මම්ම නෝ! පප්ප නෝ!! ආප්ප කන්න තුට්ටු නෝ!!!


දැනට කලකට පෙර අප මෙල්බර්න් නගරයේ එක ලී බඩු වෙළඳ සලක් වෙත ගියේ, ගෙදරට ලියන මේසයක් ගන්න. අලුත විවුර්ත කරලා තිබුන කඩේට පළමුවෙන්ම ගොඩ වුනේ විශේෂ හේතුවකුත් නිසයි. මෙය ලාංකික ව්‍යාපාරක කොටසක්. ඇත්තටම ව්‍යාපාරක් මෙතරම් දියුණු කිරීමට සෑහෙන දක්ෂතාවයක් තියෙන්න ඕනේ.

බඩු වල තත්වය නරකම නැහැ. ගාණේ හැටියට කොහොමත් හොඳයි. අප ගැලපෙන මේසයක් තෝරාගෙන කවුන්ටරයට ගියා. ඔන්න මේසයේ ගාණයි, ප්‍රවාහනය කරනවට දෙන ගාණයි එකතු කළා. එයට අමතරව, එයාලගේ කට්ටිය ගෙදරට ඇවිත් මේසය හයි (එකලස්) කරලා දෙනවට තව ගානක් ගෙවන්න ඕනේ. මා කියුව ඔයාලගේ කට්ටිය නැතුවට මට පුළුවන් ඕක අටලවා ගන්න, ඒ ගාණ අයින් කරන්න කියා. ඒක කරන්න පුළුවන්, හැබැයි පුතෝ එතකොට වගකීම් සහතිකය නැතුව යනවා. ඒ කියන්නේ, ඔවුන් විශ්වාස කරන්නේ නැහැ, මගේ ඉන්ටලේක්චුවල් ඇබිලිටි එක, දුන්න උපදෙස් කියවල මේසයක් හදා ගන්න තරම් මට්ටමක තියනවා කියා.

අර හාව නරියාට කියුව වගේ, උඹේ මේසේ උඹම තියා ගනින් කියා, මාත් බිරිඳත් වෙනත් කඩයකින් මේසයක් ගත්තා. ඇත්තටම ඒක වඩා හොඳ තේරීමක්. ඒක නොවේ ප්‍රශ්නය, පාරිභෝගිකයෙකු වශයෙන්, මාව අවතක්සේරු කරනවට අමතරව, එම අවතක්සේරුවට ගානකුත් මටම ගෙවන්න කියපු නිසා අර පළමු කඩේට එක වෙළඳාමක් නැතිවුනා. ඔවුනට නම් එතරම් පාඩුවක් නැතිව ඇති. මට පසුව හිතුනා සමහර විට ඔවුනගේ අතීත (වෙනත් රටවල) අත්දැකීම් අනුව වෙන්න ඇති එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ කියා. එයට පෙරත්, ඉන් පසුත් අප නොයෙක් දේවල් මිලදී ගෙන තියනවා. හැබැයි ඒ කිසිම තැනකින් එවැනි යෝජනාවක් අපට කෙරිලා නැහැ.

මේ වගේ ඉතා සරල ලී බඩු විතරක් නොවේ, අද වෙළඳ පොළේ තියන නොයෙක් භාණ්ඩ එන්නේ, කුඩාවට ඔතලා, පැකට් කරලා. පාරිභෝගිකයා ගෙදර ගෙනත්, එකලස් කර ගන්න ඕනේ. එයට අවශ්‍ය උපදෙස් ටිකත්, ඔය ඇන මුරිච්චි ටිකත් ඒ සමග තියනවා. මේ වගේ දෙයක් එකලස් කරගන්න එක, එක අතකින් සරල වුනත් සමහරවිට වෙලා යන දෙයක්. හැබැයි, මේ වගේ දේවල් කරන්න බැරි දේවල් හෝ, වෙනම කට්ටිය ගෙනත් කර ගන්න ඕනේ දේවල් කියා මා සලකන්නේ නැහැ. ඕවා පොඩි දේවල් නේ.

ඔය වගේ දේවල් එකලස් කර ගන්න එක විතරක් නොවේ ඔය ඉලෙක්ට්‍රොනික උපකරණත්, වගකීම් කාලය ඉකුත් වෙලා නම්, හදා ගන්න කෙනෙකු ගාවට ගෙන යන්න කලින් අඩු ගානේ “big bang theory” වත් ඇප්ලයි කරලා බලන්න ඕනේ. මෙය විශ්වයේ සම්භවයට වඩා සරල තියරි එකක්.

හැබැයි ඉතිං හැම දේම මෙහෙම සරලයි කියන්නත් බැහැ. මා ලඟදි දැක්කා දැන් ලංකාවේ “දුප්පත්” ගැහැණු කට්ටිය මැදපෙරදිග යන නිසා උයා ගන්නවත් කෙනෙක් හොයා ගන්න නැහැ. ඔය නොදන්නා දීපංකර වල ගිහින් අපා දුක් විඳිනවට වඩා, අපේ ගෙවල් වල ඇවිත් උයල පිහල දුන්න නම්, හොඳ ගානක් හොයා ගන්න පුළුවන් කම තිබුනනේ කියා. එක වෘත්තිකයන් පිරිසක් මුහුණ පාන ප්‍රශ්න ගැන කතා කරන තැන, මේ නංගිලා කතා කරන්නේ, තමන්ට උයා ගන්න නොහැකියාව ගැන.

