේ ලිංගික ආකර්ෂණය, නැත්නම් ලිංගික කැමැත්ත නැත්නම් සේක්ෂුවල් ඔරියන්ටෙෂන් කියා සිංහලෙන් කියන දෙය තීරණය වන්නේ මොන සාධක මතද කියන එක ගැන අප හැමටම මතවාද තියෙන්න පුළුවන්. ඒවා මතවාද විතරයි.

කලින් කෙරුණ අධ්‍යයන වලට අනුව, මිනිසාගේ ලිංගික ආකර්ෂණයට බලපාන කරුණු හැටියට කුඩා කාලයේ අනාවරණය වුනු පරිසරය හා අත්දැකීම් හා ජානමය උරුමයත්  එකසේ බලපාන බව කියවුනා. නමුත් එන්න එන්නම, මේ පරිසර බලපෑම කියන එක ප්‍රධාන කරුණක් නොවන වග තමා කියවෙන්නේ.

ඒ කියන්නේ මිනිසාගේ ලිංගික ඔරියන්ටෙෂන් කියන එක ප්‍රධාන වශයෙන් තීරණය කරන්නේ, ජානමය බලපෑම කියල හෙළිවෙමින් පවතිනවා. මේ ගැන මා කියවපු දේවල් වලට දිගුවල් නොදාන්නේ, කවදාවත් ඒවා කියවන්න කිසි කෙනෙකු නොවෙහෙසෙන නිසා.

හොඳම වැඩේ කියන්නේ, මා මෙයට කාලයකට පෙර කොමෙන්ටුවක සඳහන් කළ පරිදි, ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේවගැති වරයා පවා පිලි ගත්තා ලිංගික ආකර්ෂණය ජිවන විලාසිතාවේ තේරීමක් නොවේ කියා. එහෙම තියෙත්දී, අප තාම තර්ක කරනවා ලිංගික ආකර්ෂණ පරිසරයේ බලපෑම මත, අපට බලෙන් පැටවෙන දෙයක් කියා.

ලිංගික කතා පැත්තක තියමු. මතකනේ, ගොළු හදවතේ සුගත් අහිමි පෙමක් නිසා බේබද්දෙකු වුන හැටි. සමාජයේ කට්ටියක් මෙහෙම බේබදු වන්නත්, තවත් පිරිසක් බිමට හෝ වෙනත් (මත්) ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමට හෝ නොවීමට හේතුව, සැමදා විවාදයට බඳුන් වුන දෙයක්. මොකද මෙයට හේතුව?

බේබදු කමට හෝ (මත්) ද්‍රව්‍ය අපහරණයට ප්‍රවේණි දායකත්වයක් තියන බවට හැමදා අදහස් තිබුනා. ගිය සතියේ ඇමෙරිකානු පර්යේෂකයන් පිරිසක් විසින් මියන්ගේ බීමට යොමු කරවන  ජානය හඳුනා ගනු ලැබුවා යයි ප්‍රකාශයට පත් කළා. එයින් අදහස් වන්නේ මියන්ගේ බිමට කැමති හා බිම ගණන් නොගන්නා කාණ්ඩ දෙක ඇත්තටම තීරණය වන්නේ, ඔවුනගේ ජාන මගින්. ඒ ජාන අතරින් ඇත්තටම බලපාන ජානය සොයා ගත්ත එක තමා අලුත්ම ප්‍රවුර්තිය වුනේ. මෙය බේබදුකම හා (මත්) ද්‍රව්‍ය අපයෝජනය කරන්නවුන් සඳහා ප්‍රතිකාර කිරීමේදී විශාල ප්‍රයෝජනයක් වනු ඇති. හැබැයි මිනිසාගේ එවැනි ජාන (ඇත්තටම තිබේ නම්) හඳුනා ගැනීමට තව කල් යාවි.

