ගණිතය පාස්ද? Is that enough?


දරුවන් පාසලේ පාඩම් වැඩ කරනවා මදිය කියන එක දෙමාපියන්ගේ  සදාකාලික දුක්ගැනවිල්ලක්. ඒ නිසාම පාසල නිම වූ පසුව තවත් පන්ති වලට යවනවා. ඇත්තටම, දරුවන්ට ඉගෙන ගැනීමට උදවු කිරීම පාසලට විතරක් තනිවම කරන්න බැහැ. ඒ නිසා දෙමාපියන් උදවු කරන එකේ වරදක් නැහැ. හැබැයි, දරුවෙකුට උරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියනවා. අධ්‍යාපනඥයන් (කැකිරි ලියන්න මෙයට වඩා ලෙහෙසියිනේ) කියන පරිදි පීරියඩ් එකේ මුල් විනාඩි 15 ව ඇතුලත කියන දේවල් තමා දරුවෙකුගේ ඔළුවට යන්නේ. මෙය සරසවි අධ්‍යාපනයටත් එසේමයි.

ගණිත පන්ති තුනකට යැවුවා කියල, ගණිතඥාණය තුන් ගුණයකින් වැඩි වන්නේ නැහැ. මේවාත් අධ්‍යාපනඥයන් කියන දේවල්. තව කියනවානේ ඉස්සරට වඩා අද දරුවන්ට ඉගෙන ගන්න තියන දේවල් වැඩි නිසා, ඒ කාලේ ශිෂ්‍යයෙකුට වඩා, අද ශිෂ්‍යයෙක් මහන්සි වෙන්න ඕනේ කියල. මේකත් බොරු. අද දරුවන් වැඩි පුර දේවල් ඉගෙන ගන්නවා තමයි. හැබැයි එදාට වඩා අඩු මහන්සියකින්. අද කළු ලෑලි නැහැ. හැබැයි මුළු ලෝකයම වගේ අතේ දුරින් තියනවා.

මේ සම්පත් හැමටම එක වගේ බෙදී යන්නේ නැහැ. එය නම් ඇත්ත කතාවක්. එම විෂමතාවය එදත් තිබුනා. අදත් තියනවා. එයට රටවල් කියා භේදයකුත්  නැහැ. සම්පත් කියන්නේ පාසල විතරක් නොවේ, ගෙදර තියන පරිසරයත්. පන්ති වලට ෆෝචුන් වියදම් කරන්න කැමති දෙමාපියන් (රෝල් ඩාල්ගේ) පොතක් අරන් දෙන්න මැලි වෙනවා. මෙවැනි දේවල් පන්ති මගින් (දරුවනට නොවේ, දෙමාපියනට) කියා දෙන්න හැකියාවක් නැහැ.

ඊයේ පෙරේද දුටුවා පුවතක හිටියේ, මට පවා ආදර්ශයට ගන්න පුළුවන් පියෙක්. ඔබත් දරුවන් සිටින මවක් හෝ පියෙක් නම් මෙයත් බලන්න.

http://www.youtube.com/watch?v=Ls9Cg8iaq1s&feature=player_embedded

Advertisements

6 Comments

Filed under Education

6 responses to “ගණිතය පාස්ද? Is that enough?

  1. ඔබ සමග පුද්ගලිකව කතා කල හැකි නම් අගේය කියා සිතේ… එහෙත් එවැන්නක් අවශ්‍ය නැහැ..

    • මොකද සහන් දෙකක් කියන්නද? 😀 මෙහෙමනේ, ඔබ මා සමග සංවාදයේ යෙදෙනවනේ මේ සටහන් වලින්. මා ඔබගේ බ්ලොගය කියවනවා, ඔබ මගේ බ්ලොගය කියවනවා. මා ලියන්නේ මෙය කියවනවා යයි මා දන්නා ඔබ වැනි ඉතා කුඩා පිරිසකට.

  2. මට හිතෙනවා රයිගම් මේ තියෙන පහසුකම් අපේ කාලේ තිබ්බා නම් අපේ ඉරණම මීට වඩා වෙනස්වෙයි කියලත්.