ලංකාවේ ගෙවල් වල බැල මෙහෙවර කරලා, ගෙවල් හදපු, දරුවන්ට උගන්නපු, ගෙදරට ලී බඩු හා විදුලි උපකරණ  ගත්තු කට්ටිය ඕනේ තරම් ඉන්න කොට මේ මෝඩ ගෑනු මොකට රට රාජ්ය වල යනවද?

ඉස්සර ලංකාවේ, නිදහස් අධ්‍යාපනය පැතිරිලා යන මුල් අවදියේ, ඔය ගම් වල හිටපු වලව් කාරයන් කියපු කතා වක් ලෙස ප්‍රචලිත “දැන් ඉතිං ගහකට යවන්න වත් එකෙක් නැතුව යනවා” කියන එක මේ 2013 නෙත් මහා වෙනසක් වෙලා නැහැ. එයට එක ප්‍රධාන හේතුවක් තමා ජිවත් වෙන්න අවශ්‍ය කුසලතා නැති වීම. අනෙක තමා වැඩක් තනිවම කර ගැනීම අවනම්බුවක් කියා සිතීම. ඒකයි අර ලීබඩු මුදලාලිත් මට මේසයක් එකලස්  ගන්න තරම් හැකියාවක් නැතිය කියා කලින්ම තීරණය කෙරුවේ.

Advertisements

35 Comments

Filed under Lifestyle, Opinion, Social

35 responses to “මම්ම නෝ! පප්ප නෝ!! ආප්ප කන්න තුට්ටු නෝ!!!

  1. //// එක වෘත්තිකයන් පිරිසක් මුහුණ පාන ප්‍රශ්න ගැන කතා කරන තැන, මේ නංගිලා කතා කරන්නේ, තමන්ට උයා ගන්න නොහැකියාව ගැන.////

    මචං……හරියටම හරි. මේක නම් හරිම අවාසනාවන්ත තත්වයක් තමයි. මට මෙහෙදිත් ඇහිලා තියෙනවා ඔය කතාව.ලංකාවට නිවාඩුවට ගිහින් ආපු අපේ ගෑණු කෙනෙක් කියනවා හදිසියකට ටොයිලට් බාත් රූම් හෝදගන්න කෙනෙක් නැහැලු සල්ලි දීලාවත්. මම දන්න මේ ගෑණිගේ මිනිහාත් එතන හිටියා.ඌත් ඔළුව වනනවා. මට යකා නැග්ගා. මම කිව්වා උඹේ වයිෆ්ව ලංකාවේ තියලා ආවානම් හොඳ ගානක් හොයාගන්න පුළුවන්නේ කියලා. මචං මේ ගැණිත් මේ රටේ කරන්නේ හවුස්කීපින්ග් ජොබ් එකක්. ඩුබායි ගිය ගෑණුන්ට බනිනවා මෙහෙත් ඒකම කරකර.

    බිග්බැන්ග් තියරිය සමහරවිට හරියනවා. මම අඳුරන එකෙක් හිටියා ….උගේ ඇඟිල්ලක් වගෙ රිදෙන්න ගත්තම්ම ඌ ඒක ටිකක් හයියෙන් බිත්තියේ ගහනවා….එතකොට හරි යනවාලු. දෙකක් දාගත්තාම තමයි එහෙම කරන්නේ.

    • කියලා වැඩක් නෑ අරූ. මම දන්න එවුන් ඉන්නවා ලංකාවට ගිහින් ඉන්නේ පිඟානක් කෝප්පයක් හෝදලා නැති එවුන් ගාණට. ඒ විතරක් නම් කමක් නෑ මට ඇහෙන්නම ඔය ආ ඉතින් මෙයා නම් ඉතින් උයලා කන්න දක්ශයිනේ අපි වගෙයැ කිය කිය ලොකු කතා.

      • මචං, මේ රටවල් වල ඇවිත් අනුන්ගේ වැඩත් කරලා හම්බු කරන ගමන්, ලෝකේ නැති බොරු සෝබන මවා පාන්න යන එක අපගේ ජන්ම ගතියක්. මේ හැමෝම කොළඹ ඉපදිලා, අතට පයට වැඩ කාරයන් තියාගෙන හිටපු කට්ටිය. වැඩක් නොදැනීම, ලැජ්ජාවට කරුණක්ම නොවේ. හැබැයි වැඩක් නොදැනීම කට පත්ත අදින්න කාරනාවක් නම් නොවේ. අප හැමදා ඉගෙන ගන්නවා.
        ඔය ලංකාවේ ඉඳන්, ගෙවල් වල ආව තේව කරගෙන ඉන්න කියන කට්ටිය, කියන්න බලන්න, එයාලට කියක් ගෙවන්න පුලුවන්ද කියා? අනේ මචං මේවා කාට කියන්නද? දැන් වැඩේ මේ අසරණ මිනිසුන් ජීවිතය පරදුවට තියල යන්නේ, නිකම් නොමැරී ඉන්න එදා වේල සොයා ගන්න නොවේ. තමන්ට කියා ගෙයක් හදා ගන්න, පොඩි එව්වන්ට යමක් අරන් දෙන්න, නැත්නම් ගෙදරට බඩු මුට්ටුවක් ගන්න. ඔය කියන ඒවායින් කීයක්, මේ අයියලාගේ ගෙදරවල් වල වැඩ කෙරුවට දෙන ගානෙන් කරන්න පුලුවන්ද?