සමහර මිනිසුන් පිළිකා හා වෙනත් ලෙඩ රෝග වලට වඩාත් නැඹුරුවක් දක්වන්නේ, ජානමය බලපෑම නිසා කියන එක එන්න එන්නම පැහැදිලි වන කාරණයක්. මේවට ප්‍රතිකාරත් ඒ අනුවම හඳුනා ගන්න පුළුවන් වේවි අනාගතයේ. ඔර්ටිස්ම් වැනි තත්ත්වයක්  ඇතිවන්නේ කරුමය නිසා නොවේ, ස්වභාවිකව සිදුවිය හැකි ජානමය ප්‍රශ්නයක් කියා තේරුම් ගැනීම, එවැනි දරුවෙකුට සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට මං පාදා ගැනීමේ පළමු පියවරයි.

සුගත්ට දම්මිගේ ආදරය හිමි වුනත්, වෙනත් මොකක් හෝ උත්තේජයක් ඔහුගේ “බේබදු ජානය” උද්දීපනය කිරීමට පුලුවන්.

Advertisements

25 Comments

Filed under Opinion

25 responses to “බඹා කෙටූ හැටි! (දින සටහන්)

  1. kathandarakaraya

    බෙබේ ජාන කේස් කෙසේ වෙතත්
    A man takes a drink
    The drink takes a drink
    The drnik takes the man
    යන කියමන නම් සත්‍යයැයි බොහෝ විට තේරී ඇත.

    • නැහැ කකා, substance abuse කියන එක සරලව තේරුම් ගන්න අමාරුයි. සමහරවිට ඒ මිනිසුන්ම දන්නවා අනුන්ට කෙසේ වෙතත් තමන්ට හොඳ නැති වග. නමුත් මිදෙන්න බැහැ. ඒ අතරේම සමාජයේ ඉන්නවා එහෙම ඇබ්බැහි වීම් වලින් මිදෙන්න හෝ ඇබ්බැහිවීම් වලට කිසිසේත්ම නොයන කට්ටිය. මේ වෙනසට හේතුව තමා මා හිතන්නේ, දිගින් දිගටම හොයන්නේ. මියන්ගේ ජානය සොයා ගැනීම මගීන්, එහෙම සම්බන්ධතාවයක් මිනිසුන්ගේත් තියනවද කියන එක හොයා ගන්න එක අනාගතයට අයිති කරුණක්.

  2. හිරු

    ඒ කියන්නෙ ඉතිං දම්මි සුගත්ව අතෑරලා දාපු එකත් එක අතකට ‌හොඳයි… නැත්තං බේබද්දෙක්ගේ බිරිඳක් වෙලා විඳවනවට අමතරව සමාජීය කට කතා වලිනුත් දුක් විඳින්න වෙනවා…. හ්ම්ම්….

    • මේක යකාගේ කතාවක් හිරු…මගේ යකා අවුස්සගන්න එපා මෙතන…

      • ඕව ලියල මිනිසුන්ගේ යකා අවුස්සන්න එපා හිරු! 🙂
        මේ නවකතාවක චරිත දෙකක් හා මගේ උපකල්පනයක් විතරයි (කොහොමත් දම්මිගේ සිරාවට ලවක් තිබුනේ නැහැනේ. එතන අතහැරලා දැමීමක් නැහැ). හැබැයි සැබෑ ජිවිතයේ මෙවැනි චරිත අප දන්නවා. ලංකාවේ ගැහැණුන් වැඩිපුර සුරා හා වෙනත් ද්‍රව්‍ය පානය/පාවිච්චි කරන්නේ නැති නිසා ඔබ කියන කතාව හරි. හැබැයි එය දෙපැත්තටම යන්න පුළුවන්.

        (සහන්ට නම් ලියන්න දෙයක් මට නැහැ)

        • මේක මේ වෙන ප්‍රශ්නයක් රයිගම්…

          @ හිරු

          කෝ යෝධියේ මගේ ෆෑන් එක..දැන් දවස් කීයක් වෙනවද ඒක දීලා ..?

