ඔබම කර ගන්න! PDDIY (Please Don’t DIY)!


කලින් සටහනේ කියවුන, ඔය තමන්ම කර ගන්න දේවල් වලට කියන්නේ DIY කියා. ඩීඅයිවයි වැඩ ගැන දැන ගන්න ඕනේ නම් යු ටියුබ් බලන්න ඕනේ. මේකේ නැති දෙයක් නැහැ.  සමහර ඕස්ට්‍රේලියන් හාර්ඩ් වෙයාර් ස්ටෝර්ස් වලත් මේවා ගැන කියල දෙන කුඩා වැඩ සටහන් තියනවා. හැබැයි ලාංකිකයන් හරිම දක්ෂ යයි කිව හැකි මෙවැනි DIY දෙයක් ගැන ඉන්දීය ජාතික කිවිඳියක් හා වාර්තා සිනමා කාරිනියක් වන ලීනා මනිමේඛලා විසින් වාර්තා සිනමා වැඩසටහනක් හදන ප්‍රවුර්තිය මා කියවුවේ ලංකා ඊ නිවුස් වෙබ් අඩවියෙන්. ඇය වාර්තා සිනමා පටෙන්  කියන්නේ ” ඔබ විසින් ඔබව අතුරුදහන් කර ගනීවි, අනේ එසේ කර ගන්න නම් එපා!” කියා.

එක්දහස් නමසිය හැත්තෑ එකේ ඉඳල අද වෙනතුරුත් කෙරෙන සංවිධානාත්මක හා සංස්ථා ගත අතුරුදහන් සිද්දි විශාල ගණනකට වග කිව යුත්තන් කවුද කියා සොයා බලා දඬුවම් නොදුන්න සමාජයක් ගැන, මෙවැනි වාර්තා චිත්‍ර පටයක් නිපදවීමට අදහස පහල වීම ගැන මා නම් ඇයට ස්තුති කරනවා. අර පුවතේ සඳහන් පරිදි, මේ චිත්‍රපටයේ දී කිසිවෙකුට ඇඟිල්ල දිගු කරන්නේ නැහැ කියනවා. ඒ වෙනුවට එම අතුරුදහන් වූ වන්ගේ ඥාතීන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට ඇඟිල්ල දීගු කරනවා කියා මේඛලා කියනවා. අඩු ගානේ ඒ හින්ද හරි මේ චිත්‍රපටය ලංකාවේ මිනිසුන්ට දකින්න හැකි වෙන්න කියා මා පතනවා.

ලාංකික දේශපාලන ඉතිහාසයේදී මේ අතුරුදහන් කිරීම් වලට හිමි වන්නේ විශේෂ ස්ථානයක්. පුදුම කරුණ වන්නේ සමස්තයක් වශයෙන් සමාජය ඒ ගැන දක්වන නිද්‍රා ශීලී බව. පාරට බැහීම කෙසේ වෙතත්, මෙවැනි ක්‍රියා වලට සම්බන්ධයි කියා කට කතා තියන ( දේශපාලකයන් සම්බන්ධ කට කතා ගැන මා කලින් ලියා තියනවා) පුද්ගලයන්ට එරෙහිව කිසිම ජන මතයක් සමාජය තුල නොමැති වීම විශේෂ දෙයක්. ඒ කියන්නේ මෙවැනි ක්‍රියා වලට හසුවුණ පිරිස් හැර සමාජයේ බහුතර  පිරිසකට ඒ ගැන හාන් කවිසියක හැඟීමක් නැහැ.

ඇත්තටම තමන්ගේ සැමියා, පුතා, දුව, අම්මා, තාත්තා, සීයා, ආච්චි, මුණුපුරා යනාදී වශයෙන් කෙනෙකු අතුරුදහන්  වුන විට, ඒ ජිවත් වන අයගේ ඉතිරි ජිවිත කාලය ගැන ඔබ නිකමට සිතුවාද ? මෙවැනි මිනිස් කමට එරෙහි අපරාධයන් ගැන යුක්තිය සොයා යාමේ එක සංදිස්ථානයක් පසුගියදා අපට දක්නට ලැබුනා. එනම්, නිමලරූබන් ගේ මරණයට, ඔහුගේ දෙමාපියන් ගොනුකළ මුලික අයිතිවාසිකම් පෙත්සමයි. ඒ ගැන විවිධ තැන් වල ලියවිලා තියනවා. මේ යන්නේ සේපාටික සමාජයකට. සේපාටිකයන් කියන්නේ ඔය කැන්ගරුවන් වැනි, බිත්තර දමන හා ක්ෂීරපායි සතුන් අතර සිටින කොට්ටාශයයි.