        බිග් බැන්ග්‍ තියරිය හරි යන්නේ, පරණ ඉලෙක්ට්‍රොනික බඩු වල දූවිලි බැඳීම හා ඝට්ටනය නිසා ඇතිවන සමහර ලූස් කනෙක්ෂන් නැවත යතා තත්වයට පත් වීමෙනුයි. ගොඩක් වෙලාවට හරි යනවා. 😀

  2. පොල් කඩන රස්සාව අද වෙනකොටත් පහත් රැකියාවක් කියාල සලකන්නේත් ඔය කියන නිදහස් අධ්‍යාපනයේ හනමිටි අදහස් කාරයෝ ටිකම නේද?

    • අපට ගහක් කපා ගන්න උනොත්, ගෙවන්න වෙන ගාණ වගේ නොවේ, කෙනෙක් වේලාවට හොයා ගන්නත් හරි අමාරුයි (පර්මිට් ගන්න එකට අමතරව). එහෙම කට්ටිය එන්නේ අර පොරව අරන්, කඹ වළල්ල කරේ දාගෙන නොවේ. පොල් කඩන මිනිහාට ලැබෙන ගාණ තවත් ඉහල ගිය දවසක, එයාටත් ඔය වගේ තැනක් ඒවි අමිල! 🙂

      • මට සතුටුයි එයාලට දැන් ඒ තත්වය ගොඩක්දුරට ලැබීලා . පොල් කඩන කෙනෙක් ඉන්නවා එයාව අල්ලා ගන්න කෝල් කරලා දිනයක් ඉල්ලගන්න ඕන

        • එහෙම වුනත් ලක්මාල්, වෘත්තියක් ලෙස එය තවම එදා වගේ මයි නේද. අපේ ගස් කපන අයත්, වඩුවන් වගේ අයත්, ඔවුන් අය කරන මුදල පමණක් නොවේ, ඔවුනගේ ශිල්පිය දැනුම, වැඩ කරන විදිහ හා යොදා ගන්නා තාක්ෂනය කියන සේරම දියුණු වෙලා. පොල් කඩන අය හොයා ගන්න අඩු, ඇත්තටම ඒ වෘත්තිකයන් අඩු නිසා නේද?

  3. අරුන්ගේ කෙටි කාලීන අරමුණ නිසා, දිගු කාලීන අරමුණට බාදා ඇතිවෙන බව තේරෙන්නේ නැති හැටි. ඔහොම සරළ ව්‍යාපාර ඥානයක්වත් නැති උන් තමයි දැන් හුඟක් ඉන්නේ. මම ඔය බිස්නස් එක කලානම් කරන්නේ, ඔය ප්‍රවාහණයට ‍ෆික්ස්ඩ් රේට් එකක් සහ එකලස් කිරීමට ‍ෆික්ස්ඩ් රේට් එකක් හදලා ඒක භාණ්ඩේ මිලට ඇතුලත් කරලාම තියනවා. ඊට පස්සෙ ලොකූවට කියනව සවි කිරීම නොමිලේ සහ නගර සීමාව ඇතුලත හෝ කිලෝමීටර් මෙච්චර ගානක් ඇතුලත ප්‍රවාහනය නොමිලේ කියලා. (හිතලා බලාපං ඇඩිලේඩි වල ෂොප් එකෙන් ගන්න එක මෙල්බර්න් හරි පර්ත් වලට හරි ප්‍රවාහනය කරලා දෙන්න කියලා ඉල්ලුවොත් හෙම? :D)

    මට කියන්නම ඕනෙ කම තිබ්බේ මචං. මම ඔය හයි කිරීමට මාර ආසයි. මම ඒකෙන් පුදුම රසයක් විඳිනවා. හරියට අර Lego සෙට් එකක් ලැබුන ලමයෙක් වගේ.

    තව දෙයක්. ලංකාවේ තියෙනවා දම්රෝ කියලා ගෘහභාණ්ඩ හදන සමාගමක්. මම මෑතක්දි ගත්තා බඩු වගයක්. එකක් කොෆී ටේබල් එකක්. පොරවල් ඒක නොමිලේ ගෙදරට ගෙනත් දීලා හයි කරන්න ලෑස්ති වෙනකොට මම කිව්වා ඔය කොෆී ටේබල් එක මම හයි කර ගන්නම් කියලා. දීපු උත්තරේට මම හරි ආසයි.

    “සර්ට ඕනෙ හයි කරගන්න පුලුවන්. කිසි ප්‍රශ්ණයක් නෑ. මේ විස්තර පත්‍රිකාවේ උපදෙස් තියෙනවාඅ. බඩු ඔක්කොම මෙතන පැකට් එකේ තියෙනවා. මේ ඇලන්කී එකකුත් දීලා තියෙනවා. සර්ට ඕක පුලුවන්. වැරදිලාවත් අප්සෙට් එකක් ආවොත් මට කතාකරන්න මෙන්න නම්බර් එක. මම ඇවිත් හයි කරලා දීලා යන්නම්.”

    කොහොමද ඒ ඇටිටියුඩ් එක? මාරයි නේ?

    • Kenji @ Japan

      ඔන්න ඕක තමයි විය යුත්තේ හෙන්රි.

    • තිසර

      හෙන්රි, ඔය මේස, පොත් රාක්ක, බයිසිකල්, එකලස් කරන එක මගෙත් ප්‍රියතම දෙයක්. උඹ පොඩි කාලේ සෙල්ලං කරලා තියනවද, අර “විස්ඩම්” කියන වෙලඳ ලකුණ යටතේ ආපු, අර තමන්ටම එක එක ජාති හදාගන්න පුළුවන් විදිහට නට්, බෝල්ට්, ඇන දාන්න හිල් තියන ප්ලාස්ටික්, යකඩ කොටස් එහෙම තිබ්බ සෙට් එක එක්ක…

      රයිගම්ගේ විස්තරයට අනුව, මට හිතුණේ මේ රයිගම් කියන්නේ මෙල්බර්න් නුවර දම්රෝ එක ගැනද දන්නෙ නැහැ කියලා….

