ගොවියාගේ හිත මිතුරා (2) A game changer?


කලින් සටහනේ කියපු අර සොයා ගත්තු වල් පැලෑටි ඇත්තටම තිරිඟු. මේ තිරිඟු වර්ගය ජාන තාක්ෂණයෙන් නිපදවපු එකක්. මේ වැඩේ දැන  ගත්ත ගමන් ජපානය හා දකුණු කොරියාව ඇමෙරිකාවේ තිරිඟු ගෙන්වන එක තාවකාලිකව අත්හිටෙව්වා. රවුන්ඩප් වලට ඔරොත්තු දෙන තිරිඟු වර්ගය අර ක්ෂේත්‍රයට ආවේ කොහොමද කියන එක ගැන පර්යේෂණ දෙක තුනක්ම ආරම්භ වුනා.

ඇමෙරිකාවේ මොන්සැන්ටෝ සමාගම 1990 සිට 2005 දක්වා ක්ෂේත්‍ර පර්යේෂණාවලියක නිරත වුනා, ජාන තාක්ෂණයෙන් නිපදවුණ තිරිඟු සමග. මේ තිරිඟු වැවුවා ප්‍රාන්ත 16ක පිහිටා තිබුන ක්ෂේත්‍ර 100ක පමණ. හැබැයි මොන්සැන්ටෝ මේ පර්යේෂණය අත් හැර දැමුවා 2005 වසරේදී. එසේ කිරීමට හේතු වුනේ, බලාපොරොත්තු වන වෙළඳපොලේ මේ වැඩි දියුණු කළ භෝගයේ අස්වැන්න සඳහා ඉල්ලුමක් නොමැති වීම.

ඇමෙරිකාව නිෂ්පාදනය කරන තිරිඟු වලින් වැඩි හරියක් යුරෝපයට හා ආසියාවට අපනයනය කරනවා. ලෝකයේ දැනට මහා පරිමානව වෙළඳාම සඳහා ජාන තාක්ෂනයෙන් නිපදවපු තිරිඟු වැවිල්ලක් නැහැ.

ජාන තාක්ෂණයෙන් නිපදවන වැවිලි සමග කටයුතු කිරීමේදී වෙළඳ පොලට නිකුත් කිරීමේ අවධියට එන තුරු තදබල තත්ත්ව පාලන ක්‍රියාවලියකට යටත්. මොන්සැන්ටෝ කියන්නේ රවුන්ඩප් රෙඩි තිරිඟු වර්ගය ගොවිපොළට ගියේ කඩාකප්පල් ක්‍රියාවක ප්‍රතිඵලයකින් කියා. එයටත් සාක්ෂි නැහැ. ඒ වගේම කොහොමද මේවා ක්ෂේත්‍රයට ගියේ කියන එකට මා හිතන්නේ පිළිතුරක් තාම සොයාගෙන නැහැ. ජපානය හා දකුණු කොරියාව යලිත්, ඇමෙරිකානු තිරිඟු ආනයනය කරනවා.

ඒ කතා කෙසේ වෙතත් පසුගිය වසර තිහක පමණ කාලයකදී ජාන තාක්ෂණය භෝග නිෂ්පාදනයට යොදා ගැනීම ගැන කොතරම් කතා කලත්, පර්යේෂණ කලත් ඇත්තටම සාර්ථක ප්‍රතිඵල වශයෙන් කියන්න තියෙන්නේ භෝග වර්ග දෙජාතියක් පමණයි. එකක් තමා BT භෝග. අනෙක තමා කලින් කියපු තිරිඟු වර්ගයද ඇතුලත් HT භෝග.

Advertisements

12 Comments

Filed under Agriculture

12 responses to “ගොවියාගේ හිත මිතුරා (2) A game changer?

  1. Kenji @ Japan

    BT භෝග වලට අයිති වන්නේ පලතුරු/එළවළුද ?

    • ඔහොම ඉන්න කෙන්ජි. එය තමා ලියන්න යන්නේ.

      • මම හිතන්නේ හාල් අයිතියි. අපි කන එක බාස්මතී වර්ගයේ long grained rice වර්ගයක් BT කියලා බෑග් එකේම අගහලා තියෙනවා.