මේ ගැන පැරකුම් ලියා තිබුන සටහනට ලැබිලා තිබුන ප්‍රතිචාරයක් තමා, ඩොලර් කුට්ටි කොපමණ ලැබෙනවා ද කියා ඔය ලිවීම් වලට. මා ඔය සමාජයේ ඉන්නවා නම්, කෙනෙක් ඩොලර් කුට්ටි අරගෙන හරි ඒ වගේ දේවල් ගැන ලියනවා  නම්, අවධියෙන් ඉන්නවා නම්, අනෙක් අයට කියනවා නම්, එවැනි පිරිස් වලට තවත් ඩොලර් කුට්ටි දිය යුතුයි කියා හිතනවා. වැඩේ තියෙන්නේ මල්ලි, ඩොලර් කුට්ටි හම්බු වෙන අයට හිතන්න, ලියන්න වෙන ඕනේ තරම් දේවල් තියනවා. ඒවත් ඒ අය ලියන්නේ නැහැ, මොකද ඩොලර් කුට්ටි වියදම් කරන විට ඕවට වෙලාවක් නැහැ.

Advertisements

15 Comments

Filed under General

15 responses to “ඔබම කර ගන්න! PDDIY (Please Don’t DIY)!

  1. සමහර ඩොලර් කුට්ටි තිබුණු තැන්වලින් නැති වෙලා බව පසුගිය දිනවල පුවත් පත්වල මා කියෙව්වා.

    1. රතන සාදුගේ බංගලාරාමයේ
    2. එයාලංකා සභාපති මචං ගේ වලව්වේ

    • දෙන්නම මචංලා නේද?
      ඕවා නම් කකා, අමාරුවේ ඔය ඒජන්සියකින් රස්සාවක් හොයාගෙන රට ගිහින් අමාරුවෙන් හම්බ කරපු ඩොලර් කුට්ටිනේ.

  2. Kenji @ Japan

    >>ඊළාම් ක්‍රියාකාරිනියගේ ” සුදු වෑන්”
    චිත්‍රපටය ගැන පරීක්‍ෂණ අරඹයි

    කීර්ති වර්ණකුලසූරිය

    මුලතිව්හි පැවැති ද්‍රවිඩ සාහිත්‍ය උත්සවයක්‌ මුවාවෙන් මෙරටට පැමිණි තමිල්නාඩුවේ ඊළාම් ක්‍රියාකාරිනියක්‌ වූ ලීනා මනිමේකලාර් නමැත්තිය ශ්‍රී ලංකාවට එරෙහිව වයිට්‌ වෑන් (සුදු වෑන්රථ) නමින් චිත්‍රපටයක්‌ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ විමර්ශනයක්‌ අරඹා ඇත.

    සාහිත්‍යවේදිනියක මුවාවෙන් ඇය මෙරටට පැමිණ යාපනය, මුලතිව් හා කිලිනොච්චිය යන ප්‍රදේශවල සැරිසරා තිබේ.

    ලීනා මනිමේකලායි නමැත්තියට වීසා බලපත් ලබා ගැනීම සඳහා ඉවහල් වූයේ කවුරුන්ද යන්න ගැන විමර්ශනය කරනවා යෑයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.

    මෙම වයිට්‌වෑන් නමැති චිත්‍රපටයෙන් ද්‍රවිඩයන් පැහැරගෙන යන බවට ඇය පෙන්නුම් කර තිබේ.

    පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුව සමීපයේ තිබියදී ඇය විසින් එම ශ්‍රී ලංකා විරෝධී චිත්‍රපටය ලබන සතියේදී තමිල්නාඩුවේදී එළි දැක්‌වීමට නියමිතය.<<
    ඔන්න ඔහොමයි ඒ වට ලංකාවෙ අයියල වර්ණ කුල කොරන්නෙ..

    • ඔය මහතාගේ ලිපි කියවන්නේ පාසල් ළමුන් ඉංගිරිසි ඉගෙන ගන්න විතරයි කියා මා හිතාගෙන හිටියේ.

  3. රයිගම් මම මේ කියන්නේ දේශපාලනයට සම්බන්ද අතුරුදහන්වීමක් නොවේ.බ්‍රිතාන්‍ය ජාතික Madeleine MaCann නම් කුඩා දියණිය 2007දී පෘතුගාලයේදී අතුරුදහන් වුනා. හැබැයි අදටත් සිවිල් සංවිධාන සහ අනෙකුත් කංඩායම්ද ඇතුළුව රජයත් තවමත් මේ ගැන පරීක්ෂණ අඩපන වෙන්න දෙන්නේ නැහැ. මැඩීගේ දෙමව්පියන් ඉදිරියෙන්ම සිටිනවා. කණගාටුවට හේතුව අපේ රටේ අයට ඒ උනන්දුව නැතිව ගොසින් අවසානයේ දෙයියන්ගෙන් උදව් ඉල්ලන තැනට වැටෙනවා.