      • Welcome to the club, Thisara. Birds of a feather…
        උඹ ඔය කියන ජාතිය (විස්ඩම්ද කියලා නම් කියන්න බෑ) මගේ පොඩි උන්ට අරන් දීලා තියෙනවා. උන් තරම්ම මාත් ඒවායින් සෙල්ලම් කරලා තියෙනවා. 😀

      • මටත් හිතුනේ දම්රෝ එක කියලා…

    • මචං උඹ නම කියපු නිසා මාත් කියන්නම්. මේ දම්රෝ තමයි. දම්රෝ කියන්නේ ලාංකික ව්‍යාපාරිකයෙකුගේ success story එකක්. එහි කතා දෙකක් නැහැ. එකලස් කිරීමේ ගාණ අනිවාර්යයෙන්ම බඩුවේ ගානට ඇතුලත් වෙන්න ඕනේ. මේ බඩුවට අඩු මිලක් ප්‍රදර්ශනය කරන ගමන් වැඩි ගානට විකිණීමක්. මට ඒ වෙලාවේ හිතුන දෙය ඔයිට ටිකක් සමානයි.එකලස් ගාණ බඩුවට කලින්ම එකතු කරලා, එය කස්ටර්මර්ට දෙන විශේෂ සේවාවක් කෙරුවා නම් මා බඩුව ගන්න තිබුනා. හැබැයි වොරන්ටි එක මේකට ගාව ගන්න එක මට කොහොමවත් අල්ලන්නේ නැහැ.

      මෙහෙමයි මචං වැඩේ, කඩ තියෙන්නේ එක නම් මට වෙන විකල්පය නැහැ. මා ලියල තියනවා වගේ මේ බඩුවක් ගත්ත පළමු හෝ අවසාන වතාව නොවේ. ඒ අඹ ගස හැර තවත් අඹ ගස් තිබේද මහ රජ?

      ඔවුන් කරන්නේ නීති විරෝධී දෙයක් වෙන්න බැහැ. ඒ වගේම මේ කොන්දේසියට යටත්ව බඩු ගන්න ඕනේ තරම් කට්ටිය ඇති.

      මට තියන ප්‍රශ්න (මේවා ඔවුන්ගෙන් අහන්න වත් මා වෙහෙසෙන්නේ නැහැ) නම්, එතකොට මාම, බඩුව ප්‍රවාහනය කර ගන්නවා නම්, ඔවුන්ට කඩේම මේසේ හදලා දෙන්න වෙනවා. එතකොට මට ලොරියක් ඕනේ ඒක ගෙන්න. ගෙදරට ගෙනත් හදන්නේ, ඔවුන්ට පහසු වෙලාවක. මා තමයි අපහසුව වින්ද ගන්න ඕනේ. අනික මේසය ඔච්චර මට සිලුටු නම්, ඒ වොරන්ටියෙන් ඇති වැඩක් තියනවාද?

      මා ඉන්පසු මේසේ ගත්තේ Harvey Norman කියන කඩයෙන්. අද ඒ මේසේත් අප ගාව නැහැ. එය අර කලින් බලපු එකට වඩා “සංකීර්ණයි”. වොරන්ටිය අවුරුදු තුනයි. එකලස් කරන්නේ කවුද, ප්‍රවාහනය කරන්නේ කවුද, තියාගෙන ඉන්නේ කවුද, මේසේ ලියන්නේ කවුද මේ මොන ප්‍රශ්නයක් වත් ඇහුවේ නැහැ.

      සාමාන්‍යයෙන් මෙහෙ ඔය වගේ බඩුවක් (ගෘහ භාණ්ඩ/ලි බඩු) ගත්තහම ෆික්ස් ගානකට නගරය (CBD area) ඇතුලත ප්‍රවාහනය කරලා දෙනවා. එකලස් කරලා අවශ්‍ය නම්, එයටත් තව නොමිනල් ගානක් ඉල්ලනවා. සමහර බඩු වලට නො වොරන්ටි. තව ඒවාට තියනවා. නමුත් එකලස් කිරීම විකුණන කට්ටියම කරන්න ඕනේ කියන කොන්දේසිය මට තවම වෙන තැනකින් අහන්න ලැබුනේ නැහැ. එහෙම තැනකින් මා බඩුවක් ගන්නෙත් නැහැ. මොකද යන්න වෙන කඩවල් තියන නිසා. 🙂

  4. //ඒ කියන්නේ, ඔවුන් විශ්වාස කරන්නේ නැහැ, මගේ ඉන්ටලේක්චුවල් ඇබිලිටි එක, දුන්න උපදෙස් කියවල මේසයක් හදා ගන්න තරම් මට්ටමක තියනවා කියා.//

    ඔය පැත්තෙන් අල්ලන්නේ නැතුව මේ පැත්තෙන් අල්ලන්න බැරිද..? 😀

    ඔවුන් වගකීම් සහතිකය දෙනවා ඇත්තේ වෙන වෙනම කොටස් වලට නොවෙයි… එකලස් කර අවසාන වුනු සම්පූර්ණ මේසයට… ඔවුන් එකලස් නොකල දේකට ඔවුන් වගකීම් සහතිකයක් දෙන්නේ කොහොමද..?
    ඒක අවතක්සේරුවක් කියලා ගැනීම රයිගම්ගේ ගැටලුවක් මිසක් ආයතනයේ ගැටලුවක් නෙමෙයි .. 🙂