  3. මට බොන්නත් පුළුවන් , ගෑණු පස්සේ යන්නත් පුළුවන් , ඕනේ දෙයක් කරන්නත් පුළුවන්..ඒත් මම එහෙම කරන්නේ නැහැ.. මට එවැනි දේවල් වලින් සතුටක් නැහැ… හැබැයි කන පැලෙන්න බීලා කාණු පල්ලක වැටිලා නිදාගන්න එක සැපයි කියලා හිතෙනවා මේ ගෑණුන්ගේ කතා ඇහුවම…

    • මොනාද මේ කතා සහන්? හිරුකියල නැහැනේ ඔබට අකමැති දේවල් කරන්න? ඒ හැරත් කව්රු කියුවත් නැතත් තීරණ ගන්නේ ඔබමනේ!

      • මේක මේ රයිගම් හිතනවා වගේ පුරුෂ ආධිපත්‍ය සහ කාන්තා විමුක්තිය අතර ඝට්ඨනයක් නෙවේ.. මේක මේ ෆෑන් එකක් පිළිබඳ ප්‍රශ්නයක් … ෆෑන් එකක් කිව්වේ ටේබල් ෆෑන් එකක්…

        • මා ඇත්තටම හිතුවේ ඔබ විහිළු කරනවා කියල. මෙතන වෙන ප්‍රශ්නයකුත් තියනවද?

  4. ඔන්න පිරිමින්ට නිදහසට හොඳ කාරණයක් තියෙනවා. බීවත්, ගෑනු පස්සේ ගියත් ඉතින් ජානවල වැරැද්ද කීව හැකි. 😀

    • එය ජාන වල වැරැද්ද නොවේ. එය තමා ජාන මගින් සන්නිවේදනය කරන්නේ. 😀

      දැන් මා කියන්නේ ප්‍රවීනා, ගැහැනුන් පසුපස යන ගැහැනුන්, පිරිමින් පසුපස යන පිරිමින් හා මේ කිසිවෙකු පසු පස නොයන විරාගී කට්ටිය මෙලොව හැදෙන්නේ කොහොමද කියන එක ගැන.

      මේ සටහන ලියුවේ ප්‍රවීනා, ලබන මාසයේ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටෝරි ආණ්ඩුව සම්මත කරන්නට නියමිත විවාහ නීතියේ වෙනස්කම් ඉවත් කිරීමේ පනත නිසා. අද උදේ ඔබගේ කොමෙන්ටුව කියවන විට අගමැති ඇබට් රූපවාහිණියේ කියුවේ, එවැනි නීතියක් සම්මත කලොත්, එය ඉවත් කර ගැනීමට උසාවි යනවා කියා.

      අප ලස්සනයි කියන පිරිස් එහෙම ලස්සන වෙලා තියෙන්නේ, අනෙක් ලිංගික පාර්ශවයේ ආකර්ෂණය ලබා ගැනීමට. ගැහැනුන් හා පිරිමින් දෙගොල්ලොම. එහෙම ආකර්ෂණයක් නැත්නම් වර්ගයා බෝ වෙන්නේ නැහැනේ. ජාන මගින් සන්නිවේදනය වන්නේ මෙම කරුණයි. එයට ඉගෙනුම් අවශ්‍ය නැහැ. මිනිසාට ඉගෙනුම් අවශ්‍ය සිතිවිලි පාලනයටයි.

      රිකී මාටින් වැනි කෙනෙක් ළඳුන්ට ඇලුම් නොකිරීම ඔබට විස්තර කරන්න පුළුවන් කොයි ආකාරයකටද? මෙයට උත්තර හෙවීමට තමා වෙහෙසෙන්නේ. එයට හේතුව පාරිසරික බලපෑම නොවේ කියන එකට අද එකතු කරලා තියන තොරතුරු කියනවා.

  5. Kenji @ Japan

    ලෙඩ දුක් වලට බෙහෙත් ගන්නෙ නැතිව පිස්සු විකාර කරන අය එන්න එන්නම වැඩි වෙනවද මන්ද කියල හිතෙනව දැන්වීම් ගොන්න වල්දැක්කම.
    මම නම් බොන්න හිතුනොත් බොනව.නොබී ඉන්න හිතුනොත් නොබී ඉන්නව.
    ඒක අබාහි වෙච්ච බේබදු කමද මන්ද.
    අපේ හිරු ළමය නම් ඉතින් කවදත් ප්‍රබල මත් වතුර විරෝධී දැරියක් නොවැ.