  2. ආයෙත් අතුරු කතාවක්…
    අක්කර ගනන් මේ වගාවල් කරගෙන අපි පර්යේෂන කරනවා කියලා අපි හිතුවට, ඕනිනම් අනිත් පැත්තෙන් තර්ක කරන්න පුළුවන් පරිනාමීය වශයෙන් තිරිඟු ශාකය අපිව සූක්ෂමව පාවිච්චි කරනවා කියලා අක්කර ගානක් සාර්ථකව පැතිරෙන්න… අනිත් වල් ශාක සේරම පරද්දගෙන…

    • අර සම්මුඛ සාකච්ඡා වලදී කියන්නේ “බොහොම හොඳ ප්‍රශ්නයක්” කියා. අන්න ඒ වගේ බොහොම හොඳ පොයින්ට් එකක්. එයත් ගැන මා යන්තම් ලියනවා ඉදිරියේදී. මෙතැනදී අප තාම අසමත් වෙලා තියනවා බිට්ල් ඔය වගේ සුපිරි භෝග හදන්න.

      • අර සම්මුඛ සාකච්ඡා වලදී කියන්නේ “බොහොම හොඳ ප්‍රශ්නයක්” කියා.
        That’s a good question means you get a lousy answer.
        කියලා මම RD එකක කියෙව්වා. ඒක රයිගම්ගේ උත්තරයට අදාල නෑ. Just for Laughs
        ඇත්තෙන්ම ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක් කියලා මමත් කියන්නේ ඒ ප්‍රශ්ණේ මම බලාපොරොත්තු වෙච්ච, හොඳින් සූදානම් වී සිටින එකක් වූ විටයි.
        අපි බලමු.

        • කොහොමත් උත්තර ලෞසී කියල අහක බලාගෙන කියුවා නේද? 🙂

  3. රයිගම්…….ජපානය සහ කොරියාව ඇමරිකාවෙන් තිරිඟු ගෙන්වීම නැවත්තුවේ ජාන තාක්ෂනය නිසාමද? මෙය සිදුවූයේ මේ වසරේ නේද? මේ ප්‍රශ්නයේදී වැඩි වශයෙන් ඇමරිකාවෙන් තිරිඟු ගෙන්වනවා යැයි කියන මෙක්සිකෝව ගත් ක්‍රියාමාර්ග මොනවාද.

    • මෙහෙමයි මචං GM තිරිඟු මිලදී ගන්න මේ රටවල් කැමති නැහැ (දැනට). මේ කතාව ඇදිල ආවහම මුළු නිෂ්පාදනයම GM තිරිඟු සමග අනාමැකිලා කියල හිතල තමයි එයාල තාවකාලිකව නැවැත්තුවේ. මෙය සිදුවුනේ මේ වසරේ අප්‍රේල් වල විතර. නමුත් පසුව එය මහා බරපතල විදිහට හැමතැනම නැතිය කියල කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියුවහම (ඒ කියන්නේ GM තිරිඟු අනෙක් නිෂ්පාදන වලට කලවම් වෙලා නැහැය කියන එක) එයාල ආයිත් ආනයනය පටන් ගත්තා. මෙක්සිකෝව නැවැත්තුවේ නැහැ.

      උඹගෙ හංවැල්ලේ සීයා කියෙවුවත් ලියන්න දෙයක් නැහැ. දැන් එතරම් හොඳයි. එහෙම තැන් වලදී මා මොකුත් ලියන්නේ නැහැ. මොකද ගොඩක් වෙලාවට පට්ටයි කියන බොහෝ අනෙක් දේවල් මට කියවන්න හිතෙන්නෙත් නැහැ.

      එක නොවේ උඹ අර නිම්හිම් සෙව්වා ගැන අහල තිබුනේ. එයට උත්තර ලැබුනද?නිකම් පැනල දෙන්නේ මොකටද එතන ලියන්න ගියේ නැහැ. හැබැයි සිංහලයේ හිම කියන එකට තේරුම් දෙකක් තියනවා. එකක් තමා අප දන්නා හිම (මේකටත් තේරුම් දෙකක් තියනවා 🙂 ). අනෙක ඉම නැත්නම් මායිම, සීමාව කියන එක. ඉතින් එතන වරදක් නැහැ. මා නම් සසරේ නිම් හිම් සොයන්නේ නැහැ.

  4. ///// මා නම් සසරේ නිම් හිම් සොයන්නේ නැහැ////.

    මචං…..මම ආසම කලේ රිප්ලයි එකේ මේ කොටසට. හොයලා වැඩක් තියෙනවාද?

    නිම් හිම් ප්‍රශ්ණෙට රවීගේ බ්ලොග් එකේ උත්තර කිහිපයක් තිබුනා. කකාගේ එකෙත් තිබුනා.

    • ඇයි මචං අර බමරෙකු ආවයි කකුල දිගේයා ඇවිදින් විද්දයි දකුණු…
      කියන සින්දුවේ තියෙන්නේ
      ඈත හිමේ වෙද ගෙදරට ගියාදෝ කියලා. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s