    • මැඩ්ලේන් ගේ අතුරුදහන් වීම, ඒ දවසේ ඉඳල බොහෝ දෙනා උනන්දුවෙ ෆලෝ කරන දෙයක්, මා ඇතුළුව. මුලදී පොලෝසිය දෙමාපියන් ගැන තමා සැක කළේ නේද? එමගිනුත් වටිනා කාලයක් අපතේ ගියා. ඇය කවදා හරි පණ පිටින් සොයා ගනීවි යයි මා හැම විටම බලාපොරොත්තු වෙනවා. ඊයේ පෙරේද අගේ දෙමාපියන් කියපු මේ දේ මගේ සටහනටත් අදාලයි. මොනවා කලත්, කොහේ ගියත් මහා හිස් බවකින් ජීවිතය පිරිලා කියල ඔවුන් දෙන්න කියුවේ.

      එම හිස් බව, ඔවුන් දෙදෙනාට විතරක් නොවේ, එක්නැළිගොඩගේ දරුවන් දෙන්නටත්, 71-අද දක්වා අතුරුදහන් කරපු අනෙක් අයගේ පවුල් වල කට්ටියටත්, ලෝකයේ වෙනත් රටවල් වල මැඩ්ලේන් වගේ පැහැර ගන්නා කුඩා දරුවන්ගේ දෙමාපියන්ටත් හා අපේ වගේම වෙනත් රටවලත් දේශපාලනික හේතුන් නිසා අතුරුදහන් කරන පිරිස් වල සමිපතයන්ටත් එක සේ පොදුයි.

      උතුරේ අතුරුදහන් කිරීම් අප ගණන් නොගන්නේ ජාති වාදය නිසා කියමු. හැබැයි දකුණේ කෙරුණ හා කෙරෙන ඒවා ගැනවත් වගක් නැත්තේ මොකද? අද මහා ප්‍රජාතාන්ත්‍රික මංගල අයියා එදා 94 පෙර අම්මලාගේ කඳුළු ගංගා තමා චන්ද බවට හරවාගෙන ඒ ආණ්ඩුවේ දෙවෙනියා වුනේ. කියුවේ ඒ සේරටම යුක්තිය ඉටු කරනවා කියා. අද අවුරුදු විස්සකට පසුව ඒ අයියාම, එදා අතුරුදහන් වීම් වලට සම්බන්ද යයි (ඔහු විසින්ම චෝදනා කළ) චෝදනා තිබුන කෙනෙක් අපේ ඊළඟ ජනාධිපති කරමු යයි ඒ අම්මලා ටම කියනවා.

      දෙවියන්ගේ උදවු ඉල්ලන තැනට ඒ අම්මල පත්වීම මට නම් කිසිම පුදුමයක් නොවේ අරූ!

  4. එහෙම අතුරුදහන් කරන සෙට් එකක් කොළොන්නාවේ කොල්ලෝ සෙට් එකක් එක්කාසු වෙලා පොලීසියට අල්ලලා දුන්නා….. මාර වැඩේ කියන්නේ.. උනුත් පොලිසියේදී අතුරුදහන් වෙලා…

    • තිසර

      ඔවුන්ව බාර අරගෙන සටහන් තැබූ පොලිස් නිලධාරීන්ද එම පොලීසි වලින් අතුරුදහන් වෙලා ඈත පොලීසි වලින් මතුවෙලා තිබ්බා.

      • මේවායේ ඇත්ත කතෘන් කවුරුත් දන්නවා මාතලන්. නමුත් ඒ දැන ගැනීම මගින් කිසි දෙයක් වෙනවාද? නැහැ, ඔවුනගේ (ජනතාවගේ) දේශපාලනික තීන්දු ගන්නේ ඔවැනි දේවල් සලකලා නොවේ. මා ඒකයි කියන්නේ මේ සේපාටික සමාජයක් කියා. කැන්ගරුවන්ට නම් මිනිස් උසාවි තියනවා කියල සොයාගෙන නැහැ. නමුත් මිනිසුන්ට නම් කැන්ගරු උසාවි තියනවා කියා අප අහල තියනවා.