    එකලස් කරගන්න ගොඩක් උපකරන වල වගකීම් සහතිකයේ පුංචියට Physical damage is not covered under this warranty කියලා සඳහන් කරනවා ඇත්තේ ඒකයි… ඒ කියන්නේ මෙතෙන්දී ලාංකික ව්‍යාපාරය වැඩියෙන් අවංක වෙන්න ගිහින් වෙන්න පුළුවන්… ඒක නොකියා අර ගාන අඩුකරලා දුන්නානම් වැරදි විදියට හයිකරලා අවුලක් වෙලා රයිගම් ගියාම ඒ මිනිස්සුන්ට කියන්න පුළුවන් මේක පිසිකල් ඩැමේජ් එකක් අපි කවර් කරන්නේ නෑ කියලා…

    අදහසක් පමණයි මම වැරදිනම් කරුණාකරලා නිවැරදි කරන්න…. 🙂

    • බීට්ල්, අදහසක් කියන්න පැකිලෙන්න එපා. ඔබගේ ප්‍රශ්නයට මා හෙන්රිට දුන්න පිලිතුරම ඇති වගේ. ඕනෙම බඩුවක් (ලී හෝ ඉලෙක්ට්‍රොනික) විකුනන්නේ, ගත්ත එක්කෙනා කඩා ගත්තොත් එයත් වගකීම් සහතිකයට ඇතුලත් කරලා නොවේ. මේවා නිකම් කියන්න වත් අවශ්‍ය දේවල් නොවේ. අප හැමෝම දන්නවා. මා කියුවනේ ඔවුන්ගේ ව්‍යාපාරය කරන විදිහට මගේ විරුද්ධත්වයක් නැහැ. මා නැවත එවැනි තැනකට යන්නේ නැති බව විතරයි මා කියුවේ. ඔවුනට රටේ නීතියට අනුකූලව තමන්ගේ ව්‍යාපාරික ප්‍රතිපත්ති හදා ගන්න පුළුවන් වගේම, මටත් “ඒකීය පාරිභෝගිකයෙකු” ලෙසට මිලදී ගන්න හෝ නොගන්න පුළුවන්.

      ඒ වෙනුවට මා මේ කතාව ලියන්නම්. පසුව මා මිලදී ගත්ත මේසයට, පුටුවක් ගත්තේ Office Works කියන වෙනත් කඩයකින්. පුටුව මාස හය හතක් යන කොට මට තේරුනා, වැඩිපුර වෙලා ඉඳගෙන යමක් ලියන්න අමාරුයි කියා. දැන් ආපසු කඩේට දීලා සල්ලි නැවත ගන්න පුළුවන් කාලය ඉකුත් වෙලා. මා නිකමට කඩේ මැනේජර්ට (කාන්තාවක්) මගේ කතාව කියුවා. ඇය කියුවේ, පුටුව ගෙනත් දෙන්න , මා ගෙවපු ගාණ නැවත දෙන්නම් කියා. මා ඒ කඩෙන්ම වඩා හොඳ යයි සිතුනු පුටුවක්, ඒ ලැබුන මුදලට තව කීයක්ද එකතු කරලා ගත්තා. ඒවගේ කඩයකට මා නැවත යන්නේ කැමැත්තෙන්. 🙂

  5. මේ පුදුම කඩයක්නේ. මාත් කෙල්ලෙක් වෙලත් ලී බඩු ගෙනත් ගෙදර ෆික්ස් කරන්න ආසයි. Ikea වගේ බඩු ගනිද්දි මම ආසම පාට් එකත් මේක.
    සමහරවිට මම දකින දෙයක් විදේශයකදි ලාංකිකයෙකුගෙන් බඩු ගන්න ගියාම පත්වෙන අපහසුතාවයන් වැඩියි, කාලෙකට කලින් මම දන්න කියන කොම්පියුටර් කඩේකින් මදර් බෝඩ් එකක් ගත්තා. කෝල් කරලත් ඒ මොඩල් එකමද කියලා අහලා වරුවක් නිවාඩු දාලත් ගිහින් ගත්තේ. කඩේට ගියාම ඒ මොඩල් එක නෙමෙයි. මිලත් වෙන තැන් වලට වඩා වැඩියි. හිමිකරුවා හිතවතෙක්ටත් වඩා ලාංකිකයෙක් හින්දා නොගෙනත් බෑ. ඒත් එදායින් අද වෙනකම් මම ලාංකිකයන්ගේ කඩවලින් බඩු ගන්නෙ නෑ. එක අතකින් ඒක ලැජ්ජා වියයුතු දෙයක්. ඒත් අපෙ අකස්ටමර් රයිට්ස් කවුද දෙන්නේ රටෙ අකමට සැලකුවාට?

    • රංගි, Ikea විතරක් නොවේ අනික් කඩ වලත් ලී බඩු එන්නේ, පෙට්ටි වල කුඩා පාර්සල ලෙස. වොරන්ටි තියන ඒවා, එකලස් කරන්නේ කවුද කියන එක කිසි තැනකින් මට අහන්න ලැබිලා නැහැ. මා දැන් මේ ලියන මේසයට අවුරුදු පහක වොරන්ටියක් ලැබුනා. එකලස් කලේ මමමයි. ඔය යසට තියෙන්නේ. මොන වොරන්ටියක් වත් ඕනේ නැහැ. ඒ ගොල්ලෝ වොරන්ටි දෙන්නෙත් ඒ නිසා මයි. මේ වගේ බඩුද අප එකලස් කරලා තියෙන්නේ?