    • Kenji @ Japan

      ඇබ්බැහි කියන වචනෙ අප්ෂට් වෙලා.
      බිලත් නැතිව.

    • බේබදුකම යනුවෙන් අදහස් කෙරුනේ කෙන්ජි, එදිනෙදා ජිවිතයේ සියලු කටයුතු කඩාකප්පල් කර ගනිමින්, සෞඛ්‍යය විනාශ කර ගනිමින් කරන එක දිගට උදේ හා හවස බිමයි.

  6. ජාන බේබදු කමට, ලිංගික ආකර්ශනයට විතරක් නෙවෙයි වෙනත් පුරුදු සම්බන්ධයෙනුත් අදාල ඇති මම හිතන්නේ. වර්කොහෝලික්, ඉක්මනින් කලබලවීම, නිවට ගතිය, ගිණිපුක්ගතිය, හයියෝ… තව කොච්චර තියෙනවද!

    • මචං, ප්‍රවීනා කියන්න වගේ, දැන් මේ සියල්ලෙන්ම බේරුන හැකි, ජාන පිට දමලා. 😀
      “ලුෂියෝ බලපන්කො, මේ කෙහෙල්මල් ජාන හින්ද අදත් මගේ පඩියට තට්ටු වුනානේ”

  7. ඕනෑම හොඳ හෝ නරක පුරුද්දකට ඉතා ඉක්මණින් ඇබ්බැහිවීම ජානමය හේතුවක් කියලා ඔය ගැන කියවන මගේ යාළුවෙක් කිව්වා. මටත් තියෙනවා ඔය සමහරක් නරක පුරුදුවලට ඉතා ඉක්මණින් ඇබ්බැහිවීම. හොඳ ඒවාටනම් කොහොමද දන්නේ නැහැ. ජානත් බෙදිලාද දන්නේ නැහැ ගුඩ් ඇන්ඩ් බෑඩ් කියලා.

    • මෙය නිවා දමන්ටයි හැදුවේ. මෙහෙමයි අරූ පුරුදු කියන ඒවායින් ජීවිතය ගෙන යාමට අපහසු තරම් කරදර නම් තමා ප්‍රශ්නය. අර කතාවක් තියනවනේ උදේට හිස් බඩට රණවරා කෝප්පයක් වසර හැටක් බීපු මනුස්සයට වෙච්ච දේ. අන්න ඒ වගේ තමා. 🙂

  8. නිකං

    මිනිසාගේ බේබදු ජාන ඇති කියලා හිතෙනවා රයිගම් මෙහෙම වඳුරන්ගේ නොබොන බොන ප්‍රතිශත මිනිස්සුන්ට සමානයි කියලා කියනකොට.

    • විහිළු නොවේ නිකං, එහෙම ජානයක් මීයන්ගේ පැහැදිලිව හඳුනාගෙන තියනවා. ඒ වගේම අද මෙඩිටරේණියන් කෑම ගැන දොස්තරලා/පෝෂණ වේදීන් කියන විට, මධ්‍යසාර වලට ඇබ්බැහි වීමට ප්‍රවනතාවයක් ඇති අය ගැනත් කියනවා.

      වඳුරෝ නම්, මියෝ වගේද අපේ ලඟම නෑයෝ නේ! 😀 (මේකම ඇති අපි රිලේටඩ් කියන එක ඔප්පු කරන්න).

  9. Anonymous

    Hey
    What are actions u took about raising energy bills

    • I may write about it in coming weeks (no guaranty!). Soon, about 30% of our household energy will directly come from solar radiation.

  10. Anonymous

    It is nice to hear that you tap to renewable energy source. But is it economical? I really love to hear your story on that. In Melbourne, it is not attractive like it used to be due to cut of STC and new prices for electricity.

    • Your comment needs a lengthy reply. Actually, we should write more of these “stories”. I did a bit of research about sustainability, profitability, availability, suitability of solar power. The problem is how to write a blog post.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s