  5. තිසර

    මලාලා බටහිර මාධ්‍යය වල වීරවරියක වීම ගැනත් ලූප් හෝල් බ්ලොගයේ ලියවිලා තිබ්බා. කාගේ වීරයෝ උනහම මොකද, ඇය පෙනී සිටින්නේ යම් යහපත් දෙයක් වෙනුවෙන් නම්.

    • ඇත්තටම තිසර අතුරුදහන් කිරීම් වැනි දේවල් ගැන කෙරෙන පරීක්ෂණ වලට ඔය දේශප්‍රේමින්, සමාජවාදීන්, යුඇන්පී කාරයන්, ශ්‍රීලංකා කාරයන් හා විමුක්තිකාමින් සියල්ලම එක මිටට එරෙහියි. පොදු සාධකය තමා මේ අයියලාගෙන් බොහෝ දෙනෙක් අද හෝ අතීතයේ මේවට සම්බන්දයි. ඒ වගේම තමා ඔය බටහිර මාධ්‍ය හා බටහිර ගැන කියන දෙය. ඒකත් ඔය හැමෝටම එක සේ ප්‍රයෝජනවත් කතාවක්.
      මා නම් මලාලා ගැන වැඩිය කියෙවුවෙ නැහැ. ඇය කුඩා දරුවෙක්. ඔබ කියනවා වගේ කාගේ වීරයන් වුනහම මොකද ඇය පෙනී ඉන්නේ යහපත් දෙයක් වෙනුවෙන් නම්. මොනාද මේ අයියල ලියන්නේ? කෙස් ඉදිලත් ඇති. ඒත් ඔය දරුවා එයිට වඩා ඉදිරියෙන්.

  6. ඇත්තටම අතරුදහන් වූ අයෙකුගේ පව්ලේ අය විදින දුක තේරුම් ගන්නම ඕන…

    • එය ලංකාවේ කිසිදා කතාබහට ලක්වුණ දෙයක් නොවේ, දේශකයෝ. අර පුවත සමග තිබුන චායාරූප දෙක ඔබ දුටුවාද?

  7. අතුරු කතාවක්… යූටියුබෙන් මගේ ජීවිතේට එකතුකරගත්ත මේ වගේ ස්කිල්ස් දෙකකට මට හැමදාම ණයගැතියි… එකක් සවාරියකට පිටත් වෙද්දී අඩු ඉඩක් තියෙන බෑග්වල වැඩි ඇඳුම් ප්රමාණයක් අසුරගන්න විදිය… අනික ඉයර්ෆෝන් එකක වයර් පටලගන්නේ නැතුව පාවිච්චි කරන විදිය… 🙂

    අර කලින් කමෙන්ට් එකක රයිගම් පැහැදිලි කලේ DIY ගැන, ඔයිල් වතුර චෙක් කරන එක තනියම කරගන්න පුළුවන්කම තියෙද්දී ඩීලර්ගෙන් කරගන්න සල්ලි නාස්ති කරන්න අවශ්යය නෑ කියලා… ඒක කියවලා පැය කීපෙකට පස්සේ මේක කියවන්න ලැබුනේ… සමහරු මුදල් නැතිකම හින්දා මොනතරම් අමාරු DIY ඔප්ෂන්ස් වලට යනවද කියලා මට හිතුණා…

    http://www.dailystar.co.uk/news/latest-news/344474/Chinese-man-cuts-off-own-leg-with-rusty-saw-to-avoid-surgery-fees

    • ඔබට ස්තුතියි ඒ කතාව බෙදා ගත්තට. බලන්න ඒ සමාජවාදී චීනයේ වෙච්ච දෙයක්. එතකොට ධනවාදී මේ රටවල කොහොම තියෙන්න පුලුවන්ද? ඇත්තටම සෞඛ්‍ය පහසුකම් වලය යන වියදම දරා ගන්න බැරි කම නිසා ප්‍රතිකාර නොලබන බොහෝ දෙනා මේ ලෝකේ කොහෙත් ඉන්නවා. මෙතරම් දියුණු මිනිස් ශිෂ්ටාචාරයේ මහත්ම ඛේදවාචකයක් තමා එය. පසුගිය දවසක මෙහෙ රූපවාහිණියේ පෙන්නපු, ලෝකයේ විශාලම වෘෂණ කෝෂ හිමියා ගැන කතාව අනුවේදනීයයි. ඒ ඇමෙරිකාවේ මනුස්සයෙක්. ලංකාව වගේ රටවල එහෙම කතා අහන්නටත් පෙර එවැනි මිනිසුන් පරලොව යනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s