      මම ගන්න බඩුවක් මාම එකලස් කරන්නේ, ආපසු යම් දවසක ගෙවල් මාරු කිරීමක් හෝ වෙනත් අවශ්‍ය තාවයක් නිසා අකුලන්න ඕනේ වුනොත්, එවිට එය කරන්නේ කොහොමද කියා මා දන්නා නිසා.

  6. Kenji @ Japan

    හැබැයි රයිගම මෙහෙම දෙයක් තියෙනව,
    සම හරක් අති පඩියො “මට කරගන්න හැකියි”කියල අරං ගිහිල්ල වැඩේ චොර කරගෙන භාණ්ඩය ටත් අලාභහානි කරගෙන වෙළෙන්දා වෙත පැමිණියොත් කියන අවදානම තිබෙනව නේද..?

    • කෙන්ජි ගොඩක් වෙලාවට, එහෙම අලාභ පවා මේ තරඟකාරී ලෝකයේ වෙළෙන්දන් බාර ගන්නවා. මොකද එහෙම ඒකීය අපතයන් ගොඩක් නැහැ. මේසයක් හදන්න ගිහින් කකුල් කඩා ගන්නේ කීයෙන් කී දෙනෙක්ද? ප්‍රවාහනයේදීත් අලාභානි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් සාමාන්‍ය පරිදි සලකා බලනවා.

      • 10% විතර එහෙම ඩෑමේජ් කරගන්න අය

        • ලක්මාල්, ඔබගේ ප්‍රතිචාර දෙකම කැලේ තිබිල මට අද හමු වුනේ. මෙහෙම ප්‍රතිශතයක් ලෝකේ හැම රටකටම එකයි කියා කියන්න බැහැ.

  7. හිරු

    ලී බඩු කතාව ගැන නං මටත් දෙපැත්තක් පේනව.. එක්කො මං හිතන්නෙ ඒ ආයතයේ අය ඔය රටේ ඉන්න අය ගැනත් හිතාගන ඉන්නවා ඇත්තේ ලංකාවෙ ඉන්න අයගේ හැටියටම වෙන්න ඇති… හි හි…

    ඔය ගෙවල් වල වැඩ කරන එක ගැන මට කතා කරන්නම හිතෙන්නෙ නෑ… මේ අපේ ළඟම මිනිස්සුත් සමහර වෙලාවට ඒ මිනිස්සු ගැන කතා කරන්නෙ මහ ජරා විදියට… අපේ මහත්තයගේ මාමා කෙනෙක් දවසක් කේටරින් සර්විස් එකක කෙනෙක් පෙන්නලා කියනවා “ මුන්ට මේ වගේ වැඩ හොදට පුළුවන්.. මුන් හොඳ මේ වැඩටම තමයි” කියලා… ඒ මනුස්සයා දෙමල මනුස්සයෙක්.. කේටරින් එකේ අඩුපාඩු බලන්න හිටියෙ.. ඒ මනුස්සයා හරිම ගෞරවයෙන්, පරිස්සමින් තමයි අහලින් පහලින් යද්දි වතුර වීදුරවක් වත් අරන් යන්නෙ.. වැඩ ඉවර වෙලා අපිට කිට්ටුවෙන් ඉඳගෙන හොදට හිනාවෙවී හිටිය.. ඇයි අපේ මිනිස්සුන්ට බැරි ඒ මනුස්සයා කරන්නෙ ඒ මනුස්සයගේ රස්සාව කියන එක තේරුම් අරගෙන ඒ මනුස්සයා අපිට දෙන ගෞරවේම ඒ මනුස්සයට දෙන්න…? අපේ මේ සිංහල මිනිස්සුන්ගෙ තියෙන මහම ජරා ගතියක් ඒක.. මට ඒ වෙලාවේ කටට ගහන්න හිතුනා කතා කරපු කැත විදියට.. ෂික්… හොඳ වෙලාවට අර මනුස්සයට ඇහුනෙ නෑ ඒ කියපුවා…

    • වැඩක් කර ගන්න බැරිකම, තමන්ගේ ලොකු කමක් ලෙස කියන කට්ටිය හැම තැනම හිරු. අනේ අපි නම් මල් වගේ හැදුනේ. අනේ අපේ අම්මල නම් අපෙන් වැඩක් ගත්තේ නැහැ මෙයා, ඕවා අපි දන්නේ නැහැ. ඉකේයියා කවුද අනේ තමන්ගේ ටොයිලට් සෝදන්නේ, අපි නම් කවදාවත් ඕවා කරලා නැහැ. චීයා කාපු පිඟාන මට නම් හෝදන්න බැහැ, අපිට අප්පුලා හිටියා පොඩි කාලෙත්. අනේ ඔය අමුඩේ කියන්නේ මොකක්ද මෙයා, ඕක අඳින්නේ කොහාටද? කුඹුරු? ඔය මොනවා ගැනද කියන්නේ? චී අතුගානවා, ඒ මොකක්ද? (මේ හදපු කතා (ම) නොවේ).

  8. මගේ වැරැද්දක්ද මංද මේකෙ මහලොකු වැරැද්දක් මට නං පේන්නෙ නෑ රයිගම්. යම්කිසි ආයතනයක නීතිරීති සකස් වෙන්නෙ වියහැකි සියළු තත්වයන් ආවරණය වන පරිදි. උදාහරණයක් විදියට ඇත්තටම ඔයවැඩේ කරන්න බැරි මකබාස් කෙනෙක් කරන්න භාර අරගෙන යම් හාණියක් කලොත් ඒ අලාභය විඳගන්නෙ කවුද?