    උදාහරණයක් විදියට, අපි සක්‍රීයතා ශ්‍රේණිය කටපාඩම් කලා, චක්කරේ කටපාඩම් කලා. සූත්‍ර කටපාඩම් කලා/

    අද අපේ පුතාලා විභාගෙට (ලංකාවෙ නෙවෙයි මචං ඈ) කැල් එක පාවිච්චි කරනවා. සක්‍රීයතා ශ්‍රේණිය සහ සූත්‍ර විභාගෙදි වෙනම සපයනවා.

    වඩා වැදගත් සක්‍රීයතා ශ්‍රේණිය කටපාඩමින් දැනීම නෙවෙයි, ඒක උපයෝගී කරගෙන ගැටළුවක් විසඳා ගන්න ඇති හැකියාව කියන එක තෙරුම් ගන්න පරම්පරාවක්ම ගියා බං.

    • සමහර විභාග වලට පොත් පවා අරන් යන්න පුළුවන් මචං. අප සෝවියට් දේශයේ ඉගෙන ගන්න විට, විභාග වලට ලැබුනේ ප්‍රශ්න තුනයි. සමහර ටීචර්ලා අපට පොත් ගෙන යන්න ඉඩ දුන්න. දෙතුන් දෙනෙක් එක වර ඇතුලට ගන්නවා. තුන්ඩු වලින් අපට ප්‍රශ්න තුනක් ලැබුනා. සමහර ගුරුවරුන් පොත් ඇතුලට අරන් යන්න අවසර දුන්නා. අපට සුදානම් වෙන්න පැය භාගයක් ලැබුනා. හැබැයි උත්තර ලියන්න ඕනේ නැහැ. ගුරුවරයා ලඟට ගිහින් උත්තර දෙන්න ඕනේ. මේ ප්‍රශ්න තුනට තුනට උත්තර බලාගෙන ගියත් අත්ලීච්න නැත්නම් විශිෂ්ට සාමාර්ථය ගන්න නම්, ගුරුවරයා අහන අනික් ප්‍රශ්න වලට උත්තර කියන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඔහු දන්නවා පොත එතැනදී කියවල උත්තර දෙන කෙනයි, ඇත්තටම විෂය කරුණු දන්නා කෙනයි අතර වෙනස.
      අපේ ඉරණම වෙනස් වෙයිද? නොවෙයිද?
      කටපාඩම් සංස්කෘතිය වෙන රටවල් වලටත් ගෙන යන පිරිස් බහුලයි. උඹ කියන ඔය තේරුම් ගැනීම සමහරුන් ජිවිත කාලය තුලම ගන්නේ නැහැ. කලින් පිළියෙළ කර ප්‍රශ්න හා පිළිතුරු කිහිපයක් කරකැවීමට අමතරව, කලින් නොදන්නා නමුත් අපට මුණගැහෙන ප්‍රශ්න වලට උත්තර සෙවීමට කුඩා දරුවන්ගේ මනස පුරුදු කරන්න ඕනේ. විභාග ඉහලින් සමත් වුවත්, ජිවිතයේ අනපේක්ෂිතව හමුවන කුඩා ගැටළු පවා කුරුවලු කර ගන්නේ මේ කටපාඩම් පුහුණුව නිසාද?

  3. රයිගම්……අධ්‍යාපනයේ සාර්තකත්වය කියන්නේ මතක තබා ගැනීමේ ඇති හැකියාව පමනක්ද? මතක ශක්තිය අඩු දරුවෙක් පොඩි පංතිවලදීම ඉවතට විසිවීම කොතරම් අසාධාරනද?

    • එයට අද දවසේ උගන්වන ක්‍රම වෙනස් කරලා තියනවා අරූ. එය බොහෝ දෙනා තේරුම් ගන්නේ නැහැ. මේ වගේ දේවල් අර්ථ නිරූපනය කර ගන්නේ උගන්වනවා මදි කියලා.