    හෙන්රි කියල තියන යෝජනා ටික නං පංකාදුයි. ඒ වගේම මෙහෙම පැත්තකුත් තියනව.
    රයිගම කියල තියන විදියෙ ව්‍යාපාරික ආයතනයක් තියනව කියල හිතමු. ඔයාට ඇතිවූ තත්වය වගේ තත්වයකදි,

    $-කියල තියන ආයතනයේ විදියට කලොත් ඇතිවන තත්වය
    $-එකලස් කිරීම පාරිභෝගිකයටම භාරදීල හාණියක් උනොත් අලාභය ආයතනය විසින්ම දැරීම
    $-හෙන්රි කියන විදියට නාගරික සීමාව තුල නොමිලේ ප්‍රවාහනය
    $-මේ වගේ තවත් සාධක

    කාලයක් තිස්සේ සලකල බලල(ඇනලයිස් කරල) කරන්න ඕන දෙයක් තමයි ව්‍යාපාර කියන්නෙ. මොකද පාඩු වෙන්නත් බෑ, (රයිගම් වගේ)පාරිභෝගිකය තරහ වෙන්නත් බෑ! මේක සෑහෙන්න ගැඹුරු විද්‍යාවක්.

    අතුරු කතාවක්,
    රයිගම් අහල තියනවද ලංකාවෙ ඉන්න සාධාරණ මුදලාලි ගැන(නම ඒකමද කියල මතක නෑ). එයාගෙ කඩෙන් බඩු අරගෙන අපිටම සල්ලි තියල යන්න පුළුවන්. හපොයි මේක මොන තරම් පාඩු වැඩක්ද කියල අපිට හිතුනත් එයා කියන විදියට පාඩුවක් නෑ. මිනිස්සු හිතනවට වැඩිය අවංකයි.

    • රාජ්, මට තව ටිකක් විස්තර කියාපංකෝ සාධාරණ මුදලාලි ගැන. කාලෙකට ඉස්සර පත්තරේක දැක්කා වගේ මතකයක් තියෙනවා. කොහේද ඒ මුදලාලි ඉන්නේ?

      උඹේ අන්තිම වාක්‍යය මට බොක්කටම වැදුනා. >>මිනිස්සු හිතනවට වැඩිය අවංකයි.<<

      • නිකං

        ඔව් රාජ් ඒ මනුස්සයට කියන්නේ සාධාරණ මුදලාලි කියලා තමා.උත්තම මිනිසෙක්.ඩුඩෝමෙතන මෙතන තියනවා එයා ගැන සිළුමිණේ ගිය ලිපිය

        • රාජ්, මට බඩුව ගන්න තිබුන එකම කඩය එය නොවේ. එතනයි මා දකින වැරැද්ද. රටේ පවතින නිතිය අනුව ඔවුනට කැමති පාරිභෝගික ප්‍රතිපත්තියක් අනුගමනය කළාට අපට වරදක් කියන්න බැහැ. හැබැයි ඒකීය පාරිභෝගිකයෙකු හැටියට මටත් විකල්ප තියනවා. මා ඒ කඩයට පළමුවෙන්ම ගියේ, ලාංකික නාමය නිසා. නමුත් එයට ප්‍රධාන තැන දෙන්න මට ඕනේ කමක් නැහැ. දම්රෝ කියන්නේ කීර්තිමත් ලාංකික ව්‍යාපාරයක් විතරක් නොවේ, එය ව්‍යාපාරිකයෙකුගේ කෞශල්‍යයත් කියා පාන තැනක්. මේ ප්‍රතිපත්තිය නිෂ්පාදකයගේද, කඩේ අයිතිකාරයගේද නැත්නම් කලමනාකරුගේද නැත්නම් වෙන කාගේද කියා මා දන්නේ නැහැ. නමුත් එතනට යලිත් මා යන්නේ නැහැ.

          පාරිභෝගිකයන් ඔය වගේ බඩු කඩාගෙන ආපසු ගෙනත් දෙනවා නම්,ඒ අවට ඉන්න අනික් ව්‍යාපාරිකයන් නොනැසී ඉන්නේ කොහොමද? ඒක නොවේ, එහෙම කාඩා ගත්ත වුනත්, එය බාර ගන්න තැන් තියනවා. මොකද නිෂ්පාදකයා නැවත බාර ගන්න නිසා. ගෘහ භාණ්ඩ අලෙවිය ඉතා තරඟකාරී වෙළඳාමක් රාජ්! මේ කඩෙත් නොනැසී ඉන්නේ, ඔවුනගේ කොන්දේසි පිළිගන්න පිරිස් ඉන්නා නිසා. හැබැයි මා හැර.

          • නිකං මොකටද බං තෑන්ක්ස් කරන්නේ. මොකක් හරි හේතුවක් තියෙන්න ඕනේ.

  9. //ඒක නොවේ ප්‍රශ්නය, පාරිභෝගිකයෙකු වශයෙන්, මාව අවතක්සේරු කරනවට අමතරව, එම අවතක්සේරුවට ගානකුත් මටම ගෙවන්න කියපු නිසා අර පළමු කඩේට එක වෙළඳාමක් නැතිවුනා.//

    රයිගමයෝ ඔයා හොඳ වඩුරාල කෙනෙක් වෙන්ට ඇති. ඒත් හදිසියේ හරි මොකක් හරි අප්සෙට් එකක් උණොත්, වගකියන්ට ඕනි එයාලනේ. ඒ පැත්තෙන් ගත්තොත් එයාලා හරි කියලා හිතනවා.

    //ඔය නොදන්නා දීපංකර වල ගිහින් අපා දුක් විඳිනවට වඩා, අපේ ගෙවල් වල ඇවිත් උයල පිහල දුන්න නම්, හොඳ ගානක් හොයා ගන්න පුළුවන් කම තිබුනනේ කියා//

    මේකෙත් එක්තරා ඇත්තක් තියෙනවා. වෙනත් රකට ගිහින් මැරුම් කනවට තමන්ගේ රටේ වැඩක් කරගෙන ඉන්න එකේ එක්තරා හොඳක් තියෙනවා. හරි හරි සමහරුන්ට උයන්ට බෑලුනේ. ඉතින් සල්ලි දීලා උයවගත්තොත් මොකෝ? ඒකත් එක්තරා විදියක බිස්නස් එකක් නේද? ඉල්ලුම සහ සැපයුම. මම දැකලා තියෙනවා ලංකාවේ ඉන්න විදේශිකයන්ගේ ගෙවල්වල වැඩ කරන ගෑනු ලමයි. එයාලා හොඳ පඩියක් ගන්නවා වගේම, එයාලට හොඳට සලකනවත් එක්ක. හඳුන්වන්නේ ‘උදව්කරුවන්’ හැටියට. මෙහෙකරුවන් විදියට නෙමේ.

    මම නම් පුද්ගලිකව ගෙදර වැඩට කෙනෙක් තියාගන්ට කැමති නෑ. ( පිරිමි උදවිය ඉන්නවනේ හී හී ) ගේ සුද්ද කරන ඒවට නම් ඉතින් කමක් නෑ.

    වැරදියට බැලුවොත් රයිගමයෝ හැමදේම පේන්නේ වැරදියට. 😀

    • ප්‍රවීනා, වැරදි දේවල් වැරදියට දකින්නත්, නිවැරදි දේවල් නිවැරදි ලෙස දකින්නත් හදන හැටි (මගේ චින්තනයට අනුව) තමා මා මේ සටහන් වලින් ලියන්නේ. ඒවා අනෙක් පිරිස් වලට අංශක එකසිය අසුවකින් කැරකිලා පෙනෙන්න පුළුවන්. එහි ඇති වරදක් මා දකින්නේ නැහැ 🙂

      මා වඩුවෙක් නම් ඔය හෙන්රිලා, රන්ගිලා, තිසරලා, අරූ ලා ආදී සේරම වඩුවන් වෙන්න ඕනේ. මා එකලස් කරලා තියන බඩු වල හැටියට, මේසේත් කජ්ජක්ද කියල කෙන්ජි ඇහුවොත්, මටත් කියන්න දෙයක් නැතුව යනවා. ඇත්තම කියුවොත් ප්‍රවීනා, වඩු වැඩ නොවේ, ලියල තියන උපදෙස් අනුව, යමක් අටවා ගැනීම ඔය කියන තරම් ලොකු දෙයක් නොවේ.

      අනේ ඇත්තට, ඔබ මිනිසුන් ලක්ෂ ගණනකගේ ප්‍රශ්නයක් ඔය තරම් සුළු කරන්නේ කොහොමද? ඔය කියන කොළොඹ විදේශික ගෙවල් වල වැඩ කරන්න අවස්ථා කොපමණ තියනවාද?

      සල්ලිත් තියනවා නම්, උයන්නත් බැරි නම් එහෙම උයා ගැනීම වරදක් නොවේ. 😀

      මා කියන්නේ ප්‍රවීනා, එහෙම කියන (ඒ කියන්නේ අපට උයල දෙන්න වත් එකෙක් දැන් ලංකාවේ නැතිය කියන) (ඔබ හැර) අනෙක් කුමාරිහාමිලා කියක් ඔවුන්ට පඩිය වශයෙන් දෙන්න පුළුවන්දැයි නිකමට අපට කියන්න. එතකොට ඔය අරාබිකරයේ “අපා දුක් විඳින” අපේ සහෝදරියන් පණ කඩාගෙන ආපසු ලංකාවට ඒවි.

      • හේ හේ මම නම් මෙහෙම කියන්නේ නැතෝ…මම කාටවත් කියලා ගෙදර වැඩ කරවාගන්ට කැමති නැති කෙනෙක්.

        • මා වරහන් ඇතුලේ ලියුවේ ඒකයි. ඔබ හැර අනෙක් කුමාරිහාමිලා. අනික ඔබ ලංකාවේ නොවේ නේද ඉන්නේ?

          • දැන් මෙතනට මොකද ඉතින් කුමාරිහාමිලා ගාව ගන්නේ. ඔය කතාව කියලා තියෙන්නේ ඒ ගොල්ලොද?

            අනේ හැබෑට මට මේ මනුස්සයව අත් ඇරලා ඉන්ට බැරි හැටි. 😀 😀

            ගෙවල්වල රන්ඩු හැදෙන්නේ මෙහෙම වෙන්ට ඇති කියලා චූටි අවබෝධයක් එමින් තියෙනවා.

            • ඕනෙම නම් මා උදෘත පාඨ දාන්නම්. එතකොට කවුරුහරි, ඒ කුමාරිහාමිලත්, මේ කුමාරිහාමිත් (මේත් ඔබ නොවේ) ඇරුනහම වෙන කුමාරිහාමිලත් මෙලොව සිටීද කියල ඇහුවොත් මොකද කියන්නේ? 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s